Friday, June 1, 2012

අවාරේ මිහින්තලේ

කාලෙකට පස්සෙ ඉස්පාසුවක් ලැබුනා පොඩි නිවාඩුවක් ගන්න.ඒක නිසා අපි තීරණේ කරා කොහෙ හරි ඇවිදින්න යන්න.ගොඩක් කල් ඉදලා හිත හිතා හිටියා මිසක  කොහෙවත් යන්න බැරිඋනානේ...

ඒ නිසා හිතුවා ආපහු සැරයක් මිහින්තලේ යන්න,පොඩි කාලෙ ගියාට පස්සෙ ඉතින් යන්න ලැබුනෙත් නෑනේ.

ඉතින් ඔන්න ඒකට චාන්ස් එක කියල හිතලා අපි 4 දෙනා යමු කියල ලක ලෑස්ති උනා.කලින්දා හවස තමා හරියටම ගමන කන්ෆර්ම් උනේ.මේ තියෙන්නෙ ගිහින් ගත්ත පින්තූර ටිකක්.

මෙන්න මිහින්තලේ ස්තූපය ඈතට පේන හැටි

මේ ඉන්නෙ ගිය අයගෙන් දෙන්නෙක්
මේ යන ගමන්


.
සෑහෙන දුරක් තව යන්න ඕනේ..
පඩි නැග නැග යනව
අපි යනකොට හාමුදුරුකෙනෙක් මිහින්තලෙ වන්දනා කරල පහලට එනව
පහළ ඉදන්ම මල් එහෙමත් අරන් ගියෙ
 
මේකේ නම් තාම තින්ත ගාලා නෑවගේ...
මිහිදු ගුහාව
මේං තීන්ත ගාන්න ලෑස්ති වෙනව

මග මේවගේ යාලුවො ගොඩක් හිටියා...
මේ දාන ශාලාව ලග...බත් ඔරුවක්.
මෙන්න තවත් කට්ටිය
පිළිම වහන්සේගේ තින්ත ගානව පොසොන් එකට.
හ්ම්ම්...මහන්සි නිසා හදාගන ආව බත් එක කන්න පටන් ගත්තා.


 සුදු බත් වලින් වැඩි හරියක් කෑවෙ මෙයාල.ඉබ්බොත් කීපදෙනෙක්ම හිටියා...


  මිහින්තලාව

කට්ටියක් ආරාධනාගලට නැගලා බහිනව.හුළග නම් ටිකක් සැරට තිබ්බා.

36 comments:

  1. බත්තෙක දැක්කහම කටට කෙලත් ඉනුවා. මේ ෆොටෝ ටිකේ අමුතු ලස්සනක් තියෙනවා. අර දෙන්කෙක් ඉන්න තුවෙනි ෆොටෝ එක එහෙම මාර ගති.... කවුදෑ ෆොටෝ ටික ගත්තේ/හැදුවේ ???

    ReplyDelete
  2. ම්ම් බත් එකේ සම්බොල එක නම් සැර පාටයි... මිහින්තලේ අක්කලාට ලඟද..

    ReplyDelete
    Replies
    1. ඔව් සැරට හදලා තිබ්බෙ.අර අක්කලා දෙන්න ගෙනාව බත් එක තමා ඒ.ටිකක් ලගයි රු.30 ක දුර :))

      Delete
  3. මාත් දෙතුන් පාරක්ම මිහින්තලේ ගිහින් තියෙනවා.. ඉස්කොලෙන්, ගෙදර කට්ටිය එක්ක.. :)

    ReplyDelete
    Replies
    1. මමත් පොඩි කාලෙ ගියාට පස්සෙ මේ ගියාමයි.

      Delete
  4. ගිහින් නෑ නෙවැ.. යන්න හිතුණා මේ ලස්සන ෆොටෝස් දකිද්දි..
    බත් එකට බඩගිනිත් වැඩි වුණා නෙව...
    ස්තූතියි මේ වටින සටහනට.. :)

    ReplyDelete
    Replies
    1. සැහ් ගිහින් බලන්න දවසක.

      Delete
  5. බලන් යනකොට මිහින්තලේ ලග ඉන්න මිනිස්සු වැඩිය ගිහින් නැති පාටයි. මම හිතන් හිටියේ මම විතරයි කියලා :D අපේ ගෙදර ඉදලා KM 5 විතර තියෙන්නේ ඒ උනාට මාත් අවු 10 විතර ගිහින් නෑ. :D :D

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමද මමත් කාලෙකින් ගියෙ.ඔයත් එහෙනම් ලග ඉන්න කෙනෙක් අපිට.කොහෙද දන්නෙ නෑ ඉන්නෙ/?

      Delete
  6. හරිම ලස්සන ෆොටෝ ටික. කෙසෙල් කොලේ බත් දැක්කම ආස හිතුනා .

    ReplyDelete
  7. ලස්සනයි! ගොඩක් කාලෙකින් යන්න බැරි වුනා. ෆොටෝ ටික දැක්කහම නම් ළඟදිම දවසක අයෙත් යන්න ඕනෙ කියන හිතුන.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුව ගිහින් බලන්න

      Delete
  8. මිහින්තලේ ලස්සනම රෑට..වැඩි සෙනගක් නැතිව හද තියෙන රෑක තමයි මිහින්තලේ ලස්සන පෙන්නේ....මිහින්තලේට එහා පැත්තේ ඉන්න නිසා කම්මැලි හිතුනා ගමන් අපි නම් කරන්නේ ඒ ලස්සන විදින්න යන එක!එක පාරක් ඇවිත් බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔයා රජරට යුනි ද ඉන්නෙ?අපිට රෑවෙලා යන්න බෑනේ.එහෙම යන්න තියනව් නම් ආසයි.

      Delete
  9. බත් මුලේ එකයි මාළු ටිකයි අනිත් පොටෝ ඔක්කොමයි ලස්සයි. මුවෙක් එහෙම පේන්න හිටියේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. මුවාලා නම් හිටියෙ නෑ.වදුරෝ නම් පිරිලා...

      Delete
  10. අනිත් ඔක්කොමත් හරි අර බත් එකේ පොටෝවත් හරි.

    ReplyDelete
  11. අනිත් පොටෝ සේරමත් හරි අර බත් එකත් හරි

    ReplyDelete
  12. මමත් ගිය අවුරුද්දෙ ගියා මිහින්තලේ. ලස්සන පින්තූර ටික. රිලව් මල් උදුරගෙන කෑවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එවුන්ට අපි ඉදිච්ච අඹ අරන් දින්න කන්ඩ

      Delete
  13. ලස්සනයි පොටෝ ටික.

    ReplyDelete
  14. අනේ මම තාම ගිහින් නැහැනේ :((((

    ReplyDelete
    Replies
    1. අයියෝ ගිහින් බලන්න දවසක

      Delete
  15. ලස්සන පින්තූර ටික. මම හිතන්නේ අවාරේ ගිය නිසා තමයි මේ වගේ ලස්සන පින්තූර ටිකක් ගන්න පුළුවන් උනේ. පොසොන් එකට වගේ ගියා නම් ගන්න වෙන්නේ ඔළුගෙඩි ටිකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නිවීහැනහිල්ලේ යන්න ඔනේ වදින්න නම්.නැත්තම් සෙනග ගොඩේ එපා වෙනව.

      Delete
  16. මගෙත් හිත නිවෙන තැනක් තමයි මිහින්තලේ කියන්නේ..මමත් ගොඩක් වෙලාවට මිහින්තලේ ලගින් තමයි ඔෆිස් වැඩ වලට යන්නේ එන්නේ සතියකට 3-4 සැරයක් .හැබැයි ඉතින් මහා රාත්තිරියේ තමයි යන්නේ එන්නේ..1.00 ට 2.00 ට විතර තමි ඔතනින් යන්නේ.මම ඈත ඉදන් බලන් එන්නේ සෑය දිහා..මාර ලස්සනක් තියෙන්නේ.කියන්න වචන නේ ඒ ලස්සන.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ලයිට් එහෙම දාල තියෙද්දි ලස්සනයි තමා රෑට.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මිහින්තලේ යන්නත් සිරිපාදේ යනවා වගේ වාරයක් සහ අවාරයක් තියෙනවාද අක්කේ ??

    ReplyDelete