Sunday, September 2, 2012

තිරුකෝණේශ්වරම්

කාලෙකට පස්සෙ  ට්‍රිප් එකක් යන්න හම්බුනා ඒ ත්‍රීකුණාමලය පැත්තෙ.තිරුකෝණේශ්වරම් නැත්තම් කෝණේශ්වරම් කියන කෝවිල ගැන අහලත් ඇති,ගොඩක් දෙනා බාරහාරවලට මේ කෝවිලට එනව.දෙමළ අය විතරක් නෙමේ සිංහල අයත් එනව.ඉතින් අපිත් ගියා ඒක බලන්න.මුහුද ලගමයි තියෙන්නෙ.ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් දානව එහෙනම්.

කෝවිලට යන තැනම තිබ්බ බෝඩ් එකක්
ලොකු පිළිමයකුත් තිබ්බා


මෙන්න මුහුද

වතුර වැඩි කාලෙට මෙතනින් වතුර ගහනව කියනවනේ.දෙන්නෙක් මේකට පැනල මැරුනත් එක්කලු.
බාර වෙනුවෙන් පඩුරු
දරුවො නැති අය වෙච්ච බාර...  පුංචි තොටිලි ගොඩාක් එල්ලලා තිබුනා.

46 comments:

  1. මමත් කාලෙකට කලින් ඔතනට ගියා.. ඔය පිලිම නම් තිබ්බ්බේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ මමත් යන කාලේ මේ පිළිම ගොඩක් තිබුනේ නැහැනේ...

      Delete
    2. එහෙනම් අලුතින් හදලා වෙන්ටැනේ

      Delete
  2. දැනට අවුරුදු ගානකට කලින් යන්න ලැබුනා.මතකය අලුත් උනා පොටෝ දැක්කහම

    ReplyDelete
    Replies
    1. මම් නම් ඔය ගියාමයි

      Delete
  3. කෝනේශ්වරම් විතරද ගියේ? :-)

    ReplyDelete
    Replies
    1. ඔව් :) මූද බලන්නත් ගියා:)

      Delete
  4. සෑහෙන දියුණු වෙලා, පිළිම වැඩිවෙලා වගේ!

    ReplyDelete
  5. ෆෙංග්ශුයි කොහොමද කෝවිල ඇතුලට ආවේ කියලයි මම කල්පනා කරන්නේ... ත්‍රීකුණාමලේ යනවානම් ඇවිදින්න මරුම තැන් ටිකක් තමයි මේ...

    කින්නියා උණු දිය උල්පත්...,
    අයි ඕ සී තෙල් ගබඩා...
    නිලාවැලි මුහුද සහ පරෙවි දූපත
    ත්‍රීකුණාමල කොටුව
    මාබල් වෙරළ තීරය.. (මෙතන ලස්සන නම් කියලා නිම කරන්න බෑ...)
    චීන වරාය කන්න්හු මුදුන.. (මෙහි තියෙන විශේශත්වය තමයි මුළු කොඩ්ඩියාර් බොක්කම එතනට පෙනෙන එක.. ත්‍රීකුණාමලයේ තිබෙන ස්වභාවික වරායේ අපූරු පිහිටීම සිත් සේ බලාගන්න පුළුවන් තැනක් තමයි එතන..)

    මේ අළුත් පිළිම ටික කාගේ කාගෙද කියලා ඇහුවද නදී... රාමගේ සහ හනුමන්ගේ ඒවානම් අඳුනගන්න පුළුවන්.. අනිත් ඒවා...?

    ReplyDelete
    Replies
    1. අපි උණු වතුර ලිං බැලුව
      නිලාවැලිත් ගියා
      පිළිම ගැන නම් මම් වැඩිය විස්තර දන්නෙ නෑ.

      Delete
  6. මම ගිහිල්ලාම නෑ...

    ReplyDelete
    Replies
    1. ගිලින් බලන්න දවසක

      Delete
  7. 2010 වෙන්නැති මමත් ගියා. පිළිම නම් තිබුනෙ නැහ තමා

    ReplyDelete
    Replies
    1. අලුතින් හදලා වෙන්ට ඕනෑ

      Delete
  8. ලස්සනයි නදී අක්කේ පින්තූර ටික.

    ReplyDelete
  9. ඔය ලොකු පිලිමේ නම් තිබ්බේ නෑ.. ලඟදි හදපු එකක්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඔයා ගිහින් තියනවද?

      Delete
  10. මම ගිහින්ම නෑ. දැක්කම ආසා හිතුනා..

    ReplyDelete
    Replies
    1. දවසක යන්නෙ එහෙනම්

      Delete
  11. මම නම් ගිහින් නෑ ඉතින්.. බලන්න යන්න ඕන..

    ReplyDelete
  12. ලස්සන තැනක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ලස්සනයි මුහුද පේනවා :)

      Delete
  13. මමත් අවුරුදු දෙකකට කලින් වාගේ ගියා ඔය පැත්තෙ.....
    ඈතට යනකම් මුහුද පේනව හරි ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ලස්සනයි තමා

      Delete
  14. මං යනකොටත් ඔය පිළිම තිබුනෙ නෑ නෙ.
    අපි නම් මේ දවස් ටිකේ ඔයාලගෙ පැත්තෙ හිටියෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ ආය එද්දි කියන්න ශික් මිස් උනානේ.අපරාදේ.අපිත් ටවුමෙ ඉන්නෙ

      Delete
  15. මම ටික කාලයක් ත්‍රිකුණාමලේ වැඩ කළා බොහොම තරුණ වයසේදී.. එතකොට හැම සෙනසුරාදා ඉරිදාම වගේ මම හවසට ඔය කෝවිල මුහුද පැත්තේ තියෙන ගල් පර්වතයේ ගහක් යටට වෙලා මුහුද දිහා බලන් ඉන්නවා පාලුවට.. අපුරු තැනක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.මුහුද දිහා බලාන ඉන්න පුලුවන්.දැන් නම් ගොඩක් සෙනග හින්දා නිස්කලන්ක නෑ වගේ

      Delete
  16. ත්‍රිකුණාමලයෙ තද නිල් පාට මුහුදට මම හරිම ආසයි... බලන බලන පැත්තෙ නිල් කැටයක් වගේ....
    පින්තූර ටික ලස්සනයි නදී.... බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. එහෙ මුහුද ලස්සනයි තමා.ස්තූතියි

      Delete
  17. මම නම් ගිහින් නැහැ. ෆොටෝ ටික දැක්කම යන්න හිතෙනවා. අර ජපන් පිලිමයකුත් තියනවා ද කෝවිලේ..

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්ඩ .ඔව් මටත්හිතාගන්ඩ බැරි උනා ඒක.

      Delete
  18. බ්ලොග් එකට අවේ අදයි. ලස්සන පින්තූර ටිකක්..ලංකාවට අවම යාපනේ යන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. යාපනෙත් යන්න මේ ට්‍රින්කෝ/.:)

      Delete
  19. මමත් ඔය කෝවිලට ගිහින් තියෙනවා.... මට මතක විදිහට එතන ටිකක් දුරින් පුන්චි පන්සලක් වගේ එකකුත් තිබුණා...

    ReplyDelete
  20. මාත් ළඟදීම යන්න හිතන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හා පින්තූර ටිකකුත් දාන්න වෙනී මාමා

      Delete
  21. mama oyage blog aka bannta lagdii ave,nangi liyala thiyna vidiha dakama kiyavanta asyi.athatama jeevithe aka mohothakta hari saneepayak danenava,, mama asayi oya ekka katha karanta nagi.vadrdiyata vataha ganta apa .godak asrana una akka kenek mama(samahara vita nangi kenek da danne na)mama erandi

    ReplyDelete
    Replies
    1. අහ් ? මමත් ආසයි ඔයාව අදුරගන්න.කෝ ඉතින් ඊමේලය වත් දීලා නෑනේ ඔයා/

      Delete
  22. මංචිත් මීට මාස 8-9කට කලින් ගියා ත්‍රිකුණාමලය-වවුනියාව- යාපනය පැත්තෙ රවුමක්...මේ දේවාලෙටත් යන්ට අමතක කළේ නෑ... ඒත් මේ තැන් දැක්කම මට මේ වෙලාවෙනම් මතක් වුණේ මගේ ලොකු තාත්තව..ඒ ලොකු තාත්තා අපි එක්ක ගිය අන්තිම විනෝද ගමන.. :((

    ReplyDelete