Tuesday, October 25, 2011

කාල නැත්තම් ආ...මෙන්න පැණිමොර

මොර සූරන වැස්ස ගැන දන්නව ඇති ගොඩක් දෙනා...මොර කියන පළතුර ගැනත් අහල ඇති,ඒත් කාල තියන අය නම් අඩු ඇති.මේ පළතුර හැදෙන්නෙ අවුරුද්දෙ එකකාලෙකට එක සැරයක් විතර,විශේෂයෙන් වියළිකලාපීය ප්‍රදේශවල හැදෙන පළතුරක්.

ඉස්සර අපි පොඩි කාලෙ නම් ගොඩක් වෙලාවට ගම් වල මිනිස්සු පොළට එහෙම ගෙනල්ලා විකුනනවා දකිනව,ඒත් දැන් මේවගේ පළතුරක් උනත් දකින්නෙ කලාතුරකින් තමයි.

මොර කියන්නෙ අඩි 25ක් 30 විතර ගොඩක් උසට හැදෙන ගස් වර්ගයක් ,ඒවල අතු අග පොකුරක් විදියට තමා මොර ගෙඩි ඵල ගන්නෙ.ඒ නිසාම මොරගෙඩි කඩාගන්නත් ටිකක් විතර අමාරුයි.

මේ තියෙන්නෙ ඉදිච්ච මොර ගෙඩියක්

සියුම් පොත්තක් එක්ක පුංචි ගෙඩි විදියට තමා මොර හැදෙන්නෙ. මොර ගෙඩියට සාපේක්ශව මොර ඇට ටිකක් ලොකුයි,කළු පාටයි.

මදේ අමුතුම පැණි රහක් තියෙන්නෙ.රහ ගැන නම් කියන්න වෙන්නෙ කාල බලලම තමා ඉතින්.පැණිමොර, මස් මොර,ඇට මොර වගේ මොර ජාතිත් කීපයක්ම තියනව.

මේ සතිඅන්තෙදි මටත් මොර කන්න හම්බුනා.පොළේ ගිය වෙලාවේ මනුස්සයෙක් මොර ගෙනල්ල  පැණිමොර...පැණිමොර... කිය කියා කෑගගහ විකුනනව දැක්ක අහම්බෙන්.

දකින්න හම්බෙන්නෙත් කාලෙකින් නිසා ගාන අහන්නෙත් නැතුව මල්ලක්ම ගත්ත.ගානනම් ටිකක් වැඩී...ඒත් ආය කවදා කන්න හම්බෙයිද කවුද දන්නෙ?... 

ඒත් ඉතින් හිතේ හැටියට කන්න තරම් ප්‍රමාණයක් හම්බුනෙත් නෑ :).කාල කාල පොඩි පොඩි ගෙඩි ටිකක් ඉතුරු උනා.එතකොට තමයි බ්ලොග් එක මතක් උනේ.ඒ නිසා පින්තූරෙකුත් ගත්ත.

මේ තියෙන්නෙ කාල කාල ඉතුරු උන මොර ටික

62 comments:

  1. කාලා නම් නෑ මෙයා.. ඔයාලාගෙ ගෙදර ආවාම කන්න බැරියැ...

    ReplyDelete
  2. මොර නම් මම් කාලා තියෙනවා. මරු !!!
    මම් ආස මොට මද කාලා මොර ඇට කට උඩ තියාන පිඹින්න. එතකොට ඒක ලස්සනට කරකැවිලා කටටම වැටෙනවා. හික්ස් :)

    මොර සූරන වැස්ස කියන්නේ මොර ගෙඩි නටුවෙන් ඉදිරිලා වැටෙන්න තරම් හයියෙන් වහින වැස්සට වෙන්ටෑ. :)

    ReplyDelete
  3. පුදුමයි ඔය ගෙඩි ටික ඉතුරු කරා ...
    අපි පොඩි කාලෙ නම් මොර ගස්වලට ඕන තරම් පොලු ගහල තියෙනව. ඔය මොර වල මහ අමුතු රහක් තමා තියෙන්නෙ.[ඉන්නල කියන පොඩි අල ජාතියෙ රහත් ඊට ටිකක් විතර සමානයි]
    ඔයා ඉතුරු කරපු මොර ටික දැක්කම මට ඒ රහ ආයෙ දැනුන වගේ වුනා.

    ReplyDelete
  4. පැනිමොර මල් පිපුණු දාට,කජු පුහුලන් ඉදුණු දාට.... එහෙම සින්දුවක් තියෙනවා නේද? හි හි
    අහල තිබුනට අදයි පැණි මොර දැක්කේ.. :D

    ReplyDelete
  5. මේක දැක්කම පලු මතක් උනා :(

    ReplyDelete
  6. මොර ගෙඩි ගැන අහලා තිබ්බත් තවමත් රස බලලා නම් නෑ... දකින්න ලැබිලත් නෑ....

    ReplyDelete
  7. මොර මොර.....කියලා මොරගාන්න විතරයි අපට වෙන්නෙ :D පිංතූර බලලා හිත හදාගන්නවා මොනා කරන්නද මූදුකරේ ඔව්වා නෑනෙ :/

    ReplyDelete
  8. මම තාම ජීවිතේටම මොර, පැණි මොර කාලා නැහැ .........

    ReplyDelete
  9. මම කාලත නෑ අෆ්ෆා :(

    ReplyDelete
  10. මම නම් දැකල තිබුනෙත් නෑ... රස කොයි වගේද කියල දන්නේත් නෑ... ඔන්ලයින් තමයි ඉතින් මේව රස බලන්න වෙන්නේ....

    ReplyDelete
  11. මොර කාලා තියෙනවා බොහෝම කාලෙකට ඉස්සර..දැන් නම් රසත් අමතක වෙලා !

    ReplyDelete
  12. @මධුරංග සෙල්ලන නෙවෙයි, ඇට කටේ තියාගෙන උඩබලාගෙන පිබින්න එපා.

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් අහ් අයියෝ............ පැණි මෝරද ? ඔව්නෙ කාලා නැ නේ අෆ්ෆා :D

    ReplyDelete
  14. මමත් තාම කාලා නෑනේ අක්කේ මේවා...

    ReplyDelete
  15. අදයි දැක්කේ.බොහොම ස්තුතී

    ReplyDelete
  16. ඉස්සර අපේ ඉස්කෝලෙට ආවා නිකවැව කියන පැත්තේ ලමයෙක්.. මොර කාලෙට හැමදාම උදේට පැණිමොර බෑග් එකක් ෂුවර්.. ඒ කාලෙට අපිට ඌ දෙවියෙක් වගේ... ඒ වගේමයි.. මොර කාලේ ඉවර වෙච්ච ගමන් අළුත් උනිෆෝම් ගන්න වෙනවා කහට යන්නේ නැති නිසා... අදටත් අනුරධපුරේ යද්දි මම ඉබ්බාගමුවෙන් හැරිලා උගේ ගෙදර හරහා තමයි යන්නේ... ඒත් මොරනම් හම්බෙනවා අඩුයි....

    ReplyDelete
  17. මල ඉලව්වයි ... දැන් බලාගෙන යනකොට මුං එකෙක්වත් මේවා කාල නෑනෙ. චෑ.. චෑ ...
    හරි එහෙනම් ඔයාල ''කොකෝ'' කාල තියෙනවද .....
    [ මම දැන් ලියමින් ඉන්නෙ ඒව ගැන තමයි]

    ReplyDelete
  18. කාලා නෑ අප්පා. ටිකක් එවන්න බැරිද අනේ....

    ReplyDelete
  19. අතු කඩා මොර කන්නා සේ කියලා පිරුළකුත් තියෙන්නෙ මොර කන්න නම් අතු පිටින් බිඳින්න වෙන නිසා නේද.

    ReplyDelete
  20. සික්... තනියම කෑවා නේද...................:D

    ReplyDelete
  21. මම නම් පුංචි කාලෙ ඇතිවෙන්න කාල තියෙනවා.... අපේ අත්තම්මලගෙ ගෙදරට උඩහින් තිබුනු කන්දෙ තිබුනා විශාල පැනි මොර ගහක්... අතු බරවෙන්න මොර තියෙන කාලෙට වඳුරො පිරිලා...උන් කකා බිමට දානවා...ඒ නිසා වඳුරො ඇඟට පනියි කියලා බයට අතු පිටින්මයි කඩන් එන්නෙ... අතු හරිම ලේසියෙන් කැඩෙනවා... ඔච්චර කන්න එපා කියද්දි බත් කන ගානට කාලා ගේ ඉස්සරහ පොතු කන්දක් හදනව අපි.... කොච්චර රස උනත් මොර හරිම උෂ්නාධික කෑමක් කියලයි අපේ අත්තම්මා කිව්වෙ...

    මේ රටට ආවට පස්සෙත් මං දැක්කා සමහර කාලවලට සුපර් මාකට්වල විකුනන්න තියෙනවා... අස්ප ගනන්... ආසාවට ගෙනාවා පොඩි උන්ට දෙන්න, රසවත් දැනගන්න... හයියෝ... ඒවයෙ පැනි බින්දුවක්වත් නෑ... වේලිලා... ලොඳේ විතරයි...

    මුන් මොන බිබික්කමක්ද කියනවා... ඒ උනාට මට නම් ඒ කියන නම මතක හිටියෙ නෑ.... කවුරු හරි දන්න කෙනෙක් මොරවලට කියන ඉංගිලිස් නම කියනවද මට.... ඔන්න කියන කෙනාට තන්කූත් කිව්වා in advance....

    ReplyDelete
  22. මං නම් කාලා තියේ... ටිකක් විතර උෂ්න කෑමක් කියලාත් අහලා තියේ.

    ReplyDelete
  23. ඉස්සර නම් නුවර පළාතෙත් විකුණන්න තිබුනා. අපේ ගමෙත් මොර ගහක් තියනවා. ඒක නම් ඇටමොරලු. (ගමේ කට්ටිය කියන්නේ එහෙමයි) රස නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි ඔය හැම මොර වර්ගයම වගේ විකුණන්නේ නම් පැනි මොර කියා කෑගසමින් තමා.
    @ kumaraya
    ඇයි නැත්තේ. ඕනි තරම් කොකෝ කාල තියනවා. ඇයි තව ගඩුගුඩා, ලොකට්, ගල් සියඹලා

    ReplyDelete
  24. මමනම් කාලා තියනවා පැණි මොර .. ගොඩාක් කාලෙකට පස්සෙ දැක්කෙ පින්තූරයක්වත් .

    ReplyDelete
  25. මම දෙක වසරෙදි ආච්චි අම්මත් එක්ක ට්‍රිපක් යද්දි අපි මොර බේසමක්ම ගත්තා :D කාලා කාලා අන්තිමට කාගන්න බැරුව විසික්කලා මතකයි. අම්මෝ 1992 විතර ඒ. එච්චරමයි ජීවිතේටම මොර කෑවේ..

    ReplyDelete
  26. ඔන්න අදම තම මොර ගෙඩි දැක්කේ. අහල තිබ්බට දෙය්යනේ ජීවිතේට කන්න හම්බුවෙලා නෑ නේ.

    ReplyDelete
  27. දෙයියනේ කටට කෙල උනන වැඩ කරනවද ඔහොම...ඔය ඉස්කොලේ යන කාලේ...ගමේ ඉද්දී ඔව කනව රහ පංකාදුයි....

    ReplyDelete
  28. අධික ලැජ්ජාවෙන් දැනුම් දෙමි... උදේ හවස මොරකැලේ හරහා යන මම මොර කාලා නම් නැත. දැකලාත් නැත...

    නදී කීවා වගේම දවසක් පිළියන්දලදි මනුස්සයෙක් නැග්ගා බස් එකට... මොර මොර ගගා.. ළඟ ඉඳගෙන හිටපු ගෑණු කෙනා එක එක ඒවා කීවා.. ඉතින් ගන්න හිතුනෙ නෑ.. ගොඩාක් ආස හිතුනා.. ඒත් බය හිතුනා..

    @ kumaraya කියන්නේ කොකෝවා ගැනද? කෙකෝවා නම් අපේ ගෙදර තියේ.. ගෙඩිත් 10ක් විතර තියෙනවා.. ඉඳිලා.. කඩන්න වෙලාවක් නෑ අප්පා.. කොකෝවා ගෙඩිය මොනතරම් හයිය උනත් දඬුලේනාගෙන් බේරෙන්නෙ එහෙමත් ගෙඩියක් තමා..

    ReplyDelete
  29. About Mora - http://www.montosogardens.com/dimocarpus_longan.htm
    Also this link has a lot of information http://www.tamilnet.com/art.html?catid=98&artid=23634

    ReplyDelete
  30. මම නම් කාලා තියෙනවා. ගමේ ඉන්න කාලේ ඉතිං කැලෑ සුද්ද කරන එක තමයි අපි කට්ටිය එකතු වුනහම කරන්නේ. හැබැයි මොර වලට වඩා මං ආස දං ගෙඩි කන්න.මොකද කට පාට වෙනවනේ ඒකයි.

    ReplyDelete
  31. ස්තූතියි මෙහෙම දේවල් බෙදාගන්නවට! :)

    ReplyDelete
  32. කාලා තියෙනවද කියන්න කෝ පින්තූරේ...

    ReplyDelete
  33. ආ හරි අහල තිබුනට කාලා නෑ..

    ReplyDelete
  34. ආයෙමත් තන්කූ ඉහත ලින්කුවට.... දැන් මට මතක් උනා...Longan කියලා තමයි බෝඩ් එකේ තිබුනෙ...

    ReplyDelete
  35. චතුව- එහෙනම් එන අවුරුද්දෙ මේ කාලෙට එන්න.

    නෙරංජි | ණෙරන්ජි-ඔය තියෙන්නෙ ගන්ට.

    මධුරංග- ඒ සෙල්ලම නම් ඒ හැටි හොද එකක් නෙමේ වගේ.

    කුමරය-ඔයා කෙළ ගිල්ල නිසා මට බඩේ අමාරුව හැදෙයිද දන්නෙ නෑ :)

    ReplyDelete
  36. Ice (අයේෂා කුලතුංගා-හ්ම් අහල තියනව ඒ සින්දුව.ඇයි මොරගොඩ මොර වැව කියල ගම් හිටන් තියෙන්නෙ.

    සයුරි-ඇයි පළු දන් කෝන් ඒව මතක් උනේ නැද්ද?:)

    දිල් -අයියෝ මෙඔ දැක්කෙ ඉතින්.

    ආඩම්බරකාරී- :(

    ReplyDelete
  37. පන්සල් හංදිය- අහ් ඔය පැත්තෙ නැතුව ඇති නේ.

    පූසා- පූසො මොර කනවද?:O

    නදුන් උයන-ඔයාලගෙ පැති වල නෑ මම් හිතන්නෙ,ඉස්සර මෙහෙත්ගොඩක් තිබ්බ දැන් ගස් කපන නිසා ගොඩක් දකිනව අඩුයි.

    Wඑනි-රහයි නේ.

    ReplyDelete
  38. මම හිතන්නෙ මොර හැදෙන්නෙ වියළි කලාපෙ. කාල නම් තියෙනව වතාවක් දෙකක්. ආයෙ කවදා දකින්නද. නදී අර තනි මොර ගෙඩියෙ ෆෝටෝ එක macro modeඑකට දාලා තව පාරක් ගත්තා නම් හො‍ඳෛ කියලා හිතෙනවා. මතකය අලුත් කලාට ස්තුතියි
    henryblogwalker the Dude

    ReplyDelete
  39. ජේ.ඩී- මම් හිතුවෙ කාල ඇති කියල

    ඪිනෙශ්-අයියෝ ඔහෙ නැද්ද?

    කස්සා-බලාගන ගියාම කල නැති අය ගොඩක් ඉන්නවනෙ.

    අභීත-හ්ම් මේ පැත්තෙත් දැන් ඔයවගේ පළතුරු අඩුයි,ගස් කපලා දාලනේ.

    ReplyDelete
  40. kumaraya- ඔව් මමත් කලින් හිතුවෙ ගොඩක් අය කාල ඇති කියල :O කොකොවා ද?

    නිසුපා-මම් කාල ඉවරෝ.ඊලග සතියෙ පොලේ තියෙයිද දන්නෙ නැ.:)

    පිණිබිඳු...-ඔව් නේද ඔයාලගෙ ගම් පැත්තෙත් මේව ඇති නේ?

    නචියා -ආය කෑම ජාති කවුද බෙදාගන කන්නෙ :ඩී

    ReplyDelete
  41. Mඉයුරු-අපිත් පොඩිකාලෙ ඇති තරම් කනව ඕව,දං කඩන්නත් ගිහින් තියනව කැලේ,දැන්නම් කලාතුරකින් තමා දකින්නෙත්.ලින්ක් එකක් දාල තීයෙන්නෙ අර පහල.ඒකෙ නම තියනව.

    ඵ්‍රසන්න-ඔව් උශ්ණ කෑමක් තමා.

    ප්‍රියන්ත-ගල් සියඹලත් මතක් උනා,කටට කෙලත් ඉනුවා:/

    Gimhani- එහෙනම් ඔයා රස දන්නව.

    ReplyDelete
  42. ..ChAnDiKa..-2 වසරෙදි හරි කාල තියනවනේ.

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-අයියෝ හරිම අපරාදයක් නේ.:)

    Raj -හ්ම් රහයි තමා ගොඩක්.

    තනෝජා රාජපක්‍ෂ-කාල නැතිඋනාට අද දැක්කනේ.

    ReplyDelete
  43. Reader- ස්තූතියි ලින්ක්ස් වලට.

    බට්ටි-හ්ම් දං කඩන්ඩ අපි පොඩි කාලෙ කැලේ යනව,ගේ ලගම තියන කැලේට.ගවුම් පුරවන් අරන් එනව දං.

    තනි අලියා-:)

    මාතලන්- දවසක හම්බුනොත් කාල බලන්න රහායි :)

    ReplyDelete
  44. Mඉයුරු-ඔය හම්බවෙලා තියෙන්නෙ ඉන්ගිරිසි නම:)

    තාරක Dilsh@n- අහ්හ්.

    අයේෂ්-කොහෙටද.අපෝ සිතල මල්ලි කියන කතා හැබෑට.

    ReplyDelete
  45. ඪුඩෙ-ඔව් වියළි කලාපෙ හැදෙන රූස්ස ගහක් විදියට තමා මමොර සලකන්නෙ.පින්තූරෙ එච්චර පැහැදිලි නෑ තමා.:/

    ReplyDelete
  46. කාලා නං නෑ...ආසයි කන්න.......

    ReplyDelete
  47. කාලත් නැත... අහලත් නැත... :D :D

    ReplyDelete
  48. කෝන් කියලා තව ජාතියක් තියෙන්වා මේ වගේම වියලි කලාපයේ තමයි ඒකත් හැඩෙන්නේ අම්පාර මොණරාගල අනුරාධපුර වගේ පලාත් වල හැබැයි ටිකක්
    විතර ඇබුල්

    තව ඩෙයක්, එක පාරක් මොර ගහක පල හට ගත්තාම අවුරුදු 7 කට පස්සෙලු ආයෙත් පල හට ගන්නේ, ඒකට හේතුව තමයි පල නෙලා ගන්න ගහේ අතු කපන්න වෙනවා, නැවත අතු හැඩෙන්න අවුරුදු 7 විතර යනව.

    ReplyDelete
  49. කෝන් කියලා තව ජාතියක් තියෙන්වා මේ වගේම වියලි කලාපයේ තමයි ඒකත් හැඩෙන්නේ අම්පාර මොණරාගල අනුරාධපුර වගේ පලාත් වල හැබැයි ටිකක්
    විතර ඇබුල්

    තව ඩෙයක්, එක පාරක් මොර ගහක පල හට ගත්තාම අවුරුදු 7 කට පස්සෙලු ආයෙත් පල හට ගන්නේ, ඒකට හේතුව තමයි පල නෙලා ගන්න ගහේ අතු කපන්න වෙනවා, නැවත අතු හැඩෙන්න අවුරුදු 7 විතර යනව.

    ReplyDelete
  50. ටී.බී.-කාල තියනව :)

    තටු සිඳුනු සමනළියක්....- අයියෝ :(

    priyantha -හ්ම් ඔව් ඒවත් කාල තියනව.ටිකක් ඇඹුල් තමා.අතු අගනේ පොකුරු විදියට ඵල ගන්නෙ ඒ නිසා අග අතුකඩන්න වෙනව. ඒ නිසා ඊලග වාරේ හැදෙන්න කල් යනව ඇති.

    ReplyDelete
  51. ගමක හිටියත් මට තාම ෙමාර කන්න බැරිවුනා. ෙහායාෙගන කන්න ඔ්ෙන්...

    Unicode awul wage... Sorry !

    ReplyDelete
  52. Chathuranga ඵෙරෙර-මේකාලේ තමා තියෙන්නෙ පොඩ්ඩඛොයල බලන්න.:)

    ReplyDelete
  53. මොර, මම කවදාවත් කාල නැති පළතුරක්

    ReplyDelete
  54. Oබ්සෙර්වෙර් -පුදුමයි.

    ReplyDelete
  55. මොර හැදෙන්නේ වියළි කලාපයේ විතරක් නෙමෙයි, පට්ටම පට්ට තෙත් කලාපයෙත් හැදෙනවා
    ඒ කියන්නේ සිංහරාජය ආශ්‍රිතව එහෙමත්.....
    මොරපිටිය කියල ගමකුත් තියෙනවා එහේ, දැනටත් ඒ ගමේ මොර ගස් තියෙනවා සැළකිය යුතු ප්‍රමාණයක්

    ReplyDelete
  56. මම මොර කාලා තියෙනවා..
    මොර කන්නේ කෝං වගේ..ඒත් ඒවා දූරියං රසයි...
    දැන් නම් අපේ පලාත් වල උණත් මොර අඩුයි...

    ReplyDelete
  57. උදයංග ලක්මාල්October 31, 2011 at 12:25 PM

    මොර ගැන අහල නම් තියෙනවා.. ඒත් කාල නම් නෑ.. මේක කියෙව්වම මොර කන්න ආස හිතුනා... ඒත් ඉතින් මේ කොන්ක්‍රීට් වනන්තරේ කොහෙද මොර... අපිටත් මොර ටිකක් එව්වා නම් හොඳයි :)...

    ReplyDelete
  58. ලොකු පුතා-ඒත් වියළිකලාපයේ සුලබව තියනව නේද?ගොඩක් කැලෑවල තියනව.මෙහෙත් තියනව ගමක් මොරවැව කියල.ඇයි මොරගොඩ :)

    ගලයා-ගස් කපනවනේ මල්ලි ඉතින් මොර හැදෙයියෑ.කෝන් වගේ තමා රහ වෙනස්.

    උදයංග ලක්මාල්-ආය හම්බුනොත් එවන්නම්කෝ :)

    ReplyDelete