Monday, April 16, 2012

එයා ඇවිත්!

බල බලා හිටිය ආරංචිය අද උදේ ලැබුන...එයා ඇවිත්.අපි දනි පනි ගාල කෑම බීමත් හදන් අරන් ගියා බලන්න.කොහෙද! එහෙම බලන්න දෙන්න බෑ...ලු.එක්කෙනෙක්ට විතරලු බලන්න දෙන්නෙ....ඒ නිසා අය්යව යැව්ව ගිහින් බලලා එන්න කියල.එයානෙ යායුතු අත්‍යවශ්‍යම පුද්ගලයා... 

මම් ඉතින් කොරිඩෝව දිගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා මුළු පැයක් පුරාවටම.එයාල ඉන්න පැත්තට බෙල්ල දික් කරකර බැලුව.ම්හු...කිසි දෙයක් බලාගන්න බැරි උනා.හොද වෙලාවට අය්ය එයාගෙ පින්තූර කීපයක් අරන් ඇවිත් තිබුනා අපිට බලන්න කියල.මේ ඉන්නෙ එයා, නැචුරල්ගෙ නංගි,තවම වයස පැය ගානක් වෙන්නෙ.

මෙන්න දොයි තාම
මේං ඇහැරලා බලන් ඉන්නව
ආයම දොයි
එයාව ගෙදර එක්ක එන්න නම් තව දවස් 2ක් වත් යයි.එතකන් ඇගිලි ගැන ගැන තමා මේ ඉන්නෙ.ආහ්... ඒ විතරක්යෑ නමක් හොයන්නත් එපැයි.

36 comments:

  1. බබාට මගෙන් සුබ පැතුම් .......

    ReplyDelete
  2. ෂා එහෙනම් අවුරුදු කුමාරියකුත් ඇවිත්. නමකට දාන්න නැචුරල් 2 කියල ;-)

    ReplyDelete
    Replies
    1. නැචුරල් ද සකන්ඩ් :))

      Delete
  3. එයා ශොයි අක්කේ බලන්න දෙවනි ෆෝටෝ එක....

    ReplyDelete
  4. නියමයි! ඔන්න එහෙනං මුලින් ම උණුසුම් සුබ පැතුම් මගෙන්. ටොපේ ටොප් නමක් දාන්ඩ හොඳේ....

    ReplyDelete
    Replies
    1. ටැංකූ.ඔව් ඔව් ලස්සන නම්ක් දාන්න ඔනේ.:)

      Delete
  5. අවුරුදු තැගි...

    හරිම ලස්සන දරුවෙක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අවුරුදු තෑගි :)

      Delete
  6. පුංචිටත් වැඩ තියෙයි අම්බානකට දැන්....



    අනාගතේට ගැළපෙන නමක් දාන්න... ඔය රං මැණිකා , කිරි මැණිකා වගේ ඒව නම් දාන්න එපා .. එහෙම දැම්මොත් කෙලි පැටික්කි ලොකු වුනාම බලා ගන්න තියෙයි..ඉංගිරිස් වලින් ලියද්දි කියවෙන විදිය ගැනත් හිතුවොත් හොදයි මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව් වැඩ නම් අධිකයි කියලවැඩක් නෑ.හ්ම්ම් තම වෙලාව බලාගන්න බැරිඋනානේ.ලස්සන නමක් දාන්න ඔනේ.

      Delete
  7. පුන්චිට තීන තංතොසේ....හි හි අපේ සුභ පැතුම..තෙරුවන් සරණයි පැටියටයි අම්මටයි

    ReplyDelete
    Replies
    1. තංතෝස නැඩ්ඩ අලේ.:) ස්තූතීයි.

      Delete
  8. මගෙන් සුභ පැතුම්......

    ReplyDelete
  9. පුදුම සතුටක් නේ තියෙන්නේ.. ලස්සන පැට්ටා.. හීන් මැණිකා වගේ නමක් ලස්සන නැතෙයි..

    ReplyDelete
    Replies
    1. ආය සතුටු නැතුව.ටැංකූ.ඔව් ඒවගේ එකක් තමා දාන්න ඉන්නෙ.හික් හික්

      Delete
  10. අනා ෂෝයි බබා :) ♥

    ReplyDelete
  11. ජය වේවා! ඔය නම් නං ඕන තරන් තියෙන්නෙ ටෙලිෆෝන් ඩිරෙක්ටරියෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. අලේ.. සෝයි පැටියා... <3 <3 සුබපැතුවා කියන්න අක්කට......... :D

    ReplyDelete
  13. පුතේ ඔයාට තෙරුවන් සරණයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  14. නංගි බබෙක්. ශෝයි ශෝයි

    ReplyDelete
  15. කවුද මේ බබී....??

    ReplyDelete
  16. මේ හුලතල් පට්ටන්ගේ පොතෝ නෙට් එකේ දන්නා හොද නෑලු? හි හුයි ගාන අය ගොදයිලු

    ReplyDelete
    Replies
    1. ඔහ් එහෙමත් එකක්ද?

      Delete
  17. ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්ඩත් ආසයි. මම් ආසයි මේ වගේ පොඩ්ඩොන්ට. දවසම උනත් ඒ අය එක්ක ඉන්ඩ පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඔයත් මේවගේ කෙනෙක් හදාගන්න එතකොට හරිනේ:)

      Delete