Saturday, July 30, 2011

ආ යූ මෑඩ්? | NOT NOT


ආ...මේක නම් ටිකක් විතර පරණ කතාවක් අවුරුදු 3ක් විතර පරණ එකක්.කෙටියෙන්ම කියන්නම්කෝ.

ඔන්න දවසක් ගෙදර ආව කැම්පස් නිවාඩුවකට, ඒ කාලේ මම් පාවිච්චි කරේ කාඩ් දාල කතා කරන සිම් එකක් නේ.ඉතින් 100ක් දැම්මම,ඉක්මනින් ඉවර වෙනව.

ගෙදර ආවම කතාකරන්න සල්ලි නෑ,ෆෝන් එක වැඩ නෑ. රීලෝඩ් කරන්නත් කම්මැලියි.

ඔන්න ඉතින් අක්කත් ඇවිත් හිටිය දවසක අක්කගෙ ෆෝන් එක බැලලි බැබලී තියනව මේසේ උඩ.එයා ඩයලොග් මම් මොබිටෙල්.

දෙපාරක් හිතුවේ නෑ අක්ක නැතිවෙලාවක් බලලා ගත්ත කෝල් එකක්,අදාල කෙනාට.

අදුන්වල දෙන්න කාරියක් උනෙත් නෑ හෙලෝ කියපු ගමන් දන්නව කවුද මේ කතා කරන්නෙ කියල, ඒ තරම් සමීපයි යාලුව.ආගිය ගමන් විස්තර ,බ්ලා බ්ලා... තව දේවල් කියල ෆෝන් එක කට් කරා.

පස්සෙ නොම්බරෙත් මකලා දැම්මා.

මෙන්න දවස් 2කට විතර පස්සෙ හවසක අක්ක ෆෝන් එකෙන් හයියෙන් හයියෙන් කාත් එක්කද කතාව.මෙන්න දෙබස, මට අක්ක කියන ඒවා විතරනේ ඇහෙන්නෙ.

හෙලෝ
 ..................................
මම් නම් රින්ග් කරේ නෑ.
........................................
වැරදීමක් වෙන්න ඇති මම නම් රින්ග් කරේ නෑ.
.................................................
නැ..නැ...මම් රින්ග් කරේ නෑ.!.
.............................................

අක්කට හෙනට තරහ ගිහින් කට් කරා ෆෝන් එක.

ඇයි? කියල මම් ඇහුව.

මොන පිස්සෙක්ද මන්ද?...මම් රින්ග් කරල තියනවලු ඒකාට.වෙන වැඩ නෑනේ.!....කොහෙද යන පිස්සෙක්.හෙන කොල්ලො සෙට් එකකුත් ඉන්නව ඇහෙනව,මුන්ට වෙන වැඩ නැතුවට!...අක්ක බැනගන බැනගන යනව...

අන්න ආය රින්ග් වෙනව.
ආ ආයෙත් අරකා...

හෙලෝ!...
erwrw werww sdfsd efsdf .......... sfsdfsd sdfsfsdfs. werww sdfsd efsdf sfsdfsd .
අම්මට සිරි මෙන්න අක්ක කඩ්ඩෙන් අර කෝල් කරපු කෙනාට බනිනව.හයිස්පීඩ් එකෙන් බැනගන බැනගන යනව.
ඒ අස්සෙ ආ යූ මෑඩ්? කියලත් ඇහුවා.
මෙන්න බොලේ අක්ක හිනාවෙනව.ඇහ්... 

කට් කරා ෆෝන් එක.

කොහෙද යන පිස්සු සෙට් එකක්...මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා කරපු එකා කියනව,අයැම් මෑඩ්! නොට් නොට්! ලු.
ඒ අස්සෙ ලග හිටපු එකෙක් ඉල්ලනව දියන්කො මම් කතා කරන්නම් කියල.ස්පීකර් ඔන් කරලද කොහෙද?අනිත් අයත් හිනා වෙනව.

දෙනවකො බලන්න නොම්බරේ කියල,මගෙ ෆෝන් එකේ කන්ටෑක්ට් ලිස්ට් එකත් එක්ක ඒ නොම්බරේ චෙක් කරා.හෆොයි!...මේකා!...මලකෙලියයි!...

ඒ මම් එදා අක්කගෙ ෆෝන් එකෙන් කෝල් එක ගත්ත යාලුවා.කෑ ගහපු කෙනා Noisy වෙන්න ඕනේ.

එදා මම් ගත්ත කෝල් එක නිසා තමයි යාලුව ලග අක්කගේ නොම්බරේ තිබිල තියෙන්නෙ.ඒ වෙලාවේ සේව් කරගන්න නැතුව ඇති!....ෆ්‍රී ඉන්න වෙලාවක නිකන් රින්ග් කරල බලන්න ඇති කවිද කියල. 

රින්ග් කරාම කෙල්ලෙක්ගේ ගේ කටහඩ නිසා ආයෙත් ගන්න ඇති කියල තමා මට හිතුනේ.

ප.ලි: Noisy කියන්නෙ මගෙ යාලුවගේ අතිජාත මිත්තරයෙක්.ටිකක් කට වැඩි නිසාම තමයි  මම් එයාට ඔය නම දැම්මේ.සමහර විට මේ පැත්තෙත් එන්න ඉඩ තියන නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්.මළකඩයා කිව්වමත් හොදට තරහ යනව. මේ හැමදේම ලිව්වෙ විහිලුවට ඔන්න තරහ එහෙම ගන්නව නෙමේ!...

අනේ මගෙ මාලේ!... | I lost my necklace


කාලේකට ඉස්සර මාල වලලු දාගන අත කර පුරවගන යන එක කාන්තා පාශ්වයට විතරක්  වෙන්වෙච්ච සිරිතක්ව තිබ්බ.ඒත් කාලය ගතවෙනවත් එක්ක දැන් දැන් පිරිමි අයත් නොයෙකුත් කනකර විලාසිතා කරනව.

මේ පෝස‍්ට් එක ලියන්න හිතුනේ මේ විලාසිතා ගැන නම් නෙමේ.ඒව නිසා වෙන අකරතැබ්බ ගැන කියන්න.

අපි ලස්සනට ඉන්න ඕනෙ තමයි ,ඒ වගේම ඒ වෙනුවෙන් විවිද ආභරණ විලාසිතා වලින් හැඩ වෙන්නත් ගොඩක් අය කැමතියි.ඒත්...

ඔය දේවල් නිසාම විවිද අකරතැබ්බ වලටත් මූණපාන අය ඉන්නව.විශේෂයෙන් රන් ආභරණ වගේ වටිනා කියන ආභරණ පැලදීම නිසා.

මේ ලගදී දවසක අපේ ගෙදර පාර ඉස්සරහිනුත් පොඩි බබෙක් එක්ක ගිය අම්ම කෙනෙක්ගෙ මාලයක් කඩාගන ගිහින් තිබ්බා,ඒ එයා ගෙදර ඉදන් ගේ ලග කඩේට යන ගමන්.

ඒක පෙන්ඩන්ට් එකක් එක්ක තිබ්බ මාලයක්,සෑහෙන ගානක් වෙනව කියල තමා කිව්වෙ.

පාරේ යන ගමන් ඉස්සරහින් ආව මෝටර්සයිකලයක නැගලා ආව දෙන්නෙක් තමයි මාලේ කඩාගන ගිහින් තිබ්බෙ,කෑගහන සද්දෙට අපි ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.

බෙල්ලත් තුවාල වෙලා.පොඩි එකත් හොදටම බයවෙලා වෙච්ච දේට.

ඔය සිද්දිය වෙලා සතියක්වත් නැ,මම් කලින් පෝස්ට් එකක් ලිව්වනේ ප්‍රේමයෙන් උමතුවිය හැකිද? කියල,එයාගෙ මාලයත් මෙහෙම කඩාගන ගිහින් තිබ්බා.

කට්ටිය නම් කිව්වෙ එයාට කොච්චරවත් කිව්ව ඔය මාලයක් දාගන ඉන්න එපා කියල,කෝ ඇහුවද අපරාදේ මාලේ, ලොකු පෙන්ඩන්ට් එකකුත් තිබ්බ කියල.

දන්න විදියට මේ වෙනකම්  ඒ මාලේත් හම්බවෙලා නම් නෑ.පොලිසියේ "ඇන්ට්‍රියක්" එහෙමත් දාලා කියලයි ආරංචි.

පොසොන් ඒකට කලින් දවසෙත් ඔය වගේම සිද්දියක් උනානේ,වැඩ ඇරිලා යන මගෙ යාලුවෙකුට.

අර විදියටම මෝටර්සයිකලේක ඇවිත් ඒකෙන් බිමට බැහැලා මාලෙ කඩාගන ගෑණුලමයව කාණුවටත් තල්ලු කරලා දාල ගිහින් තිබ්බ.

ඒක වෙලා තිබ්බෙත් පොඩි කඩයක් එහෙම තියන හතරමංහංදියක,කොහොමද හොරුන්ගෙ බය නැතිකම!...

එයාගෙත් බෙල්ල හීරිලා මාලෙ ඇද්ද පාරට,හොදටම බයවෙලත් තිබ්බා.

එයානම් කිව්වෙ ඒක ඉමිටේශන් මාලයක් කියල.

ඔයවගේම දෙයක් වෙලා පස්සෙ දවසක ඉමිටේශන් මාලෙ මූනට දමලාගහල ගිය සිද්දියකුත් ආරංචිඋනා කියල යාලුවෙක් කිව්වා.

මෙහෙම බලද්දි කන්වල තියන කරාම්බු කපාගන යන දවසත් වැඩි ඈතක නෙමේ කියල මට නම් හිතෙන්නෙ.

වෙඩින් එකකට වගේ ලස්සනට සැරසිලා යන්න ඕනේ අත‍ය්‍යවශ්‍ය කාරණේකට ඇර, එදිනෙදා ගමන් වලට වටිනා කියන  ආභරණ දාගන යන එකෙන් මේ විදියේ අකරතැබ්බ ඇතිවෙන්න පුලුවන්.

සමහරු පොළට එන්නෙත් ගෙදර තියන සියලු ආභරණ වලින් සැරසිලා.වැරෑද්දකුත් කියන්න බෑ ඒ එයාලගෙ කැමැත්තනේ.

අනික කාගෙන් තහනමක් ද තමන්ගේ දේ ඇදගන පැලදගන යන්න.

ඒත් ගොඩක් අය දැන් එදිනෙදා පාවිච්චියට රත්තරන් වගේ වටින කියන දේවල් දානව අඩුයි.ඒ වෙනුවට ඕන තරන් ආදේශකත් තියනවනේ.

දාන අයට කියන්න තියෙන්නෙ ඉතින් අර කවුද කිව්ව වගේ තමන්ගේ ආරක්ශාව තමන්ම බලාගන්න ඕනේ නිසා පරිස්සම් වෙන්න කියල තමා.

Friday, July 22, 2011

ගිලෙන්න යාම | Can't you see I'm drowning


ඒ අපේ වාර්ශික චාරිකාව යෙදිලා තිබ්බ කාල සීමාව,10 වසරේ ලමයි නිසා අපිව දින දෙකක චාරිකාවක් අරන් යන්න තමා සූදානම් කරලා තිබ්බෙ. 

බලන්න යන්න ලෑස්ති කරල තිබ්බ තැන් වලින්, සිංහරාජ වනාන්තරය තමා මූලිකත්වයක් ගත්තෙ.තව ගොඩක් තැන් බලන්නත් එක්ක ගියා.

වෙන සැරවල් වල එක්ක යන්නෙ එක දවසෙන් ගිහින් එන්න පුලුවන් ට්‍රිප්.ඒ උනත් මේ සැරේ ට්‍රිප් එකට දවස් 2ක්ම.ඒ නිසාම ගොඩක් ආසාවෙන්  ලෑස්ති උනා.

අපරාදේ කියන්න බෑ,6 වසරේ ඉදලා 13 වසරට යනකම්ම හැම අවුරුද්දකම කොහෙහරි එක්ක ගියා අපිව ඉස්කෝලෙන්.

ආය ගෙදරින් ඔය යන හැමතැනම එක්ක යනව කියලැ.

ඒ නිසා ගෙදර අයත් තහංචි දැම්මෙ නෑ.යාලුවො යනව නම් යන්න කියල තමා කිව්වේ.අපි හිටියේ මිශ්‍ර ඉස්කෝලෙකනේ,ඒ නිසා පිරිමි ලමයිනුත් අපිත් එක්ක ට්‍රිප් එක යන්න එකතු උනා.

මට මතකේ හැටියට දවසක්ම වාගේ වෙන කරල තිබ්බා සිංහරාජ වන චාරිකාව වෙනුවෙන්.ඊට කලින්දා රාත්‍රිය ගතකරේ කලවාන සෙන්ට්‍රල් එකේ. සර්ලා මිස්ලා එක්ක කට්ටියම එකතුවෙලා උයාපිහාගන කාලා සෑහෙන්න විනෝදෙන් ගතකලා.

හැබැයි මට නම් පොඩි අකරතැබ්බයක් උනා ඊට කලින්දා හවස් ජාමේ.ඉස්කෝලෙ නැවතෙන්න එන්න කලින් අපි ගියා බෝපත් ඇල්ල බලන්න.ඒත් සෑහෙන උපදෙස් මැද්දේ,වතුරට එහෙම බහින්නෙ නෑ...උඩටම යන්නෙ නෑ...බ්ලා බ්ලා...ඔයවගේ නොයෙකුත් උපදෙස්.

අපි ඕව අහන එකක් යෑ අනික අපිත් එක්ක ගිය පිරිමි ලමයිනුත් ඉන්නවනේ මොකට බය වෙනවද කියල.ටිකක් උඩට ගියා.

මොන යනවද දවල් වරුවෙ නිසා ගල් රත් වෙලා කකුලුත් හොදටම පිච්චෙනව,සපත්තු ගලවලානේ වතුරෙ හිටියේ.

එ අතරේ එක තැනක අපි දැක්කා පිරිමි කට්ටියක් කනව බොනව.අපේ ලමයින්ටත් මොනාද කියල සර් කෙනෙකුත් බැන්නද කොහෙද එයාලට.ඒ නිසා මිස්ලත් කිව්වෙ ලමායි... පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියල.

මතකේ හැටියට අපි දවල් කෑම ගත්තෙත් එතනදි.ඉක්මනින්ම කාලා ඇල්ල බලන්න ලගට යන්න තමා අපිට ඕනෙ උනේ.ගිහින් ටිකක් වෙලා ඉදලා අපි සර්ල එක්කම එන්න ආව.

ඉක්මනට ගල්  උඩින්  අඩිය තිය තිය තමයි ආවේ ,ඒ තරම් රත් වෙලා,කකුල් පිච්චෙන තරමටම..

එක පාරටම අඩිය තියනව විතරයි මතක, මාව වතුර ඇතුලකට ඇදිලා ගියා.කිසිම දෙයක් හිතාගන්න කාලයක් තිබ්බෙ නෑ.හරියටම සුලියක් වගේ කැරකිලා කැරකිලා... ඇතුලටම යනව.උඩට එනව තියා හිතන්න වත් තේරුමක් නෑ.

ඒ අතරේ කවුද කෙනෙක් මගෙ අතින් අල්ලනව වගේ මතකයි.

එක පාරටම මම් උඩට ඇදිලා ආවා. 

කලන්තේ වගේ... ටික වෙලාවකින් මම් ගලක් උඩ වාඩිවෙලා ඉන්නව වගේ දැනුනා.,මුලු ඇගම තෙමිලා.වතුර බේරෙනවා...හුස්ම ගන්නත් අමාරුයි වගේ.

ඇස් ඇරල බැලින්නම් යාලුවො ටිකත් වට වෙලා.සරුත් බයවෙලා වගේ බලාගන ඉන්නව.

ඒ අස්සෙ නනා හිටපු පිරිමි කෙනෙක් මගෙ ඉස්සරහට වෙලා බලන් ඉන්නව.,.එයා කියන ඒව මට යාන්තමට වගේ ඇහුනා...

අත අහුවෙච්ච නිසා හොදයි.මම් මේ සද්දෙට මේ පැත්තෙ බැලුවෙ නිකන්.

එයා තමයි මාව බේරගන තිබ්බෙ,අපි ඇල්ල බලන්න එද්දි මග කකා බිබී හිටපු අය්යලා කට්ටිය ගෙන් කෙනෙක්.ඒ වෙද්දි එයාලත් එතන නනා ඉදලා.

අපේ සර් මුලදී එයාලට බැන්නත් එක්ක,ලමයින්ට අරව මේවා කියනව කියල,පස්සෙ නොසෑහෙන්න ස්තූතියි කියල,නොවැන්ද එක විතරයි.

එදායින් පස්සෙ ඉස්කෝලෙන් යන ට්‍රිප් වලට ටිකක් තහංචි වැටුනා,කොහෙ ගියත්,

වතුරට එහෙම බහින්නෙ නෑ හරිද!... කියල කමාන්ඩ් එක දීල තමයි ගෙදරින් යවන්නෙ.

පස්සෙ යාලුවොත් එක්ක ඒ ගැන කියව කියව ඇතිවෙනකම් අපි හිනා උනා.කට්ටිය මම් වැටුන හැටි,බේරගත්ත හැටි ඉස්කෝලෙ ඇවිල්ලා රගපපා කිව්වා.ඒ අස්සේ බේරගත්ත කෙනාගෙ ලස්සනත් වර්ණා කරා.

ඒත් වෙච්ච දේ බරපතලකම තේරෙන්නේ ඒ දේට මුහුන දීපු කෙනාට.ඒත් ලග හිටපු අයත් හොදටම බයවෙලා තිබුනා,එයාලට පෙනි පෙනීනේ ගිලිලා තිබ්බෙ,අනික ඔලුවත් පේන්නෙ නැතුව ගියාම!ඉවරයි කියල හිතෙන්න ඇති!.

බේරගන්න ආව කෙනා නිසා තමයි අද මම් ජීවතුන් අතර ඉන්නෙ,නැත්තම් මේ වෙද්දි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.