Wednesday, October 26, 2011

මට කුලුමිණියෙක් හොයලා...

මේ දවස් වල වැස්ස නිසා පොඩි පොඩි සත්තු වැස්සත් එක්ක ලයිට් එලියට ගේ ඇතුලටත් එනව.

මෙරු, සලබයෝ, එක එක කුරුමිණියො ජාතී....

එක එක සයිස් එකේ කුරුමිණියෝ තම ගොඩක් එන්නේ.

අපේ නැචුරල්ටත් මේ ටිකේ වැස්ස නිසා වෙනදට වඩා කරන්න වැඩ ගොඩක් එකතුවෙලා.

අම්ම පේන්න නැතිවෙලාවට මම් හදලාදෙන බෝට්ටු අරින්න... වැස්සට පනින්න...,අපිත් එක්ක මල් ගස් හදන්න...

ඇයි හදපු ගස් පැලවෙලාද කියල ගලවල බලන්න...ගොඩාක් වැඩ!.

ඊයේ දවසම රෑ මෙහෙට වැස්ස.මෙයා උදේ පාන්දර 3 ට විතර අම්මත්තට කියල කිරි එකක් හදාගන බිලා නිදාගන උදේම ආයෙත් නැගිටලා.ඇයි ඉස්කොලේ යන්න එපැයි.

ඒ අතරේ ගේ ඇතුලට ලොකු කුරුමිණියෙකුත් ඇවිත්.

ඒකා ම්ම්ම්ම්ම්ම්.................ම්................ම්ම්ම්ම්ම්ම්ම්ම්...............සද්දෙන් කාමරේ බිත්ති වල වැදි වැදී සද්ද දානව.

 මෙන්න මට අඩ නින්දෙන් ඇහෙන කතාව.

අම්මත්තා... අර මොකෙඩ්ඩ?

ඒ... පුතේ... කුරුමිණියෙක්.

කුලුමිනියෙක්...?

ඔව්.ඌ ලයිට් එළියට ඇවිල්ල තියෙන්නෙ එළියෙ ඉදන්.

එයාගෙ බබාල කෝ...?

බබාල ගෙදර තියල එන්ඩ ඇත්තෙ.

ආ....

ඔයා මෙහෙ එන්ඩ,ඌ කයි.

ඒ අස්සෙ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...ම්ම්.........ම්ම්....සද්දෙ ටිකකට නැවතුනා.

මේ....බිම වැටිලා....අම්මත්තා...මේ....

ඉන්ඩකො පුතේ මේ පිරිත් දානකම්!....

අර... අර... කුලුමිණියා මම් ටූටි කාලෙ වගේ අප්පුදි ගානවා...

අර... අර... 

අම්ම බලද්දි ඌ උඩුබැලි අතට වැටිලා අඩු හොලවනවලු.පස්සෙ කඩදාසියකට අරන් ඌ එළියට විසික් කරල.

අද නැගිට්ට වෙලේ ඉදන්  කරදරේ... පුංචී... පුංචී... මට  කුලුමිණියෙක් හොයලා...අනේ...අර උදේ වගේ ලොකු එකෙක් හලිඩ...අපලාදේ අම්මත්ත ඒකව එළියට දැම්මනේ...

අමාරුවෙන් බේරුනා ඉස්කෝලෙ ගිහිල්ල එද්දි හොයලා තියන්නම් කියල.

වෙලාව කියන්නෙ ඉස්කෝලේ ඇරිල එද්දි එයාට කුරුමිණියව අමතක වෙලා!...

39 comments:

  1. පොඩි බබාලාව රවට්ටන්න එපා එයාලා පවූඌඌඌඌඌඌඌ

    ReplyDelete
  2. අනේ පොඩි එකාගෙ කතාව ඒ විදියටම ලියලා... හරිම ආදරේ හිතෙනව ඒ බාසාව ඇහුනම...(ඇහුනෙ නැතත් ඇහෙන්නම වගේ ලියල තියෙනවනෙ ).

    කුලුමිනියා කිව්වාම මතක් උනේ... මගේ ලොකු නංගි පුංචි කාලෙ චූටි නංගිට එක එක අරියාදු කරනකොට අම්ම කියනවා ' අනේ පුතේ නංගිට කිනිමිනියකම් කරන්නෙ නැතිව ඉන්නකෝ...' කියලා. ඉතින් දවසක් මෙන්න චූටි නංගි කෑගහනවා ඇහෙනව 'අම්මෙ මෙන්න චූටි අක්ක මට කුරුමිනියකම් කරනෝ...' කියලා.

    ReplyDelete
  3. ඉස්සර (මම පොඩි කාලේ) ආච්චිලගේ ගෙදර ගියහම අපේ පුංචි කුරුමිණියෙක්, මැස්සෙක්, මදුරුවෙක් වගේ චූටී සත්තු එකතු කරලා ඉවර වුණු ගිනි පෙට්ටියකට දානවා, සද්දේ අහන්න. ඉතින් එක එක විකාර සද්ද තමයි ඇහෙන්නේ, සංගීතාත්මක නම් නැහැ. ඒත් ඒවා අහන්න ඒ කාලේ කැමති වුණා වගේම ඒ වගේ වැඩ වලින් පුදුම වුණා. මේ කතාව කියෙව්වහම ඔය පිස්සු කතාව තමා මට මතක් වුණේ. :)

    ReplyDelete
  4. හැබැට පොඩි සත්තු හපයි කියලා පොඩ්ඩව බය කරන්ට එපා..මොකැ ඔය පොඩ්ඩො ලොකුවෙද්දි..ඒ බයත් ඒයාල එක්කම වැඩෙනව..එක එච්චර හොඳ නැ....කොහොමත් පොඩ්ඩංගේ අවදානේ මොහොතින් වෙනස් වෙනව නොවැ

    ReplyDelete
  5. හෆ්ෆෙ.. බොරු කියන්නෙ මොකද මං නම් අදටත් පන බයයි කුරුමිණියන්ට. බයමත් නෙවේ හිරී කිතයි වගේ :D මං ඉස්සර ආසම වැඩේ කලාමැදිරි අල්ලන එක.. අල්ලලා ජෑම් බෝතල් වල දාන එක :D පස්සෙ උන් මැරෙන නිසා තාත්තා මාව බය කරා උන් කෑවාම අහසේ තරුයි, මුහුදෙ මැද වැලියි ඔනේ හොද කරන්න කියලා.. සෝ මං අම්බානෙක බය උනා.. නිකං ඉල්ලං ටිංකිරි ගාගන්නෙ මොකද කියලා.. පස්සෙ ඒ බිස්නස් එක ඇතැරියා :D :D

    ReplyDelete
  6. අපේ මාමගේ පොඩි එකා මතක් උනා.. එයා අම්ම අප්පච්චි කියන්න කලින් කිව්වේ අයියා කියල.. ඉස්සර එයා පොඩිකාලේ, මං ගෙදර ආව වෙලේ ඉඳල මගේ අතට පනින්නමයි හදන්නේ..

    ReplyDelete
  7. අපෝ, පොඩි එවුන් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි මෙයා නිදිලු. බඳින එකාට අබ සරණයි!

    ReplyDelete
  8. පොඩි එකාගෙ වචන වලින්ම ලියල.... ලස්සනයි

    ReplyDelete
  9. මට පොඩි කාලෙ සින්දුවක් මතක් වුනා

    කුරුමිණි පැටියෙක් ගහකින් වැටිලා පොඩි අත්තටුවක් හොදටම කැඩිලා
    නැගිටින්නත් බෑ ඉදගන්නත් බෑ කුරුමිණියා හරියට ඇඩුවා.

    මේක දැකපු එක කූඹි පැටියෙකුට කුරුමිණියා ගැන දුක හිතිලා
    අයියයි,අක්කයි,නැන්දයි,මාමයි කවුරුත් අඩගහගෙන ආවා

    කූඹි ගුලේ ලොකු ඉස්පිරිතාලෙ ඕනෙම බෙහෙතක් ඇති හන්දා
    කූඹි පෙරහැරක් බේත් කරන්නට කුරුමිණියා අරගෙන යනවා.

    කුරුමිණියන්ව කූඹි උස්සගෙන යන එක ගැන මොන තරම් හිතලාද නේද....

    ReplyDelete
  10. ශානු- අනේ රැවැට්ටුවෙ නෑ අනේ

    Mඉයුරු-හික් හික් කුරුමිණිකම්! :)

    හිරණ්‍ය-මමත් ඉස්සර ටික්කො ලොකු ගිනි පෙට්ටි වල දාගන යනව ඉස්කොලේ උන්ගෙ පිටිපස්ස කොටස ඇගිල්ලෙන් තද කරාම ඔලුව ගහනව ටික් ටික් ගාල.ඒ නිස අපි උන්ට කියන්නෙ ටික්කො කියල :)

    ReplyDelete
  11. ර්‍අජ්-නෑ නෑ පොඩි කුරුමිණියො අතේ තියන් ඉන්න දෙනව.ලොකු උන් හැපුවොත් කියල බයයිනේ ඉතින්.අල්ලන්න දෙන්නෙ නැත්තේ ඒකයි.

    Bunny- මම් නම් බය නෑ මුන්ට.මට පේන්නම බැරි ගෙම්බො.ඊ...

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-පොඩි උන් ඉද්දි අපිවත් ඈදගන සෙල්ලම් කරන්නනෙ හදන්නෙ.වෙලාවකට එපාත් වෙනව.ඒත් පව්නේ.

    ReplyDelete
  12. පිස්සා පලාමල්ල-හ්ම් එයා ඔහොම තමා කතා කරන්නෙ.තාම හරියට කතා කරන්න බෑනේ.

    නිසුපා-අනේ හරි ලස්සන සින්දුවක් බබට කියල දෙන්න ඔනේ.

    ReplyDelete
  13. කවුද දැකල තියෙන්නේ කුරුමිණියා ගොම ගුලියක් හදලා ඒක තල්ලුකරගෙන යන හැටි ?

    ReplyDelete
  14. හොද වෙලාවට නැචුරල්ට ගෙදර එද්දී එක අමතක උනේ.. නැත්නම් අක්කට වෙන්නේ කුරුමිණියෝ අල්ලන්න තමයි.. පස්සේ හරි මතක් උනොත් තමයි වැඩේ...

    ReplyDelete
  15. අඩේ වහින කොට සලබයෝ එනවැයි....? මං ඈහුවමයි ඔය.... හික්...

    ඉස්සර මටත් තිවුනා පොඩී සීන් එකක් ගෙම්බත්තෝ එක්ක... බක බක බක ගාන කොට නිකංම මටත් බක බක ගෑවෙනවා.... හෙන ජොලි.

    ReplyDelete
  16. කුරුම්ණියො බිත්ති වල හැප්පි හැප්පි පියාඹලා බිම වැටිලා කකුල් උඩුපැත්තට හරවාන මොකුත් කරකියාගන්න බැරුව දඟලද්දි පව් කියලාත් හිතෙනවා..

    ReplyDelete
  17. සරත් ලංකාප්‍රිය-ඉස්කෝලෙ පොතක තිබුනා මතකයි එහෙම කුරුමිනියො ජාතියක් ගැන. දැකලා නැද්ද කොහෙද?

    ඪිනෙශ්-හ්ම් අප්පො ඕව් නැත්තම් හොයපන්කො කුරුමිනියො :O

    ReplyDelete
  18. ප්‍රසන්න86ක්-සලබයොද මන්ද අර බිත්තියෙ වහල ඉන්නෙ තටුත් පොරවගන.උන් සලබයෝ නේද?

    ර්‍ඔශන්Hඑරත්-හ්ම් ඔව් ඒක දැකලා තමයි බබා කියල තියෙන්නෙ අප්පුඩි ගහනව කියල කුලුමිනියා.:)

    ReplyDelete
  19. මෙහෙම කතා කියන පොඩි එකෙක් එක්ක ජීවිතේ ගෙවන්න ආස හිතෙනවා. හරි හුරතල් ඇතු නැචූ දූ. හොද වෙලාවට ඉස්කෝලේ (සෙල්ලම් කණ්ඩායමේ) ගිහින් ආපු ගමන් අමතක උනේ !!!

    දැන් ඉතින් පුංචිඅම්මටත් කුලු කෙසේ වෙතත් මිනියෙක් හොයන්නෙ වෙනවා. හික්ස් :)

    ReplyDelete
  20. මම අයේෂ් කිවුව දේ ස්ථිර කරමි!

    ReplyDelete
  21. අනේ හරිම හුරතල් භාෂාව...මාත් පොඩි කාලේ "වක්කුට්ටා" කිව්වලු කටුස්සන්ට.

    ReplyDelete
  22. පොඩි අය හරිම ආසයි සත්තුන්ට

    මම පොඩි කාලේ බත් කූරෝ අල්ලගන්නවා නිතරම ඉතින් ඒක නිසා අම්ම මට කීවා බත් කූරා හැපුවොත් මැරෙනවා කියලා . ඊට පස්සේ මම ආයේ අද වෙනකම් උන්ව ඇල්ලුවේ නෑ .

    පවු ඔය පොඩි එකා මම එහෙම වගේ නම් ගොම කුරුමිණියෙක් හරි ගෙනල්ලා දෙනවා :)

    ReplyDelete
  23. මධුරංග- එහෙනම් ඔයත් ඒවගේ කෙනෙක් හදාගන්න :).මිනියක් තමා හොයන්න වෙන්නෙ :ඩී

    Chathuranga ඹන්ඩර- ආ කාටද ඔච්ච උදෙන් නැගිටින්න පුලුවන්.

    සයුරි- හ්ම් පොඩි අයට වෙනම ලැන්වේජ් එකක් තියනවනේ.එක එක්කෙනා වෙනම වචන කියන්න.

    හිස් අහස- හ්ම්...පොඩි කුරුමිනියන්ව අල්ලන්න දෙනව,බයයි ලොකු උන් කයි කියල.ගොම කුරුමිනියො මෙහෙ නෑනේ හොයන්න.:/

    ReplyDelete
  24. ඔබ නොදු‍ටු ලොවක්....- පව් කියල වැරදිලාවත් කෑවොත් එහෙම? අම්මො කාට කියන්නද විස එකෙක් උනොත්.

    ReplyDelete
  25. ඔව් සමහර කුරුමිණි ඉන්නවා විශයි.. අල්ලන්න නොදෙන එක නම් හොඳයි..

    ReplyDelete
  26. මගේ චූටිම එකත් ටික්කන්ට හරි ආසයි, ඒක බලා ඉන්න මමත් හරිම ආසයි ....

    ReplyDelete
  27. Wඑනි-පොඩි උන් එක්ක නම් සෙල්ලම් කරනව අතේ තියාගන.අපි අල්ලල බලල එයාටත් දෙනව අල්ලල බලන්න.

    පන්සල් හංදිය-ටික්කො නියමයි නේ.ටික් ටික් ගානවනේ.

    ReplyDelete
  28. හලි නාකය් මේ පුංචී.. :P

    ReplyDelete
  29. පොඩි කාලෙ ඇලට බැහැල මාළු අල්ලන්න ට්‍රය් කල හැටි මතක් වුනා

    ReplyDelete
  30. තටු සිඳුනු සමනළියක්....- ඉතින් අනේ කෑවොත් එහෙම කුරුමිනියෙක්

    Oබ්සෙර්වෙර්-මමත් මාලු අල්ලල තියනව :)

    ReplyDelete
  31. ඔය සාමාන්‍ය කුරුමිනියෝ එකෙක්වත් හපා කන්නේ නැහැ
    ඒත් අර අම්බලම්පාළුවෝ කියල කියන වර්ගයක් ඉන්නේ(අපේ පැත්තේ කියන්නේ එහෙමයි), වහලවල් වල ලී හිල් කරලා ඒවායේ පදිංචි වෙලා ඉන්න කළු පාට ජාතිය
    අන්න එයාලවනම් අල්ලන්න දෙන්න එපා, මොකද උන්ට විෂ කටුවක් තියෙනවා හරියට මී මැස්සන්ට වගේ
    හැබැයි ඉතින් එයින් එකෙක්ව අල්ලනත් ලේසි නැහැ
    එයින් එකෙක් විද්දොත්නම් පොඩි එකෙක් වෙන්න ඕනේ නැහැ, මහ එකෙකුට උනත් බීපු රන් කිරි මතක් වෙනවා
    තව වර්ගයක් ඉන්නවා ටිකක් තැඹිලි පාටට වගේ හුරු කළු පාට තිත් තියෙනවා , උන්ට කියන නම මට මතක නැහැ
    (ඔයා මේ ෆොටෝ එකේ දාල ඉන්න අහිංසක Lady Bird ගැන එහෙම නෙමෙයි මම කියන්නේ, එයා වගේ දෙගුණයක් විතර ලොකු එකෙක්)
    උන් ගොඩක් වෙලාවට පොල් ලෙළි ගොඩවල් අස්සේ එහෙම ඉන්නවා, ගෙවල් ඇතුලටත් එනවා
    උන් විෂ රසායනයක් අපේ ඇඟට හලනවා, ඒක වැදුනහමත් පිච්චෙනවා වගේ අධික වේදනාවක් දැනෙනවා, එතන හම කළු පාට වෙනවත් එක්ක
    ඊට අමතරව ඉන්න බහුතරයක් බොහොම අහිංසක උන්

    ReplyDelete
  32. ලොකු පුතා-එහෙමද.මට බයයි සෙල්ලම් කරන්නවත් අතට දෙන්න බැරිවෙලාවත් විද්දොත් වත් කියල.ඒත් පුන්චි කුරුමිනියොත් එක්ක නම් සෙල්ලම් කරනව එයා.අම්බලම්පාලුවෝ ගැන නම් දන්නෙනෑ මම,මෙහෙ වෙන නමකින් හදුන්වනවද දන්නෙ නෑ උන්ව.ටික්කොත් එක්ක නම් සෙල්ලම් කරනව මෙයා,ඔයාදන්නවද ටික්කො?

    ReplyDelete
  33. පොඩි එකාගේ කතාව ලස්සනට ලියලා..හරී හුරතල්:)..
    මම නම් පොඩි කාලේ කුරුමිණියොන්ට අපලලු..මං උං අරං කටේ දාගන්නවලු..අම්මා තමා කියන්නේ ..හික්z
    ඒක නම් ඇත්ත පොඩි උං රවට්ටනවා..කෝ එකෙක් අල්ලලා දුන්නද?

    ReplyDelete
  34. අක්කෙ අක්කෙ මතත් කුලුමිනියෙක් හොයල දෙල්ලකො... :D

    ReplyDelete
  35. ලස්සනට ලියා ඇත..

    ReplyDelete
  36. ගලයා- අහ් ඔන්න අල්ලල දුන්න පොඩි එකෙක්.දැන් මෙරුන්ට තමා ආස.වැස්සට එනවනේ.

    ටී.බී. -අහ් ඉන්නකෝ මම් ඔයාතත් කුලුමිණියෙක් හොයල දෙල්ලම් හලිද.

    සඳා-:)

    ReplyDelete
  37. @ නදී,
    අලේ හොද... අක්ක, ඒත නෙවේ අක්කෙ, මොතද මේ තොප්පියක් දාගන? අක්ක පොලිස් නැන්ද කෙනෙක් උලාද?

    ReplyDelete
  38. ටී.බී. -පොලිත් නැන්දි කෙලෙක් උලේ ලෑ අලේ.මේ දවත් වල බෝ දාල ලිතා මම් ටුප්පියක් දාගල තමා ඉල්ලෙ.උයාලත බෝ දාල්ලෙ ලැඩ්ඩ?මෙහෙනම් ගොඩක් බෝ දාලව.අපි බෝත්තු අලිනව.

    ReplyDelete