"මරණය යනු සියල්ල අහිමිවීමක් නෙමෙයි.අපි බොහෝ වෙලාවට එහි අනෙක් පැත්ත දකින්නෙ නැහැ.මරණය යනු තවත් උපතක්.
මෙහි අභාවයට යනවා කියන්නෙ ඊලග ක්ශණයේදී තවත් උප්පත්තියක් ලබනවා කියන එක.උපතක කියලා කියන්නෙ තවත් මරණයක්.සාමාන්‍ය ලෝකයා දකින්නට පුරුදුවෙලා තියෙන්නෙ ඇහැට කණට පේන දැනෙන සාමාන්‍යකරණය විතරයි.
නමුත් එහි අනික් පැත්ත ගැන අපි කවදාවත් හිතන්නෙ නැහැ.දරුවෙක් ඉපදෙනකොට අපි කවදාවත් හිතනවද"මේ දරුවා මට කොහින්ද ලැබුනේ" කියලා.
මව්කුසක දරුවෙක් පහළ වෙන්නෙ අනිවාර්යෙන් තවත් තැනක යම්කිසි ජීවිතයක් අභාවයට පත් වෙලාමයි.ඒ විඤඤාණයයි මව් කුසක කලල රූපයක් අල්ලාගන ජීවියෙක් හැටියට ප්‍රතිසන්ධිය ලබන්නේ.
එහෙනම්,දරුවෙක් බිහින්වෙන්නට නම් තව කොතැනක හෝ යම් සත්වයෙක් යම් මනුශ්සයෙක් අභාවයට යා යුතුයි.එහෙම නම් අපිට දරුවෙක් උපදිනවා කියන්නෙ තවත් තැනක අභාවයක්!අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නෙ තවත් උපතක්!"
මේ තමයි මම් කියවපු අලුත් ම පොත.පොතේ නම "නොනිමෙන මරණයේ නොමියෙන අරුත්",ලියල තියෙන්නෙ පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ.
මට මේ පොත ලැබුනේ යාලුවෙකුගෙන්.එයාල මේ පොතට මූල්‍ය දායකත්වය දීල බෙදාහරිනව.ඉතින් මටත් එකක් හම්බුනා.පොඩි පොතක් නිසා එක හුස්මට කියවලා ඉවර කරා.ඔයාලත් හම්බුනොත් කියවලා බලන්න.
සමාවෙන්න ඕනේ නොදන්න හින්දයි අහන්නේ !
ReplyDelete........දරුවෙක් ඉපදෙනකොට අපි කවදාවත් හිතනවද"මේ දරුවා මට කොහින්ද(?) ලැබුනේ" කියලා..........
මට මේකේ තේරුම කියනවද?
හික්ස්.........
අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නේ තවත් උපතක ආරම්භයක්ම නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් මේක හරිම ගැඹුරු මාතෘකාවක්..
ReplyDeleteඉපදුනොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ.
ReplyDeleteඒ පොත මාත් හොයාගෙන කියවන්න ඕන. ස්තූතියි දැනුවත් කිරීමට.
හ්ම්ම්...
Deleteපොතක් නේ ?
ReplyDeleteකියවලා නෑ හලෝ. ඔහේ පුදුම පොත් ගොඩක් නේ කියවන්නේ. මට වෙලාවකට ඊර්ෂ්‍යාත් හිතෙනවා අප්පා...
කොහෙද පොතක් කියවන්න වෙලාවක් තියන එකක්ද ඔයාලට.
Deleteමරණය යනු කිසිසේත් සියල්ල අහිමි වීමක් නොවේ. එය එක්තරා තම ඇඳුම් පැලඳුම් ගලවා දමා වෙනත් ජීවිතයකට පිය නැගීමකි. මහාසි සයදෝව් හිමි පවසන අන්දමට 1/100-12 තරම් වූ සිතක් ජවන හතක් ඇති වේ. මේ ජවන හතෙන් මියයන අවස්ථාවේ ඇති වන්නේ ජවන පහකි. ඉතිරි ජවන දෙක ඇති වන්නේ අනෙක් භවයේ මුල් අවස්ථාවේදීය. ඒ නිසා පෙර ජීවිත්යේ මතකයන් නව ජීවිතය කරා පැමිනෙයි. නමුත් රූපය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. මරණයට යහපත් ජීවිතයක් ගත්කල කෙනෙකුට බිය වීමට් කිසිම කරුනක් නැත. පාපකාරී ජීවිතයක් ගත් කලේනම් බිය වීමට බොහෝ කරුණු ඇත. මේ පිලිබඳ සම්පූර්ණ විස්තර ලබා ගැනීමට"Dependant Origination - Mahasi Sayadaw " කියවන්න.
ReplyDeleteස්තූතියි ඔබතුමාගෙ විස්තර කිරීමට.
Deleteසමහරු මියගිය වහාම උපතක් ලබන අතර තව සමහරු ඊට ටික කාලයක් ගනී. තවත් අය අවුරුදු ගණන් ඉපදීමට නොහැකිව ගන්ධබ්බ අවදියේ පසු වෙති. [තම තමාගේ කර්ම ශක්තිය අනුව]
ReplyDeleteහැබැයි ඉතින් මම අහල තිටෙන විදිහට නම් ... මරණය සුව දායක දෙයක් ලු නදී ... හි .. හි ...
උපත වගේම මරණයත් සුවදායකයි කියල මම් නම් හිතන්නෙ නෑ.ජීවත් වෙලා ඉන්න ටිකේ හොද දේවල් කරානම් බයක් නැතුව සුවදායක මරණයක් ලබන්න පුලුවන් වෙයි කියල හිතාගන හරි ඉන්න පුලුවන්.
Deleteමරණය.. පුනර්භවය වගේ දේවල් කියවන්න මමත් මාරම ආසයි..
ReplyDeleteමමත් ගොඩක් ආසයි
Deleteකියවලා බලන්න ඕනේ....
ReplyDeleteහම්බුනොත් බලන්න කියවලා.
Deleteමරණය ඇරඹෙන්නේ උපත සිදු උන මොහොතෙමයි .. බිලියන ගණනක් ශයිල මියැදෙමින් අලුතින් ඉපදෙමින්.. මියැදෙන ශයිල උපදින ශයිල වලට වඩා අඩුවෙනදා වියපත්වීමත් උපදින ශයිල නැවතුනුදා පස් බවට පත්වෙන මේ සිරුර දමා යායුතුයි..
ReplyDeleteමේ ලෝකෙ සමතුලිත පද්ධතියක් නෙ, එකතැනක තියන දෙයක් තමා තව තැනකට යන්නෙ. එකතැනක දේවල් වැඩී නම් තව තැනක දේවල් අඩුයි...
ReplyDeleteඒ වගේ