Tuesday, August 7, 2012

මම නම් මි | අපි නම් මු | ඇය නම්???


හැමෝම වගේ ඉස්කෝලෙ යන කාලෙ සිංහල භාෂාව ඉගන ගන්නෙ සාමන්‍යපෙළට.සිංහල භාෂාවට අමතරව සිංහල සාහිත්‍යය කියල තව විෂයකුත් ඉගනගන්නව.

 සිංහල භාෂාව ඉගන ගනිද්දි අපිට වඩාත් අවධාරණයෙන් උගන්නන කොටසක් තමයි සිංහල ව්‍යාකරණය කියන්නෙ.සිංහල ව්‍යාකරණ අත්පොත වන සිදත් සගරාව ගැනත් කට්ටිය අහල ඇතිනේ.හරි ඔය ව්‍යාකරණ කතාව පැත්තකින් තියමුකෝ.මෙන්න අද කතාව.

ලගදි දවසක් මම වැඩ කරන තැන අධීක්ශණයට පරීක්ශකවරු ආව,එහෙම එද්දි එයාල කියල කරල එහෙම එන්නෙ නෑනේ. අහම්බෙන් ගොඩ බැස්සා වගේ ඇවිත් බලලා සටහන් දාල අඩුපාඩු පෙන්නලා දීල යනව.

මාත් එක්ක එකට වැඩ කරන කෙනෙක් එදා නිවාඩු.මාස 2කට පස්සෙ තමයි එයා ඒ නිවාඩුව ගත්තෙ.වෙලාව කියන්නෙ එදාම කට්ටිය ගොඩ බැහැලා...උදේම අපි යන්නත් කලින් කට්ටිය එතන:).

අනිත් අයගේ වැඩ ගැන නම් එයාලට කියන්න කිසිම වරදක් තිබ්බෙ නෑ.ඒත්  නිවාඩු ගත්ත කෙනා ගැන නම් එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ.අපිට නිවාඩු ගන්නව කියල එයා කෙටි පණිවිඩයක් තියල තිබ්බ.

 ඒඋනාට පරීක්ශකවරයා ඒකෙන් සෑහීමකට පත් උනේ නෑ.අදාල කෙනාගේ ෆෝන් නොම්බරේ අරන් එයාට කතා කරා.ඒ වෙද්දි උදේ නමය වත් වෙලා නෑ...එයා නිවාඩු ඉල්ලුමපත භාර දීමට යමිනුයි හිටියේ.මෙන්න මෙයා ඒ වෙනුවට ගහල තියන ලොග් එක!...

බලන්නකො මේකේ උක්ත ආඛ්‍යාත පද සම්භන්ධය කොහොමද කියල. 

දෙවනි වාක්‍යය :පරිඝණක උපදේශකවරිය නිවාඩු ලබා සිටියෙමි! :) 

අපි වැඩට එන්නත් කලින් නේ එයාලා ඇවිත් තිබුනේ,හරියකට උදේට කෑමක් අරගන තිබුනෙත් නෑලු.ඒ නිසාද දන්නෙ නෑ ටැපලුනේ :). එදා ආවෙ නැතිකෙනාට තමයි මේ වැරැද්ද අහුවුනේ.එයාට නම් හොදටම මල පැනල,ඇයි යකෝ මාස 2කට පස්සෙ ගත්ත නිවාඩුව වෙනුවෙන් උන වැඩේ!...

33 comments:

  1. මවුබස මෙච්චර දන්නවා නම අනික්වා කොච්චර දන්නවා ඇත්ද??

    ReplyDelete
    Replies
    1. එව්වා ගැන කියලා වැඩක් නැත :)

      Delete
  2. මේ උපදේශකවරිය මම් අඳුරන කෙනෙක්ද දන්නේ නෑ...

    සුබ පැතුම් !
    ඔයාගේ හිට්ස් ලක්ෂයක් වෙලා.... දිගුකල් දිනේවා !

    ReplyDelete
  3. මෙන්න වැඩක් මම් අදුරන අය හැමෝම ඔයාව අදුරනවද හිහ්.
    ටැන්කූ.

    ReplyDelete
  4. සිදත් සගරාව මාසිකව නිකුත් වෙන එකක්ද?

    මම අසර්ගෙ බ්ලොගේ නම් ලිව්වා අපි වලින් පටන් අරන් මු වලින් ඉවර කරන උදාහරණ... ආයෙ ලියන්න කම්මැලියෝ..

    ReplyDelete
    Replies
    1. සිදත් සගරාව මාසිකව නිකුත් වෙන එකක්ද?

      //අනේ අප්පෝ මේන් මෙයා?

      Delete
    2. @ හරී

      ලෝවැඩ සඟරාව කියන්නේ වානේ සංස්ථාවෙන් ගහන පත්තරේ වුණාලුනේ :D

      Delete
  5. රාමගේ මාමගේ දුන්න කැඩුවේ මේ වගේ අය තමා :D

    ReplyDelete
  6. තවත් එක ඇනෝවෙක් !August 8, 2012 at 8:47 AM

    මෙන්න වාක්‍යයක්...

    අපි කන අඹ ඇයි මෙච්චර අමු.

    (අපි වලින් පටන් අරගෙන මු වලින් ඉවරවෙන්නේ..)


    සුබ පැතුම් මිස් නදීකා !!

    ReplyDelete
    Replies
    1. ඒකත් හරිනේ බොලේ.

      මම් අදුරන ඇනෝවෙක්ද මන්දා...

      Delete
    2. මෙන්න වැඩක් මම් අදුරන අය හැමෝම ඔයාව අදුරනවද හිහ්.

      Delete
  7. ලිවුව ව්‍යාකරණ වගේම මනුස්සයාගේ අධීක්ෂණ හැකියාවත් කතාවෙන් පැහැදිලියි.. මනුස්සයෙක් නිවාඩුවක් ගන්න එකත් වරදක් කියල හිතන බොසෝත් ලංකාවේ වැහි වැහලා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.කියලවැඩක් නෑ

      Delete
  8. හික්ස්..මරු වැඩේ.. අනේ මන්දා මෙහෙමත් ඈයෝ... :)

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නෙ ෆ්‍රින්ටින් මිස්ටේක් කියලනේ :)

      Delete
  9. මාරම ව්‍යාකරණ.පරීක්ශකවරු මොන විෂයට අදාළවද ඇවිත් තියෙන්නෙ???

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කොම්පූටර් උගන්නනව බලන්න තමා.:)

      Delete
  10. අර අනිකාගෙ ඇහේ තියෙන පොල්ලරාලෙ තමයි පේන්නෙ නේද? නදී වැඩ කරන්නෙ ඉස්කෝලෙක නෙවෙයි නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. නැත ඉස්කෝලෙක නොවේ. :)

      Delete
  11. ඕක සිංහලෙන් නොලියා ඉංග්‍රීසියෙන් ලිව්වා නම් කොහොම වෙයිද මන්දා ? එහෙනම් හරියටම ලියයි..

    ReplyDelete
  12. පොඩිඑකාගෙ ගියුමෙ ටයිප්.

    ReplyDelete
  13. භාශාවත් එක්ක වැඩ කරන කොට පරිස්සම් විය යුතුයි

    ReplyDelete
  14. අපේ උන් අපේ දේ ගැන දන්න හැටි "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" බැලුවම පේනවා. ලැජ්ජාවේ ආඩම්බරේ බෑ....

    ReplyDelete
  15. අපේ උන් අපේ දේ ගැන දන්න හැටි "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" බැලුවම පේනවා. ලැජ්ජාවේ ආඩම්බරේ බෑ....

    ReplyDelete
  16. පව් අනේ..වැරදීමක්.. :(

    ReplyDelete
  17. සුදුස්සාට සුදුසු තැන ලැබුනම ඔහොම තමයි ..ඇයි යකෝ ...හිකිස්..

    ReplyDelete
  18. පහ වසරේ ළමෙක්ට ලියන්න කිවනම් හරියටම ලියනවා.

    ReplyDelete
  19. ජේවීපී කලබල දවස් වල දවසක් ගෙදරකට ආමි එකෙන් ඇවිත්. ඒ ගෙදර ඉඳලා තියෙන්නේ වයසක ඉස්කෝලේ මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි. ආමි එකෙන් දොරට ගහලා කෑගහලා කියනවාලු "අපි ආමි දොර අරිනවා" කියලා. ඉස්කෝලේ මහත්තයා ඇතුලේ ඉඳන් නිවී හැනහිල්ලේ කියනවලු " කොල්ලනේ අපි නම් ආමු.. මම නම් ආමි. තේරුනාද? "

    ප.ලි.

    වැඩ බලන්න ආපු එකා හෝ එකී ගේ වැඩ කොහොමද කියන්නට මීට වඩා සාක්ෂි ඕනෑ නැත. මෙහෙව් පොල්බුරුවෝ රාජකාරි සඳහා අනුයුක්ත කරන උන්ට කියන්නට මම තවම නමක් සොයමි.

    ReplyDelete
  20. ලියූ කෙනාට ඒ කාලේ නිවාඩුවක් ගත්ත එකක් මතක් වෙලා...

    ReplyDelete