කැම්පස් එකේදි අපි මුලින්ම හිටපු හොස්ටල් එක තිබ්බෙ කැම්පස් එකට ටිකක් දුර තැනක,ඒක කලින් පොඩි හොටෙල් එකක් වගේ තිබ්බ තැනක්.පස්සෙ කැම්පස් හොස්ටල් එකකට අරන් තිබ්බ.ඔක්කොම ගෑණු ළමයි 34ක් හිටියා.ඊට අමතරව වෝර්ඩන්, සබ්වෝඩර්න් එක්ක තව ආන්ටි කෙනෙක් හිටියා අපේ උදව්වට.ආ LSO කෙනෙකුත් හිටියා.
මාස 6කට (මුල්ම සෙමෙස්තරයෙන්) පස්සෙ අපේ හොස්ටල් වල ළමයි මාරු කරනව කියල නෝටිස් එකක් තිබ්බා.ඒක නිසා අන්තිම දවසේ, අපිලග තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම බැදගන අලුත් හොස්ටල් වලට දාල තමයි ගෙදර යන්න උනේ නිවාඩුවට.
සමහරුන්ගේ ඒ හැටි කැමැත්තක් තිබ්බෙත් නෑ හොස්ටල් මාරු කරනවට,මොකද ඒ වෙද්දි යාලුවො සෙට් වෙලානේ හිටියෙ.වෙන් වෙන්න දුකයි නේ.ඒත් සමහරු කැමැත්තෙනුත් හිටියා,ඒ දුර හොස්ටල් වල අය,ඒ අයට ලග හොස්ටල් ලැබෙයි කියල හිතලා.
විභාගෙත් ඉවරවෙලා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න දවස්නේ ඉතින්,කට්ටිය කතා උනා ගෙදර යන්නෙ හෙට කියල පාර්ටියක් දාමු කියල.ඔන්න ඉතින් කට්ටියගෙම එකගතාවයෙන් කේක්ද, බිස්කට්ද, මාස්මෙලොස්ද, බීමද(පැණිබීම), සැන්විචස්ද අරවද මේවද කෑම ගොඩාරියක් එකතු කරගත්ත, කට්ටියම කලෙක්ශන් එකක් දාලා.
එදා රෑ 9.30 ට විතර පාර්ටි එක පටන් ගත්ත,පාර්ටි එක තිබ්බෙ හොස්ටල් එකේ ග්රවුන්ඩ් ෆ්ලෝර් එකේ.අපේ හොස්ටල් එකේ හිටිය වෝර්ඩන්ටත් එන්න කියල කේක් අරව මේව කන්න දුන්න.විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න නිසා එයත් කිසිම අවවාද අනුශාසනාවකින් තොරව හැමෝටම සුබ පතලා කාල බීල රූම් එකට ගියා.අපේ කන බොන වැඩේ දිගටම කරගන ගියා.ඒ අස්සෙ හිමීට හිමීට සින්දුත් කියන්න පටන් ගත්තා.
ඒ දෙසැම්බර් කාලේ ,කියන්න ඔනේ නෑනේ ඒ කාලෙට අපි හිටපු පැත්තේ සීතල කොහොමද කියලා.කට්ටියම ජර්සි දාගන අයිස් කැප් දාගන තමා පාර්ටි එකට ඇවිත් හිටියේ.එළියට යන්න බෑ "කට කට..." ගාල ගැහෙන සීතල.
ඒ අස්සෙ සල්ලි එකතු කරපු සෙට් එක අයිස් ක්රීම් ටබ් කීපයකුත් උස්සන් ඇවිත් තිබ්බා.
මේ සීතලේ මොන අයිස් ක්රීම් ද?...
එහෙම කියල කෑම අතැරියේ නෑ...කට්ටියම ඒකටත් වග කිව්වා.ඒ අස්සෙ සමහරුන්ට හෙම්බිරිස්සාව.
මේ සීතලේ මොන අයිස් ක්රීම් ද?...
එහෙම කියල කෑම අතැරියේ නෑ...කට්ටියම ඒකටත් වග කිව්වා.ඒ අස්සෙ සමහරුන්ට හෙම්බිරිස්සාව.
කාල බීලා සින්දු කියල හෙම්බත් වෙලා,ඒ වෙද්දී හරියටම 12ට විතර ඇති. මාත් එක්ක හොස්ටල් මාරුව ගැන ප්රශ්නයක් ඇතිකරගත්ත යාලුවෙක් ලගට ඇවිත්, කතා කරා.එයාට හෙන යාලුවො සෙට් එකකුත් හිටියා,අපිත් ඉතින් හොදට කතාබහ කරල තරහ මරහ ප්රශ්න තියාගන්න ඔනේ නෑ කියල මතභේද සමතයකට පත් කරා.
වරෙන්කො පොඩ්ඩක් කාමරේට...
කියල මෙන්න මුන් සෙට් එකම මාව කාමරේට එක්කන් ගියා.එක්කන් ගියා නෙමේ ඇදගන ගියා.6 දෙනෙක් විතර ඇදන් යද්දි කොහෙ නවතින්නද.මම් ඇදිලා කෙලින්ම ගිහින් නැවතුනේ එයාල කාමරේ තිබ්බ ඇටැච් බාතෲම් එකේ.මෙන්න එකපාරටම පුරවලා තිබ්බ වතුර බේසම් 2ක් 3ක් විතර ඔලුවෙ ඉදන් "තොස් තොස් තොස්" ගාලා වැක්කෙරුනා,අත් දෙක එහා මෙහා කරන්නත් හැටියක් නෑ.ඇයි 6 දෙනෙක් විතර අල්ලගනනේ.උනුත් බාගෙට නෑ වෙනව.එකෙක් බිඩේ ශවර් එකෙනුත් වතුර අල්ලනව.
කියල මෙන්න මුන් සෙට් එකම මාව කාමරේට එක්කන් ගියා.එක්කන් ගියා නෙමේ ඇදගන ගියා.6 දෙනෙක් විතර ඇදන් යද්දි කොහෙ නවතින්නද.මම් ඇදිලා කෙලින්ම ගිහින් නැවතුනේ එයාල කාමරේ තිබ්බ ඇටැච් බාතෲම් එකේ.මෙන්න එකපාරටම පුරවලා තිබ්බ වතුර බේසම් 2ක් 3ක් විතර ඔලුවෙ ඉදන් "තොස් තොස් තොස්" ගාලා වැක්කෙරුනා,අත් දෙක එහා මෙහා කරන්නත් හැටියක් නෑ.ඇයි 6 දෙනෙක් විතර අල්ලගනනේ.උනුත් බාගෙට නෑ වෙනව.එකෙක් බිඩේ ශවර් එකෙනුත් වතුර අල්ලනව.
මං හොදටම නෑවිලා. මාත් එක්ක හිටපු යාලුවො සෙට් එකත් හොදටම නෑවුනා.පස්සෙ අපි අනිත් අයවත් ටබ් එකට පුරවලා තිබ්බ වතුරෙන් බාල්දි, බේසම් පුරවලා ඇතිවෙනකම් නෑව්වා. පව්නේ නැත්තම්.එදා රෑ 1ත් පහුවෙනකම් හොස්ටල් එකේ 34 දෙනාම නෑව්වා.1 ෆ්ලොර් එකයි ග්රවුන්ඩ් ෆ්ලොර් එකයි දෙකේම වතුර.
අදින්න ඇදුනුත් නෑ, ඇදන් හිටපුව ඔක්කොම තෙමිලා,අනිත් ඒවා ඔක්කොම හෙට අරන් යන්න,අලුත් හොස්ටල් ගිහින් දාන්න බෑග්ස් වලට දාල ලොක් කරල.වෙව්ල වෙව්ලා ඉබ්බො ගලවන්න උනා බෑග්ස් වල ඇදුම් ගන්න.පුදුමේ කියන්නෙ ඔච්චර හරියක් කරනකම් වොර්ඩන් සද්දයක් දැම්මෙ නැති එක.




