Friday, October 28, 2011

බෝදිලිමා කියන්නෙ යක්ෂණියක්ද? කටුස්සෙක්ද?


බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.

ඒත් මිනිස්සු අතර බෝදිලිමා කිව්වම ටිකක් බයකුත් ඇතිවෙනව,බෝදිලිමා කියන්නෙ යකෙක් කියල.

ඇත්තටම ඉස්සර මිනිස්සු බෝදිලිමව සලකලා තියෙන්නෙ ගෑනු කෙනෙක් මැරිලා ඉපදිච්ච යක්ශණියක් විදියට.

දරුවෙක් ලැබෙන්න ගිය ගෑණුකෙනෙක් එයාගෙ මනුස්සයා එක්ක තිබ්බ වෙරයකින් මැරිලා මේ විදියට යක්ශණියක්ව ඉපදිලා පිරිමි අයව බය කරනව කියල තමා ඉස්සරකාලෙ ගැමියන්ගෙ විශ්වාසය.

එහෙම බය කරල එයා එයාගෙ වෙරය සංසිදව ගන්නවලු.

විශේෂයෙන් තනියම රෑට හේන්, කුඹුරු වල පැල් රකින වෙලාවල් වලට මේ බෝදිලිමා කියන යක්ශණී ඇවිත් පිරිමින්ව බය කරල යනව කියල  තමයි එයාල විශ්වාස කරල තියෙන්නෙ.

බෝදිලිමා ගෑණු යක්ශණියක් නිසා, ගෑණු අයව මේ විදියට බය කරන්නෙ නැතිලු.බොදිලිමගෙ සද්දයක් ඇහුනොත් 

"තොට ගන්ඩද බොල ඉදලත්ත!..." 

කියල ගෑණුකෙනෙක් හයියෙන් බැණලා කෑගෑහුවොත් ක්ශණයකින් ඌ අතුරුදහන් වෙනවලු.

රෑට තනිපංගලමේ පැල් රකින පිරිමි ඉන්න ඉසව්වට ඇවිත් හීන් කෙදිරියක් විදියට ශබ්ද කරන්න පටන් අරන්, පස්සෙ ඒක මහා අදෝනාවක් කරනවලු.ඒකට බය උනොත් පැල් වලට ඇවිත් පිරිමින්ව හූරල බය කරල පැනල යනවලු.

ඒ නිසා පැල් ර‍කින්ඩ යන පුරාණ මිනිස්සු, එක එක ක්‍රම අතරේ කෙම්ක්‍රම එහෙමත් මේ බෝදිලිමාගෙන් බේරෙන්න පාවිච්චි කරල තියනවලු.

බෝදිලිමා ඇවිත් කෙදිරිගාන්න පටන්ගන්නකොටම, රෑට හපන්න ගේන බුලත් මල්ලෙන් ගිරයත් හුනු කිල්ලොටයත් අරන් එකට එක වද්දලා

"ටොක්... ටොක්... ටොක්..." 

කියල සද්ද කරන්න ඔනේලු එතකොට ඌට කරදරයක් කරන්න හිතන් තොල් මතුරනව කියල හිතල පැනල දුවනවලු.

ඒවගේම "සීමා බැදීම" කියල එකකුත් කරල තියනව බොදිලිමගෙන් බේරෙන්න,ගල් 4ක් අරන් 

"ඉතිපිසො භගවා..."

ගාථාව කියල පැලේ කොන් හතරේ දාන්න ඕනෙලු,එතකොට බෝදිලිමට ඒ සීමාව පැනලා එන්න බෑලු,

තව පොල් කට්ටකට මොනවහරි තෙල්වර්ගයක් අරන් 

"සබ්බ පාපාස්ස අකරණං...." 

කියන ගාථාව කියල  තියාගන ඉදලා බෝදිලිමගෙ සද්දෙ ඇහෙන පැත්තට 

"ඕං... උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා... ගාගනින්!..." 

කියල සද්දෙ එන පැත්තට විසික්කරාම ඌ බය වෙලා යනවලු.එහෙම තෙල් විසික්කරාම් ඌ ඒ තෙල් ගාගන්නවලු,උදේ වෙලා බලන කොට ඒ පොල්කට්ටෙ පණුවනුත් දකින්න ලැබෙනවලු.
 
සාර්ථකම අභිචාර ක්‍රමයක් විදියට, බෝදිලිමාගේ සද්දෙ ඇහිච්ච පමණින්ම ක්ශණිකව ධාතු මෝචනය කරල පොල්කට්ටකට අරන් ගබ්දය එන දිශාවට 

"ඉදා...උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා මේක අරගන යටිබඩේ ගාගනිං..."

කියල විසිකරනවලු.

මේ ක්‍රමයෙන් බෝදිලිමා ආයම පැලට එන එක වලක්ව ගන්න පුලුවන්ලු.ඒ නිසා අභිචාර ක්‍රමයන්ගෙන් සාර්ථකම එක විදියට සලකන්නෙ මේ ක්‍රමයලු.

මේ ක්‍රම සහ විධි,යක්ශ කතාවල ඇත්ත නැත්ත මොකක් උනත් මේවාගේ බය ඇතිවෙන හැමවෙලේම හිතේ එකග කම තබා ගැනීම වඩාත් සුදුසුයි කියල තමයි කියන්න තියෙන්නෙ.

ප.ලි: විස්තර හොයාගත්තේ මම් ලගදී කියවපු පූජ්‍ය හොරොව්පතානේ පඤ්ඤානන්ද හිමියන්ගේ" කල්පේ කෝරලේ ඇදහිලි හා පුදසිරිත්"  පොතෙන්.

59 comments:

  1. බෝදිලිමල සෙට් එකක්ම ආවොත් ලියලා තියෙන අන්තිම ක්‍ර‍මේ පොඩ්ඩක් අමාරු වෙයි නේ. :/

    ReplyDelete
  2. පරණ ලිපිත් එක්කම අද කියෙව්වා.. නැචුරල් නම් නියමයි... අනේ ඇස්වහක් කටවහක් වදිනන එපා.. අපේ අක්කටත් පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා... ලොකු එකා ඔය වයසේ... ඔය පින්තුරේ ඉන්නේ බෝදිලිමෙක් නම් නෙවෙයි සහෝදරියේ...

    ජය...

    ReplyDelete
  3. මේ දවස්වල මේ කට්ටිය ගැන ලියන්නෙ මේ ගොල්ලො එක්ක ගිවිසුමක් වත් ගහලද මන්ද!

    මං මේ අනිත් අයගෙං අහන්නෙ! මේ අන්තිම එක ප්‍රැක්ටිකල් ද? :/

    ReplyDelete
  4. හොහ්..! දැන් නම් මම බෝදිමෝ එකෙක් නෙවේ ගමක් ආවත් බය නෑ බොල.. මොකද ආය මට මාව ෂුවර් නැතිව යැ..

    ReplyDelete
  5. දවසකට බෝදිමෝ පහ හයකටනං වග කීයැහැකි තව ආවොත් තමයි වැඩෙ කොහු වෙන්නෙ ;-)

    ReplyDelete
  6. අපේ පැත්තේ නම් ලමේක් හම්බෙන්න ඉන්න බවලතෙක් මලොත් කලලය වෙනමයි ගෑනු කෙනාව වෙනමයි වලලනවා. මොකද ඔය සාපේ ඇති වෙනවයි කියලා විස්වාස කරන හන්දා.

    බලාගෙන ගියාම ගොඩක් කට්ටිය අන්තිම ක්‍රමය කරන්න බලාගෙන ඉන්නවා වගේ නේ. මටත් පොඩි ආසාවක් තියෙනවා ඔය ක්‍රමේ ටිකක් ට්‍රයි කොරලා බලන්න. හික්ස් :)

    ReplyDelete
  7. බෝදිලිමා කියන්නේ යක්ෂණියක් නම් නම වෙනස් කරන්න වෙනවා. බෝදිලිමී කියලා...

    ReplyDelete
  8. බය වෙලා ඉන්න අතරේ, ඉක්මනට ධාතු පිට කර ගන්න පුලුවන් යෑ...

    ReplyDelete
  9. මෙයා කෑ ගහද්දි හරියට ළමයෙක් කෑ ගහනවා වගේලු නේද

    ReplyDelete
  10. හත් ඉලව්වේ..... පොල් කට්ටක් පිරෙන්නම ඕන ද දන්නෙ නෑ....

    ReplyDelete
  11. හික්ස්...

    @ඇනෝ : බයටම එහෙම වෙනවද දන්නේ නෑ නේ...

    ReplyDelete
  12. අර මධූ කියපු කතාව මාත් අහලා තියෙනවා...බෝදිලමා කෑ හන ශබ්දය නම් කවදාවත්ම අහලා නෑ නදී...මොනා උනත් අපූරු තොරතුරු ටිකක්...

    ReplyDelete
  13. අළුත්ම විදියට කරන්නේ ධාතු අරගෙන ‍ෆිජ් එකේ දාලා තියලා ඔය සද්දේ එනකොට අරගෙන එලියට විසිකරන එකලු..... හික් හික් හික් ........හදිස්සියට ඕක කොරගන්න බැරිඋනොත්......

    ReplyDelete
  14. මං අදමනේ මේගැන අහුවේ.. මමනම් තාම ජීවිතේට බෝදිලිමෙක් දැකලා නෑ.. බලාගෙන යනකොට නොදකින එකත් හොදයි...

    ReplyDelete
  15. බොදිලිමා දැකල නැතත් "බොදිලිමාගේ ශාපය" කියලා බද්‍රජී ලියපු මරු පොතක් නම් කියවල තියෙනව....මොනාඋනත් අර කියන්න වගේ තමන්ගේ හිත ෆිට්නම් බොහො දුරට ඔවයෙන් ගැලවෙන්ට පුලුවං...නේද..

    ReplyDelete
  16. අම්බෝ..සිරාවට ඔය නම එන්න ඕන බෝදීලිමි කියලනේ

    ReplyDelete
  17. නදී බෝදිලිමා දන්න එව්වා.... කවදාවත් අහලා නෑ.... හොඳ ලිපියක්.

    ReplyDelete
  18. අද තමයි මේකගේ පින්තූරයක් දැක්කේ . විස්තරේට ස්තූතියි නදී ..

    ReplyDelete
  19. "ක්ශණිකව ධාතු මෝචනය කරල"

    තේරුනේ නෑ.

    ReplyDelete
  20. මේ ලිපිය දැක්කම කොමෙන්ටුවක් පල කරන්නම හිතුන. මමත් ඔය බෝදිලිමගේ කතාව අහල තියෙනවා. මට කිව්වෙත් බදුල්ල පැත්තේ මගේ යාළුවෙක්.. එහෙ ගොඩක් ඔය බෝදිලිමගේ ප්‍රශ්නේ තියෙනවලු. ඔය කෙම් ක්‍රම ගැන නම් මං අහල නෑ. එත් මට යාලුව කිව්වා බෝදිලිමා එන්නේ පිරිමි විතරක් ඉන්නකොට විතරලු. පිරිමි කෙනෙකුට බෝදිලිමගේ සද්ද ඇහුනාම ලඟම තියෙන ගෙයකින් කාන්තාවකගේ ඇඳුමක් ඉල්ලගෙන ඇඟේ දාගෙන යනවලු. එතකොට එන්නේ නෑලු. ඒ වගේම බෝදිලිමා කියන අවතාරය ටික කාලයකට නැති කරන්න පොඩි ක්‍රමයකුත් කිව්වා. පහන් පලක් හදල එකේ බුලත් කොළ තියල, එලෙඟි තෙල් පහනක් පත්තු කරලා තියනවලු. එතකොට ඔය අවතාරේ ඇවිත් බුලත් කොල්ඔය අරගෙන අර එලිඟි තෙල් වල ගාල පහනට තියල රත් කරලා බඩේ ගාගන්නවලු. එක බලන්න පුළුවන් කියන්නෙත් මොකක් හරි සිදුරකට ඇහැ තියලලු. ඊට පස්සේ ටික කාලයක ඒ පැත්තේ ඒ අවතාරය නැති වෙනවලු. ඔන්න මට නම් බනින්න එපා බොරු කිව්වා කියල. මං නම් දැකල නෑ. හැබැයි, ඔය කතාව මං කීප දෙනෙකුගෙන් අහල තියෙනවා. ලස්සන ලිපියක් බොහොම ස්තූතිය්.

    ප්‍රභාත් අසංක

    ReplyDelete
  21. නදීගෙ මේ ලිපියට ගොඩක් ස්තුතියි.... බෝදිලිමගෙ හඬ ගැන කියන දේවල් අහල තිබුනට ඔයා විස්තර කරපු කෙම් ක්‍රම ගැන නම් ඇහුවෙ පලමු වතාවට...අර පින්තූරෙ ඉන්නෙ ඇත්තටම බෝදිලිමෙක්ද, ඈ..

    අර අන්තිම කෙම අත්හදා බලන්න, අලුත් ක්‍රමේට fridge එකේ දාන්න යන එක්කෙනාට නම් ගෙදරිනුත් යන්න වෙයි වගේ.... fridge එකේ දාන එක කෙසේ වෙතත්, මෝචනය වෙවී දුවන්න නම් වෙයි කට්ටියට බයටම.... :D

    ReplyDelete
  22. මොකා උනත් ඕකා/ඕකී ලියපු කෙනා වගේමය් ආයේ ඇරපු අතක් නෑ.

    ReplyDelete
  23. බෝදිලිමට අනම් මනම් කතා කියනවා අහලා තිබුනට ඇයි කියලා දැනගෙන හිටියෙ නෑ නෙ.මධුරංග මල්ලි ලියපු පෝස්ට් එකෙනුයි මේ පෝස්ට් එකෙනුයි තමයි දැන ගත්තෙ ඒක ගැන.
    පව් අප්පා අහිංසක සතා....

    ReplyDelete
  24. මම අහලා තියන විදියට හූරන්නෑ, අහ-වල්ල අවයවේ කඩාගෙන යනවා.
    ඒකෙන් අනිවා ඩෙෆා මිනිහා චුත වෙනවා.
    තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ.

    ReplyDelete
  25. මා ජීවත් වන්නේ මහනුවරට සැතපුම් 10 දුරින් පිහිටි තරමක පිටිසර පෙදසකය.කුඩා කල සිටම මා විසින් බෝදිලිමාගේ හඬ ලෙස හදුන්වන හඬ බොහෝ වාරයක් අසා ඇත.එය වේදනාවෙන් කෙඳිරි ගසන ගැහැණු කට හඬකට අතිශය සමානය.එම හඬ ඉතා බිහිසුණු බව කිව යුතුය.මෝචනය කෙසේවෙතත් මල පහ වීමටනම් ඉඩ ඇත.

    ReplyDelete
  26. මාත් අහල තියෙන්නෙ ඕව කට කතා විතරයි කියලයි.
    පොඩි කාලෙ අම්මල අපිව බය කරන්නෙ ..රෑට එළියට යන්න එපා බෝදිලිය එයි කියලයි.
    ඔය භද්‍රජී ගෙ පොත මමත් කියෙව්ව. ටිකක් විතර භයානක පොතක්. නදී නම් බයටම කියවන එකක් නෑ. ඒකෙ ඔය බෝදිලිය ගැන ටිකක් විස්තර තියෙනව.
    මං හිතන විදිහට ඌ කොලපාට කටුස්සෙක් වගේ සතෙක්.
    අපි ඕව විශ්වාස නොකළට ඕවයෙ ඇත්තකුත් තියෙන්න පුලුවන්. මොකද මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම මිනිසාගෙ බුද්ධියට ගෝචර නොවෙන නිසා.

    ReplyDelete
  27. ගෑනුයි බෝදිලිමොයි අතර වෙනසක් නෑ වගේ :p
    හොඳ කරුනු ටිකක්.මම අහල තිබ්බෙ නෑ.ස්තුතී

    ReplyDelete
  28. බෝදිලිමා කියන්නෙ කටුස්සෙක් නෙවෙයි, එයා කිඹුලෙක්

    ReplyDelete
  29. මට නං හිතෙන්නේ, බොදිලිම ගැන තියෙන්නේ බොරු කට කතා කියල.

    ReplyDelete
  30. ඉහත පාඨකයන් දෙන්නෙක් කිව්ව වගේ බද්‍රජී මහින්ද ජයතිලක ලියූ "බෝදිලිමාගේ ශාපය" කියවන්න හොද රසබර (සමහර විට භීෂණ)නවකතාවක්.පුලුවන් නම් හොයා ගෙන කියවන්න.

    ඒ වගේම කපුගේ ගයන, රත්න ශ්‍රී විජේසිංහ ලියූ ගීතයක් තියෙනව "බෝදිලිමා අඬන්නේ" කියල.

    ReplyDelete
  31. මේ මොකද දැන් දැන් නඟාට වෙලා තියෙන්නෙ, “බෝදිලිමා, මෝහිණී“ හෙට ලියයිද දන්නෙ නැහැ කලු කුමාරයා ගැනත් ..........

    අනේ මන්දා මම නං දැකලා නැහැ ........

    ReplyDelete
  32. ඔන්න අක්කේ කියවන වනම් නියම පොතක්

    භද්‍රජී මහින්ද ජයතිලක මහත්තයාගේ "බෝදිලිමාගේ සාපය" කියන පොත.

    ReplyDelete
  33. අපේ රටේ මෙවැනි විස්වස ගොඩක් තියෙනවා.හැබැයි බෝදිලිමා කියන්නේ අහිංසක සතෙක්.නියම ලිපියක් අක්කේ ............:D

    ReplyDelete
  34. අහලා නොතිබුන කරුණු කීපයක් දැනගත්තා. බොහෝම ස්තූතියි.....

    ReplyDelete
  35. බෝදිලිමා කියන්නේ කටුස්සන්ටත් වැඩිය බොහොම අහිංසක සත්තු කොට්ඨාශයක්...
    බොහොම හිමින් තමයි ඇවිදින්නෙ කරන්නෙත්
    උන් ගැන තියෙන්නේ බොරු මතයක්, උන්ගේ සද්දෙනම් අහල නැහැ
    අපේ රටේ කොච්චර සත්තු හිටියත් උන් එක්ක සමීපව කටයුතු කරපු සහ උන් ගැන අධ්‍යනය කරපු මිනිස්සු ඉස්සර හිටියේ නැහැ
    ඒකයි මේ වගේ මිත්‍යා මත වැඩිපුර පැතිරුනේ

    ReplyDelete
  36. මම අර විදියට කියලා තිබුනට මේ වගේ දේවල් ලියන එක එහෙම නවත්වනවා එහෙම නෙමෙයි හො‍ඳේ, මේවත් කියවන කොට ඉන්ට්‍රේස්ටිං .........

    ReplyDelete
  37. මාත් මෙහෙම කතා ඇහුවා අනුරාධපුර පැත්තේ මිනිස්සුන්ගෙන්... නමුත් ඇත්තටම සත්තු වත්තෙදි දැක්කම නම් හිතුනා මේවා බොරු කතා වෙන්න ඇති කියලා. හරියට අපේ රෝහලේ ඉන්න හොල්මන් වගේ... අවුරුදු 2 වෙන්නත් ආවා තවම කවුරුත් නෑනේ මුණ ගැහුනේ. ඔක්කොම කතා විතරයි.

    ReplyDelete
  38. සතා ගැන නම් කියන්න තියෙන්නේ ඌ හරිම අහිංසක එකෙක්.. එත් බලාගෙන යනකොට රටේ හැමතැනම තියන කතා එකයි නේ.. පොඩි වෙනස්කම් තියෙන්නේ.. මොකක් හරි පාදක සිද්දියකුත් ඇති කියල හිතෙනවා ඔයවගේ දෙයක් හැමපත්තේම තියෙන්න.

    ReplyDelete
  39. සීතල අයියා- ඒක නම් දන්නෙ නෑ.

    Gayan Rupasinghe- ආ එහෙමද?අපේ එක්කෙනාටත් දැන් 3ක් වෙන්න ලගයි.බෝදිලිමගෙ පින්තූරයක් හෙව්ව,හොයලා හොයලා මේක තමා හම්බුනේ.හරිම එකාද දන්නෙ නෑ :(

    තනි අලියා-අනේ එහෙම ගිවිසුම් නම් ගහල නෑ.කිය්වපු පොතක තිබ්බෙ,මේ සතාගැන විස්තරයක්.

    Chathuranga ඹන්ඩර-එහෙනම් කමක් නෑ.

    ReplyDelete
  40. චතුරංග ජයවර්ධන- ම්

    මධුරංග-මම් නම් එහෙම වළලනව කියල දන්නෙ නෑ.මෙහෙ කොහොමද දන්නෑ.

    රචි-ඒකත් හරි

    ඇනොන්ය්මොඋස්-එක නම් දන්නෙ නෑ.

    ReplyDelete
  41. ශශී-මම් මේ සතාගෙ සද්දෙ නම් අහල නෑ.

    harshana1985- ඒක නම් දන්නෙ නෑ.

    සයුරි- :)

    දිල්-මමත් උන්ගේ සද්දෙ නම් අහල නෑ.

    ReplyDelete
  42. ඔබ නොදු‍ටු ලොවක්.....-එහෙමද.

    ඪිනෙශ්-අම්මො ඔව් මමත් දැකල නෑ.

    Raj -පොත නම් කියවලා නෑ.අරන් කියවන්න ඔනේ.ඔව් හිත චංචල උනාම තමා ඔය ඔක්කොම බෝදිලිමලා එන්නෙ :)

    ඡම්මැ-ඔව් නේ බෝදිලිමී වෙන්න ඔනේ.

    ReplyDelete
  43. ඵ්‍රසන්න-කියවලු පොතක තිබ්බෙ මේ විස්තරේ.

    ඝිම්හනි-මූ හරියටම ඒකමද කියල දන්නෙ නෑතො.

    Anonymous- .

    Prabhath ඇසන්ක-ස්තූතියි දීර්ඝ කොමෙන්ටුවට.

    ReplyDelete
  44. Mඉයුරු-ඌමද කියල හරියට ම දන්නෙ නම් නෑ නෙට් එකේ හොයල හොයල මේකව හොයාගත්තෙ.නම් කරල නම් තිබ්බෙ බෝදිලිමා කියල තමා:)

    Sඋනෙත්-අනේ සුනෙතො.

    නිසුපා-මමත් හිතන්නෙ අහිංසක සතෙක් වෙන්නැති කියල.උගේ සද්දෙට මිනිස්සු බය වෙනව ඇති.

    පික්සු මලියා-අම්මො බයේ බෑ.

    ReplyDelete
  45. ඇනොන්ය්මොඋස්-එහෙනම් ඒ සතාගෙ සද්දෙට තමා මිනිස්සු බය වෙනව ඇත්තේ.

    කුමරය-පොත කොහෙන් හරි හොයාගන කියවන්න ඔනේ මම් බය නෑ.ඔව් එහෙම වෙන්නත් පුලුවන්.ඌගේ සද්දෙට මිනිස්සු බය වෙනව වෙන්නත් පුලුවන් නේද.

    කස්සා-ආ මෙන්න මොකද වෙනසක් නෑ කියන්නෙ :O

    Chanaka Aruna Mඋනසින්ග්හෙ-ඇහ් කිඹුලෙක්? ඔයාට පිස්සුද?ඒකා කටුස්සෙක්:)

    ReplyDelete
  46. Oබ්සෙර්වෙර්-මටත් එහෙම හිතුනා උගෙ සද්දෙ භයංකර නිසා මිනිස්සු එක එක කතා හදාගන ඉන්නව ඇති නේද.

    ජයශ්‍රී-පොත හොයාගන කියවන්න කියල ඉන්නෙ.කපුගේ මහත්තයගෙ උලලේනා ගැන කියන සිංදුව නම් අහල තියනව,මම් මේ සිංදුව හොයල බලන්නම්.ස්තූතියි.

    පන්සල් හංදිය-ආය ඒව ලියන්නෙ නෑ.මොකටද ඔයාලව බය කරන්නෙ :).මමත් දැකල නෑ අඩුගානේ සද්දෙවත් අහල නෑ.

    මධුරංග -අන්න ඒකනේ ඔය පොත කොහෙන් හරි හොයාගන්න ඔනේ.

    ReplyDelete
  47. ඇනිත්ඛොන-අනුරාධපුරේ පැත්තෙ මිනිස්සුන්ගෙ කතා තමයි මේ පොතේ තිබ්බෙ.එයාලගෙ ජීවන රටාව,විශ්වාස ඇදහිලි අතරේ බෝදිලිමා ගැනත් තිබ්බ.මටත් හිතෙන්නෙ අහිංසක සතෙක් කියල.

    ක්සැන්ඩර් | Xander- හ්ම් ඔව් පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඇති ඕනේ නම්.

    ReplyDelete
  48. ම්ම් ධාතු මෝචනය....සුපර් ස්ටාර් කොරමේ වෙලානේ බොල..මමත් ඕං ඒක ගන්නවා...ඔය කිව්වට ඕවා ෆ්‍රිජ් වල දාන්න පුලුවැනෑ...මාර පුසුඹයිනෙහ්...
    කමක් නෑ...මම නම් රජරට වෙලත් ඔය කියන එකෙක් තව දැකලා නෑ...
    බොරු කතා...
    ලිපිය මරු,,ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ම්ම්ම්
    තැන්කූ

    ReplyDelete
  49. අමුතු පෙනුමක් ඇති සතෙක් අමුතු සද්දයක් ඇති සත්තුන් යක්කුන් විදිහට අඳුන්වන්න මිනිස්සු පුරුදු වෙන්න ඇති.. අන්තිමට එකෙන් අහිංසක සත්තු මැරුම් කනවා. මේවා බොහොමයක් මිත්‍යා විශ්වාස.. ඒ උනාට ඔය කතා අහන්න අපි හැමෝම කැමතියි..

    ReplyDelete
  50. හොඳ තිත්ත කුණුහරපයක් කියල, කාරල කෙල ගහපුවහම ඔය යක්කු එන්නෙ නෑ කියල මම අහල තියනව. කොහොම උනත් කුතුහලය දනවන ලිපියක්. කෝකටත් පොල්කට්ටක් අහලින් පහලින්තියගන්න එක ඇඟට ගුණයි වගේ ;)

    ReplyDelete
  51. බෝදිලිමාගෙ OS එක දැකලා තියෙනවද ?
    SUSElinux :D

    ReplyDelete
  52. බලාගෙන යද්දී බෝදිලිමාත් ලේසි පහසු පොරක් නෙවෙයි නේ ද??

    ReplyDelete
  53. නියම ලිපියක් බෝදිලිමා ගැන අහලා තිබ්බට මෙච්චර විස්තර මේ ඇහුවමයි . . තැන්කූ ඈ

    ReplyDelete
  54. නියම ලිපියක් බෝදිලිමා ගැන අහලා තිබ්බට මෙච්චර විස්තර මේ ඇහුවමයි . . තැන්කූ ඈ

    ReplyDelete
  55. ගලයා-මමත් නම් දැකලා නෑ.

    සරත් ලංකාප්‍රිය-ඔව් ඔබ හරි.මිත්‍යා විශ්වාස තමයි.ඒත් අපි ඒවගේ කතා අහන්න ආසයිනේද.

    ටී.බී. -ඔව් මමත් ඒක අහල තියනව.

    Bunny -හහා :)

    ReplyDelete
  56. Nj_A -හෙහෙ ඔව් ඇයි ඔයා බය උනාද මේක අහල.

    දුකා- හා :).මම් කියවපු පොතේ තමයි ඔය විස්තර ටික තිබ්බෙ.

    ReplyDelete
  57. mamath ooya katha ahala thiyanawa! ape bappa nam dawasak raa bike eke yaddi baya wela! mata nam thama bodilimek hambela na! :D

    ReplyDelete