Monday, August 6, 2012

සක්කාරං


මේ දවස් වල වැඩට යනව ඇරෙන්න සති අන්තෙ ගත වෙන්නෙ සැහැල්ලුවෙන්,ස්ට්‍රයික් නිසා ලෙක්චර්සුත් නෑ.ඒ නිසා පොත් කීපයක් ගත්ත කම්මැලි කමට කියවන්නත් එක්ක.ලයිබ්‍රි එකට බැදිල හිටියත් පොත් ගන්න භාර දෙන්න යන්න වෙලාවක් වෙන්කරගන්න කම්මැලි වෙලා.

ඉතුරු වෙන එකම දවස වෙන ඉරිදා දවස ගෙදරට වෙලා ඉන්නමයි හිතෙන්නෙ.ඒක නිසා යන එන ගමන් බස් එකෙන් බහින තැනම තියන  බුක්ශොප් එකෙන් පොතක් දෙකක් අරන් එන්න පුරුදුවෙලා.සක්කාරං කියන්නෙ එහෙම ගත්ත එක පොතක්.දවසින් දෙකින් කියවල ඉවර උනා.මේ පොත 2011 අවුරුද්දෙ ස්වර්ණ පුස්ථක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නවකතාවක්.ලියල තියෙන්නෙ චම්මින්ද වෙලගෙදර මහත්තයා.

කතාවෙන් කියවෙන්නෙ තමන් ජීවත්ව ඉන්නා ඉඩමේ පවා අයිතියක් නොතිබුනත් සිය රාජකාර්ය අකුරටම ඉටුකරපු,සිය රාජකාරිය දේවකාරිය කරගත්, එක්තරා කුලයකට අයත් උතුම් මිනිසුන් සමූහයක ජීවිත කතාව.

අතීතයේ එක්තරා කාලසීමාවක මේ රටේ තිබිච්ච වැඩවසම් ක්‍රමය තුල සමහර කුලවලට විදින්නට සිද්ද වුන අකටයුතුකම් මෙයින් කියවෙනව. විශේෂයෙන් කාන්තාවන්ට විදින්නට සිද්ධ වුන අතවර, ලිංගික සූරාකෑම්,  අලලා ලියවෙච්ච කතාවක්.ඔයාලත් කියවලා බලන්න.

24 comments:

  1. ඔත්තුවට ස්තුතීයී. මමත් පොත් රසිකයෙක් තමා

    ඒත් මොකක්ද මේ චූස් චූස් ගාන්නෙ ?

    ReplyDelete
  2. කුරුල්ලෙක් ඇවුත් හලෝ ඒකා එලෙව්වට යන්නෙ නෑ :)

    ReplyDelete
  3. බෙරවායන්ගේ කුලය ගැනද මේ පොතේ තියෙන්නේ ?

    ReplyDelete
  4. හ්ම්ම්..කියවන්නම් :)

    ස්තුතියි!
    මම බය උනා මේ සද්දයක් එද්දී හි හි..:)

    ReplyDelete
  5. ම්ම්ම්..කියවලා බලන්න ඕනේ..
    හෙට මං කැම්පස් එකේ ලයිබ්‍රරි එකට යනවා..
    එකේ තියෙනවද කියලා බලන්න ඕනේ.. :)

    ReplyDelete
    Replies
    1. තිබ්බොත් කියවලා බලන්ඩකෝ.

      Delete
  6. කියවන්න ඕනේ හමු උන දාක.. එච්චර වැඩකුත් නැත්නම් ඇවිත් අපේ බ්ලොග් කියවන්නකෝ.. ආපු කාලයක් මතක නැතෝ !

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියන්න බෑ රස්සාව කරනවනෙ:).පුලුවපුලුවන් වෙලාවට අනිවාර්යෙන් ඇවිත් යන්න එන්නම්.

      Delete
  7. api dennama yamuko library matath hari kammali appa taniyama yanna

    ReplyDelete
  8. කියල තියන විදිහට කියවන්න වටින පොතක් වගේ! ස්තූතියි!

    ReplyDelete
  9. මේ වගේ දැනුවත් කිරිම් ඉතා වැදගත්....

    ReplyDelete
  10. මම මේ පොත කියවලා නෑ...
    මේ පොත ගියපාර පොත් ප්‍රදර්ශනයේදි කට්ටිය ගත්තා. ලසන ඇති කතාව.

    ReplyDelete
  11. ගිය පාර පොත් ප්‍රදර්ශනෙන් මාත් ගත්තා. පරම්පරාවල් පිටින් දළදා මාලිගාවට සේවය කරන රාජකාරි ක්‍රමය නිසා දුක් විඳින නැට්ටුවන්ගේ කතාවක්. හරිම ලස්සන පොතක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අහ් ඔයා කියවල ඇති එහෙනම්.ලස්සනයි නේද?

      Delete
  12. හ්ම්.... යාලුවෙක් ගත්තා වගේ මතකයි.කවුද කියල මතක නෑ නෙ. අහලා බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය පිණී අරන් තියනව කියන්නෙ එයාගෙන් ඉල්ල ගන්නකො

      Delete
  13. පොත නම් හොදට ඇත් තමයි.ඒත් ඉතින් ලෝකෙන් කවරදාවත්ම ඕවා තුරන් වෙන්නේ නෑනේ

    ReplyDelete