මාතෘකාව දැක්ක ගමන් පුදුම වෙන්න ඇති නේද මම් තව්තිසා දෙව්ලොව ගිහින් ආව වද්ද කියල,මොකද සිළුමිණි සෑය තියනව කියල අපි අහල තියෙන්නෙ තව්තිසා දිව්‍යලෝකෙනේ.බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන කොට කපලා අහසට විසිකර දැම්ම කේශධාතූන් කරඩුවක තැන්පත් කරල සක්‍ර දෙයියෝ සිළුමිණි සෑය කරවලා තියනව කියල තමයි පොත පතේ සදහන් වෙන්නෙ. .ඒවගේම අහල ඇතිනේ සිළුමිණි සෑය ගැන කියන මේ බොදු ගීය.
සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා
සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ
අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ
සිළුමිණි සෑය සදා කේසදා නිදන් කරලා
සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ
සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
කාලෙකට පස්සෙ වටේ පිටේ කට්ටිය එක්ක චාරිකාවක් යන්න හම්බවුනා.ඒ යන අතරේදි තමයි මේ ස්ථානෙත් දැක බලාගන වැදපුදාගන එන්න පුලුවන් උනේ.
සිළුමිණි සෑයෙ අනුරුව හදල තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ හොරම්බාව ප්‍රදේශයේ පන්සලක.මේ සෑයෙත් කේශධාතුන් නිධන් කරල තියනව කියල තමයි කියන්නෙ.කුරුණෑගල පැත්තෙ උදවිය නම් මේ පන්සල ගැන දන්නව ඇති,කලින් මේ පන්සලට ගියපු අයත් ඇති.මම් නම් ගියෙ මුල්ම වතාවට.

ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් එකතු කරා.මේ සෑය හදලා තියෙන්නෙ තට්ටු කීපයක් වෙන්න,නෙලුම් පෙති වල කුඩා සෑයවල් හතරකුත් තියනව,පේනව ඇතිනේ මේ පින්තූර වලින්.