Tuesday, July 1, 2014

අරන් යන පොත් | Please Return

 

කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්.

මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරලා බලල පොත් කීපයක්ම ගන්නවා.අනික පුරුද්දක් විදියට පොතක් ගත්ත  ගමන් අලුත් කවරයක් දාන්නත් වගබලා ගන්නවා.

කලින් මෙහෙ පබ්ලික් ලයිබ්‍රි එකටත් බදිල හිටියා.ඒත් මට ආස මටම කියල අලුත් පොත් අරන් කියවන්න, එතකොට ඒ පොත් මගේමනේ :)

පොත් වලට ආස ආදරේ අය ගොඩක් පොත් පරිස්සම් කරනව. එපා වෙනම දේ තමයි පොත් බලන්ඩ අරන් ගිහින් ගෙනත් දෙනෙන් නැති එක. එක්කො බලන්නෙ නෑ අරන් ගියාට ඔහේ තියන් ඉන්නව එහෙම හිටියම අපිටත් අමතක වෙනව පොත දුන්නෙ කාටද කියල.

ගත්ත කෙනාට කිසි ගානක් නෑ ආය ගෙනත් දෙන්න ඔනේ කියල. ඔන්න ඔහොම තමා පොත් නැති වෙන්නෙ ඉතින් යාලුවන්ට උනත් පොත් දෙන්න හිතෙනවද ? :( 

මේකට විසදුමක් විදියට ලොක් කරන්න පුලුවන් පොත් අල්මාරියක් හදාගත්ත. පොතක් ගත්ත කවරයක් දැම්ම කියෙව්ව.ලොක් කරල දැම්ම. පොතක් කියවල ගෙනත් දුන්නම තමා ආය වෙනත් පොතක් දෙන්නෙ. ඇයි වදේ මම් ආසාවෙන් එකතු කරන කියවන පොත් එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද ? ඒකේ අමාරුව, දුක තියෙන්නෙ මටනේ.

24 comments:

  1. මටත් ඔය සිද්ධිය වෙනව..
    පොත් දකින කෙනෙක් පොත් අරන් යනව.. ඒත් ආපහු ගන්න හරිම අමාරුයි....
    සමහර අය පොතේ කොල නමනව..
    බුක්මාක් එක තිබ්බට ඒක පේන්නෙ නැල්ලු...
    දැං මං පොත් ටික මගෙ අල්මාරියට දාල වහල තියෙන්නෙ
    ලෝබ කමට නෙවී... පරිස්සම් කරගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් පරිස්සන් කරන්ඩ බැරිම හින්ද තමා ඔහෙම දාල තියන්ඩ උනේ නැතුව ආය ලෝබ කමට එහෙම නෙමේ

      Delete
    2. ස්ත්‍රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්‍රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.

      Delete
    3. ස්ත්‍රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්‍රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.

      Delete
  2. ස්ත්‍රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්‍රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.

    ReplyDelete
  3. ස්ත්‍රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්‍රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.

    ReplyDelete
  4. ස්ත්‍රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්‍රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.

    ReplyDelete
  5. ඔන්න කිය යුත්ත දිලිනි කියල හත් අට පොළකම.

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ දිලිනියා කිවායින් පස්සේ අපිට කියන්න දෙයක් නැහැ නේ...:D

      Delete
    2. හප්පෝ... මේවායින් එකක් තියල අනෙක්ව අයින් කරන්ටෝ!!!!

      Delete
  6. කෝ බොල දාන් කමෙන්ට් බහිරවයෝ ගිලිනවද

    ReplyDelete
    Replies
    1. දාපුව තමා ඔය තියෙන්නෙ

      Delete
  7. වැඩක් නෑ කියල.. මගේ පොත් මහා ගොඩක් නැතිවෙන්න හේතුව මගේ ඥති සමුහයාගෙන් සමහරක් වගේම මිත්‍ර සමුහයේ කොටසක්..

    ReplyDelete
  8. මං ඔය ලයිබ්රි දාන්න මහන්සි වෙන්නැත්තේ ඕකනේ.... එතකොට පොත් ගන්න ඕනත් නෑ.. පොත් පරිස්සම් කරන්න ඕනත් නෑ. කබඩ් ඕනත් නෑ... ඉබ්බෝ ඕනත් නෑ... වයිෆ් පොත් දිහා බලාගෙන කල්ගත කරන්නෙත් නෑ, එතකොට බලාගෙන ඉන්නේ මං දිහානේ......................... එළස්.......

    ReplyDelete
  9. මම ඒකනේ මගේ පොතක් කාටවත්ම දෙන්නේ නැත්තේ.. ඕනනම් ඉදලා කියවලා පලයං කිවුවම ආයේ එකෙක් වත් ඉල්ලන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම කිවම තරහ වෙනවනෙ

      Delete
  10. අයියෝ මටත් ඔය දේම තමා. කාලෙකට පස්සෙ පොත ආසාවට හොයන කොට ගෙනිච්ච කෙනා මතකත් නෑ. පොතක අගේ දන්නෙ කීයෙන් කී දෙනාද?

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම වෙන වෙලවල් තියනව අන්තිමට කවුද ගෙනිච්චෙ කියල මතක නෑ

      Delete
  11. මාත් පොතක් අරගෙන ගියා.. ඒ පොත ගේන්න ඉන්නේ ලඟදිම. ලඟදි දවසක අපි දෙන්නා ඔයාලෑ දිහා එන්නම්. ඒ එද්දි ගේනවා හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන නෙමේ කීවෙ හොදේ හරි එන්නකො ,මට අම්තක ඔයා ඒපොත දුන්න වගේ කමක් නෑ තියනව නම් එන වෙලාවක අරන් එන්න :)

      Delete
  12. අදද කොහෙද මෙහෙට රිංගුවේ, ඔය කරුමේ මටත් තියෙනවා, වැඳලා ඉල්ලන් යනවා, අපි වදින්න ඕන ආපහු ගෙන්න ගන්න, පොත් ටික අල්මාරි ගත කලේ එක නිසා තමා :D, මගේ පොත් 30 ක් විතර ආගිය අතක් නෑ. අයියෝ කරුමේ තමා. දැන් මගේ ළඟ තියෙන පොත් අනිත් උන්ට නැති කැවුම් වගේ තමා.

    ReplyDelete
  13. මගේ පොත් තොගයක් එක පාරක් වේයෝ කෑවා. දැන් අලුතෙන් ගන්නවා. කියවන්න වෙලාවක් තමයි නැත්තේ. පෙන්ෂන් ගිය කාලෙක බලන්න බැරියැයි.

    ReplyDelete