Tuesday, July 1, 2014

පැන් පෙරහැර | Paen Perahera


"පැන් පෙරහැර" පැවැත්වෙන්නෙ හැම අවුරුද්දකම පොසොන් මාසෙ පෝය දිනය යෙදෙන සතියෙ පෝය දවසට කලින් දවසක. 2014 අවුරුද්දෙ පැන් පෙරහැර තිබ්බෙ ජූනි මාසෙ 09 වෙනිදා.... එදා ඉදල 17 වෙනිදා දක්වා සති පිරිත් පින්කම පවත්වනව.

පෙරහැර පටන් ගන්න දිනයේ ඉදන් උඩමලුවෙ සති පිරිතකුත් සජ්ජායනා කරනව, ඒ වෙනුවෙන් දාන මානත් පිලියෙල වෙනව.

පැන් පෙරහැර පටන් ගන්නෙ ඉසුරුමුණිය රජ මහා විහාරයෙන්. එතනින් පෙරහැර පටන් ගෙන තිසාවැවෙන් පිරිසිදු කරල ගත්ත පැන් අරන් පෙරහැරේ එන එක සිද්ද වෙනව උඩමලුව දක්වාම.

මේ පැන්  කළ වලට අමතරව අනුරධපුර දිස්ත්‍රික්කයේම තියෙන තිසාවැව, නුවරවැව, මහකනදරාව, රාජාංගනය  වගේ මහා වාරිමාර්ග ව්‍යාපාර වල පැන් අරගෙන එනව. ඒ පැන් තමයි පිරිත් පාත්‍රයට එකතු කරන්නෙ පිරිත් කරන්න.





3 comments:

  1. හප්පේ නියම පිංතූරටික...
    අර මූන ඇඹුල් කොරන් ඉන්න නෝනට පිටිපස්සෙන් ඉන්න කෙලි පැටික්කි නං සිරියාවෙ බෑ...
    හැක්...
    අර සෝස පාටට ඇදල නිකං හේමමාල වගේ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. කොයි කෙනාද අර නැටුම් කන්ඩායමේ ලමයෙක් වෙන්ඩැ

      Delete
  2. ස්තූතියි! නදී නොදන්නා තොරතුරු බිඳක් සමඟ පිපාසයට පැන් පොදක්.

    ReplyDelete