Thursday, March 1, 2012

වැඩේ කරගන්න කරවල කූරියෙක්

http://www.dreamstime.com/dried-fish-thumb17554021.jpg
මේක මම් අහපු ඇත්තම කතාවක්,මට කිව්වෙ අදුරන අක්ක කෙනෙක්,එයා විවාහ වෙලා හිටිය මහත්තයත් වැඩ කරේ එයත් එක්කම එකම රැකියා ස්ථානයක.අක්ක නම් ගොඩාක් හොදයි.අය්යත් ඒ වගේමයි, ඒ උනත් එයා ඔෆිස් එකේ වැඩක් කරල දෙන්න එක එක දේවල් ගන්න කතාව අපි අහල තිබුනා.

අය්ය වැඩ කරේ ඉඩම් අංශේ නිසා  ඉඩම් සම්භන්ධ දේවල් කරවගන්න,ඒ කියන්නෙ ඉඩම් වලට පර්මිට් හදන්න,උපදෙස් ගන්න,අරවට මේවට සමහරු ගෙදරටත් එනවලු,ඇවිත් එක එක දේවල් ගෙනත් තියලත් යනවලු.

ඔන්න එක දවසක් අය්ය ඔෆිස් ගිහින් නෑ, අක්ක විතරයි ගිහින් තියෙන්නෙ. සරමක් ඇදගත්ත බාට දෙකකුත් දාගත්ත ගමක පෙනුමක් තියන මනුස්සයෙක් අර අක්ක ලගට ආවලු. අතේ ටිකක් ලොකු පාර්සලයකුත් තියනවලු.

හැමවෙලේම එක එක ගැටළු සම්භන්ධව එක එක්කෙනා එන නිසා මෙයාට ඒක අමුතු දෙයක් වෙලා නෑ.ඒ මනුස්සයත් කට්ටිය ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඔහේ බලාගන ඉදලා.පස්සෙ අක්ක අහල තියනව ඇයි මොකද කෙරෙන්න ඔනේ... කියල.

අනේ නෝනා... මම් දැන් දවස් කීපයක්ම ආව...,අර  ඉඩම් අංශේ ඉන්න මහත්තයා අදත් නෑ...එහා පැත්ත හිටපු මහත්තය කිව මෙතන ඉන්නෙ ඒ මහත්තයගේ නෝනා කියල...ඒක නිසයි මේ...

එයා අද නිවාඩු...මොකද්ද කෙරෙන්න ඔනේ...

මොකවත් නෑ නෝනා... මේ කරවල කූරියා මහත්තයට දෙන්ඩ කෝ...මහත්තය කිව්ව වැඩේ කරල දෙන්නම් කියල...ඒක බලන්ඩ තමා මම් මේ අදත් ආවේ...

එහෙම කියල ඒ  මනුස්සය ගෙනාව පත සයිස් කරවල කූරියා අක්කට දුන්නලු.අක්කට ඉබේම වට පිට බැලුනලු.

වෙලාවට කාගෙවත් අවධානයක් ඒකට තිබ්බෙ නෑ කියල තමයි එයා නම් කීවෙ,ඒ උනාට ඔෆිස් එකේ හැමෝම අය්ය ගැන "හොදට දන්නව" කියල තමයි ආරංචිය.

44 comments:

  1. පගාව දෙන එවුන්ට තමයි ඉස්සෙලම ගහන්න ඕනේ, කඩේකට ගියත් ටිප් එක දෙන්න පුරුදු කරගත්ත එකේ වැරැද්ද දැන් ගැරේජ් එකකට ගියත් වැඩේ කරලා බිල ගෙව්වම බාස්ටයි ගෝලයටයි හැමෝටම කීයක් හරි දෙන්න ඕනේ අනේ මන්ද මෙහම ලෝකයක්

    www.ceylonlanka.info

    ReplyDelete
    Replies
    1. ඔව්වා අපි කාගෙ කාගෙත් වැරදි.මේ මනුස්සයා කොහොමහරි බලන්න එයාගෙ වැඩේ කරගන්නනේ.පව් ඉතින්.

      Delete
  2. ඉතින් ඒ අක්කා කරවල ගෙදර අරන් ඇවිත්ද??

    ReplyDelete
    Replies
    1. ආය නැතුව .ඔෆිස් එකේ තිබ්බ නම් කට්ටිය අහයිනේ කරවලයෙක් ගෙනත් මොකෑ කියලා :)

      Delete
  3. මහා එකාගේ පටන් පොඩි එකා දක්වා අද පගාව තමයි සහෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එව්ව එහෙම තමා.

      Delete
  4. කොයි තරම් ​හොඳ වුනත් ඒක කැත වැඩක්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා ඉතින් අහිංසක මිනිස්සුන්ට එහෙම කරන එක හොදයි කියන්න බෑනේ

      Delete
  5. පගාව නොදී කොහොමද

    ReplyDelete
    Replies
    1. වැඩේ කරගන්න නම් දෙන්න වෙනවනේ :)

      Delete
  6. ඕක ඇවිල්ලා අල්ලස් දීම ගැන මිනිස්සුන්ගෙ තියන නොදැනුවත්කම....
    ඔය අහිංසක මනුස්සයට කවුරු හරි කියන්න ඇති "අර මහත්තයට ජරාවක් දුන්නොත් වැඩේ කරගන්න පුලුවන් " කියලා....අනේ ඉතින් ඔය කිව්වට ජරාවක්ම ගේන්න බෑනෙ...ඒ නිසා ටිකක් ගඳට දැනෙන්න ඒ මනුස්සය බොම්බිලි කරවල අරගන එන්න ඇති...
    ඔයාලා මිනිස්සුන්ව දැනුවත් නොකීරිමේ වරද..:D
    ප.ලි.
    අක්ක කරවලයා ගෙදර ගෙනල්ලද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ මනුස්සයට කොහොමහරි වැඩේ කරවගන්නනේ ඔනේ.නැත්තම් ඉතින් දවස් කීයල් බඩගාන්න වෙයිද එතන්ට?ඔව්ව් ආය නැතුව ගෙදර ගෙනත්.:))

      Delete
  7. වැඩේ ගඳයි එත් හොඳයි... හික්..

    ReplyDelete
    Replies
    1. මොන හොදක් ද?කාපු කරවල දිරවැව්වද දන්නෙ නෑ.:))

      Delete
  8. මේවා මහත්ඵල මහානිශංශ ලැබෙන වැඩ.. නැත්තම් කවදා කියලා ඒ මනුස්සයෝ මේ කපේදි ඔය තරම් පත සයිස් කරවල කූරියෙක් කන්නද මේ තියෙන පඩියත් එක්ක නේද? :)

    ReplyDelete
    Replies
    1. ආනිශංසේ ලැබෙයි කවදාහරි.අහ් පඩියත් එක්ක බැලුවම ඒක නම් ඇත්ත.

      Delete
  9. ගිය සැරේ මට කලේ අසාධාරණයක්!! ඒත් ඇයි කියලා කියනවද... කැමතිනම්..

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ මට තේරුනේ නෑ.මගෙ අතින් ඔයාට මොකක් හරි වැරැද්දක් උනාද?

      Delete
  10. ඉතිං ඒ අක්කා කොහොමද ආයෙත් ඒ ඔෆිස් එකට යන්නේ.මෙහෙමත් මිනිස්සු.ශික...

    ReplyDelete
    Replies
    1. ඔව් එයා නම් ඕවට කැමති කෙනෙක් නෙමේ.මේ ඔක්කොම අය්යගෙ වැඩ තමා.ඔෆිස් එකේ අය එයා ගැන දන්නවලු.

      Delete
  11. කරවල??? :s අෆෝඕඕඕ

    ReplyDelete
  12. රාජ්‍ය සෙවයෙ විතරක් නෙවෙයිදැන් පුද්ගලික ාඅ‍යතන වලටත් බො වෙගෙනයි එන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පුරුද්දකට ගිහින්

      Delete
  13. මේ වගේ දේවල් ඉස්සරහට තව වැඩි වෙයි නදී .

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඔව්,දැන් මිනිස්සු අමාරුවෙන්නේ ජීවත් වෙන්නෙ,

      Delete
  14. හොද සුවදට තියෙන්න ඇති නේද???

    ReplyDelete
  15. ෂිකේ කරවල මොන ජරාවක්ද? ඕවත් පගාවට ගන්න වටින දේවල්ද? අඩු ගානේ කුකුල් අන්ඩක් වුනානම් කමක් නෑ. :D

    ReplyDelete
  16. පව් අහිංසක අල්ලසක්.. පෞද්ගලිය අංශයේ කාන්තාවෝ ගන්නේ චොකලට්

    ReplyDelete
    Replies
    1. හික් හික් එහෙනම් ඔයාත් චොකෝ දීලා ඇති.:)

      Delete
  17. ඔව්වානම් ඕනා තරම් වෙනවා යාලු. අපේ ගේ ඉස්සර ඉන්නේ බැංකු මැනේජර් කෙනෙක්. අම්මෝ දවසකට කියක් මිනිස්සු එනවද එක එක දේවල් උස්සගෙන. ලොරිද වාහනද, අම්මෝ ගෝනි පිටින්. පාගා පප්පෙක්.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆෝ මොකද නැත්තෙ ඔයිට වඩා හොද කට්ටිය ඉන්නව නැතෑ...

      Delete
  18. කරවල ගේද්දි කරවල කූරියා එක්ක වැස්සට අහුවුනොත් :o හිහ්...අපේ ගමේ හිටිය ට්‍රැෆික් පොලීසියේ සාජන් මහත්තයෙක්.මගදි වාහනයක් අහුවුනොත් මොනව හරි දීල කට්ටිය බේරෙනව...එයාට ගමේ හැමෝම කියන්නෙ ජිම් පප්ප කියල..මොකද එච්චරටම මහත නිසා....

    ReplyDelete
  19. මේ වගේ අසරණ මිනිස්සුන්ව දවස් ගනන් රස්තියාදු කරවලා පගාව දෙන තත්ත්වයට පත්කර ගන්න මේ වගේ පාගා මරුවෝ දන්නවා....

    ReplyDelete
  20. ජරාව අරං වැඩ කරලා දෙන උන් (ජරාව නැතිව වැඩ කරලා නොදෙන උන්) අගේට ඉන්න හැටි හෙණවත් නැතුව...!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ උන්ට කිසි හෙණයක් නෑ හික්

      Delete
  21. එක එක අල්ලස් ජාති අතරෙ "කරවල අල්ලසක්"... :)

    ReplyDelete
    Replies
    1. ඔව් කරවල අල්ලසක්.

      Delete
  22. කරවල පගාවක් !
    අල්ලස් දීමත් අල්ලස් ගැනීමත් වරදක් !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඒත් ඉතින් එහෙනම් ඔය වැඩේ කරගන්න අවුරුද්දක් වත් බඩගන්න වේයි අර මනුස්සයට.

      Delete