Wednesday, December 19, 2012

අපරාජිත ජීවිතයක්



අම්මේ... කාලෙකින්! අලුත් රස්සාව පටන් ගත්තත් හරි බ්ලොග් එක පැත්තෙ එන්න බැරිඋනා.ඒ එක්කම ලැප් එකත් ලෙඩ උනා.කොහෙද එක හදාගන්නවත් වෙලාවක්.සති අන්තෙ කියලත් ඉස්පාසුවක් නෑනේ..

ඒ අතරේ මීට මාස 2කට විතර කලින් පොත් ප්‍රදර්ශණයකට ගොඩ වදින්න පුලුවන් උනා.ඒකට පින් සිද්ද වෙන්න එක සැරේ පොත් සෑහෙන ප්‍රමාණයක් අරගන්න පුලුවන් උනා.වැස්ස කාලෙට කියාපු බෙහෙත!...පොතත් අරන් ඇදට ගියාම කියව කියව ඉන්න තියනව නම් වෙන මොකවත් ඕනේ නෑ.ඒ නිසාම මේ වෙද්දි ඒ වයින් පොත් කීපයක්ම කියවලා හමාර කරන්න පුලුවන් උනා.

මුලින්ම කියවලා ඉවර කරේ "අපරාජිත ජීවිතයක්",ඒ පොත "අපරාජිතයෝ" නමින් වංග භාෂාවෙන් ලියල තියෙන්නෙ විභූතිභූෂණ බන්දේ‍යාපාධ්‍යාය ලේඛකයානන්, සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි  මහත්මිය.



පස්සෙ කියෙව්වෙ අපූගේ ලෝකය,ඔය උඩින් තියෙන්නෙ ඒ පොත.මේ පොතේ මුල්ම කොටස තමයි 'මාවතේ ගීතය' ඒක නම් ගොඩක් කාලෙකට කලින් කියවලා තිබුනේ.ඒ පොතට ගොඩක් ආස උන නිසා තමයි මේ පොත් දෙකත් අරන් එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් උනේ.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.

19 comments:

  1. බොහෝමයක් පොත් කියවා ඇතත් මේ පොත මට කොහොම හරි මඟ හැරුනා කියවන්න ඕනෙ ඉක්මනින්ම. ස්තුතියි මතකය අලුත් කළාට.

    ReplyDelete
    Replies
    1. වෙලාවක කියවලා බලන්ඩකෝ.

      Delete
  2. මං නං කාලෙකට කලින් කියවපු පොතක්.. පොතේ කතාව හරිම ලස්සනයි.. ඇයිද මන්දා මට අනිත් පොත් වගේ හැම තිස්සෙම කියවන්න හිතෙන්නේ නෑ ඔය තුනම.. ඉන්දියාවේ සිද්ධියක් උනාට ලංකාවේ වගේමයි නේ.. මට හරි පුදුම දුකක් එන්නේ....

    ReplyDelete
    Replies
    1. මාවතේ ගීතය කියවලා තමයි මට ආස හිතුනේ ඒ පොත කියවද්දි මම් නමයවසරේ.ඉතුරු කොටස් කියෙව්වෙ සෑහෙන කාලයකට පස්සෙ:)

      Delete
  3. අපූරු පොත් තුනක් තමයි... මමත් ආසාවෙන් කියෙව්ව පොත් ටිකක්... ඔය වගේම තමා නාරයන්ගේ ඉංග්‍රිසි ගුරුවරයාත් ඔයිට ටිකක් විතර ළගින් යන කතාවක්.. පුළුවන්නං හොයාගෙන කියවන්න නදීයෝ...

    ඔය ගැම්මටම පුළුවන්නං හොයං කියවන්න පුළුවන්නං මෙව්වත් වටින පොත්... ලක්ෂ්මි සිංහආරච්චි පරිවර්ථනය කල අරණකට පෙම් බැද.. ශ්‍රී කාන්ත්... ශ්‍රි කාන්ත් සහ රාජ ලක්ෂ්මී.. ගෝරා...

    ReplyDelete
    Replies
    1. ඔය පොත් ටික ඔක්කොම මං ගාව තියෙනවා... ඒත් අනිත් ඒවා කියවනවා වගේ ඔය ටික එක දිගට කියවගෙන ගියොත්, මට කාලෙකට හරි යන්න පොත් එපා වෙනවා... ඇයිද මන්දා.. හි හි...

      Delete
    2. සූරිය ප්‍රකාශකයෝ ද මේ පොතුත් මුද්‍රණය කරලා තියෙන්නේ ?

      Delete
  4. මට චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියගේ පොත් කියවන් කොට පුදුම කම්මැලි කමක් එන්නේ..මේ දැනුත් මට එහා පැත්තේ ඒතුමිය ලියපු ශ්‍රි කාන්ත හා රාජලක්ශ්මි පොත තියෙනවා.. ඒක්ත් මම භාගේට කියවලා නවත්තපු පොතක් තමයි...

    ReplyDelete
    Replies
    1. අහ් ඒ මොකෝ මම් නම් ආසාවෙන් කියවනව ඒ පොත්

      Delete
  5. පරිවර්ථනය නෙවෙයි නියම වචනය පරිවර්තනය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිවරැදි කරාට.

      Delete
  6. අපරාජිත ජීවිතයක් !

    මේ දවස්වල මම කියෝන පොතත් ඕක.ඔය පොත අපේ ගෙදර තිබිලා අවුරුද්දකට වැඩියි. මේ ලඟදි මම දන්න මිස් කෙනෙක් මට කිව්වා ඔය පොත ලස්සනයි කියලා. ඒ නිසයි කියවන්න හිතුනේ. හ්ම්.. ඇත්තටම ලස්සන පොතක්. ඉතුරු කොටස් දෙකත් (අපූගේ ලෝකය, මාවතේ ගිතය) හොයාගෙන කියවන්න ඕන.
    මේ පොත ඉවර වෙලා ඒ "ස්වයංජාත" පොත කියවන්ඩ ඉන්නේ. ඒකත් ඒ මිස් ම තමයි කිව්වේ හොඳයි කියලා. :)

    වැස්ස කාලයට කියාපු බේත කියන්නේ මට නම් ඇඳට ගිහින් පොතක් කියවන්ඩ බෑ. ටික වෙලාවකින් නින්ද යනවා. :O

    ReplyDelete
    Replies
    1. අප්පේ අහන්නත් සතුටුයි පොත් කියවනව කිව්වම.හොද ලමයෙක් වෙලානේ මෙයා.අපූ කම්මැලියා.මම් නම් ආසයි එහෙම පොත් කියවන්න.

      Delete
  7. කියවපු පොත් වලින් මම ආසම පොතක් අපූගේ ලෝකය . එක හුස්මට කියවන්න පුලුවන් . ආයෙම කියවන්න ඕනෙ කියල හිතුන .

    ReplyDelete
    Replies
    1. මේ පොත් වල මුල්ම කොටස,මාවතේ ගීතය නම් මම් ගොඩක් පාරක් කියවලා තියනව

      Delete
  8. චින්තා ලක්‍ෂමී සිංහ ආරච්චි මහත්මිය ඇත්තෙන්ම හොඳ හැකියාවක් ඇති පරිවර්තිකාවක්.බෙංගාලි භාෂාව ගැන පුදුම ප්‍රවිනතාවයක් ඇයට තිබුනේ.මම ඇගේ සියලු පරිවර්තනයන් කියවල තියෙන්නෙ වසර ගණනාවකට කලින්. සිංහල රසිකයන්ගේ අභාග්‍යකට තමයි ඇය අකාලයේ මිය ගියේ. නැතිනම් මේ වන විට තවත් බොහෝ බෙංගාලි පරිවර්තනයන් අපිට කියවන්න ලැබෙන්න ඉඩ තිබුන.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔව් මම්ත් එතුමියගේ පරිවර්තන පොත් වලට ගොඩක් ආසයි.

      Delete
  9. ඔය පොත් දෙකම කියවා නැත. හැකි වූ විගස කියවමි ...... තෑන්ක්ස් .....

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නකො විවේක තියන වෙලාවක

      Delete