Sunday, December 29, 2013

කොල්ලෙක් උනා නම්




අපේ  ගෙදර මට වැඩිමල් අක්කා ...එයා ඉපදිලා අවුරුදු 4කින් පස්සෙ තමා මම් ඉපදිලා තියෙන්නෙ... 

ඉතින් අපේ අම්ම අප්පච්චි දෙන්න වගේම හැමෝම හිතන් ඉදල තියෙන්නෙ මේ සැරේ නම් කොල්ලෙක් උනොත් හොදයි කියලා...

විශේෂයෙන් අප්පච්චි ගොඩක් කැමැත්තෙන් ඉදලා තියනව කොල්ලෙක්ට... 

ඉතින් ඒ නිසා නමක් එහෙමත් සූදානම් කරගන ඉදල තියනව...නම මිගාර :) ඒත් ඉතින් ඉපදිලා තියෙන්නෙ කෙල්ලෙක් කියල දැක්ක පාර අප්පච්චිගෙ මූණෙ ටිකක් දුක්  මූඩ් එකක් තිබුනා කියල පස්සෙ  කාලෙක මට කීවෙ අම්ම...

 ඒ නිසාමද මන්දා පොඩිම කාලෙ අප්පච්චිගෙ සරම් වලින් චූටි සරමක් මටත් අන්දලා තියනව මතකයි මමත් එහෙම ඇදගන ඉන්න ආසයි.

කෙල්ලො වගෙ සාරි ඇදලා බෝනික්කො තුරුලු කරන් හිටියද කියල ඒ හැටි මතකයක් නැ ...

ඔන්න ඔහොමයි කොල්ලෙක් වෙන්න මුලින්ම ආසාවක් ඇති උනේ...

කොල්ලෙක් උනානම් කියලා ආයම හිතුනෙ ඉස්කොලෙ යන්න පටන් අරගනත් සැහෙන කාලෙකට පස්සෙ .මික්ස් ස්කූල් එකකට ගිය නිසා හොදම යාලුවො ගොඩක් හිටියෙත් කොල්ලො.... ගැනු පිරිමි බේදයක් පොඩිම කාලෙදි එච්චර දැනෙන්නෙ නැනේ ඉතින් ....

6 වසරෙන් විතර තමා ඒක තේරෙන්නෙ...  :)

කොල්ලෙක් උනානම් කියල හිතෙන්නෙ ගෑණු ලමයින්ට වඩා පිරිමි ලමයින්ට ගෙවල් වලින් ලැබෙන නිදහස ගැන හිතද්දී...

ට්‍රිප් එකක් යන්න සෙට් උනත් කවුද යන්නෙ කොහෙද යන්නෙ කාත් එක්කද කොහොමද යන්නෙ කීයටද යන්නෙ එන්නෙ කීයටද වැඩිහිටියො කවුද යන්නෙ ඔය වගේ ප්‍රශ්ණ කෝටියක් අහල අන්තිමේට අහ් එහෙනම් එපා.... 

කොල්ලෙක්  උනා නම් එහෙම නෑ නෙ... මීට වඩා නිදහස් ! :(

42 comments:

  1. මොනවා කරන්නද දැන්?

    ඊලඟ ආත්මේවත් කොල්ලෙක් වෙන්න පින් දහම් කරන්න.

    ;-)

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කකාගෙන්මද?

      Delete
    2. කොල්ලෙක් වුනොත් කකාගෙන් ගැලවීමක් නැති වෙයි.....

      Delete
    3. අපිට වඩා පින් කරපු අැත්ෙතාද දැන් ඔය පිරිමි ෙවලා ඉපදිලා ඉන්ෙන හම්....

      Delete
  2. නිදහස අතින් නම් කොල්ලෙක් උනා නම් හොඳයි තමා. වැඩිය හොයන්නේ එහෙමත් නෑනේ.

    ReplyDelete
  3. කොල්ලෙක් වගේ දඟ කරන්න

    ReplyDelete
  4. කොල්ලෙක් වගේ දඟ කරන්න

    ReplyDelete
  5. ලිංගික විපර්යාසයකින් කොල්ලෙක් වෙන්න පුලුවන්. උත්සහ කරලා බලන්න. හැබැයි ගොඩක් සල්ලි යනවා

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. අයියෝ මාත් ඔය ජාතියෙම තමයි.. හැබැයි කකා කියනව වගේ පින් කරලා කොල්ලෝ වෙන්න තරං කේස් එකක් නං නෑ.. මොකෝ ඊළඟ ආත්මෙ වෙනකොට කොල්ලන්ට තියෙන නිදහස කෙල්ලන්ටත් ලැබෙයිනෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලන් ඉන්නකෝ නිදහස හම්බවෙනකල්, එතකොට හබරල කොලේ හිල් වෙන්න චූ කරන්නත් පුළුවන් වෙයි. :P
      තමන්ටත් ගෑණු දරුවෙක් ඉන්නවනම් ඔයා කරන්නෙත් ඔය ටික තමයි හලෝ.
      ගෑණු පිරිමි කියලා බේදයක් නෑ, නිදහස තියෙන්නේ පිටත නෙවේ තමන් ඇතුලෙම තමයි....!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඒ කියපු කතාවත් ඇත්ත තමයි... ඒත් ඉතිං අම්මලා තත්තලා නීති දානකොට ඒවා බිඳගෙන යන්න හයියක් නෑ නේ පොඩි කාලෙදි.. එතකොට හිතෙන්නෙ කොල්ලෙක් උනානං හොඳයි කියලා තමයි... කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න තරම් මොලේ පෑදෙනකොට ඒකෙ එච්චර කේස් එකක් නෑ.. හැබැයි ඒ වයසට එනකොට කාලෙ ගොඩක් ගෙවිල.. ගෑණු දරුවෙක් නෙවෙයි පිරිමි දරුවෙක් උනත් අම්ම තාත්ත පරිස්සම් කරන්න ඕනෙ.. ඒකෙ මේ කන්‍යාභාවයක් පරිස්සම් කරන එක නෙවෙයි, “ජීවිතයක්“ නිසා පරිස්සම් කිරීමක් වෙන්න ඕනෙ... අපේ වෙලා තියෙන්නෙ ඒක නොවෙන එක තමයි... ඕක මේ ලේසියෙන් වචනෙන් දෙකෙන් කියලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි...

      Delete
  8. කොල්ලෙක් වෙනවා වගේද කෙල්ලෙක් උනහම , කෙල්ලෙක් වෙච්ච එක හොදයි කියලා හිතන්ඩ

    ReplyDelete
  9. දැන් තියෙන්නේ හොද කොල්ලෙක් හොයාගන කොල්ලෙක් හදන එක තමා

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඉක්මනට ෙහායෙගන්ඩ ඔෙන්

      Delete
  10. ලද දෙයින් සතුටු විය යුතුය...කොල්ලන්ට නැති අවස්ථා කෙල්ලට බොහෝ ඇත

    ReplyDelete
  11. හෙහ් හේ..........
    ඔය ටික ඔය විදියටම මට හිතුණානෙ ඊයේ...
    අපේ කොලු සෙට් එක සිරී පාදේ යනවලු...
    මාත් කොල්ලෙක් උනානම්.... :(

    ReplyDelete
    Replies
    1. අපිව ඒක්ක යන්ෙන නෑ ෙන් වෙෙද් කියලා

      Delete
  12. එහෙම හිතන්නෙපා....!
    තමන්ගේ මහත්තයාගේ කටින්ම "ඊලඟ ආත්මේ පිරිමි ආත්ම භවයක් ලබන්න" කියලා ප්‍රාර්ථනා කලොත් ඊලඟ ආත්මේ පිරිමි ආත්මයක් වෙනවලූ. මම් නෙමේ ඔහොම කියන්නේ දීපංකර බුදු හාමුදුරුවෝ !

    දුක් වෙන්ඩෙපා හලෝ...

    ReplyDelete
    Replies
    1. ඒෙහනම් ඉක්මනට මහත්ත ෙයක් ෙහායාගන්ට ඔ්ෙන්

      Delete
  13. //6 වසරෙන් විතර තමා ඒක තේරෙන්නෙ... :)

    ඇයි හය වසරෙදි මොකද උනේ ??? :)

    ReplyDelete
    Replies
    1. ෙමානා ෙවන්ටද හ ෙල්

      Delete
  14. මටනම් කවදාවත් හිතිල නෑ කෙල්ලෙක් වෙන්න. ඒ උනාට මම ගොඩක් ආසයි කෙල්ලෙක්ගෙ තියෙන සංවර කමට. මට හිතෙන විදියට කෙල්ලෙක් කොල්ලෙක් වෙන්න ගියොත් ඒ කෙල්ලගෙ සුන්දරකම නැති වෙනවා.

    ReplyDelete
  15. මටනම් කවදාවත් හිතිල නෑ කෙල්ලෙක් වෙන්න. ඒ උනාට මම ගොඩක් ආසයි කෙල්ලෙක්ගෙ තියෙන සංවර කමට. මට හිතෙන විදියට කෙල්ලෙක් කොල්ලෙක් වෙන්න ගියොත් ඒ කෙල්ලගෙ සුන්දරකම නැති වෙනවා.

    ReplyDelete
  16. දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

    ReplyDelete
  17. හැබෑටම මේකට මොකක්ද කියන්නේ මං.. (එක්කෝ ඕන නෑ.. හැක්)

    ReplyDelete
  18. ඔතන ඇත්තටම ඔයා කැමති කොල්ලෙක් වෙන්න නෙවෙයි,සමාජය තුලින් කොල්ලෙකුට ආරෝපනය කරලා තියෙන අනන්‍යතාව තුලට ලඝු වෙන්න.ඒකට ඔයාගේ ජීව විද්‍යාත්මක ස්ත්‍රී පුරුෂභාවය ගැටලුවක් නොවෙයි.එකම දේ ඔයා ඒ අනන්‍යතාව කොච්චර දුරට ආවේෂ කර ගන්නවාද කියන එකයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මම මේ පෝස්ට් එකෙන් දැකපු හොඳම කමෙන්ටුව... මටත් හිතෙන්නේ අපේ අක්කට වෙන්න ඕන මේ දේයි කියලා..

      Delete
  19. ආන්න ඒකනෙ කියන්නෙ කොල්ලෙක් වෙන්ඩ පිං කරන්ඩෝන කියල.... :)
    නොපමාව කුසල් දහමේ යෙදෙන්ට අක්කා ;) 

    ReplyDelete
    Replies
    1. පින් නම් කරනවා ඒත් කොයි ඉතින් :)

      Delete
  20. හූඌඌ/// කෙල්ලෝ.. :P

    (අඩේ හෙන කාලෙකින් බ්ලොග් එක කියෙව්වේ..)

    ReplyDelete
    Replies
    1. හ ෙලා් කාෙලකින් ඔයා

      Delete