Monday, June 4, 2012

තන්තිරිමලේ නම හැදුන හැටි


තන්තිරිමලේ පුදබිම පිහිටලා තියෙන්නෙ අනුරාධපුරේට බටහිරින්.තන්තිරිමලේ ප්‍රදේශය මීට අවුරුදු 2500කට විතර කලින් "තිවක්ක බමුණුගම" කියලත් හදුන්වලා තියනව.


පුරාවිද්‍යාත්මක වගේම ආගමික වටිනාකමකින් යුක්තවන ප්‍රදේශයක් වෙන තන්තිරිමලේ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔය, බටහිරෙන් විල්පත්තු වනෝද්‍යානයටත් දකුණෙන් මහවිලච්චිය මාර්ගයෙනුත් වෙන් වෙනව.

මේ ප්‍රදේශය ලංකාවේ පැරණිම ජනාවාස වලින් එකක් විදියටයි සැලකෙන්නෙ.තන්තිරිමලේ කියන නම් හැදුන හැටි ගැන විවිද පුරාවෘත වගේම ජනප්‍රවාදත් තියනව.
කවුරුත් අහල ඇතිනේ දුටු ගැමුණු රජතුමාගෙ පුත් කුමාරයා සාලිය කුමාරයා ගැන.ඒ කුමාරයා සැඩොල් කුලේ කෙනෙක්ව විවාහ කරගත්තා කියලත් අහල ඇති.

ඒ විවාහය රජ ගෙදර තත්වයට නොගැලපෙන නිසා රජ ගෙදර තහංචි කරල තියනව සාලිය කුමාරයාට.ඉතින් සාලිය අශෝකමාලා දෙන්න එයාලගෙ විවාහයෙන් පස්සෙ  මේ ප්‍රදේශයේ වාසය කරල තියනවලු.

ඔය කාලෙ දුටු ගැමුණු රජතුමාට රෝගයක් ඇතිවෙලා තියනව, ඒ රෝගෙට ඕනෙ කරන බෙහෙත් වර්ග මේ ප්‍රදේශයෙන් හොයාගන අශෝකමාලා ගිහින් දීල තියනවලු දුටුගැමුණු රජතුමාට.

ඒ කාරණේ නිසා මාමාලා ලේලිලා අතර තිබ්බ තරහ මරහ අඩුවෙලා ගිහින් හිතවත් කමක් ඇතිවෙලා.ඒ කරපු උදව්වට උපහාරය වශයෙන් දුටු ගැමුණු රජතුමා අශෝකමාලා කුමරියට මාලයක් තෑගි කරල තියනව.

ඒ කාලේ සාලිය අශෝකමාල දෙන්න ජීවත් වුන ප්‍රදේශයේ හිටියලු "තන්තිරි" කියල පොඩි සමනල්ලු විශේෂයක්.අදටත් ඒ සමනල් විශේෂය දකින්න පුලුවන්ලු. 

ඒ සමනල්ලුන්ගෙ හැඩයට තමයි අශෝකමාලා කුමරියට  තෑගි දුන්න රත්තටං මාලෙ කරවලා තියෙන්න.

ඒ මාලේ අදටත් තන්තිරිමලේ කියන ප්‍රදේශයේ නිධන් කරල තියනව කියලත් සැලකෙනව.

ඒ තෑගි දුන්න "තන්තිරි මාලේ" නිසාලු ඔය නමන් ඒ ප්‍රදේශය හදුන්වන්නේ... ඒ තන්තිරි මාලේ පසුකාලීනව තන්තිරිමලේ වෙන්න ඇති.

26 comments:

  1. තන්තිරිමලේට නම හැදුන හැටි දැන ගත්තේ අදමයි. ගොඩක් වටිනවා මේ විස්තර ටික පෝස්ට් කලාට.

    ඔයා ලඟදි තන්තිරිමලේවත් ගියාද ? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඊයේ ගියා.පින්තූර ටික දාන්නම්කෝ.ආලෝක පූජාව බලන්න තමා ගියේ.:)

      Delete
  2. හෙට අනිද්දා ඔය තන්තිරිමාලේ හොයන්න බුල්ඩෝසර් ගෙනාවොත් ඔයාට වග කියන්න වේවි

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ එකත් ඇත්ත,

      Delete
  3. මේ කාලෙ ඔව්ව කියන්නෙ බලාගෙන අක්කෙ,,... අන්තිමට මාලෙ හොයන්ට කියල තන්තිරිමලෙත් නිධන් හාරයි...

    ReplyDelete
  4. මමත් ඔය තන්තිරි මාලේ කතාව අහල තියනවා.

    ReplyDelete
  5. හෆොයි.. දැන් ඉහතින් අපේ නඩේ තතිරිමලේ හාරයි නිදානේ හොයන්න..

    ReplyDelete
  6. NIDAN KARAPU KATHA WALIN WEDAK NEHE

    ReplyDelete
  7. මම තන්තිරිමලේ ගියෙ බොහොම මෑතකදි. මේ තොරතුරු දැනන් හිටියෙ නෑ. දුටුගැමුණු රජතුමා වගේ බුද්ධාගමට බැහැගෙන වැඩ කරපු කෙනෙක් අර විදිහට කුල ගොත් මත සාලිය කුමාරයාව කොන් කරයිද? කුලවාදය බුදු හාමුදුරුවො ප්‍රතික්ෂේප කළ දෙයක්නෙ. අනික ඒ කාලෙ හාමුදුරුවරු රජවරුන්ටත් උපදෙස් දුන්නනෙ. රජවරු ඒවා ඇහුවත්නෙ. දුටුගැමුණු කුමාරයා මල්ලි එක්ක තිබ්බ වලියටත් එහෙම හාමුදුරුවරු මැදිහත් වුණා කියලනෙ කියන්නෙ. කොහොම වුණත් අපූරු කතාවක්. දැන් ඔය මාලෙ හොයන්න තන්තිරිමලේ නිදන් හාරන්න කවුරු හරි ගියොත් නංගිට වග කියන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. ජනප්‍රවාදයේ එන කතාවක් තමයි ඔය.ඒකත් හැබෑව.පව් පිරෙයිද මන්දා..

      Delete
    2. @ නලිනි චන්දිමා

      බුදු දහම කොහොම කිව්වත් ලංකාවේ රාජ්‍යත්වය එක්ක කිසියම් ආකාරයකට බමුණු මතවාද එකතු වෙලා තිබුනේ. ඒ වගේමයි රාජ සිරිත් විරිත් කියලා දේවල් ටිකකුත් ගොඩනැගිලා තිබුණා. ඒවාට අනුව උභය කුල පාරිශුද්ධත්වය කියන එක අනිවාර්ය සාධකයක් වෙලා තිබෙනවා.

      ඒ වගේමයි පුබ්බ චාරිත්ත මග්ග කියන සම්ප්‍රදායත් එක්ක මම හිතන විදිහට "දුටුගැමුණු රජතුමාගේ සහෝදරයන් අතරේ මුල් වටයේ රජකම හිමිවෙලා දෙවෙනි වටයටයි එයාලගේ දරුවන් අතරේ රජකම යන්නේ" ඒ අනුව දුටුගැමුණුට පස්සේ කොහොමත් රජවෙන්නේ සද්ධාතිස්සම තමා.

      එයාට පස්සේ තමා සාලිය රජවෙන්න නියමිත වුනේ. ඒත් එයා රජකම ප්‍රතික්ෂ්පේප කළාලුනේ

      Delete
  8. ලක් ඉතිහාසේ ඔයවගේ සුන්දර කතා ගොන්නකින් ගෙතුන එකක් නේව...ස්තුතී ඔබේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ කොමෙන්ටුවට

      Delete
  9. ෂා අදමයි මේ කතාව ඇහුවෙ. අර කිව්වත් වගේ දැන් පෝලිමේ බැකෝ අරන් යනවද දන්නෙ නෑ තන්තිරිමාලේ හොයන්න.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒක කියන්න බෑ තමා.

      Delete
  10. මම මේ කතාව ඇහුවේ අද.. ඒ නිසා සෑහෙන්න වටිනවා..

    ඒත් මක්කටෙයි අක්කේ අර නිධානේ කතාව කිවුවේ? :)

    ReplyDelete
    Replies
    1. ඒක අයින් කරන්නද?එතකොට කතාව සම්පූර්ණ නෑ වගේ නේ. :/

      Delete
  11. තන්තිරිමලේ ගැන කතා කීපයක්ම තියෙනවා. මම දන්න කතාවක් මේ වගේ හැබැයි තව විස්තර තියෙනවා.

    දවසක් රත්තම්පලාවලින් ඒ දවස්වල දුර්ලභ වෙලා තිබුණු වෑංජනයක අශෝකමාලා හදලා දුටුගැමුණු රජතුමාට යවනවා. රජතුමා ඒක දැකලා චණ්ඩාලිය ගේ කෑම එපා කියලා ඒක විසි කරනවා. ඒ රත්තම්පලා බිත්තියේ ඇලෙනවා. පස්සේ ඒක උඩ තන්තිරියන් කියන කුඩා මැස්සෝ වහලා ඉන්නවා.

    දවසක් රජතුමාගේ කකුලේ ගෙඩියක් ඇවිල්ලා ඒකට බෙහෙත්වලට රත්තම්ප්ලා හොයද්දී මේ රත්තම්පලා ටික ඒ සඳහා ගන්නවා ඒකේ වහලා හිටිය තන්තිරියන් ඉවත් කරලා. පස්සේ රජතුමා රත්තම්පලා හොයාගත්තු විදිහ දැනගෙන අශෝකමාලාට තෑග්ගක් දෙන්න හිතාගෙන රන්කරුවෙක්ට කියලා තන්තිරියන් මැස්සා ආකාරයේ ස්වර්ණමය රූප හදලා ඒවා සම්බන්ධ කරලා පැළඳගත්තාම බෙල්ලේ ඉදන් දෙපතුල දක්වාම දිගට තියෙන රන් මාලයක් හදවලා අශෝකමාලාට තෑගි කරනවා.

    අවසානයට සිද්ධවෙන්නේ අශෝකමාලා ඒ මාලය තිවක්ඛ බමුණු ගමෙ තිබුණු අෂ්ට ඵලරූහ බෝගහ අසළ ගල්තලාවේ නිධන් කරවන එක

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. දැන් ඉතින් කට්ටිය ඔය ගල හොයයි..

      Delete
  12. මාත් කියෙව්වා.. නොදන්න දෙයක් දැන ගත්තා ඇ..

    ReplyDelete
    Replies
    1. හා ස්තූති මේ පැත්තෙ ආවට

      Delete