Saturday, March 3, 2012

රිදී විහාරය

රිදී විහාරෙ තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කෙ රිදීගම කියන ගමේ.මේ විහාරෙත් අවුරුදු 2300ක විතර ඉතිහාසයක් තියන පුදබිමක්.

රුවන්වැලි මහසෑය හදන්න රිදී ලබාගන තියෙන්නෙ මේ ස්ථානයෙන්,ඒ නිසා ඒකට සැලකීමක් විදියට දුටුගැමුණු රජතුමා මෙතන විහාරයක් කරවලා "රිදී විහාරය හෙවත් රජත ලෙන" කියල නම් කරල තියනව.ඒ බව මහාවංශයෙත් සදහන් වෙනවලු.

පුරාණේ මේ ස්ථානයේ ඉදලා මලය රටට යන්න පාරක් තිබුනලු.දවසක් ඒ පාරෙන් යන්න ආව ගැල් කන්ඩායමක් මේ ස්ථානයට යාබදව ගිමන් හැරල තියනව.පස්සෙ ගැල කඩාගන ගිහින් තිබුන හරක් හොයන් යද්දි ගහක  ඉදිලා තිබුන වරකා  ගෙඩියක් කඩාගන තියනව.

කඩාගන කන්න කලින් ඒ ආසන්නෙ හිටිය භික්ශූන්වහන්සේ කෙනෙකුට පිරිනමලා තියනව,ඒ භික්ශූන්වහන්සේ ගෙන්ම පාර අහගන යද්දි  ලෙනක් ඇතුලේ රිදී ගොබයක් හම්බ වෙලා තියනව,ඉතින් ඒ ගැන අනුරාධපුරේ හිටිය දුටුගැමුණු රජතුමාට දන්වලා තියනව.

ඒ කාලෙ වෙද්දි රුවන්වැලිසෑය හදන්න රිදී මදි වෙලා වැඩ නතරවෙලා තිබ්බ කාලයක්ලු.පස්සෙ ගැල් වලම ඒ රිදී පටවගන ගිහින් තියනව කියල තමයි ජනප්‍රවාදයෙ එන්නෙ.

මේ තියෙන්නෙ විහාරේ ගැන දාල තිබ්බ විස්තර ටික
මේ තියෙන්නෙ ඇතුල් වෙන තැන
මෙතනින් තමා විහාරේ ඇතුලට යන්නෙ.
භික්ශූන්වහන්සේ වරකා වළදලා තියනව කියල විශ්වාස කරන්නෙ මේ තැනදී
මේ ඒ විහාරේ ඇතුලෙ තිබ්බ බුදුරුව.
ගොඩක් අය මේක අල්ලලා ප්‍රාර්ථනා එහෙම කරා.
මේකෙ චිත්‍ර ඇදලා තිබිලා තියනව ඒවා ගොඩක් මැකිලා ගිහින්
මේ විහාරෙට උඩින් 
මේ විහාරේ එක පැත්තක්




මේ අපෙ කට්ටිය වදින වෙලාවෙ.
පස්සෙ කාලෙක මේ විහාරය අවට භික්ශූන් වහන්සේලා සෑහෙන පිරිසක් වැඩවාසය කරල තියනව.කටාරම් කෙටුව ගල්ලෙන් තමා ඒකට තියෙන හොදම සාක්ශි.ඒ වගේ සාධක සහිත ප්‍රධාන ලෙන් 8ක් විතර හදුනාගන තියනවලු.

රිදී විහාරයේ මහා විහාරය පිහිටලා තියෙන්නෙ විශාල ගල් ලෙනක.මකර තොරණෙන් ඇතුලට යනකොට රන් පිළිමයක් හම්බවෙනව.ඒ රන් පිළිමේ ගැල් වලින් අරන් එන අතරමගදි ගැල් එරුන නිසා සත්යක් ක්‍රියාවක බලයෙන් රන් පිළිමය අහසෙන් වැඩම කරල තියනව කියල තමයි විශ්වාස කරන්නෙ, ඒ රන් පිළිමය දුටුගැමුණු රජතුමාගෙ ශරීර ප්‍රමාණයට කරවල තියනව කියලත් කියනව.

ඒ ආසන්නෙම තියන රියන් 18ක් දිග සැතපෙන බුදු පිළිමේ මල් ආසනේ පිගන් ගඩොල් අල්ලා තියනව, ඒවගේ තියන රූපවලින් නිරූපණය වෙන්නෙ ජේසු තුමාගේ ජීවිත කාලයෙ විවිධ අවස්ථාවන්. ඒක මේ විහාරේ  තියන විශේෂත්වයක්.මහ විහාරයේ රන්පිළිමයට ඉදිරිපස බිත්තිය සම්පූර්ණයෙන්ම 1000ක් බුරුවරුන්ගේ රූප වලින් ආවරණය කරලත් තියනව.

මේ ලගදී මට රිදීවිහාරෙට යන්න පුලුවන් උනා.ඒ ගමනේදි ගත්ත පින්තූරත් එක්ක පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාන්න හිතුනා. මොකද රිදී විහාරෙට නොගිය අයත් ඇතිනේ ඒ අයට දැකබලාගන්නත් එක්ක.

40 comments:

  1. Replies
    1. ඔබටත් ස්තූතියි සහෝ.

      Delete
  2. යන්න හරිම ආසාවෙන් ඉන්න, තාමත් යන්න බැරිවුණු තැනක්. හොරණ, වරකාගොඩ ගල්ලෙන පන්සලේ විහාරගේ වගේ පිටින් බලනකොට පේන්නෙ, ස්තූතියි තොරතුරු වලට

    ReplyDelete
    Replies
    1. මම් නම් ඔයා ඔය කියන පන්සලට ගිහින් නෑ.ස්තූතියි!

      Delete
  3. මමත් දෙපාරක් ගිහින් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මම් නම් ඔය ගියාමයි

      Delete
  4. බලන්න වටින තැනක් වගේ :)
    හරියටම යන විදිය කිව්වනම් වටිනව හැබැයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ගිහින් බලන්නම් ඔනේ තැනක්.මට හරියටම එතන්ට යන විදිය නම් මතක නෑ.සමාවෙන්න.

      Delete
  5. මමත් ගියා මේක බලන්න...

    ReplyDelete
    Replies
    1. එහෙමද මමත් ඔය ගියාමයි.

      Delete
  6. //ඒ ආසන්නෙම තියන රියන් 18ක් දිග සැතපෙන බුදු පිළිමේ මල් ආසනේ පිගන් ගඩොල් අල්ලා තියනව, ඒවගේ තියන රූපවලින් නිරූපණය වෙන්නෙ ජේසු තුමාගේ ජීවිත කාලයෙ විවිධ අවස්ථාවන්.\\

    කෝ මේවගේ පින්තූර නැද්ද....?

    ReplyDelete
    Replies
    1. ඒවා තියෙන්නෙ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහම අල්ලපු ටයිල් වල.අපිට පින්තූර ගන්න දෙන්නෙ නෑ ඒ හරියේ.

      Delete
  7. ඒවගේ තියන රූපවලින් නිරූපණය වෙන්නෙ ජේසු තුමාගේ ජීවිත කාලයෙ විවිධ අවස්ථාවන්.
    මේ විහාරය බොදු නම් කෝමද ජේසුස් ගෙ පිංතූර තියෙන්නෙ...
    මං මේ ඇහුවමයි මේ වගේ දෙයක්..

    ReplyDelete
    Replies
    1. -දවසක ගිහින් බලන්නකො මම් කියන්නෙ බොරුද කියලා.

      Delete
  8. ජේසු තුමාගේ ජීවිත කාලයෙ?
    මටත් ඇතිවෙච්ච ප්‍රශ්නෙ ඕකම තමයි

    ReplyDelete
    Replies
    1. ඔව් අන්න පහල මාතලන් ඒකට උත්තරදීලා තියනව.බලන්නකො.

      Delete
  9. ස්තූතියි විස්තරේට...

    මම මේ කල්පනා කරේ අපි නොදැක්ක කොච්චරනං වැදගත් තැන් ලංකාවෙ තියෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පුලුවන් වෙලාවක ගිහින් බලන්නකො.

      Delete
  10. මේ පිඟන් ගඩොල් 17 සියවසේ පහතරට පාලනය කල ලන්දේසි ආණ්ඩුකාරවරයෙක් ගේ ප්‍රදානයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද මම් ඒ කතාව අහල තියනව.

      Delete
  11. ඉතා වටිනා ලිපියක්.. මේ පිහන් ගඩොල් කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමාට ලන්දේසීන්ගෙන් තෑගී ලෙස ලැබුන ඒවා. ඒවා රජතුමා මේ පන්සලට පූජා කරලා තියෙන්වා. ඒ වගේම මෙහි තිබෙන පංච නාරී ඇත් දල රුව ලංකාවේ තිබෙන හොඳම ඇත් දල කැටයමක් ලෙසත් සලකනවා. අනිවාර්යයෙන් නැරඹිය යුතු ස්ථානයක්. සීගීරී, දඹුලු අනුරාධපුරේ පොලොන්නරුවේ විතරක් නෙමෙයි කුරුණෑගල හරහා නුවර යනවනම් වැඳ පුදාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒ ඇත්දළ කැටයම සහිත උලුවස්සත් දැක්කා.පින්තූර ගන්න දෙන්නෙ නෑ ඒවායේ.ස්තූතියි විස්තරේට.

      Delete
  12. වයි දිස් ටෙක්ස්ට් එක කෑලි කෑලි?

    ReplyDelete
    Replies
    1. පින්තූරත් එක්ක දාද්දි එහෙම කරන්න උනා.

      Delete
  13. හම්බේ ඇති යන්තන් කමෙන්ට් බොක්ස් එක ලෝඩ් උනා !
    මම නම් ගිහින් නෑ.

    දන්න කෙනෙක් ඉන්නවනම් කුරුනෑගල ටවුන් එකේ ඉදන් යන විදිහ කියලා දෙන්න පුලුවන් නම් ලොකු පිනක් !

    ReplyDelete
    Replies
    1. කුරුණෑගල ණුවර පාරේ කි.මී 4ක් විතර යනකොට මල්ලවපිටිය ටවුම. එතනින් වමට තියෙන කෙප්පෙටිගල පාරේ කි/මී 15 ක් විතර යනකොට රිදීගම හම්බවෙනවා. එහෙමම දඹුලු පාරට යන්නත් පුළුවන්

      Delete
    2. අන්න හරි ඔය කියල තියෙන්නෙ පාර.මට ගිය පාර මතක නෑ නැත්තම් කියනව.

      Delete
  14. මහාවංසේ 28 වෙනි පරිච්ඡේදයේ 20 ගාථාවේ ඉදන් 35 ගාථාව වෙනකම් තියෙන්නේ අක්කා කිව්ව රිදී හොයාගත්තු කතාව තමා. ඒත් ස්ථූපය ඉදිකරගෙන යද්දී රිදී මදිවෙලා නෙමෙයි ස්ථූපය හදන්න කලින්ම ලංකාවේ නොයෙක් දිශාවලින් වස්තුව හම්බෙද්දී හම්බුණු එකක් විදිහට තමා මේ රිදී ලැබුණු කතාව මහාවංසයේ නම් දක්වලා තියෙන්නේ

    මේ පන්සලේ තියෙන ඇත්දත් කැටයම් තියෙන උළුවස්ස දැක්කේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. ඔයා ගොඩක් විස්තර දන්නවනේ.එතන විස්තර කියන්න හිටපු කෙනා කිවෙ නම් ඒ විදියට.එයාට වැරදුනාද මන්දා එහෙනම්.දැක්කා මල්ලි.

      Delete
  15. මමත් ගිහින් තියෙනවා රිදී විහාරයට.. ස්තූතියි අක්කේ විස්තර වලට..

    ReplyDelete
    Replies
    1. ආ.එහෙමද.මමත් මේ ගියාමයි.

      Delete
  16. ඔයාට ඕකෙ අර ඉන්නවයි කියන ප්‍රසිද්ධ නාගරාජයො එහෙම හම්බවුනෙ නැත්ද ...?

    ReplyDelete
    Replies
    1. නෑ නේ.එහෙම කෙනෙක් ඉන්නවද?

      Delete
  17. වරකා නැට්ට අල්ලල උස යන්න කියල ප්‍රාර්ථනා කලේ නැද්ද අක්ක? :D

    ReplyDelete
    Replies
    1. ඒක මමත් අල්ලලා නම් බැලුවා ප්‍රාර්‍ථනාවක් තිබ්බෙ නෑ කරන්න.හිතුවට මම් ඒකටවත් උඩමදි කියල ඈ...:)

      Delete
  18. ඒ මොකක්ද අනේ වරක නැට්ටෙ කතාව...
    මම නම් මේ විහාරෙට ගිහිල්ලා නෑ... ආයෙ ලංකාවට ආවම යන්නම හිතුනා මේක කියෙව්වම....

    ReplyDelete
    Replies
    1. අර තියෙන්නෙ ප්‍රාර්ථනා කරන තැන පින්තූරයක්.ඒක අල්ලලා මොකක් හරි දෙයක් ප්‍රාර්ථනා කරාම ඒක ඉශ්ථ වෙනවලු. මම් හිතන්නෙ ඒකට වෙන්න ඔනේ වරක නැට්ට කියන්නෙ.

      Delete
  19. බොහොම පින් පාර කිවුවට.. යන්න වටිනා තැනක්..

    ReplyDelete