Monday, December 5, 2011

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය


සංසාර මන්දිර, මිනිසා කායික පීඩා විදින්නේ කවර හෙයින්ද යන ප්‍රශ්නය සම්භන්ධයෙන් ප්‍රබෝධකර වූ අනේක චින්තන මාර්ගවලට අප ගෙන යයි.

අපගේ සාමාන්‍ය පංචීන්ද්‍රිය ප්‍රත්‍යක්ශයෙන් අපට දැකිය හැක්කේ පැටලුම් සහිත විශාල විචිත්‍ර ජවනිකාවක සීමිත කොටසක් පමණෙකි.අපට පෙනෙන මෘදු මතුපිටට යටින් අපමණ යටිපැති නූල්ද අප්‍රමාන වූ නොපෙනෙන පැටලිලි ද ඇත.එකම නූලක් වත් උපත යයි නම් කරනු ලබන මායාකාර සීමාවෙන් පටන් ගනිතැයි හෝ මරණය යයි කියනු ලබන ඒ තරම්ම මායාකාර සීමාවෙන් කෙළවර වෙතැයි හෝ කිව නොහැකිය.

සත්‍ය වශයෙන් පුනර්ජන්මය,මනුෂ්‍යා පරිණතියටත්,පාරිශුද්ධියටත් පමුණුවන ජීවිත නියාමය නම්...

ඉතා හොදින් කරුණු පැහැදිලි කර දෙන්නා වූ ද අතිශයින් ප්‍රාණදායක හා සංස්කරණ වන්නා වූ ද මේ මතය ඔප්පුකළ හැකිදැයි පරීක්ෂා කර බැලීම ගැඹුරු සිත් ඇති මිනිසුන්ගේ අවධානයට යොමුවිය යුතු බව සහතිකය.

සත්තකින්ම මිනිසාගේ ආත්මයට බොහෝ මන්දිර තිබේ නම් හැම කාලයකටම වැඩියෙන් එහි සත්‍යය සොයාගතයුතු කාලය මෙයයි.

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය
කන්නිමහර සුමංගල හිමි
ISBN-955-569-185-1

මේක තමයි මම් අලුතින්ම කියවන්න ගත්ත පොත.ඉස්කොලෙ යන කාලෙ නම් කියවල තියනව,ඒත් ඒ හැටි තේරුමක් තිබ්බෙ නෑ පොතේ අඩංගු කරුණු ගැන ඒ කාලේ.

ඒ නිසාම  ආයෙත් කියවන්න ඔනේ කියල හිතුනා.MANY MANSIONS THE EDGAR CAYCE STORY ON REINCARNATION by Gina Cerminara පොතේ සිංහල පරිවර්තක තමයි කන්නිමහර සුමංගල හාමුදුරුවෝ.ගොඩක් අය කියවල තියන පොතක් මම් හිතන්නෙ.


Saturday, December 3, 2011

ෆ්‍රී ස්ටෆ් - Christian Book Series

මේවත් මට මාස කීපයකට කලින් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ, මම් නම් පොත් 2ක් විතරයි ඉල්ලුම් කරේ.ඒවත් ඉල්ලුම් කරේ ඇත්තටම කියල තියන විදියට තෑපෑලෙන් එනවද කියල බලන්න :). ක්‍රිස්තියානි ආගමික අයට වැදගත් වෙයි කියල හිතුන නිසා ඔන්න පොස්ට් කරා.එකවරකට පොත් 2ක් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්.මෙන්න ලින්ක් එක, වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න. ගිහින් පොත් 2ක් බාස්කට් එකට ඇඩ් කරල ෆොර්ම් එක ෆිල් කරල යවන්න යි තියෙන්නෙ.


ෆ්‍රී ස්ටෆ් - Spreading the Dhamma

ස්ටිකර්ස්,බුක් මාර්ක්ස්,කාර් ඩෙකල්ස්
පොත්පත්
මේව මට ගොඩක් කාලෙකට කලින් අන්තර් ජාලයෙන් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ,කාලයක් ඒ ලින්ක් එක වැඩ නැතුව තිබ්බ ඔන්න ආය ඉල්ලුම් කරන්න පුලුවන්.ඉල්ලුම් කරල ගෙදරටම ගෙන්න ගත්තට කමක් නැ,ඔයාලත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න,මොකද ගොඩක් වියදමක් කරලනෙ එයාල මේවා අපිට එවන්නෙ.මෙන්න ලින්ක් එක, වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න. පහලම තියන ෆෝම් එක පුරවල යවන්න තියෙන්නෙ.