Thursday, June 21, 2012

ශුවර් එකටම බාප්පා



බස් එකේ අලුත් රස්සාවට යන්න අරන් දැනට මාස 4 කට ආසන්නයි.මහන්සිය නම් උපරිමයි,උදේ 5ට නැගිටලා සාරි එහෙම පටලවගන ලක ලෑස්ති වෙලා 6ට ගෙදරින් පිටවෙලා පැය 1.5 විතර බස් ගමනකින් පස්සෙ සේවා ස්ථානයට ලගා වෙනව.වැඩ අවසන් වෙලා ආය ගෙදර එද්දි හවස 6යි.මොනව කරන්නද රස්සාව කරන්න එපැයි.ඒකත් මහ අමුතුම තැනක් විස්තර පසුවට.

අද කියන්න යන්නෙ  තවත් බස් කතාවක්.පැය 3ක් දවසට බස් එකේ ගතවෙන නිසා අහන්න දකින්න ලැබෙන දේ බොහොමයි ඒ අතරේ අහම්බෙන් වගේ දවසක් වුන සිදුවීමක් තමයි මේ...

මම් බස් එකට නැගලා පැයක් විතර ගියාට පස්සෙ බස් එකට නගිනවා කෙනෙක්, එයා ලස්සනට ඇදලා කරල සයිඩ් බෑග් එකක් දාගන හැමදාමත් පාරේ අයිනට වෙලා හිටගන ඉන්නව,එයාට තියෙන්නෙ අමුතුම හිනාවක්.හරිම ප්‍රසන්නයි.වයසත් හරියටම 30කට ආසන්න ඇති.සෑහෙන්න උසයි,උසට සරිලන මහත. තලෙළලුයි.

ඔන්න පලවෙනිම දවසෙ දැක්කෙ අහම්බෙන්.ඊලග දවසෙත් ටිකක් හිත ගියපු නිසා උවමනාවෙන්ම බලාගන හිටියා අදත් එයි කියල.කොහෙද එයා හැමදාම බස් එකේ පිටිපස්සෙන් නගින්නෙ,මම් ගොඩක් විට ඉන්නෙ ඉස්සරහම ඉතින් හරියකට බලාගන්න නෑ.දකින්නෙත් බස් එක එද්දි පාරේ හිටන් ඉන්න ටික විතරයි.මොකද පිටි පස්ස හැරි හැරී බලන්න කියලද.


ඔහොම සති කීපයක් ගියා,එයත් එක්කම නගින යාලුව නම් හැමදාම වගේ බස් එකට නගිනව,ඒත් වැඩක්ද!...අදාල කෙනා දකින්නෙ සතියකට දවසයි දෙකයි.ඒත් විනාඩියකටත් වඩා අඩු කාලයක්.


දවසක් ඔය කෙනා ගැන මාත් එක්ක ඉන්න අයත් එක්ක කියවුනා.ඒ පැත්තෙ ඉදලා එන අය හිටියත් කවුරුත් එයාව දන්නෙ නෑ කියල තමයි කිව්වෙ.මෙන්න තවත් දවසක් ඔය විස්තර ඇදිලා එද්දි එකෙක් කියනව,මිස්!...ඔතනින් නගින්නෙ අය්යලා දෙන්නෙක් නේද? මම් එයාලව දන්නව.එක්කෙනෙක් රවී අය්ය...ඒ කියන්නෙ  කලු එක්කෙනා...දෙන්නම එක උස, 5'11" ක් විතර ඇති.ඒ දෙන්නගෙන් සුදු එක්කෙනා තමයි අපේ බාප්පා!...


(ඇහ්!... මළ කෙළියයි!...මමත් කියන්නෙ මේ බාප්ප කියන කෙනා ගැන වෙන්න ඕනේ...ඒත් වෙන්න බෑ මම් කියන කෙනා මෙයාගෙ බාප්පා වෙන්න බෑ....එයාට එච්චර වයසකුත් නෑ අනික මෙයාගෙ බාප්ප වෙන්නෙ කොහොමද එයා??? කොච්චර වෙනස්ද දෙන්නා..............................)


වෙන්න බෑ... එයාට එච්චර වයසක් නම් පේන්නෙ නෑ...


නෑ තමයි එයාට ඕනෙ නම් 30ක් ඇති.අපේ බාප්ප තමයි එයා.අපේ තාත්තගෙ පොඩිම මල්ලි!!!...


මිස් දන්නවද රවී අය්යයි අපේ බාප්පයි දෙන්න පොඩි කාලෙ ඉදන්ම යාලුවෝ... එකටමයි ඉන්නෙ.දැන් වැඩ කරන්නෙත් එකම තැන!...


ආහ් ඔව් එයාලා දෙන්න බහින්නෙ එකම තැනින් තමා...බහින්නෙ අර ********** එක ලගින්?


හෙහ් එහෙනම් ශුවර් එකටම බාප්පා!....


ඒත් මගෙ හිත කියන්නෙම මේ කියන්නෙ එයා ගැන නෙමේමයි කියල.


නෑ නෑ...වෙන්න බෑ...ඔයා වගේ නෙමේ මං කියන කෙනා...



මම් වගේ නෙමේ තමා අපේ බාප්පා, අපි ඔක්කොටම වඩා වෙනස්, හැමවෙලේම හිනා වෙලා වගේ ඉන්නෙ,චූටි බඩකුත් තියනව.


බඩක්?



හික් හික්,මට බඩ නම් මතක නෑ... මූණ නම් මතකයි...ලස්සන හිනාවකුත් තියනව.කොන්ඩෙ කූරු කූරු... මූණු උල් වගේ...


හ...හා...එහෙම නම් ටක්කෙටම බාප්පා!... .මිස් දන්නවද අපේ පුංචිගෙ නමත් නදී...

මොකක්?

ඔව්....ඔය කිව්ව බාප්පගෙ නෝනා!...

ඇහ්...

50 comments:

  1. අයියෝ ප්‍රේමය..

    ReplyDelete
  2. Replies
    1. අනුන්ගෙ දුකකදි එහෙම හිනා වෙන එක හරිද ම්ම් අහන්නෙ :/

      Delete
  3. මේ කතාව මම කලින් හිටන් දන්නවද කොහෙද !!!
    ලත් තැනම ලොප් විය !!!!

    ReplyDelete
    Replies
    1. කලින් දන්නෙ මම් කිව්ව නිසානේ.

      Delete
  4. ඒ නඳී මේ නඳීද? නැහැනේ ඒ වෙන නඳී කෙනෙක්නෙ. ඕවා ඔහොම තමයි. මේ ජීවන ගමනේ එහෙම දේවල් නොවී තිබුනොත් ඒකත් මහ ප්‍රශ්නයක්. මේවා සංසාරගත බැඳීම්....

    ReplyDelete
    Replies
    1. ඒ නදී මේ නදී නෙමේ.වෙන කෙනෙක්.හ්ම්ම්ම්..........

      Delete
  5. ඔය මාස හතරයි..අවුරුදු විස්සක් තිස්සේ බස් එකේ යන අපි පව් අප්පා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහෙනම් වෙනී මාමාට වයසත් ගොඩක් ඇති:) අවුරුදු 20ක්ම බස් එකේ වැඩට යන නිසා.

      Delete
  6. අහෝ දුකකි ඉරකි තිතකි...

    ReplyDelete
    Replies
    1. දුකක්ද කියලත් අහනව,අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් හයියූඌඌඌඌ.

      Delete
  7. තව පොඩ්ඩෙන් පුංචි කෙනෙක් වෙලා තමයි නතර වෙන්නෙ නේද නදී?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිතේ කොනක පොඩි කැමැත්තක් නොතිබුනා නෙමේ ඉතින් :) ඒකනේ.

      Delete
  8. ඔය තියෙන්නෙ ගෑණු ඇහෙන්නෙ. පිරිමි ඇහෙන් ඔය දේම දකින්න මෙන්න කියවන්න මයි ෆස්ට් ලව්ස්

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. 1ස්ට් ඒවා ගොඩක් තිබුනද ලව්ස් කියල තියෙන්නෙ?

      Delete
  9. නොකිය ම බාප්පෙකුත් හොයා ගත්ත එහෙනං. කෝ නඳී පුංචි අම්මෙ කේක්?
    ඔය වගේ සාමාන්‍යෙයෙන් අසාමාන්‍ය සිදුවීම් 1ක් 2ක් වත් තිබුණෙ නැත්තං 1 අතකින් ජීවිතේ මෙලෝ රහක් නෑ නේද අක්කේ?

    ReplyDelete
  10. අපරාදේ බස් ප්‍රේමය.. දුක තමා අක්කේ..

    ReplyDelete
  11. අපි වලක් කැපුවොත් ගෙම්බෙක් නෙහ්.... හිකිස්..... :D :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්ඩකෝ ශික්

      Delete
  12. මදෑ වුන වැඩේ. කවුද කියලා හොයා ගත්ත ගමන් වැඩේ ඉවර වෙලානෙ.

    ReplyDelete
  13. මෙතන පොඩි ඉඟියක් තියනව නේද උපන් වෙලාව අනුව කේන්දර සෑදීම සහ නම් තැබීම ගැන.
    ඒ කිව්වේ, එකම නම තියන අයගේ හිත් වැඩ කරන්නෙ එකම ක්‍රමයකටවත්ද?
    අපේ මහ වෙදනා මේ ගැන හිතුවෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඕවා නම්.

      Delete
  14. අනිච්චේ දුක්කේ....ඔව්ව ඔහොම තමා ඉලඟ හොල්ට් එකේන් බැහල යනවා....ජිවිතේ දිගයි නේද

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්ඛේ සංසාරේ!!!

      Delete
  15. හපොයි නදී වෙච්ච වැඩක්.

    ReplyDelete
    Replies
    1. මොකෑ කොරන්නෙ ඉතින් වෙච්ච් දේට:/

      Delete
  16. Netha gatuna..
    Ahabu lesin...
    Sitha baduna eda patan....
    Hithwe na ,
    ansathuya kiya ...
    Mata danune...
    Magema kiya...

    Hehe maru wade :p

    ReplyDelete
  17. Replies
    1. වෙච්චි දේ ඇහුවම කියවුනා!

      Delete
  18. Replies
    1. අයියෝ සල්ලිද කියලත් අහනව.

      Delete
  19. දුක තමයි කිව්වලු....ඕක තමයි කියන්නෙ අපි ලයිට් කනුවකට නැග්ගොත් ඒකෙත් දෙබලක් කියලා..........

    ReplyDelete
  20. හුට්ටප්පරයක මහත... ලත් තැනම ලොප් විය බාප්පගෙ පුරාවෘත්තය.... නදි පුංචිත් බොලෙ වගේ ඇති නේද ඈ ;)

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නෙ නෑ දැකලා නෑ නෙව.

      Delete
  21. අයියො නදී අක්කෙ...දැන් මොනා කරන්නද ? නැට්ට පිටින් අලි මැරෙන්න කියල දැන් අනිත් සයිඩ් එකෙ වාඩි වෙලා යන්න දිගටම..අපි එහා පැත්තෙ හොල්ට් වල වැදගත් කෙනෙක් ඉන්න්වද බලමු..

    ReplyDelete
    Replies
    1. පිස්සුද එහෙම තැන මාරු කරන්නෙ නෑ.බලමුකෝ නේද

      Delete
  22. */ හ...හා...එහෙම නම් ටක්කෙටම බාප්පා!... .මිස් දන්නවද අපේ පුංචිගෙ නමත් නදී...

    මොකක්?

    ඔව්....ඔය කිව්ව බාප්පගෙ නෝනා!...

    ඇහ්... /*

    හපොයි..

    ReplyDelete
  23. හපොයි... වෙච්චි දෙයක්!

    ReplyDelete
    Replies
    1. අනේ ඒකනේ බලන්ඩකෝ

      Delete
  24. ඔෙබ් බ්ෙලාග් අඩවියට පිවිසුෙන් ඊෙය. ලිපි ඔක්ෙකාම කියවලා ඉවර කළා හරියට අලුත් ෙපාතක් හම්බවුනාම ෙනාකා ෙනාබී එ්ක කියවනවා වෙග්. ෙසාඳුරු ලිපි ටිකක්.

    ReplyDelete
  25. පුදපු ගමන් කාපි යකා කිව්වලු

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ මටමයි වෙන්නෙ

      Delete