Tuesday, October 23, 2012

ඉසින්බැස්සගල ගියෙමි

ළගදි දෙවනි රස්සාවටත් ආයුබෝවන් කියල තුන්වෙනි රස්සාව පටන් ගත්ත.ඒ අතර ලැබුන විවේකෙකදි අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත මැදවච්චිය නගරයේ ආසන්නයේ තියෙන ඉසින්බැස්සගල පුරාණ රජ මහා විහාරය බලන්න යන්න පුලුවන් උනා.

ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චිය නගරයෙන් ටික දුරක් ඈතට වෙන්න. වවුනියාව පාරේ යද්දි  තමයි හම්බ වෙන්නෙ.

සෘශිවරයන් බැස්ස නිසා "ඉසින්බැස්සගල" නමින් මේ ස්ථානය හදුන්වනව කියල තමයි කියන්නෙ.මිහිදු හාමුදුරුවෝ සහ පිරිස මිහින්තලෙට වඩින්න කලින් මේ ස්ථානයට ඇවිත්  ටික වෙලාවක් ගත කරලා තියනව කියල තමයි කියවෙන්නෙ,මේ ස්ථානය ප්‍රතිසංස්කරණයේදී ඒ බව තරවුරු කරගනත් තියනවලු.

මේ තියෙන්නෙ එදා ගිහින් ගත්ත පින්තූර ටිකක්.ගිහිල්ල නැති අයට බලන්න එක්ක ඔන්න මම් බ්ලොග් එකකතු කරා.වැඩිදුර තොරතුරු මෙතනින් ගියොත් බලාගන්න පුලුවන්

37 comments:

  1. මම ගිහින් නැහැ...ස්තුතියි අපටත් බලන්න සැලස්සුවට මේ පින්තුර..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
    2. http://medawach.blogspot.com/ බලන්න තව ටිකක් ... ඉසින් බැස්සගල ගියා වගේ තමයි..

      Delete
    3. ස්තූතියි මම් දැක්කා ඒ පින්තූර

      Delete
  2. ලස්සන පංසලක්...
    අනුරාධපුරේ ආපු වෙලාවක ගිහින් බලන්ඩ ඕනා. කවුරුහරි අනුආධපුරේ ඉන්න එක්කෙනෙක්ව සෙට් කරගෙන ගිහින් එන්ඩ ඕනා. :)

    ReplyDelete
    Replies
    1. අහ් ඔයාල එනව කීවට කොයි ඉතින් :)

      Delete
    2. එන්න හිටියේ... නොහිතපු කරදරයක් උනා නෙහ්... මම් ඔයාට කිව්වේ...

      Delete
  3. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  4. යුද්දය පවතින කාලයේ මෙම ස්ථානයට ගොස් අවට සිරි නැරඹුවෙමි(රාජකාරියට පින් සිදු වන්නට).

    ReplyDelete
    Replies
    1. ඉස්සර යුද්දෙ කාලෙ එතන ගා උඩ ආර්ක්ශක අංශෙ අය හිටියලු.දැනුත් ඉන්නවද කොහෙද

      Delete
  5. යුද්ද කාලේ මම වවුනියාවේ සේවය කරද්දී ඒ පැත්තට ජංගම දුරකථන පහසුකම් තිබුනේ නැහැ. සාමාන්‍ය දුරකථන පාවිච්චියත් බොහොම සීමා වෙලා තිබුනේ. මම අරගෙන තිබුනා අර මුලින්ම ආව ගඩොල් බාගේ ප්‍රමාණයේ ජංගම දුරකතනයට ටිකක් කුඩා එකක්. ඒ කාලේ සිම් නැහැ. දුරකථන සමාගමෙන් දුරකථනය ප්‍රෝග්‍රෑම් කරලා දෙන්නේ. වෙන සමාගමකින් ආය සම්බන්ධයක් ඒ දුරකතනයට ගන්න බැහැ. මට තොරතුරක් ආවා ඉසින්බැස්සගල මුදුනට සංඥා ලැබෙනවා කියලා. ඇවිත් බැලින්නම් වැඩේ හරි. එදා ඉඳලා දවස් දෙක තුනකට වරක් ඉසින්බැස්සගල මුදුනට ගියා ඇමතුම් ගන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් වවුනියාවෙ සේවය කරා.හැමදාම මෙතන බල බල යනව බස් එකේ යද්දි.

      Delete
  6. ගිහිල්ලම නෑ..ආයි ආපු වෙලාවක ගිහින් බලන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුනොත් ගිහින් බලන්න

      Delete
    2. http://medawach.blogspot.com/ බලන්න තව ටිකක් ... ඉසින් බැස්සගල ගියා වගේ තමයි..

      Delete
  7. මේක කියෙවුවමයි හිතෙන්නේ අපි නොදැක්ක තැන් පුංචි ලංකාවේ කොච්චර තියෙනවාද කියලා.

    ReplyDelete
  8. අපේ පැත්තේ තියනවා "බිසෝ පැන්න ගල" කියලා එකක්. ඉතිහාස කතාවක් තිබුනට තව කීප තැනකදීම මට ඒ කතාව ඇහිලා තියනවා, ඒක නිසා ඒ ගල හරියටම ජනප්‍රවාදයේ එන විදිහට බිසෝ පැන්න ගලමද කියල කියන්න බෑ. පින්තුර ටික ගොඩක් ලස්සනයි, අදමයි මෙහෙම "ඉසින්බැස්ස ගල" ගැන ඇහුවේ

    ReplyDelete
    Replies
    1. මම් ඔයා කියන තැන ගැන ඇහුවේ අදමයි.

      Delete
  9. අපේ පැත්තේ තියෙනවා, බිසෝ දොල!

    ලස්සන පංසලක්! ගිහින් එන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. ආහ් මම් අහල නෑ කොයි පැත්තෙද ඔය?

      Delete
  10. වෙලාවකට මිහින්තලේ වගේ ..
    වෙලාවකට දඹුල්ල වගේ ..
    ස්තූතියි පින්තූර වලට ...

    ReplyDelete
    Replies
    1. මිහිදු හාමුදුරුවෝ මිහින්තලේ ට වඩින්න කලින්ලු මෙතන්ට වැඩියා කියන්නෙ.

      Delete
  11. අපිට කොහේද ඉතින් ට්‍රිප් යන්න වෙලා.....දුකයි අප්පා... ලස්සන පොටෝ ටික.

    ReplyDelete
    Replies
    1. අපිටත් වෙලාව නෑ ඒත් කොහොම හරි වෙලාවක් හදාගන්නව.මේ සතියේ දවසස් 7ම් වැඩ :/

      Delete
  12. ඊට නුදුරින් තමයි මාත් දැන් ඉන්නේ.
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔයා පූනෑව නේවි කෑම්ප් එකේද ඉන්නෙ?මගෙ යාලුවොත් ඉන්නව ඒකේ.

      Delete
  13. පන්සලේ චෛත්‍යය දැක්කාම මතක් වුණේ රුවන්මැලි සෑය

    ReplyDelete
  14. හ්ම්ම්ම් ගිහිල්ලම නැති තැනක්... ලස්සනයි!! පින්තුර දැක්කහම කියන්න පුළුවන්... යන්න ආසාවක් ආව :) හැමදාම යන තැන් වලට වඩා ගොඩ දෙනෙක් නොයන කලින් ගිහින් නැති මේ වගේ තැනකට යන්න ආසයි... මේ පන්සල ගොඩක් පිරිසක් එන පන්සලක් ද??

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් දෙනෙක් එනව.දවසක ගිහින් බලන්ඩකො

      Delete
  15. අහලවත් නොතිබුණු තැනක්. ඉඩ ලද විටක ගිහින් එන්න ඕන. ස්තුතියි තොරතුරුවලට හා පින්තූරවලට

    ReplyDelete
    Replies
    1. පුලුවන් වෙලාවක ගිහින් බලන්නකො

      Delete
  16. මෙතැනට කියන්නේ ඉසින්බස්ස ගල ....මෙතෙන සැහෙන්න වාරයක් පහු කරලා තිබ්බට බැහැලා බලන්න බැරි උනා..ඒ උනාට ඊට ටිකක් රඹෑව පැත්තට තියෙන නෙළුම් කොලේ බත් කඩේට බහින්න නම් කවදාවත් මිස් වෙලා නෑ...මේ ට්‍රිප් එකේදි නෙළුම් කොලේ බත් කෑවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මමත් මාස 6ක් විතර මේ ස්ථානේ පහු කරන ගිහින් තියනව.අන්තිමට කොහොම හරි බලන්න ගියා.මට ඒ කඩේ මතකයි.කාලා නම් නෑ ඒකෙන්

      Delete