Sunday, September 2, 2012

චුම්බන කන්ද


සැප්තැම්බරය කියන්නෙ සාහිත්‍ය මාසය හින්දා ලගදි කියවපු පොත් ගැන සටහනක් තියන්න හිතුනා, මේ එයින් එකක්.'චුම්බන කන්ද' ලියල තියෙන්නෙ ජයතිලක කම්මැල්ලවීර මහත්තයා.මේ පොත රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනපු නව කතාවක්.ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නව කතාවක්.මම් කියවපු වෙනස්ම ආකාරේ පොතක්.එක හුස්මට කියවන් යන්න පුලුවන්.

පොත ලියන්න අදහස පහල වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.කර්තෲගෙ මිතුරෙක් මාර්ගයෙන් අහම්බෙන් මුණගැහිච්ච කෙනෙක්ගෙ ජීවිත කතාව තමයි පොත ලියන්න පාදක වෙලා තියෙන්නෙ.කර්තෲගෙ වචන වලින්ම කියනව නම් මෙන්න මේ විදියට.

"වසර කීපයකට කලින් අරනායක ප්‍රදේශයේ දුෂ්කර ඉසව්වක වණ අරණක තනියම ජීවත් වෙන කැපීපෙනෙන පෞරුෂයකින් යුතු පුද්ගලයෙක් මුණ ගැසෙන්නට මා කැදවාගන ගියේය.මාගෙ පරිකල්පන ලෝකය තුළ චුම්බන කන්ද පිළිබද සිතුවිලි ආරෝපනය වූයේ ඒ ගමනේදීය."

පොත් ගැන පොතේ පසු පිටේ සදහන් වෙන්නෙ මෙන්න මේ විදියට..
"චුම්බන කන්දට ඉහළින් එදා පෑයූ හද වෙනදා පායන හද නොවීය.එය මහලු වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන් ,ප්‍රේමයෙන්,රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටන හදකි. අහස තම පුළුල් වත මුලුමනින්ම හදට වෙන කරදී සිටියාය.සිනාසෙන හදින් විහිදුනේ ගස් ගල් පවා කිසිදු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නා වූ එළියකි."

පොත් කියවන්න කැමති ගොඩක් අය මේ වෙද්දි මේ නව කතාව කියවල ඇති.කියවල නැති අය කියවලා බලන්නකො.

5 comments:

  1. This is a very good book. I have red it few times but still can read it again.

    ReplyDelete
  2. චුම්බන = උම්මා
    ඔය පොත මම් කියවලා නෑ නෙව

    මම් මේ දවස්වල 'උමංගි' කියවනවා
    අර මම් කිව්වේ.. එඩ්වඩ් මල්ලවාරච්චිගේ පොත... එන්න ඒක

    ReplyDelete
  3. තව කීප දෙනෙක්ම ඔය පොත ගැන කිව්ව..දැන් නම් පොත ගන්නම වෙනවා...

    ReplyDelete
  4. මම කියෙව්වා.. එච්චර ඇල්ලුවෙ නෑ

    ReplyDelete
  5. මං කියවල නම් නෑ මේ පොත....ස්තුතියි ඔබට..

    ReplyDelete