මේ කියන්න යන කතාව ගොඩක් ලගකදි සිද්ද වුන දෙයක්.ඔන්න දවසක් අපේ ගෙදරලග ඉන්න ආන්ටි කෙනෙක් එයාලගෙ ගෙදර තියන වෙරළු ගහේ ගෙඩි ඉදිලා කියල යන ගමන් ලොකු ශොපින් මල්ලක් පුරවලා වෙරළු ගෙනත් දුන්නා.අපිත් ඇරියේ නෑ රහ කරකර කෑවා.කොහොමත් ලුනුත් එක්ක වෙරළු වල රහ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මම රහ කර කර කනව දැක්ක නිසා නැචුරල්ටත් ඔනේ උනා රහ බලන්න.
අක්කා නැචුරල්ට දෙන්න එපා කියල කිව්ව නිසා අපි කන එකෙන්ම පොඩ්ඩක් දුන්න කන්න කියල. කොහෙද එයාට එහෙම බෑ.තනියම කන්න ඔනෙ උනා.මම් 2ක් විතර කන්න දුන්නා.අවුලක් නැතුව යස අගේට අරන් කෑවා.ඇට ටික මට දුන්නා මදේ කාල ඉවර වෙලා..
අවසාන එක කන්න යද්දිම අම්ම ඇවිත්
ආ...මෙයාට වෙරළු දුන්නද?... කිව්වනෙ කන්න දෙන්න එපා කියලා...
ඔහොම පොඩි සද්දයක් දැම්මා.එහෙම කිව්ව ගමන්ම නැචුරලුත් බය වෙලා වෙරලු ඇටේ ගිල්ලා.දැන් මොකද කරන්නෙ!...,කට්ටියම මට බනිනව කන්න දුන්නෙ ඇයි කියල.දොස්තර ලගට යන්නත් ලෑස්ති උනා.දොස්තර ඉන්නෙ අල්ලපු වැටේ නිසා හොදයි.
එයා අමාරුවක් පෙන්නුවෙත් නෑ.ගිලලා බඩටම යන්නැති.වතුර එකකුත් දුන්නා බොන්න.ම්...අවුලක් නෑ.ඊට පස්සෙ ඉතින් හෙට උදේ වෙනකම් බලාගන හිටියා කොහොම හරි එළියට එන්නෙනැතෑ කියල.එදත් නෑ...ටිකක් බයවෙලා හිටියෙ කට්ටියම.මෙන්න එදා ඉස්කෝලෙත් ගිහින් එහෙම, හවස කක්කි දාලා,අම්ම ඒක ටෙස්ට් කරද්දි කොමඩ් එකේ වෙරළු ඇටේ තියනව.
ආ...වෙලලු ඇටේ...අර...අර...අම්මත්තා ඒක අරන්...ඉහි ඉහි ඈ...
කෑගහන සද්දෙට මාත් ඒ පැත්තට ගියා.මෙන්න බොලේ නැචුරල් අර කක්කි එකේ තියන වෙරළු ඇටේ ඉල්ලලා අඩනව.
චී...චී...පොතේ ඒවා කක්කි!...
අම්ම ඒක විගහට අයින් කරා.
මට පස්සෙ තමා කරපු වැඩේ බරපතලකම තේරුනේ.ඇයි දෙය්යනේ හිර උනා එහෙම නම්!...
මම් කිව්වෙ අම්මගෙ කෑගෑහිල්ලට තමා එයා වෙරළු ඇටේ ගිල්ලෙ කියල නැත්තම් යස අගේට කකා හිටියනේ මාත් එක්ක කිසි අවුලක් නැතුව.. එක්කො මට තිබුනේ මදේ හූරලා කන්න දෙන්න කොහෙද මම් කන විදියටම එයාටත් කන්න ඔනේ උනානෙ.
අනික අපිත් පොඩි කාලෙ සතේ, සතපහේ ඒවා, සියඹලා ඇට, රඹුටන් ඇට එහෙම කොච්චර ගිලලා තියනවද? ඒත් ඉතින් පරිස්සම් වෙන්න ඔනේ තමා මෙවගේ දේවල් හිර වෙලා අනතුරක් උනොත්!


