Thursday, March 8, 2012

කොහෙද බොල බස් හිටවන්නෙ


ලංකාව පුංචි රටක් උනත් එක එක පළාත් වලට විශේෂ වෙච්ච වචන,භාෂා විලාස තියනවනේ.ඒවට කියන්නෙ "ප්‍රාදේශීය ව්‍යවහාර" කියල.

මාතර ගාල්ල පැත්තේ එක විදියක්. නුවර පැත්තෙ තව විදියක්.අනුරාධපුරේ පැත්තට වෙන්න තවත් විදියක්.ඔන්න ඔය විදියට කතා කරන වචන, විලාශය එක එක ප්‍රදේශ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව.

මම් බදුල්ලෙ ඉන්න කාලෙ එහෙ සමහරු කෑවද? ගියාද? කියල ප්‍රශ්ණ අහන්නෙ නෑ.එයාල කෑවා...බීවා... කියල ඇදලා තමයි කතාකරන්නෙ. ඒ එයාල කතා කරන විදිය.

සමහර අය කන්ට බොන්ට යද්දි සමහරු කන්ඩ බොන්ඩ යනව.සමහරු කන්න බොන්න යන්නෙ.

මේ සිද්ධිය වෙලා වසර කීපයක්.කැම්පස් ඉන්න කලෙ ඔය එක එක පළාත් වල අය එකට සෙට් උනාම කතාකරන්න එක එක විදියේ මාතෘකා ඇදිලා එවනේ.

ඔය අතරේ එක එක පැති වල කතාබහ කරන ආකාර ගැනත්  කතාවක් ආව.එකෙක් එක පාරට කියපි,ආ...උඹලෑ පැත්තෙ කුඩේ බානවා නේද?...කියල.

අනේ පල (&%*^$%#&^.... ආ එහෙනම් උඹලා මොකද කියන්නෙ?

නෑ ඉතින් අපිනම් කියන්නෙ කුඩේ අකුළනව,කියලනේ.හිකි.. .හිකි... හූඌඌඋ....

ඇයි බං මතකද දවසක් (ලගම ඉන්න කෙනෙක්ව ඉගියකින් පෙන්නමින්).දවසක් අපි ටවුන් ගියා... ආව මුල් කාලෙම හරිද... මෙයා එක පාරටම බස් එකක් නැවත්තපු වෙලේ, අන්න බස් එක හිටෙව්වා...යං යං...කියල මාවත් ඇදගන දිව්වා.

මට මැරෙන්න හිනා... කොහෙද බොලෙ බස් හිටවන්නෙ හරියට ගස් හිටවනව වගේ හිකිස්...

ඔහොම දෙයක් කියල කෙනෙක්ව අවුස්සලා කම්මැලිකම යාවාගන්න ගිහින් සමහරුන්ගේ ඇස් රතුවෙන වෙලාවලුත් තිබ්බා,ඒව ඉතින් ටික වෙලාවයි.

ඒත් පස්සෙ මතක් කරද්දි එහෙමත් කාලයකුත් තිබ්බ නේද කියල හිතෙනව.ආය එහෙම කාලයක් එන එකක් නෑ.දැන් ඉතින් හැමෝම බිසී වෙලානේ.කතා කරන්නවත් කොහෙද වෙලාවක්.

70 comments:

  1. අපි නම් කුඩ හෙවිල්ලනවා !
    බස් අල්ලනවා !

    ReplyDelete
    Replies
    1. ඇහ් මෙහෙනම් හෙවිල්ලන්නෙ පොල් අතු වගේ ඒවා වහලෙට.බස් නම් අපිත් අල්ලනව :ඩී

      Delete
  2. බස් හිටවන්නෙ කුරුණෑගල පැත්තෙ නේද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි ! බස් හිටවන්නේ එහේ තමා !

      Delete
    2. @මධුරංග- ඔයා කොහොමද දන්නෙ? මේකට අදාල කෙනා නම් කුරුණෑගල කෙනෙක් නෙමේ.:)

      Delete
  3. මම ගමේදි කතා කරපු විදිය හෙන ගේමක් දීල වෙනස් කරගත්ත කොළඹ ආවට පස්සෙ . . හැබැයි දැං ගමෙං ඇවිල්ල අවුරුදු 25කට කිට්ටු උනත් තාම ගම පැත්තට කිට්ටුකරද්දි (ඒ කියන්නෙ පොල්ගහවෙල හරියට එද්දි) මම ආපහු පරන පුරුදු විදියටමකතාව පටංගන්නව

    ReplyDelete
    Replies
    1. හෙහෙ පුරුදු අත අරින්න බෑ කියනවනේ.මගෙ යාලුවෙක් හිටියා එයා
      එහෙට-එහෙට්ට
      මෙහෙට-මෙහෙට්ට
      අරහෙට-අරහෙට්ට

      කියද්දි "ට්" අකුරක් වැඩියෙන් කියනව.එයාගෙ අම්මත් එහෙමයි :)

      Delete
    2. ඔයාට කියන්න ලියද්දි නැති උනත් කතා කරද්දි මටත් ඔය ට් වැඩිපුර සද්දවෙන සීන් එක තියෙනව .. . ගමේ පුරුද්ද

      Delete
  4. මගෙත් යාළුවෙක් හිටියා "බස් එක හිට්ටා" කියන. ඒත් අපි වැඩිපුරම කළේ ඒවගෙ යෙදුම්ම භාවිතා කරන එක. අන්තිමට මතක නැහැ අපි මුළින්ම කතා කළේ කොහොමද කියලවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කතා කරද්දි ඒවාම හුරු වෙනව.අපේ කෙනෙකුත් හිටියා "අපෝ" කියන එකට "හෆොයි" කියන අන්තිමට අපිත් හෆොයි කියන්න ගත්තා.

      තව කෙනෙක් හිටියා එයා "ඈ..." කියන එකට "හෑ..." කියල කියන.

      Delete
  5. මම කරන්ට් එකවත් නැති නුවර ගෙදරකට ගිය වෙලේ. ගේ ඇතුලෙන් සද්දයක් ආවා "ඉන්ටනෙට් එක දාන්ට" කියලා. මම උඩ ගියා කවුද දන්නේ බැටරියට ගහන ලැපක් වත් තියෙනවද කියලා. නෑ මදුරු දැල දානකන් පොඩ්ඩක් ඉන්න කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙහෙ නුවර අය එහෙම තමා කන්ට බොන්ට කියන්නෙ

      Delete
  6. ඇත්ත ගොඩක් වෙලාවට ඔහොම වචන ඉස්සෙලා අහද්දි අපිට පිස්සු හැදෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහෙ අහලම නැති ඒවානේ ඉතින් ටිකක් පුදුම හිතෙනව තමා.

      Delete
    2. අපි කියන සමහර වචනත් අනිත් අයට අමුතු ඇති :)

      Delete
  7. නදී,මේක ගැන කතාකරන්න මට නැවකට කතන්දර තිබ්බත් මේ සමහරු ඔය සම්බන්දව අධික සංවේදී නිසා පරිස්සමෙන් කතා කරන්න ඕනෙ. අපේම සමහරු හරිම ජාතීවාදී අන්තවාදී තමන්ගෙ ගම් පළාත සම්බන්දව. මේ ගැන මම පස්සෙ පෝස්ට් එකක් ලියන්න ඉන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් ඔහොම විහිලු කරලා ඇස් රතුවෙන වෙලාවලුත් තිබ්බ කීවෙ එකයි.සමහරු විහිලුවට කියන කරන ඒවා සීරියස් ගන්නවනේ ඒකයි පරිස්සමෙන්:)

      Delete
  8. අපිත් කැම්පස් එකේදි ඔය කේස් එකට සෑහෙන්න බයිට් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ අපිත් එහෙමයි.

      Delete
  9. http://tikakhinawenna.blogspot.com/2010/06/1.html මෙන්න එකක්....

    http://tikakhinawenna.blogspot.com/2010/06/2.html මෙන්න අනික....

    ඔය තියෙන්නේ මගේ අත්දැකීම්වල උච්ඡස්තානයේ තියෙන ඒවා....

    ReplyDelete
    Replies
    1. හෙහ් ඔය තියෙන්නෙ මම් කියවන්න ඕනේ ආය පාරක්

      Delete
  10. ආමි එකට, ලංකාවේ එක්තරා ප්‍රදේශයකින්, සොල්දාදුවන් හැටියට කීප දෙනෙක් බැඳුනා. මේ අය පුහුණු කිරීමේදී ගැටළු රාශියකට මුහුණ දෙන්න උපදේශකයන්ට සිදු වුනා. එයට ප්‍රධානම හේතුව වුනේ ඔවුන්ගේ භාෂා විලාශය ඉතාම වෙනස් ආකාරයේ එකක් වීමයි. වෙඩි තැබීම පිලිබඳ දේශණ අවසන් කර, ප්‍රායෝගික කොටස සඳහා සියලුම ආධුනික සොල්දාදුවන් වෙඩි පිටියට (Firing Range) රැගෙන ගියා. හමුදා පිළිවෙත අනුව පුහුණුවීම සඳහා වෙඩි තැබීමට අණ දෙන්නේ මෙහෙමයි. 'ඉදිරියේ ඇති ඉලක්කපතට තමන්ගේ කාලය අනුව උණ්ඩ පහක් වෙඩි තබනු' මෙය අර 'සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින්' කියනවා වගේම නියෝගයක්. නියෝගය දුන්නත් අනික් අය වෙඩි තිබ්බට 'අර පැත්තෙන්' ආව කට්ටිය වෙඩි තියන්නේ නැහැ. බලා ඉන්නවා. වෙඩි පිටිය භාර නිලධාරියාට මෙය මහත් ගැටළුවක්. ඔහු සාජන් මේජර් කැඳවා කිව්වා 'බලන්න සාජන් මේජර් මේ යක්කුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා'. සාජන් මේජර් ගියා අර සොල්දාදුවන් ලඟට 'ඒයි මොකද වෙලා තියෙන්නේ. උඹලට තේරුනේ නැද්ද? ඔහු ඇසුවා 'මොකුත් තේරුනේ නැහැ'. ඔවුන් කිව්වා. උඹලගේ ගම කොහෙද සාජන් මේජර් ඇහුවා '. . . . . ' උත්තරේ හබ්බ වුනා. 'හා හරි හරි' කියූ සාජන් මේජර් ඒ අයට තේරෙන විදිහට වෙඩි තැබීමේ නියෝගය දුන්න මෙන්න මෙහෙම. 'අඩා. . . ගිනි පිඹ' නියෝගය ලැබුනා විතරයි, අර සොල්දාදුවෝ දිඩි දිඩි ගාලා වෙඩි තියන්න පටන් ගත්තා.

    ReplyDelete
    Replies
    1. හිකිස් නියම කතාව මට හිතා ගත්තැහැකි කොහෙන්ද ඒ අය ඇවිත් හිට්යේ කියල.තේරෙන භාෂාවෙන් කියන්ඩ එපැයි ඉතින් :)

      Delete
  11. මාතර පැත්තෙ පොල් ඔයනවා කියන්නෙ පොල් ලෙලි ගහන එකට.
    අපිට පොල් ඔයන්න කියලා මාතර කෙනෙක් කිව්වොත් අපි කරන්නෙ පොල් හොයන එක :))

    ReplyDelete
    Replies
    1. ඉතිං කොහොමෙයි කොළඹ පොල් හොයන්නේ නේද? වෙන්නේ ඔයලා නිකන් ඉන්න තමයි.

      Delete
    2. අපේ නැන්දම්මලෑ දිහා (නැන්දම්මා මාතර) අපි යනකොට ජම්බෝල එහෙම සුද්ද කරන් යනවා. එතකොට නැන්දම්මා කියන්නේ "පුතාලා ජම්බෝල ඔයන් ඇවිදින් කියලා."

      ඇයි ඒ අය වඩදිය බාදියට කියන්නේ වඩිජ්ජ කරිජ්ජ කියලා.

      එහේ මාලු වර්ගත් අමුතුයි.

      පොතුබරියෝ, ලින්ඩෝ, පැන්ඩෝ !!!! හිනා වෙලාම පන නෑ. :)

      Delete
    3. පැන්ඩා කියල මාළුවෙකුත් ඉන්නවද? :)

      Delete
    4. පැන්ඩා නෙමෙයි පැන්ඩෝ !!! ඩා නෙමෙයි ඩෝ !!!

      Delete
  12. ඒක නේන්නම් අපේ පැත්තේ බොහෝවිට යනවාට කියන්නේ පද්දනවා කියලා .. ඉතින් දවසක් පද්දන්න ගිහිං මමත් හූ පාරවල් අහගත්තා

    ReplyDelete
  13. මම හිතන්නෙ නැවැත්තුව කියන්නෙත් හිටෙව්වා කියන්නෙත් යන්නෙහි තේරුම එකම බව ලංකාවෙ ඉන්න හැම සිංහලයෙක්ම දන්නවා.ඒක හිනාවෙන්න කාරණයක් නෙමෙයි.ඇයි දැකල නැද්ද ස්කෝලෙ පන්තියෙදි වැරදි කරපු සමහර ළමයින්ව හිටවල තියෙනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ගොඩක් අය ඒක දන්නව තමා අපිට ඔනේ උනෙ එයාට විහිලු කරල පොඩ්ඩක් අවුස්සලා ගන්න

      Delete
  14. මම හිතන්නෙ නැවැත්තුව කියන්නෙත් හිටෙව්වා කියන්නෙත් යන්නෙහි තේරුම එකම බව ලංකාවෙ ඉන්න හැම සිංහලයෙක්ම දන්නවා.ඒක හිනාවෙන්න කාරණයක් නෙමෙයි.ඇයි දැකල නැද්ද ස්කෝලෙ පන්තියෙදි වැරදි කරපු සමහර ළමයින්ව හිටවල තියෙනව.

    ReplyDelete
  15. apoyi mama th ohoma wachana ahalaa thiyenawaa

    ReplyDelete
    Replies
    1. අපිත් ඔයවගේ වචන කතා කරනව ඇති ඒක දැනෙන්නෙ අනිත් අයටනේ.

      Delete
  16. අපේ පැත්තෙ නම් බස් ගහනවා කියලා කියන්නේ! හිකිස්!

    ReplyDelete
    Replies
    1. මෙහෙත් කියනව එහෙම.

      Delete
  17. මට හිනා යන වචන කැල්ලක් තියෙනවා දකුනු පලාතේ සමහරු කියන්නේ

    බස් එකක් ගන්න යනවා කියලා. බස් එක ගන්න තියෙන්නේ 2 ට :D

    ReplyDelete
  18. ඕව මොනවද ඇමරිකාවෙ කියන්නෙත් වාහන හිටවනව කියල මං ආපු දවස් වල දඩයකුත් කෑවා NO STANDING කියලා බෝර්ඩ් එකක් තිබුනා බලනකොට NO PARKING කියන එකට ඇමරිකාවෙ කියන්නෙ NO STANDING

    ReplyDelete
    Replies
    1. අන්න ඔයාගෙ කොමෙන්ට් එකට ඩූඩ් රිප්ලයි කරල තියනව :)

      Delete
  19. ඕව මොනවද ඇමරිකාවෙ කියන්නෙත් වාහන හිටවනව කියල මං ආපු දවස් වල දඩයකුත් කෑවා NO STANDING කියලා බෝර්ඩ් එකක් තිබුනා බලනකොට NO PARKING කියන එකට ඇමරිකාවෙ කියන්නෙ NO STANDING

    ReplyDelete
  20. අපේ ආච්චි අහනවා වෙලාවකට "තේ බුන්නද..?" කියලා.... අපේ අයියාත් ඔක අහලා සමහර වෙලාවකට කියනවා... "උපුල් තරංගයා රුන්නනේ.. ගහන්නෙ නැතිව.." කියලා

    ReplyDelete
    Replies
    1. බුන්න කියන එක අහල තියනව ඒතකොට රුන්න කියන්නෙ? :)

      Delete
    2. රෙනව කියන එකේ අතීතකාල පදය තමයි රුන්නා (ඔයාල රීව කියන්නෙත් ඒකටම තමයි)

      Delete
  21. අපෝ ඔය වගේ ඒවානම් ගොයියි.මං කියනවා වචනයක් පුඩ්ඩනවා කියලා.කස්ටිය හිනා වෙනවා ඒක ඇහුවාම.කවුරුත් පුපුරවනවාට එහෙම කියන්නෙ නෑලු. :/

    ReplyDelete
    Replies
    1. පුඩ්ඩනවා ඇහ් අහල නෑනේ බොලේ

      Delete
  22. උදිත මම දන්න විදියට, Parking කියන්නෙ වාහනේ නවත්තලා යතුර අරගෙන දොරවල් වහලා ඉවතට යෑම. බොහෝ විට දිග වෙලාවකට. Standing කියන්නෙ බොහෝවිට වාහනෙන් නොබැහැ සමහර විට එන්ජිමත් ක්‍රියාත්මක වෙමින් මඳ වෙලාවක් ‍රැඳී ඉඳීම. ඒ කියන්නෙ කෙනෙක් ඇවිත් වාහනේට නගිනකං වගෙ. හරියට බස් එකක් හෝල්ට් එකක නවත්තලා තියෙනකොට වගෙ. ඔය බෝඩ් අනිත් රටවලත් තියෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ට් එකට.

      Delete
    2. මගෙ කමෙන්ට් එක වැරදි තැනනෙ වැටිලා තියෙන්නෙ!!
      henryblogwalker the Dude

      Delete
  23. මට නම් ඉතිං වැඩියම ඔය අත්දැකීම නෑ.. හැබැයි නැත්තෙමත් නෑ... එහෙම නොතේරෙන විදියට කියපු ගමන්ම මම අහන "ඒ කිව්වෙ?" කියල.. එතකොට වැඩේ හරි...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම "මොකද්ද" කියල අහන වෙලාවල් තියනව.

      Delete
  24. අම්මෝ මමත් ඔය පරිප්පුව නම් හොදට කනවා.මම ගාල්ලෙනේ ඉතිං සමහර වචන වෙනස්නේ. හිතලා හිතලා මෙහේ වචන කියනවා. කෝ ඒත් ගමේ කෙනෙක් එක්ක කතා කරලා ෆෝන් එක තිබ්බ ගමන් ආයෙම ඒ වචන එළියට එනවා. මගේ වරදින්නනෙම 'හරිය' ..කියන එකයි 'කොහොමෙයි' .. කියන එකයි.
    ෂීකේ නෝන්ඩි කරද්දි නම් පොළොව පලන් යන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම් නම් ආසයි එහෙම කතාකරන්න :)

      Delete
  25. නුවර දිහාවේ කට්ටිය කියන්නේ කරව්වා ලියැව්වා කියලා

    ReplyDelete
  26. අපි කොළඹ ආපු අලුත කොකෝ බනිස් ඉල්ලුව වගේ තමා ... හැක .. හැක ...

    ReplyDelete
    Replies
    1. කොකෝ බනිස්???

      Delete
    2. ඔව් .. අපි නුවරදි එහෙම කිව්වට මෙහෙ උන්දල කියන්නෙ කිඹුල බනිස් ලු ...
      උන් හිනා වුනා අපිට ... අපි හිනා වුනා උන්ට ...

      Delete
    3. ඔව් .. අපි නුවරදි එහෙම කිව්වට මෙහෙ උන්දල කියන්නෙ කිඹුල බනිස් ලු ...
      උන් හිනා වුනා අපිට ... අපි හිනා වුනා උන්ට ...

      Delete
    4. කොකෝ බනිස් හිකිz. අපිත් කියන්නෙ කිඹුලා බනිස් කියලා :)

      Delete
  27. අපි නම් නුවර. කරන්ට ගන්ට එහෙම කියන්නේ අපි කොකෝ බනිස් කතාවත් අපේ පැත්තේ තියනවෝ

    ReplyDelete
  28. අපෝ කැම්පස් එකේ කට්ටිය මාවත් ඇතිවෙන්න බයිට් කරනවා "ඔයා කෑවා..." "ඔයා යනවා..." වගේ දේවල් කියලා. මුල් කාලේ මාත් ඒවට එක එක දේවල් කිවුවට මේව කියන්නෙ මාව තරහ ගස්සන්න කියලා තේරුනාට පස්සෙ මම ඒව වැඩිය ගනන් ගත්තෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. ඔයා බදුල්ලෙ කෙනෙක් වෙන්න ඔනේ එහෙනම්:)

      Delete
  29. අපි නම් හිටි ගමන් කුඩේ කුඩු කරනවා....

    ReplyDelete
  30. I am really sorry for commenting in Engligh...But I should comment for this post..
    Who is the one said that "බස් එක හිටෙව්වා...."???.Some one from Anuradhapura...???
    By the way nice post dear...You always recall our amalizing uni life from your blog..Thanks!!!

    ReplyDelete
  31. බුදු අම්මේ...නිනා වෙලා පණ යනවා... බස් හිටෝනව...ලොල්...හිනා වුනා වගෙ නෙවෙයි...නිවාඩු මාසෙ ගමේ ඉඳල ආවම මටත් දකුනෙ වචන වල අහු කොන් එලියට පනිනව... වැරදිලා හරි... අගට ''‍Y'' එකක් වැටුනොත් එදාට ඉවරම තමා..හැබැයි ඉතින්.නෙහෙම කතා වුණා කියල මට නං කවදාවත් ලැජ්ජා හිතිල නං නෑ...අනික් පැත්තට ඒ විදිහෙන්ම මොනා හරි කියනව මිසක.. :D

    ReplyDelete