Saturday, September 1, 2012

ගුරුවරයකුගේ ආත්ම කතාව

රස්සාව වෙනුවෙන් වැඩිපුර කාලයක් මිඩංගු කරන නිසාද මන්දා දැන් පොත් කියවෙනව අඩුයි.මොකද උදේ පාන්දර ගෙදරින් ගියාම ආය ගෙදර එන්නෙ 'පාන්'  කියාගන්න වත් බැරුව, ඉතින් මොන පොත් ද?පොතක් අරන් ඇදට ගියාම පොතත් එක්කම දොයි.

ඒ නිසා බස් එකේ යන අතරමග පොතක් කියවන්න කියල හිතුව මොකද පැය 1.5 ගානේ උදේ හවස බස් එකට වැය කරන නිසා.කොහෙද ඒකත් හරියන පාටක් නෑ...පොත් කියවන්නෙ නැති මිනිස්සු පවා, තව කෙනෙක් බස් එකක පොතක් දිග ඇරගන යද්දි ඒකට හොට දාගන ඉන්නව මොනවද කියවන්නෙ බලන්ඩ.

ඒත් ඕව ගනන් ගන්නෙ නැතුව පාඩුවෙ කියවගන යන්න පුලුවන් ඒත් ඒක අපහසුවක්!. ඇදට වෙලා සනීපෙට පොතක් කියවනව වගේ නෑනේ.සමහර දවස් වලට පිටු 3යි නැත්තම් 5යි.එහෙම බැලුවොත් පොතක් කියවලා ඉවර කරන්න සෑහෙන කාලයක් යනව. එහෙම කියල පොත් කියවන එක අතාරින්න පුලුවනැ...නේද?

මෙන්න මම මේ දවස්වල කියව කියව ඉන්න පොතක්.පොතේ නම 'ගුරුවරයකුගේ ආත්ම කතාව', ලියල තියෙන්නෙ 'ඩී.ඒ සී.ජයකොඩි' මහත්තයා.පිටු 350කට වඩා තියනව තාම කියවල ඉවර කරගන්න නම් බැරිඋනා...

පොතේ කර්තෘ, එයාගෙ ජීවිත කතාව තමයි පොතක් විදියට ලියල තියෙන්නෙ.1940 දශකයේ ඉදලා මේ වෙනකම් ජීවිතේ සිද්ද වෙච්ච හැලහැප්පීම්, සමාජ පෙරළි, තරුණ කැරළි, වැඩවර්ජන, අසාධාරණකම් වලට මූණ දීල ජීවිතේ ජයගත්ත හැටි තමයි පොතෙන් කියන්න උත්සහ කරල තියෙන්නෙ.ඔයාලත් කියවල බලන්න.

19 comments:

  1. "පොත් කියවන්නෙ නැති මිනිස්සු පවා, තව කෙනෙක් බස් එකක පොතක් දිග ඇරගන යද්දි ඒකට හොට දාගන ඉන්නව මොනවද කියවන්නෙ බලන්ඩ." 100% ඇත්ත.. මට යකා නගින්නෙම ඒකයි.. බලාගෙන හිටිනවානම් පාඩුවෙ හිටුකො.. ටිකකින් අනං මනං අහනවත් එක්ක..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.බලන්නකො.පාඩුවෙ පොතක් කියවන් යන්න නැති හැටි.

      Delete
  2. මමත් පොත් කියවන්නෙ නම් ඇඳට වැටිල සැපට හාන්සියක් දාගෙන... මේ දවස් වල කම්පියුටරේ නැති හින්ද පොත් කියවෙනව.. :)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි.හ්ම්ම් ඉන්ටනෙට් වල ඉන්න නිසා ගොඩක් පොත් කියවන එක අඩු වෙලා මගෙත්.:/

      Delete
  3. හ්ම්ම්..ස්තුතියි අපිටත් කිව්වට :)

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නකො හම්බුනොත්

      Delete
  4. ඇඳේ ඉඳන් පොතක් ඉවරකරන්න සෑහෙන කාලයක් යනවා කියන එක නම් ඇත්ත...මම 'නන්දිතා' පොත කියවන්න ගත්තෙ මැයි මාසයේ...තවත් ඉවර නෑ. :-)

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට පොත අරන් ඇදට ගියාම ටිකවෙලාවකින් නින්ද යනව ඒත් පොත් කියවන්න ආසම හොදම තැන තමා ඇද :)

      Delete
  5. පොත් විතරක් නෙවෙයි මේ දවස්වල බ්ලොග් කියවන පිරිසත් අඩුවෙලානේ.....

    ReplyDelete
    Replies
    1. එහෙමද මටත් බ්ලොග් බලන්න මේ දවස වල වෙලාව හොයාගන්න අමාරුයි.ඒත් කොහොම හරි කිපයක් හරි කියවනව.

      Delete
  6. හොට දාන්ඩ එනවා කිව්වේ ඔයාලෑ පැත්තේ බස් වල යන්නේ කුරුල්ලෝ ද ? හික්ස් :)
    මට මතකයි දවසක් කෝච්චියේදි මනුස්සයෙක් අංශක 30ට විතර පෙරලගෙන පත්තරයක් බලනවා. ඒත් අරවගේ කට්ටිය හොට දාන නිසා වෙන්ටෑ... :)

    මේ පොතත් හොයාගෙන කියවන්ඩ ඕනා.. (අනේ ඔයා කියෝන පොත්. පුඃ!)

    ReplyDelete
    Replies
    1. හොට දානව කීවෙ බලාන ඉන්නව කීව එකයි අයියෝ එක තේරෙන්නෙ නැද්ද?අනේ ඔයා කියවන පොත්.ඔයාම ඒක කියල තියන නිසා ආය කියන්න ඕනෙ නෑ නේ :)

      Delete
  7. වෙලාව අඩුනිසා මමත් බස් එකේදි තමයි පොතක් කියවන්න ගන්නෙ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ලගින් වාඩිවෙනකෙනා වාඩිවුනු ගමන් පෝන් එකෙන් කතාව පටන් ගන්නව.මමබසයෙන් බසිනතුරු කතාව...මෙයාටත් කතාකරන්න වෙලාවක් නැතිව ඇති කියල මම හිතාගෙන බසයෙන් බැහල යනව.

    ReplyDelete
  8. ඉස්කෝලේ යන කාලේ නම් හුඟක් පොත් පත්තර කියවන ඒවා වගේම හිතන දේවල් ගොඩක් කලේ බස් එකේ යද්දී. පැය 4 ක් 5 ක් විතරම දවසකට මම පාරේ තමා. තාමත් කැම්පස් යද්දී වුණත් බස් එකේ යද්දී හුඟක් පොත්පත් කියවනවා. සමහරු නම් ඒ පොත් මොනවද කියලත් අහනවා. ඒත් ඒවා කරදරයක් කරගෙන්නේ නම් නැහැ :)

    ReplyDelete
    Replies
    1. මාත් මේ වගේ තමා... වෑන් එකේදි බස් එකේදි කෝච්චියෙදි පොත් කියවන එකම තමයි කලේ... ඒත් පහු වෙනකොට ඔලුව කැක්කුම හැදෙන්න පටන් ගත්තා... පැය තුනක් එක දිගට පොත් දිහාම බලන් ඉදලා..... ඊට පස්සේ හිතන එක පටන් ගත්තා.... හි හි.... ඊටත් පස්සේ නිදා ගන්න එක... පොතක් අරගෙන ඇදට ගියාම මට නම් කොහොමවත් නින්ද යන්නේ නෑ කියවලා ඉවර වෙනකම්.... මොකද පොතක් කියවන් පටන් ගත්තොත් කියවලා ඉවර කරන්නම ඕනේ ආයිත් තියන්න... නැත්තම් මට වෙන වැඩක් කරන්න හිත හදාගන්න බෑ......
      ඉස්සර නම් පොත් ගත්තා ගත්තා පුදුම විදියට.. ෆෙයාර් එකට ගියාම අඩුම ගානේ බැග් තුනක් වත් පුරෝලා පොත් ගේනවා අපි තුන්දෙනා... අපේ තාත්තා කිසිම කතාවක් නැතුව තාත්තගේ කාඩ් එක ඉවරවෙනකම් වියදම් කළත් බනින්නේ නැති එකම වැඩේ ඕක තමයි.... දැං නම් බෑ ඉතිං.... අලුත් පොතක් හම්බුවෙන්නෙත් කලාතුරකින්......

      Delete
  9. මමත් කියවන්න බොහෝම කැමති කෙනෙක්. දැන ඇඟිළි ගැන ගැන ඉන්නේ සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශණය එනකල්. අර කිව්වත් වගේ බස් වල පොත් කියවන එකේ නම් තේරුමක් නෑ. හිතර යන්නෙත් නෑ කියවන ඒවා. මම නම් කැමති බොහෝම නිදහසේ පොතක් කියවන්න. මේ පොත කියවලා නෑ. කියවන්න ඕනේ, පොත හොඳයිද ?

    ReplyDelete
  10. හොද පොතක් නේ.. මේ ටිකේ දැන් හොද පොත් ගැන දැන ගන්න පුළුවන්..

    ReplyDelete