මේක සිද්ද වුනේ ගිය අලුත් අවුරුදු කාලෙ.අවුරුද්ද පහුවෙනවත් එක්කම අපේ ගමේ උදවිය දෙන්නෙක් ආවා හදිස්සියෙම ලෙඩෙක් බලන්න ආව කියල අපේ ගෙදරටත් ගොඩවෙලා යන්න හිතාගන.කාලෙකින් ආව නිසා සංග්රහ එහෙමත් කරලා කතාවට වෑටුනා,මමත් ඉතින් පෑත්තක ඉදන් ඈහුම්කන් දුන්නා.
ඉස්පිරිතාලෙ නවත්තල තියෙන මනුස්සය, මෝටර්සයිකලයක යනකොට අහක ගියපු අහස්කූරක් ඈවිල්ල මේ මනුස්සයගෙ ඇහේ වෑදිල පුපුරල කියල තමයි කිව්වෙ නම්.ආය ඉතින් අහස්කූරක් ඈහෑක් ලග පිපුරුවම අහන්නත් දෙයක්ද?ඈහෑ ඉවරයිලු. මට හිතුනෙම අම්මේ...කොච්චරවේදනාවක් දෑනෙන්න ඇත්ද කියලා.
ලෙඩා බලලා ආව අය කිව්වෙ ඕකට ඔහොම වෙලා මදි කියලයි.අර කාලෙ කොල්ලොන්ගෙ නියපොතු ගලවපුවගෙ රිටන්එක තමයි ඔය දෑන් ඕකට හම්බවෙලා තියෙන්නෙ කියලා.ඒත් ඒකියපුදේ මට හරියකට තේරුනේ නෑ.
පස්සෙ වෙලාවක අම්මගෙන් අහනකොට තමයි විස්තරේ කිව්වෙ. ඒ 88 - 89 භීශණ කාලෙලු,ඒකාලෙ මේ කියන ලෙඩා රජයේ නිලධාරියෙක්,එක්තරා සංවිධානයක් රජයට විරෑද්ධව කෑරලි කෝලහල කරපු කාලෙ,ඒ සංවිධානෙට සම්බන්ධ කියලා සෑක කරල තරුණ කොල්ලො අරන් ඈවිල්ලා ප්රශ්න කිරීම මේ කියන ලෙඩාට නියමිතව තිබ්බලු.
ඒ කාලෙදි තමයි අර කව්ව සිද්ධියත් වෙලා තියෙන්නෙ.ප්රශ්න කිරීම වලදි ඉතින් විවිධ අඩන්තේට්ටම් වෙනවත් ඇතිනේ,අහන ඒවට උත්තර දෙන්නෙ නෑතිඋනාම.ආරංචීවෙලා තියෙන්නෙ මේ කියන කෙනා පනපිටින් අර කොල්ලොන්ගෙ නියපොතු ගෑලෙව්ව කියලා.
මමත් හරියටම මේ ගෑන දන්නෙ නෑ.අහපු කතාවක් තමයි ඔන්න කිව්වෙ.ඈත්තටම එහෙම කරානම් ඉතින් කරපුදේ පලදීමක් වෙන්නත් බෑරිනෑ කියල තමයි මටත් හිතුනෙ.
ඔව් ඔව් එහෙම කාලකයක් තිබුනා. අපි ඉස්කෝලෙ 5 පංතියෙ විතර හිටියෙ ඔය කාලෙ
ReplyDeleteඒ කාලෙ අපිත් උන්නනම්... හිහ් හිහ් හිහ්....
ReplyDeleteඔව් අපිත් ඔය වගේ කතා අහල තියෙනව.මිනිස්සුන්ට බලයක් ලැබුනම අර යටි හිතේ හැංගිලා ඉන්න තිරිසනා නලියන්න ගන්නව. සමාජය ඉදිරියේ මනුස්ස රෑපයක් තිබ්බට හැමෝගෙම යටි හිත්වල අඩු වැඩි තිරිසනෙක් ඉන්නවලුනෙ. ආන් උෟන් ඒ කාලෙ සැහෙන්න වැඩ පෙන්නල තයෙනව.
ඔය ගොඩක් පොලිස් මාමාලටත් ඔය ටික වෙනවනෙ. ඒකනෙ ඕනම සමාජෙක මහජනය පොලීසිය එක්ක ස්වභාවික වෛරෙකින් ඉන්නෙ....
හිහ් හිහ් පිස්සුද මන්ද......
@රංග - මගේ ලෝකය - මටනම් ඒ කාලෙ ගෑන හරියට මතකයක් නෑ.අහල දෑනගන්න ඒවා තමා ඉතින්.89 වල මම් 1 වසරෙ :)
ReplyDelete@ හූනා - "සමාජය ඉදිරියේ මනුස්ස රෑපයක් තිබ්බට හැමෝගෙම යටි හිත්වල අඩු වැඩි තිරිසනෙක් ඉන්නවලුනෙ."
ReplyDeleteමේ කතාවට මමත් එකගයි.මමත් මේ කියල තියෙන්නෙ පොලිස් මාමා කෙනෙක් ගෑන තමයි.
ඔය කාලේ ගැන අහලා විතරයි තියෙන්නේ.......
ReplyDeleteකොහොම උනත් කළ නම් පල දෙනවනේ
ඕවට තමයි කියන්නේ කලකම් පලදෙනවා කියලා. ඒව මේ ආත්මෙදිම පල දුන්නනේ. දැන්වත් ඒ මනුස්සයාට ඒක තේරු නොත් හොදයි !!!
ReplyDeleteඔය කියන කාලේ 88 - 89 මම හිටියේ තරුණ විය එලිපත්තෙ. මම එතකොට 10 වසරේ (1989) . මම දන්න සමහරක් අය අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ගිහිල්ල තියෙනවා. ගංගාවල රොතු පිටින් මිනී පාවෙනවා මම දැක්කා. ටයර් සෑයවල්වල තරුණ කොල්ලො කෙල්ලො අමු අමුවේ පිච්චෙනවා දැක්කා, මරණයේ කටටම ගිහිල්ල පෙර පිනක් නිසා බේරිලා ආව යාළුවෙක් මට හිටියා. ඇත්තම කිව්වොත් මම වගේ වයසක හිටපු කෙනෙක් ඒ කාලේ පහු කරලා අද පණ පිටින් ඉන්න එකම වාසනාවක්. ඒ කිසි දේකට සම්භන්ධ නිසා නෙමෙයි, පාරෙ තොටේ යනකොට ඔය ජීප්වල, වෑන්වල අයට හිතුනනම් මූව ගන්න ඕනෙ කියලා, එච්චරයි. ඒ වගේ කාලයක් තමයි අපි පහු කරලා අද පණ පිටින් ඉන්නෙ.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteඔය කියන කාලේ මම 5 ශිෂ්යත්වෙ කරනවා..හැමදාම කොතන හරි කෙනෙක්ව මරනවා.දෙපැත්තෙම අය හොද නැහැ.මිනිස්සු තිරිසන්නු වගේ හිටපු කාළයක්.හැබැයි හැමෝම හරි බයයි.ඒකේ හොදයි නරකයි දෙකම තිබුණා.අනිත් අයට වධ හිංසා දීපු හුගක් අයට ඵල විපාක මේ ආත්මෙදිම ලැබුණා.මෙයාටත් එහෙම වෙන්න ඇති.ඔය වධක තන්හාව කියන එක පිරිමි අපි හැමෝටම එක කාලෙකදි එනවා.ඒක මෙහෙයවන්නේ වසවර්ති මාරයා(හිනාවෙන්න එපා ඔන්න).සිහි බුද්ධියෙන් වැඩ කලේ නැත්නම් පවු පුරෝගෙන විදවන්න තමයි වෙන්නේ.
ReplyDelete/omg
ReplyDeleteකළ කම් මේ ආත්මෙදීම පල දීල වගේ.
ReplyDeleteබ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියනි අපි "ඉලංදාරියාට" පිහිට වෙමු.මේ වෙලාවෙ අපි එයාට පිහිට විය යුතුමයි.
ReplyDeletehttp://dukaa.blogspot.com/2011/01/blog-post_27.html
අම්මෝ අපි ඒ කාලෙ හිටපු නැති එක ලොකු දෙයක්...
ReplyDeleteලියන එක නවත්වලදෑ......
ReplyDelete@ අනුරාධ - ලියන එක නවත්තල නෑ.පොඩි විරාමයක් ගත්තා. :)
ReplyDelete@ JHOTHISHALANKA -බොහොම ස්තූතියි දෑනුවත් කිරීමට.
ReplyDelete