Friday, March 30, 2012

හ්ම්ම්ම්... හ්ම්ම්ම්... අවුල්!

අම්මෝ කාලෙකට පස්සෙ ඉස්පාසුවක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ එන්න.බ්ලොග් කියවන්නත් සෑහෙන ගානක් එකතුවෙලා තියනව.හිමීට හිමීට ඒවත් කියවන්න ඔනේ.මේ ලගදී ජීවිතේ පොඩි වෙනසක් උනා,ඒ නිසා නිතරම බස් වල, පයින් එහෙ මෙහෙ යන්න සිද්දවෙනව.ඔන්න ඔය අතරෙදි තමයි මට මේ යාලුව හම්බුනේ.

වෙනදාවගේ පාන්දර බස් එකෙන් බැහැලා වැඩ කරන තැනට  පයින් එන ගමන් කට්ටියක් වට වෙලා ඉන්නව පාර අයිනේ ,මම්ත් ඉතින් හැම එකටම හොට දාන නිසා පොඩ්ඩක් එබිලා බැලුවා.මෙන්න බොලේ අමුතුම ජාතියේ කෙනෙක්.මම් මීට කලින් මේවගේ කෙනෙක් දැකලා තිබ්බෙ නෑ.එතන හිටිය ගොඩක් අය කීවෙත් එයාල මේ වගේ කෙනෙක් දැක්ක පළවෙනි වතාව කියල.

මේ බලන්නකො දැකලා තියනවද මේවගේ කෙනෙක්?

පේනව නේද බය වෙලා බලාගන ඉන්න හැටි

අපිට පෙනුන විදියට මෙයා කවුරු හරි අල්ලගන ඉදල තියනව, අර බෙල්ල හරියෙන් තියන කම්බි කෑල්ල පේනවද?.ඒක කඩාගන මෙයා පැනලා ආව වෙන්න ඕනේ...අපේ සද්දෙට එයා හොදට ඔලුව හරව හරවත් ඇහුම්කන් දුන්නා...වටේ පිටේ, මෙයාව බලන්න එක් රැස් වෙලා හිටපු අය වනජීවී එකට කතා කරල පණිවිඩේ දුන්න.

බෙල්ල හරියෙන් බැදලා තිබ්බ කම්බි කෑල්ල පේනව නේද?

මෙන්න මෙයාල ගැන විස්තරේකුත් තියනව මෙතන.එයාලට කියන්නෙ Barn Owl කියලලු.දුර්ලභ ගනයේ Owl කෙනෙක්ලු.හරියටම හාර්ට් එකක් වගේ මූණක් තියෙන්නෙ.ඇගේ පිහාටුවල අමුතුම තිත් රටාවකුත් තියනව.මෙන්න එයාල ගැන වීඩියෝ එකකුත් තියනව බලන්නකො කොච්චර ලස්සන සතෙක්ද කියල.

27 comments:

  1. මේ බකමූනෙක් නෙව මීට සමාන එකෙක් අපේ අටුවෙත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඇහ් ඔහෙත් ඉන්නවද?

      Delete
  2. අපෝ ... කොහෙද ගිහිල්ල හිටියෙ ... මං හිතුවෙ හදිසියෙම කසාදයක්වත් කර ගත්තදෝ ... කියල.
    [අන්තිමට ලිව්වෙත් ඒ ගැන නෙ]
    අවුල් කියනකොටම මතක් වුනෙත් ඒකමයි ... මොකද එහෙම වුනාමත් අවුල් නෙ.
    [කියවල බැලින්නම් මේ අහිංසක බස්සෙක් නේ]

    ReplyDelete
    Replies
    1. මොන කසාදද අය්ය අපි තාම පොඩි ලමයි.ඔයාල වගේ වයසක අය නෙමේ.:)

      Delete
  3. අපෝ ... කොහෙද ගිහිල්ල හිටියෙ ... මං හිතුවෙ හදිසියෙම කසාදයක්වත් කර ගත්තදෝ ... කියල.
    [අන්තිමට ලිව්වෙත් ඒ ගැන නෙ]
    අවුල් කියනකොටම මතක් වුනෙත් ඒකමයි ... මොකද එහෙම වුනාමත් අවුල් නෙ.
    [කියවල බැලින්නම් මේ අහිංසක බස්සෙක් නේ]

    ReplyDelete
  4. මේ වගේ කෙනෙක් නම් දැක්ක පළවෙනි වතාව. අසරණ වෙලා වගේ බලන් ඉන්න විදිහ දැක්කම දුක හිතෙනවා. වටින් පිටින් ඇහෙන සද්ද නිසයි, මොනවද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරි හින්දයි මෙයා ටිකක් අවුල් වෙලා වගෙ :)

    ReplyDelete
    Replies
    1. ඔව් හොදටම බය වෙලා වගේ හිටියෙ.

      Delete
  5. දුර්ලභ ගනයේ සතෙක්නම් ඇතිකරන්න තහනම් ඇති.. හොද වෙලාවට අක්කලා වණජීවි එකය කතා කලේ..

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෝම කිවෙ ඇතිකරපු කෙනෙක් වගේ කියල.හැබැයි උගුලකට වගේ අහුවෙලාද දන්නෙත් නෑ ඉතින්.මම් හවස එද්දි එයාව අරන් ගිහින් තිබුනා.

      Delete
  6. මාරයිනේ..ඉතින් මේ සතාට මොකද කරේ..අපිත් එකපාරක් රිලවෙක් අල්ලගෙන දෙහිවල සත්තුවත්තට ගෙනිච්චා.හෙන ගේමක් දීලා පෙට්ටියක දාගෙන එකෙක්ගේ වෑන් එකක ගෙනිච්චේ..සත්තුවත්තේ උං ගනං ගත්තෙවත් නෑ.අපි ගෙනාපු නිසා දීලා ආවා...එන ගමන් එකෙක් කිව්වා වදුරුමස් කනවා කියලා..අපරාදේ....

    ReplyDelete
    Replies
    1. වන ජීවී එකෙන් අරන් ගිහින් කොහෙහරි කෑලෑවකට දායි මම් නම් කැමති නෑ සත්තු කූඩු කරල තියාගන්නවට.මෙයාට පොඩ්ඩක් තුවාල වෙලත් තිබුනා.

      Delete
  7. අවුල බලන්න මම ආවේ බැලින්නම් අවුල්නෙ. ඇත්ත මේ දුර්ලභ සතෙක්. සඳරූ කිව්ව හරි අපේ රජරට පැත්තට වෙන්න ටිකක් බහුලව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් රජරටින් තමා මම් මෙයාව දැක්කේ.අනුරාධපුරේ.

      Delete
  8. Replies
    1. හ්ම්ම්ම්ම්......හ්ම්ම්ම්ම්ම්ම්........

      Delete
  9. මේ ජාතියේ එකෙක් දැක්කමයි!:)

    ReplyDelete
  10. මෙව්වොන්ගේ වැඩ හින්ද තමයි සතේකටවත් ඉන්න නැත්තේ.

    ReplyDelete
  11. මූණට ටිකක් පව්ඩර් වැඩියි වගෙ නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මෙයාට ටිකක් වැඩී වගේ තමා "පවුඩර්"

      Delete
  12. මම මෙ සතා දැක්ෙක පළෙවනි වතාවට ලංකාෙව් ඉන්න ෙකෙනෙක්ද. ‍‍

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලංකාවේ තමා මමත් දැක්කෙ මුල්ම වතාවට

      Delete
  13. බාන් අවුල්. මම දන්න විදියට ඇතිකරන්න තහනං. වැඩිදුර විස්තර වයිල්ඩ් ලයිෆ් ශ්‍රී ලංකා ලියන ගාමිනි අයියගෙන් ඇහුවනං දැනගන්න පුලුවන් වෙයි.

    මූව දැක්කම මතක් උනේ . . . මෙයාල රගපාන මේ චිත්‍රපටිය බලල තියනවද ???

    ReplyDelete
  14. බකමුනු ජාතියේ කකුල් දෙකේ අයත් ඉන්නවා. පත්තරේ කියවන්නකෝ ..ඒ ගොල්ල කියන දේ දැක්කම හිතෙන්නේ එහෙමයි..

    ReplyDelete
  15. හරිම ලස්සනයි.ලස්සන දැක්කාම ඇති කරන්න ආස හිතෙනවා නේන්නම්.

    ReplyDelete
  16. අනේ මට නම් දැක්කම බයයි බයයි වගේ....

    ReplyDelete
    Replies
    1. හෙහෙ මූණ නපුරු පාටද?

      Delete