Sunday, June 10, 2012

ඕහ්හ්හ්..මයි සාරී...


සාරියක් නැත්තම් ඔසරියක් ඇන්දම ඕනෙම ගෑහැණු කෙනෙක් හැඩයි තමා.වෙන ඇදුමක් අදිනවට වඩා ඒකේ අමුතුම ලස්සනක් තියනව.අනික සාරිය/ඔසරිය අනිත් ඇදුම් වලට වඩා ගොඩක් සංවරයි කියනවනේ.

ඒත් ඉතින් දැන් ඔසරිය/සාරිය අදින පිළිවලත් ටික ටික වෙනස් වෙලා... එක එක අය එක එක විදියට අදිනව,සමහරු "ඔබේ තීරය" කියන එක සෑහෙන ප්‍රමාණයක් තියලා අදිනව.ඒක සමහරුන්ට ලස්සනයි සමහරුන්ට නම් වස කැතයි.


සමහරු අදින්නෙ ඔසරිය විතරමයි.සමහරු සාරිය විතරයි ,සමහරු නම් ඕනේ ජාතියක් අදිනව.කැම්පස් ඉන්න කාලෙ එක යාලුවෙක් කිව්ව මතකයි ආහ්...අපි උඩරට නිසා පවුල් සම්ප්‍රදාය ආරක්ශා කරන්න අදින්නෙ ඔසරිය!...තව කෙනෙක් කිව්ව, අපේ පවුල් වල ගෑනු අය නම් අදින්නෙ සාරිය විතරයි!....කියල එක ඒ අයගෙ කැමැත්ත.


ඩෙනිම් & ටී ඇදපු කාලේ අහවරවෙලා ඔන්න මටත් ඔසරි ඇදන් වැඩට යන්න වෙලා.දැන් තමයි රගේ තේරෙන්නෙ.සති අන්තේ ඉරිදා දිනය වෙන්කරගන ඉන්නෙ සාරි ඔක්කොම හෝදලා රැළි හදලා(නැට්ටෙ) කටු ගහලා අයන් කරල තියන්න.

අම්මෝ එපා කරපුම වැඩේ ඒක.අයන් කරගත්තත් කියමු කොහොම හරි.ඇදින එක තවත් ටිකක් පණ යන වැඩක්.දැන් නම් ටිකක් ටිකක් පුරුදුයි මුල්ම කාලෙ කරන රස්සාවත් එපා වෙන සයිස් මේක ඇදගන ඇවිදින්න උනාම.ඇයි දෙයියනේ බස් එකේ ඇදන් ගියාම අරහෙන් ඇදෙනව, මෙහෙන් ඇදෙනව, ශූ එකට පෑගෙනව, වැටෙන්න යනව, හරියකට ඇවිදලා කරලා යන්න බෑ.

පොසොන් කාලෙ නිසා හුළගත් වැඩි මේ දවස් වල, ඒ නිසා හොදම ගනන්.හෑන්ඩ්ලූම් ඔසරිය අදින දවසට තමයි ගොඩක්ම එපා වෙන්නෙ, කකුලත් තියලා කකුලක් ගන්න බෑ හිරවෙනව වගේ.


බස් එකෙන් බැහැලා බැරිම තැන ත්‍රීවීල් වල ආපු වාරත් තියනව, ඒ නිසාම.ඇවිදින්න බැරුව කකුල පැටලෙනව.අනික බස් එකෙන් බහිද්දි සාරියෙ නැට්ට අතින් අල්ලගන එන්නත් ඕනේ නැත්තම් මහ වදයක් අනිත් මිනිස්සුන්ට, ඇදි ඇදී යනවනෙ.

යාර 6ක් දවටගන ඉන්නව කියන එකත් ලේසි නෑනේ හිතලා බලන්නකො.ඒ මදිවට කටුත් පෝළිමක්ම ගහනවනේ.සාරිය කඩාගන වැටෙයි කියල.ඒවත් ගහන්න ඔනේ පරිස්සමෙන් නැත්තම් සාරිය ඩැමේජ් වෙනව.ආය අදින්න වෙන්නෙ නෑ.


හොදට ඉනට හිර කරල පටියකුත් බදිනව ආය ටිකක් වැඩිපුර කෑම එහෙම කනව බොරු.රැළි දාද්දි පිටිපස්සෙන් රැළි හදන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ.ඇයි හැට්ට කට්ට ගහන්න!...


සමහර වෙලාවට වැඩකරන තැනට යද්දි සාරිය එහෙම මෙහෙන් ලෙහිලා... බුරුල් වෙලා...

මිස් ඔන්න සාරිය පෑගෙනව!...


මිස් ඔන්න පිටිපස්සෙ රැළි ටික ඇදිලා!...


මිස් තව ටිකක් සාරිය පහලින් අදින්න එතකොට ලස්සනයි!... 


(*^*(&%(*&% )*&%  මගුලක් කතාකරනව, මෙහෙම ඇදගන බස් වල එන්නෙත් බොහොම අමාරුවෙන්...මොකද පැය 1.5ක් යන්න එන්න එපැයි දවසට.

ඉතින් මාත් එක්ක ඉන්න අය ගොඩක් උදව් කරනව, සාරිය ආයම තිබ්බ විදියට හදාගන්න.බස් වල ගිහින් බහිද්දී ආය කියන්න ඔනේ නෑනේ චප්ප චුරුප්පම් වෙලානෙ යන්නෙ.

සාරි හැට්ට/ ජැකට්  මහන එකත් ලේසි නෑ.සාරි ගනිද්දි හැට්ට රෙද්දත් තියන සාරිම ගන්න වග බලාගන්නව නම් ගොඩක් ලේසී.නැත්තම් ගැලපෙන හැට්ට රෙදි හොයන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනව.


රෙද්ද හොයාගත්ත කියමු ලයිනින් දාලනේ මහන්නෙ, ඉතින් ලයිනිනුත් අරන් ලයිනින් රෙද්ද හෝදලා අයන් කරලා එහෙම තමා මහන්නත් දෙන්න ඔනේ නැත්තම් මැහුවම හැට්ටෙ ඇකිලෙනව ලස්සනට තියෙන්නෙ නෑ ඇන්දම.


මහන්න ගන්න ගානත් ඒ වගේම තමා. අනික මාල, කරාඹු, සාරි කටු, බෑග්, සපත්තු ඒවට ගැලපෙන විදියට අදින්න එපැයි,එහෙම නැත්තම් ඒකත් හරි නෑ.ටිකක් හීල් එක තියන සපත්තුවක් වත් දාන්න ඔනේ නැත්තම් සාරිය පෑගිලාම ඉවර වෙනව.වැස්ස කාලෙට තාම සාරියෙන් මුහුණ දුන්නෙ නෑ.බලමුකෝ ඒ වෙද්දි කොහොමට හිටීද කියල.


අම්ම නම් කියන්නෙ කොයි දේත් ඔහොමයි පුරුදු උනාම හරි යයි කියල. අවුරුදු 37 ක්ම ඔසරිය ඇදන් ඉස්කෝලෙ ගිය නිසා අම්මට ඒක ජාතික ඇදුම වෙලා,ගෙදරින් එළියට යන්නෙත් ඔසරිය ඇදලා.ඒක පහසුම ඇදුම කියලයි අම්ම නම් කියන්නෙ.බලමුකෝ නේද?මට නම් ඩෙනිම & ටි එක තරම් පහසු ඇදුමක් තවත් නෑ.

80 comments:

  1. "මට නම් ඩෙනිම & ටි එක තරම් පහසු ඇදුමක් තවත් නෑ."

    යකෝ මේකලා හදන්නේ අපේ ඇඳුමුත් අයිති කරගන්ඩ !!! පෙනේද මෙවුන්ගේ හිත් වල තියෙන දේවල් !!! :)

    තව ටික කාලයක් යනකොට ඔහේටත් සාරිය පහසුම ඇඳුම වෙයි. ඕන් බොරුද කියලා බලන්ඩකෝ !!!

    අමාරු වචන

    ඔබේ තීරය
    හෑන්ඩ්ලූම් ඔසරිය

    ReplyDelete
    Replies
    1. ඔබේ තීරය කියල කියන්නෙ හැට්ටෙයි සාරියයි අතර ඉන හරියෙන් තියන ඉඩ.

      හෑන්ඩ්ලූම් සාරි කියන්නෙ අර අතින් වියන සාරි බොල.අම්මගෙන් අහගන්කො.

      Delete
  2. නදීගේ යාළුවෙක්June 10, 2012 at 11:26 AM

    පෝස්ට් එකේ ලේබල් ටික දැක්කම හිනා වෙලා පන නෑ.....

    Labels: අපහසුතා, ඇදුම්, ඔෆිස්, සාරී

    අපහසුතා ???

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් ඔයත් සාරියක් ඇදගන යන්න දවසක් බස් එකේ ටික දුරක් ගිහින් බලන්න අපහසුවක් තියනවද නැද්ද කියල.පයිනුත් ටික දුරක් ගිහින් බලන්න.:)

      Delete
    2. මන් පිරිමි කෙනෙක් එත් මන් එකපරක් ඔසරිය ඈදලා තියෙනවා මාර සෑහෑල්ලු ඈදුමක් මට නම් එක.ආසයි අයෙ පාරක් අදින්න

      Delete
  3. එක වතාවක් ඩීප්ස් නගත් ඔහොමම ඇඩුවා...

    ReplyDelete
    Replies
    1. අහ් ඔව්මයි මට මතකයි ඒකත්.

      Delete
    2. අපි නම් දැන් casual වලට බැහැලා..දැන් බටහිර පන්නෙට තමා අඳින්නේ :)

      Delete
  4. මගෙ ජීවිතේටම මම ඔසරියක් ඇන්දා එකම දවසක්. ඒකත් මේඩප් කරපු එකක්. ආයෙ නම් ඇන්දෙ නෑ. මතක් වෙද්දිත් එපා වෙනවා. සාරි ඇදන් මගුල් ගෙවල් වල ගිහින් පුටුව උඩටම වෙලා ඉනන්වට වඩා හොදා ගවුමක් ඇදගෙන යන එක.හැබැයි ඉතිං තව කල් යද්දි අදින්න වෙනවනේ.හ්ම්..එතකොට අක්කිගෙ අම්මට වගේ ලේසිම ඇදුම වෙයිද මන්දා? කාලය මවන වෙනසක අරුමේ...

    ReplyDelete
    Replies
    1. ඔව් පුරුදු උනාම හරියයි අනිත් හැමදේමත් එහෙමනේ.

      Delete
  5. සාරි ඔසරි ඇඳිල්ල එච්චර අමාරු නෑ පුරුදු උනාම. අපේ ඔපීසියෙ ගෑල්ලමයෙක් කිව්ව වැඩට ආපු දවස්වලයි දැනුයි ගතවන කාලය. දැන් බොහොම සිම්පල් ලු. ඉස්සර වගේ නෙවේ දැන් ඔබේ තීරුව සෑහෙන පළලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් දැන් ටිකක් පුරුදුයි කලින්ට වඩා.මම් නම් එච්චර පළල ඔබේ තීරයක් දාන්නෙ නෑ.හිකිස්

      Delete
  6. සාරියේ රැලි හදලා උරිස්ස උඩින් හැට්ටෙට ගහන කට්ට ගහන්න කෙනෙක් හොයා ගන්න වෙයි වගේ. සාරිය.........?? ඔසරිය...........?? අප්පේ ඕක පෙරොගෙන ඉන්නෙ කොහොමද මන්ද????

    ReplyDelete
    Replies
    1. මේ වෙනකම් නම් ඒ වැඩේ කරන්න උදව් උනේ අම්මා.බලමුකෙ නේද තව කල් තියනවනේ.

      Delete
  7. ඔබේ තීරය කියන්නෙ හරියට නිකං ඒක අපිට අයිති දෙයක් වගේ....!

    ගෑණු ළමයෙක්ට ලස්සන සාරිය හරි ඔසරිය හරි පිළිවෙලකට ඇන්දාම තමයි....!

    අනේ නගෝ, ඔය ගහන කටු එහෙම ටිකක් ප්‍රවේසමෙන් ගහගන්න. මටත් ඔය අල කලංචියක් උනා දැනට අවුරුදු බර ගාණකට කලින්. බස් එකකදි අයිනක් අල්ලං වාඩිවෙලා ගිය මගේ බෙල්ලේ හරියෙන් දැලි පිහියක් ඇදුනා වගේ තේරිලා බැලුවහම තඩි හරනැල්ල කට්ටක් බෙල්ලෙ ඇනිලා තිබුනා. ඊට පස්සෙ බලනකොට ඔසරියක් අතින් අරගත්ත ලලනාවක් බස් එකෙන් බැහැලා යනවා දැක්කා...! වැඩට යෑම පැත්තකට දාලා මම ඇක්සිඩන්ට් වෝඩ් ගිහිල්ලා පිට ගැස්මට ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තා....!

    ReplyDelete
    Replies
    1. හිකිස් ව් මගේ තීරය නොවි බේ තීරය උනේ එකනේ.:))

      ඔහ්හ්...මම් නම් කාටවත් කටු අනින්නෙ නෑ.භ්ම පරිස්සමෙන් තමා බස් එකේ යන්නෙ.අපි නිසා තව කෙනෙක් කරදරයකට පත් කරන්න හොද නෑනේ.සමහරුන්ගෙ සාරී පොටවල් එහෙම යන්නෙ අනිත් අයත් එක්ක.:))

      Delete
  8. අපොයි දෙයියනේ දැන් කාලෙ ගෑනු අය හිතන පතන විදිය දැක්කාම අපේ අම්මලා කොහොම ඒ කාලෙ ඉන්න ඇතිද කියලා හිතෙනවා.

    සාරි ඔසරි ගන්නවට වඩා වියදම් වෙනවා ඕවට හැට්ට මහන්න කියලා කියනවා අපේ අම්මත්.

    ඩෙනිමයි ටීෂර්ට් එකටයි වඩා සාරියක් ඔසරියක් ඇන්දහම ගෑනු ලමයිගෙ හැදිච්චිකම පේනවා කියලා මටනම් හිතෙන්නේ. හැදිච්චිකම ඇඳුමින් මනින්න බෑ තමා.

    මොකවුනත් ඇඟ වැහෙන්න ඇන්දහම හරිනේ.නැද්ද මං කියන්නේ?? :)

    ReplyDelete
    Replies
    1. ඔව් හැට්ටෙකට රු 800කට වඩා යනවනේ.අම්මා කියන එක ඇත්ත.හැදිච්චකම නම් ඇදුමෙන් මනින්න බෑ.අවාසනාවට අපි පුරුදු වෙලා තියෙන්නෙ එහෙම මනින්න.

      Delete
  9. ලේසි අමාරු කෙසේ වෙතත් ගැලපෙන තැනට ගැලපෙන විදියට ඇදන් යන්න ඔ්නේ.... ගුරු ගෙදර සිකුරාදට කැෂුවල් අදින්න පුරුදු වෙලා... අර ඇන්ටිලා ටික ටී ෂර්ට් දාගෙන්.... ඊ.... තාමත් හිරිගඩු පිපෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තැනට සුදුසු විදියට අදින්න ඔනේ නම් තමා.

      Delete
  10. සිකුරාදටවත් බැරිද නගේ ටී ශර්ට් , ඩෙනිම්ස් අඳින්න වැඩ කරන තැන ?

    රාජ්ජසේවේ නම් ඉතින් සාරිය අනිවාර්ය ඇඳුම වෙලානේ කාන්තාවන්ගේ .ඒත් මන්දා සාරි හැම තැනටම අනිවාර්ය කිරීම මොනතරම් උචිතද කියලා .තෝරා ගැනීමක් ඇත්නම් හොඳයි .එත් ඉතින් අපේ රටේ ගෑනුන්ගේ උගත්කම ,හැදියාව ඔය ඔක්කොම මනින්නේ සාරියෙන් නෙව :)

    ReplyDelete
  11. සිකුරාදටවත් බැරිද නගේ ටී ශර්ට් , ඩෙනිම්ස් අඳින්න වැඩ කරන තැන ?

    රාජ්ජසේවේ නම් ඉතින් සාරිය අනිවාර්ය ඇඳුම වෙලානේ කාන්තාවන්ගේ .ඒත් මන්දා සාරි හැම තැනටම අනිවාර්ය කිරීම මොනතරම් උචිතද කියලා .තෝරා ගැනීමක් ඇත්නම් හොඳයි .එත් ඉතින් අපේ රටේ ගෑනුන්ගේ උගත්කම ,හැදියාව ඔය ඔක්කොම මනින්නේ සාරියෙන් නෙව :)

    ReplyDelete
    Replies
    1. කලින් හිටපු තැන නම් එහෙම පුලුවන්.මේකේ එහෙම බෑ මම් හිතන්නෙ.

      Delete
  12. දම්සාරීJune 10, 2012 at 1:58 PM

    අම්බෝ සාරි අදින එක තරම් අමාරු වැඩක් තවත් නෑ...

    මම,
    දම්සාරි !!

    ReplyDelete
    Replies
    1. පුරුදු උනාම හරියයි කියල හිතන් ඉන්නව.

      Delete
  13. මටත් මේ ප්‍රශ්න ටිකක් විතර තියෙනවා. ඒත් මං රස්සාව ලැබෙන්න කාලෙක හිටන්ම අම්මගෙ සාරි ඇඳලා ඇඳලා පුරුදු වුණා. වෙලාවකට මේ රස්සාව නොලැබී යනවනම් හොඳයි කියලත් හිතුණා සාරි අඳින්න තියෙන කරදරේ ගැන හිතිලා :-D
    ඉන්දියන් ක්‍රමයට සාරිය අඳිනවට වඩා මට ලේසි ඔසරිය අඳින්නයි.
    මුළින් මං ඒකට විනාඩි 40ක් විතර ගත්තා :-D
    ක්‍රමයෙන් මේ වෙනකොට පැය කාලකට අඩුකරගෙන.
    තවත් ඒ කාලය අඩුකරගන්න බලාපොරොත්තු වෙනවා.
    අමාරුම වෙලා යනම වැඩේ ඉස්සරහ පොටේ රැළි ටික ගානට තියල කටු ගහගන්න එකයි.
    නෙරියෙ රැළි තියන්න ඒ හැටි අමාරු නෑ.
    හැට්ටෙනම් මමම මහගන්න නිසා මට ඒ ගාන ඉතුරුයි.
    ඒත් රස්සාවට යද්දි ඒකත් එක දවසින් ඉවර කරගන්න බෑ.
    ඔයාටත් පුරුදු වෙද්දි ඕක සිම්පල් වෙයි.
    ඉබේම පහසු ක්‍රම අහුවෙන්න ගන්නවා :-D

    ReplyDelete
    Replies
    1. ඔ පුරුදු උනාම නම හරියයි වගේ

      Delete
  14. ඔය සාරි ඔසරි වලට නැද්ද නිකන් ඔය ටී ශර්ට් වල වගේ ගත්තා අත්දෙකයි ඔළුවයි දැම්මා..හරි ගස්සා ගත්තා...වගේ ටෙම්ප්ලේට් එකක්..

    ReplyDelete
    Replies
    1. තියනව තියනව මොකද නැත්තෙ.ස්ටෙච් සාරි බ්ලවුස් තියනව ඒවායේ කිසිම ලුක් එකක් නෑ.ඇන්දම ෆිට් නෑ.එහෙම ඒවා අදින්න බෑනේ ඉතින්.

      Delete
  15. අමාරුවෙන් වුනත් සාරිය ඇඳගෙන යද්දී බලන්නකෝ තියෙන ලස්සන සිරියාවන්තකම

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා ඉතින්

      Delete
  16. පට්ටම පට්ටයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. හා එන්නම්කෝ වෙලාවක

      Delete
  17. මටත් නම් සැහැල්ලු ඇදුම ඩෙනිමයි ටී එකයි තමා..ඔසරියත් ඇදලා තියෙනවා..ඔය කිව්වාත් වගේ මට පිස්සු හැදුනා එදා නම්..එත් පුරුදු වෙද්දි ඕක ගාණක් වෙන එකක් නැ අක්කා..

    ReplyDelete
    Replies
    1. අහ් එදා ඔයා ඔසරියක් ඇදන්හිටියානේ පින්තූර දාල තිබ්බෙ.:)

      Delete
  18. අෆ්ෆා මට තාම බැරි වුණානෙ ඔය අත්දැකීම විදින්ඩ. තාම ඉතිං ඩෙනිමයි ටී 1යි මතු බුදු වේවා තියරියට තමා වැඩ. බලමුකො නේද? මටත් කවදා හරි ඔය යාර 6 පටලවා ගෙන ඉන්ඩ වෙයිනේ.

    ReplyDelete
  19. හෙන මහත ගෑනු ලමයෙක් සාරියක් ඇදගෙන හරි අමාරුවෙන් ඇවිදන් යන හැටි මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. හෙන මහත??? :)) මැවිලා පේන්න ඔනේ නෑ ඔය උඩ පින්තූරෙ බලන්ඩකෝ :P.ඔයාලා යුනි කාලෙ පින්තූරයක් මම් දැක්කා.ඔයා හිට්යේ ඒකේ කෝටුකිතයියෙක් වගේ හික් හික්.දැනුත් වෙනසක් නෑ වගේ.

      Delete
    2. දැන් හෙන මහතයි.

      Delete
  20. අයියෝ...ගෑණු ළමයි මහන්න පුරුදු වුණා නම් ජැකට් එක තියම ඕනවිදියට මහගන්න තිබ්බනේ. කොහොමත් ඒ ඇඳුමට ගෑණු ළමයි හරි හැඩයි!

    ReplyDelete
    Replies
    1. මටනම් මහන්න බෑ.අනික ඔය සියුම් වැඩ මට හරියට කරනන්ත් බෑ ඊටවඩා හොදයි කීයක් හරි දීලා නීට් එකට මහගන්න එක.

      Delete
  21. අපේ අම්මට මං තමා සාරි තෝරන්නේ..! මට ටී එකක් ගන්න ගිය වෙලාවක වුනත්, වෙන කෙනෙක් අඳිනවා දකින්න ලෝභ හිතෙන සාරියක් තිබුනොත් ඒක අපේ අම්මට... එයාට නම් පුරුදුයි. ඉස්සර සාරියත් ඇඳගෙන මාවත් වඩාගෙන වැඩට ගියේ... අක්කටත් තව ටික දවසක් යද්දී අමාරු වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම අපේ අම්මට හරියන සාරී තිබ්බ දැක්කොත් ගන්නව.ඔව් හරියයි කාලයක් යද්දි.:)

      Delete
  22. අක්කටත් ටික දවසක් අඳිනකොට ඕක පුරුදු වෙයි.... අඬන්නැතුව දැන් ඇඳගෙන යන්න... හි හි

    ReplyDelete
  23. සාරි අඳින එකත් එපා වුනු කාලයක් තිබුනා. හැබැයි සාරිය ඇන්දම අමුතු පෞර්ෂයක් සහ වෙනසක් පෙනෙනවා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි අමුතුම ලුක් එකක් එනව ඒක හැබෑව.

      Delete
  24. අපෝ... සාරි....ඒකත් පටලගෙන සපත්තුත් කඩාගෙන බස් එකේ ගිය දවසක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ....!

    ReplyDelete
    Replies
    1. මට නම් තාම එහෙම උනේ නෑ.:)

      Delete
  25. පහසුව පැත්තෙන් හිතුවට මොකද කෙල්ලෙක් ලස්සන සාරියක් හරි ඔසරියක් හරි ඇන්දම.... මගේ උනත් හිත යන්නේ එහෙම අයට තමයි... :)

    ReplyDelete
  26. කෙල්ලෝ ඕක පටලාගෙන කොහොම යනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඒකනේ දවසක අම්මගෙ සාරියක් ඇදලා බලන්නකො:)

      Delete
  27. අනේ මන්දා ඕක පටලවාගෙන රස්නේ දවස් වලට කොහොම ඉන්නවාද කියලා.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මේ ඉන්නෙ ඉතින්:/

      Delete
  28. මගේ පෞද්ගලික අදහසේ හැටියට නම් සාරිය මගෙ ප්‍රියතම කාන්තා ඇඳුමක් නෙවෙයි. විවිධ හේතූන් නිසා. ඕක පටලගන්න ගියාම සෑහෙන වෙලාවක් යන නිසා අද දවසට නොගැලපීමක් තියෙනවා. ඒ වගෙම ඔය සාරිය කාන්තාවන්ට මාරක ඇඳුමක් වෙන වෙලාවල් තියෙනවා බස් වල මෝට සයිකල් වල යනකොට. මගෙ දීපාත් සාරියක් නිසා දවසක් ලොකු අනතුරකට මූන පානවා මම නොහිටින්න. අනික මේ ඉස්කෝලවලට උගන්නන්න යන ගුරුතුමීලට විතරක් නෙවෙයි වෙන උවමනාවලට යන අම්මලාටත් ඉස්කෝලවලින්ම සාරිය අනිවාරය කරලා තියෙන ගොං පාට් එකට මම තදින්ම විරුද්ධ නිසා මට සාරිය අප්‍රසන්න ඇඳුමක් කරවලා තියෙනවා. මම විරුද්ධයි මිනිස්සුන්ගෙ නිදහසට බාධා සිත්වෙන සියලුම දේවලට.

    ඒ ඇරෙන්න සාරිය ගැන ඔයා ලියලා තියෙන මේ ලිපියට මම හරිම කැමතියි. සාරිය ඇන්දම සමහරු ලස්සනට පේන බවත් මම පිළිගන්නවා නමුත් ඩෙනිමයි ටී ෂර්ට් එකයි කිසි සේත්ම අවතක්සේරු නොකර.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් බොහොම කල්පනාවෙන් බස් වල යන්නෙ බහින්නෙ.අම්මෝ පැටලිලා වැටෙන්න පුලුවන්.ටිකක් එපා කරපු ඇදුමක් තමා.ඇදගන ඉන්න අපහසුයි.ඒත් මොනව කරන්නද රස්සාවට අපිට හිතෙන හිතෙන ඇදුම් ඇදන් යන්න බෑනෙව.

      Delete
  29. ඔච්චර අමාරු එකේ ඇයි අඳින්නේ?

    අර මරුවා කියන පොර ගේ බ්ලොග් එකේ කියලා තිබුණු විදියට නිකංම රෙද්දක් පටලෝ ගන්න එක දියුණු සංස්කෘතියක ලක්‍ෂණයක් නොවෙයි ලු!

    මං දෙකේ පන්තියේ දී අපේ ටීචර් බස්සෙකට දුවන් ගිහින් වැටුණු හැටි මට තාම මතකයි.

    http://kathandara.blogspot.com.au/2009/07/blog-post_21.html

    මෙන්න තවත් අදාල ලිපි කීපයක්.

    ඩීප්ස්: http://deepsgelokaya.blogspot.com.au/2011/11/blog-post.html

    සිග්-සැග්: "ඔයාගේ කරදරේ ..."

    !!!

    ReplyDelete
    Replies
    1. කැමැත්තෙන් අදින්නෙ නෑ අදින්න වෙනවනේ. ස්තූතියි ලින්ක් වලට.

      Delete
  30. ඉස්සර මටත් පැයකට කිට්ටු වෙන්න යනවා සාරිය අඳින්න. දැන් නම් පැය කාලට විනාඩි දහයට අඳින්න පුලුවන්. ලස්සනයි තමයි. ඒත් පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, පපුවත් පේනවා නම් ඕක සංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද දෙයියනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මටත් දැන් ටිකක් හුරුයි.

      Delete
  31. මටනම් සාරි,ඔසරි දෙකෙන් පහසුම ඔසරිය.සාරිය තරම් එහෙ මෙහෙ යන්නෙ නෑනෙ.බහින්න යනකොටත් ලේසියි.අදින්නත් වැඩි අමාරුවක් නෑ.සාරියනම් දැන් විනාඩි 10න් ඇන්ද හැකි.මොනවා වුනත් අනිත් ඇදුමකට නැති පිලිගැනීමක් සාරි ඔසරි වලට තියෙනවා.සාරි පොට අත වටේ ඔතා ගත්තානම් පැටලෙන කරදර අඩුයි.

    මටනම් වෙන අය මහන සාරි හැට්ට ගැලපෙන්නෙම නෑ.කොහෙන් හරි ඇදයක් පේනවා.වෙඩින් වලට අදින්නනම් මං ම තමා මහ ගන්නෙ.මහන්න ඉගෙන ගන්න අනේ.එතකොට ලොකු ගානක් ඉතිරියි.

    ReplyDelete
    Replies
    1. මමත් අදින්නෙ ඔසරිය තමා.මම් නම් අදුරන ආන්ටි කෙනෙක්ට දීල මහගන්නව එයා නියමෙට මහනව.මම් මහන්න ගියා එහෙම නම් චොර කරනවවැඩේ :)

      Delete
  32. මමනම් ආසම නැති ඇඳුමක්. වැඩ කරන තැන අලුත් සංස්කෘතියක් හදන්න බැරිද වෙන ඇඳුම් ඇඳන් එන? :D

    ReplyDelete
    Replies
    1. ඒක හරියන්නෙ නෑ.අදින්නම වෙනව.

      Delete
  33. made up කලොත් මොකෙ වෙන්නෙ ..එතකොට වැඩෙ ටිකක් ලේසි වෙනව නේද ? මයෙ එක්කෙනත් ටීචර් කෙනෙක් හින්ද ඔය සෙල්ලම් දන්නව..

    ReplyDelete
    Replies
    1. අහ් මේඩ් අප් කරලත් හොදයි.ඒත් ඉතින් ඔක්කොම සාරි එහෙම කරන්න බෑනේ වියදමත් යනවනේ:)

      Delete
  34. නදී මගෙ කමෙන්ට් එකට ඇරෙන්න අනිත් හැම එකටම උත්තර දීලා තියෙන්නෙ, පුද්ගලික තරහක් හෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තමයි ඒක මගඇරුනේ කොහොමද?

      Delete
  35. මමත් ආව මේ පැත්තට අදමයි ආවෙ...සැරිසරල බැලුව ඔයාගෙ වැඩ...නියමයි අක්කියෝ අර ‍‍පෝන් කථාව බිල වැඩිවුණ ඒක දැක්කම හිනා ගියා මටත් ඕකම වුන නිසා..

    සාරි කථාව මමත් ආසම ඩෙනිමයි ටී එකයි ඒ තරම් සැප අදුමක් වෙන කොයින්ද නේද? මමත් මීට කලින් ජොබ් එකට සාරි ඇන්දේ ඔසරියක් අම්මෝ අදින්නම පැයක් යනවා ලග ලග අඩිය තියන්නම වෙන වෙලාවක් යනවා සාරිය කවුරුහරි පෑගුවොත් කේන්ති යනවා..ඇදන් ඉන්නෙ බොහොම අමාරුවෙන් එනව මෙතන පාගන්න .. කලිසම ඇදල ඇදල සාරි අදින්න වුණාම පිස්සු වගේ..පුරුදු වුණාම හරියයි

    හැබැයි හොද පිළිගැනීමක් තියෙනවා..බස් එකේ කොන්ද වුණත් මිස් පොඩ්ඩක් මෙහෙට වෙන්න මිස් චුට්ටක් පස්සට යමුද? අම්මේ හරි ආදරෙන් දැන් ඔසරිය අදින් නෑ අළුත් තැනක් නිසා.වෙනද මිස් කියපු අය මේ නංගි පොඩ්ඩක් පස්සට යනවද?
    මටම හිනා..නමුත් කොයි තරම් අමාරු වුණත් ගැහැණියට සුදුසුම ඇදුම සාරිය ඔසරිය (ඒකත් ලෝකෙටම ඇග පෙන්නන විදියට අදින සාරියවත් ඔසරියවත් නෙමෙයි) නියම සාරිය ඔසරිය

    ආයෙමත් එන්නම්කෝ අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. ෆෝන් වල ඒ සිද්දිය නම් ගොඩක් අයට වෙලා ඇති ඔයාටත් එහෙම උනාද :)ස්තූතියි මේ පැත්තේ ආවට.ආයෙත් එන්නකො.

      Delete
  36. සිම්පල් මෙයා.... මම නම් ඔසරිය ඇඳන් ළමයි එකක් නෙට් බෝල් සෙල්ලම් කරනවා... පුදුරු උනාම සිම්පල් හය්යූ...:D

    උයා සාරි ඇඳලා බලන්න ආසයි මෙයා.. දාන්නකෝ බුකියට පොටෝවක්

    ReplyDelete
    Replies
    1. මට නම් තාම එච්චරම පුරුදු නෑ.ඔය තියෙන්නෙ උඩ පොටෝවක් හලේ බලල්ලකු.

      Delete
  37. කියවන්නයි ලියන්නයි එක්ක මේ දවස් වල තව ගොඩක් වැඩ.. මටනම් මේ පොස්ට් එක නිකම් ග්‍රීක් වගේ.. හික්.. (අපි සාරි අඳින එකක් කියලාය?)

    ඒ කොහොම උනත් මට සාරි හින්දා බෙල්ල ගහල යන වැඩනම් වෙලා තියේ..

    ReplyDelete
  38. මේ මගේ මුල්ම කොමෙන්‍ටුව මං හිතන්නේ.. මේ කතාවත් එක්ක මං නම් සීයට දෙසීයක් එකඟයි! මම නම් හොයන්නේ සාරි අඳින්න නැති ජොබ් එකක්! ඕක මං බහ ‍තෝරන කාලේ ඉඳන් හිතන් හිටපු එකක්! හෙහෙ... කොටින්ම කීවොත් රජයේ රස්සාවකට යන්ඩ නම් කිසිම අදහසක් නෑ...! ප්‍රයිවෙට් එකක්ම තමා හොයන්නේ! මං කැම්පස් යන කාලෙත් එක එක මඟුල් වලට අඳින්න ඕඅන වුණාම ඉතිං බෝඩිමේ එකෙක්ට කියල අන්දවගන්නවා!

    මට නම් තේරෙන්නෑ ඇයි මේ බඩේ බාගෙකුයි පිටේ එහෙම්ම් පිටින්ම පලුවකුයි එලියට දාගෙන යන මේ කෙහෙම්මලම අඳින්න කියන්න කියලා හෙහෙ!!

    ReplyDelete
  39. කතාව නම් අැත්ත. වැස්ස කාෙලට නම් sure ඒකටම පිනන්න ෙවනවා.

    ReplyDelete
  40. පරක්කුවෙලා කියවපු නිසා මේක කියලා යන්න හිතුනා..
    සාරිවලට ගහන කටු නිසා ඒවා සවුත්තු වෙන එක අඩු කරගන්න පුළුවන් බොත්තමක් දාගත්තොත් හැට්ට කටුවට..
    සාරියෙ පාටටම හරියන බොත්තං දහයක් පහලොවක් ගත්තම සාරිය පරිස්සම් කරගනන පුළුවන්..

    ReplyDelete
  41. අප්පේ සාරි නිසා වෙලා තියෙන දේවල්....

    ReplyDelete