මොර සූරන වැස්ස ගැන දන්නව ඇති ගොඩක් දෙනා...මොර කියන පළතුර ගැනත් අහල ඇති,ඒත් කාල තියන අය නම් අඩු ඇති.මේ පළතුර හැදෙන්නෙ අවුරුද්දෙ එකකාලෙකට එක සැරයක් විතර,විශේෂයෙන් වියළිකලාපීය ප්‍රදේශවල හැදෙන පළතුරක්.
ඉස්සර අපි පොඩි කාලෙ නම් ගොඩක් වෙලාවට ගම් වල මිනිස්සු පොළට එහෙම ගෙනල්ලා විකුනනවා දකිනව,ඒත් දැන් මේවගේ පළතුරක් උනත් දකින්නෙ කලාතුරකින් තමයි.
මොර කියන්නෙ අඩි 25ක් 30 විතර ගොඩක් උසට හැදෙන ගස් වර්ගයක් ,ඒවල අතු අග පොකුරක් විදියට තමා මොර ගෙඩි ඵල ගන්නෙ.ඒ නිසාම මොරගෙඩි කඩාගන්නත් ටිකක් විතර අමාරුයි.
| මේ තියෙන්නෙ ඉදිච්ච මොර ගෙඩියක් |
සියුම් පොත්තක් එක්ක පුංචි ගෙඩි විදියට තමා මොර හැදෙන්නෙ. මොර ගෙඩියට සාපේක්ශව මොර ඇට ටිකක් ලොකුයි,කළු පාටයි.
මදේ අමුතුම පැණි රහක් තියෙන්නෙ.රහ ගැන නම් කියන්න වෙන්නෙ කාල බලලම තමා ඉතින්.පැණිමොර, මස් මොර,ඇට මොර වගේ මොර ජාතිත් කීපයක්ම තියනව.
මේ සතිඅන්තෙදි මටත් මොර කන්න හම්බුනා.පොළේ ගිය වෙලාවේ මනුස්සයෙක් මොර ගෙනල්ල පැණිමොර...පැණිමොර... කිය කියා කෑගගහ විකුනනව දැක්ක අහම්බෙන්.
දකින්න හම්බෙන්නෙත් කාලෙකින් නිසා ගාන අහන්නෙත් නැතුව මල්ලක්ම ගත්ත.ගානනම් ටිකක් වැඩී...ඒත් ආය කවදා කන්න හම්බෙයිද කවුද දන්නෙ?...
ඒත් ඉතින් හිතේ හැටියට කන්න තරම් ප්‍රමාණයක් හම්බුනෙත් නෑ :).කාල කාල පොඩි පොඩි ගෙඩි ටිකක් ඉතුරු උනා.එතකොට තමයි බ්ලොග් එක මතක් උනේ.ඒ නිසා පින්තූරෙකුත් ගත්ත.
| මේ තියෙන්නෙ කාල කාල ඉතුරු උන මොර ටික |