Monday, January 10, 2011

සෙල්ලම් කන්ඩායම - Play Group


 මම නම්  පුංචි කාලේ මොන්ටිසෝරියකට ගිහින් නෑ.මතකෙ හෑටියට අම්ම එක්ක අවුරුදු 4රේ ඉදන් ඉස්කෝලෙ ගියා.අම්ම ගමේ ඉස්කොලෙ උගන්නද්දි මමත් ඒ පන්තියෙ වාඩිවෙලා ඉදලා තියනවා,හෑබෑයි ඒ මීට අවුරුදු 20ගානකට කලින්.මම ලග තාම තියනවා අම්ම මට කොටුරූල් කොලයක ලියන්න දීලා මම් පිටුව පිරෙන්නම බෝල ඈදල,ලොකුම ලොකු හරියක් දීල,ඉතා හොදයි එකකුත් ගත්ත කොළයක්.

 ඔන්න අපේ නැචුරලුත් අද ඉස් ඉස්සල්ලම ඉස්කෝලෙ යනවා.තවම අවුරුදු 2ක් වත් නෑ හෑබෑයි මෙයාටනම්.මේ පෙබරවාරි 25ට තමයි අවුරුදු 2ක් සම්පූර්ණ වෙන්නෙ.අපේ අම්මා නම් කිව්වෙ  නැචුරල් තව ටිකක් ලොකු වෙනකම් ඉස්කෝලෙ යවන්න ඕනෙ නෑ කියලා.ඒත් ගෙදර ලගම ඉස්කෝලෙ නිසා අක්ක බබාව යවන්න තීරණය කරා.නිකං ගෙදර ඉන්නවට වඩා පෑය 2ක 3ක් එයාගෙ වයසෙ අයත් එක්ක ඉන්න පුලුවන්,ඒක කෝකටත් හොදයි කියලා.

නැචුරල් කතාකරන්නත් පටන් අරන්නෙ දෑන්.ගෙදරට එන පූසිගෙ පෑටව් දෑක්කම එයා, අම්මේ... කිටීට බබාල 2ක් තියනවා...(ඉන්නවා/තියනවා අදුරන්නෙ නෑ එයා තාම) කියල තමයි කියන්නෙ.තව ගොඩක් වචන එයාම හදාගත්ත ඒවා,
පනාව -කෝයා, කූඹි -කොම්බෙලා, අත්තම්මා- අම්මත්තා, සෙරෙප්පු -පාපා, කලිසම් - කාතං, ගවුම - ගාමෙ, ගුටි - ගොටි,කොම්පියුටර් -කොම්බෙට්ටු, බබාගෙ- බබාජි, ගලවන්න - ගල්ලන්න...ඔන්න ඔයවගේ.මම් හිතන්නෙ හෑම බබෙකුටම තමන්ටම අනන්‍ය වෙච්ච වචන ටිකක් තියනවා...අපිටත් තියෙන්න ඈති.


නැචුරල්  ඉස්කෝලෙට යන්න කලින් parents meeting  එකක් එහෙමත් තිබ්බා,ගේන්න ඕනෙ දේවල්,ඈදුම් පෑලදුම්,ගෑන එහෙම කියන්න.සෑහෙන ගානකුත් ගෙවන්න වෙනවා කියල තමයි කිව්වෙ නම්. ළමයිනුත් 40ක් විතර  ඉන්නවලු.Record book එකක් එහෙමත් හම්බවෙලා තිබ්බා.ඔන්න ඒකට දෑන්කවරයක් එහෙම දාලා නැචුරල්ගෙ ෆොටෝ එකක් එහෙමත් අලවලා.

මමත් ටිකක් පෙරරලා බෑලුවා.මොකද පස්සෙ කාලෙක මටත් ඕනෙ වෙයිනෙ කියලා :ඩී. එකේ ගොඩල් දේවල් තිබ්බ මම් හිතුවටත් වඩා.කොටස් කීපයකට බෙදල තිබ්බ පොතේ මෙන්න මේවගේ ඒව අඩංගුවෙලා තිබ්බා.
  • Practical Life - වතුර බෝතලය,බෑග් එක ඈරීම,කොන්ඩේ පීරීම සිට පන්තිය සකස් කිරීම
  • Sensorial Development - රලු - සිනිදු බව, හෑඩ, රස වර්ග, ගද සුවද, විවිද ශබ්ද හදුනාගෑනීම
  • Language Development - ආචාර විදි ,කතා බහ  පුරුදු කිරීම,පින්තූර කුඩා වචන හදුනාගෑනීම
  • Environmetal Studies - පරිසරයේ ඈති දේවල්,(සත්තු,මල්,පළතුරු),පවුල,රට,ලෝකය හදුනාගෑනීම.
  • Social Development -  හුවමාරුකරගෑනීම,ගෞරව කිරීම,අන්තර් පුද්ගල සබදතා
ඔන්න ඔයවගේ තවත් ගොඩක් දේවල් හුරු කරන්න විතරක් නෙමේ ඒවා ඈගයීමකුත් කෙරෙන විදියට වෙන වෙනම පොතේ ඉඩ වෙන්වෙලා තිබ්බා.ළමයා දක්වන ප්‍රතිචාර සටහන් කරන්නත් එකෙ ඉඩක් වෙන්වෙලා. බෑලුවම නරකමත් නෑ වගේ.

මේ ඉන්නෙ නැචුරල් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා

පලි - අද තමයි එයාගෙ මුල්ම ඉස්කෝලෙ දවස. මේ දෑන් ටිකකට කලින් තමයි ගෙදර ආවේ.

18 comments:

  1. නැච්චා බබා ලග නොහිටියට මොකෝ අපිත් බලාන උන්නේ බබා ඉස්කෝලේ ගිහින් එනකන්. නදී පුංචි (සැමන් පුංචි) බබාගේ කතාව ලියනකන් බලාගෙන හිටියා.
    අක්කට කියන්න මමත් පොඩි කාලේ බින්දුම ඇන්දා ඒ හින්ද මට අප්පච්චි කිවේ 'බින්දුමති' කියලා. ඒ නිසා බය වෙන්න එපා බබා කවදා හරි හොද තැනකට ඒවි මම වගේ :)
    බබා පොඩි වැඩියි නේ අක්ක ඉස්කෝලේ යවන්න. තව ටිකක් අම්මත් එක්ක හිටියනම් ඉවරයි නේ.

    ReplyDelete
  2. @ මධුරංග - "බබා පොඩි වැඩියි නේ අක්ක ඉස්කෝලේ යවන්න."
    වෑඩිහිටියො ඕවා කිවට බෑනේ(අපේ අම්මත් ඕකම කිව්වා).ක්‍රියාවෙන්ම අවබෝධය ලබපුවාවෙ. :)

    ReplyDelete
  3. මමත් කාලයක් ඔය මොන්ටිසෝරියට ගිහින් තියනවා.
    ඒ කාලෙ උදේ ඉඳන් දවල් වෙනකන් කොල්ලොත් (කෙල්ලොත් හිටියා) එක්ක නටන එක තමයි වැඩේ.
    අද කාලෙ වගේ පිලිවෙලට අපේ හැකියාවන් දියුණු කරන්න එදා උත්සාහ ගත්තද කියල මට මතක නැහැ.

    ඒ දවස්වල දවල්ට අපිට මොන්ටිසෝරියෙන් කිරි හෝ කැඳ හම්බ වෙනවා. නිකන් කිරි නෙවෙයි Cow and Gate දුන්නෙ. කැඳ දවසට අපි ගිනි පෙට්ටියකට හාල් ගෙනියන්න ඕනෙ. :) නැත්නම් මොනව හරි කොල ජාතියක්. මම නම් වැඩියෙන්ම ගෙනිච්චෙ එල බ‍ටු කොල මොකද ගෙදර ගහක් තිබුනා. :)

    ReplyDelete
  4. @කනී - මම් නම් ඉතින් මොන්ටිසෝරි ගිහින් නෑනේ.අම්ම එක්ක ඉස්කෝලෙ ගියා අවුරුදු 4 ඉදන්.

    ඉස්සර ලොකු මාරි බෙදනවා ඉස්කෝල ළමයින්ට කන්න නොමිලේ.ඉතින් මටත් කන්න හම්බුනා ඒවා,ගොඩක් කිරි රහයි,දෑන් ඒව වගේ නෙමේ.ඒවා කාලා අම්මලගෙ ස්ටාෆ් රුම් එකෙන් තේත් හම්බවෙනවා නිකම්ම.කන්නනම් එමට තිබ්බා. :)

    ReplyDelete
  5. බබා නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න.
    අවුරුදු 5න් ඉස්කෝලෙ දැම්මට පස්සෙ campus ගිහින් රස්සාවක් නැතුව ගෙදර ඉන්නකන් ආයෙ දෙම්ව්පියො ගාව සැනසිල්ලෙ ඉන්න බෑ.
    ඔය පොඩි එකාට දෙමව්පියො ගාව තව ටිකක් හුරතල් වෙන්න ඉඩ දෙන්න ඇරියොත් තමයි වටින්නෙ.

    ReplyDelete
  6. නැචු නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න...........Keep her home dear..she may get boring schooling........

    ReplyDelete
  7. @kani - "බබා නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න."

    ඔයා කියන එක සම්පූර්ණ ඈත්ත.අපේ අම්මත් ඔය කතාව කිව්වා.ක්‍රියාවෙන්ම අවබෝධය ලබපුවාවේ.

    අපිට නම් ඔය play group වත් montessori වත් තිබ්බෙ නෑ ඕන්.බලමුකෝ මොකද වෙන්නෙ කියලා.

    "කාලේ වෙනස් තාලේ අලුත්" කියනවනෙ. :ඩී

    ReplyDelete
  8. @Nadeeshani Aththanagoda - ඒක තමා...yea dear.That was ma sisters decision.will see what will happen. :)

    ReplyDelete
  9. අනේ අක්කෙ මේකට නම් මොකක් හරි ව්ප්ලවයක් කරන්න වෙයි ඔයාට..එයාට එතන හම්බුවෙන්නෙ මම හිතන්නෙ අවු 3 වැඩිපුර අවු 4 අය නෙ..
    එතකොට එයාට එපා වෙයි,...මම නම් මාසයයි මොන්ටිසොරි ගියේ.මාසෙම ඇඬුව පස්සෙ යැව්වෙ නැ..එයාට තව ටිකක් ආත්තමයි පුන්චි අම්මයි එක්ක ඉන්න දෙන්න..ඕනිම නම් අවු 3 දි විතර මොන්ට්සොරි නෙවෙ අර ප්ලේ ස්කූල් කියල තියෙන්නෙ අන්න ඒකකට දාන්න..

    ReplyDelete
  10. @පැන්da - නෑ මලේ.අවුරුදු 2ට අඩු බබාල ඉන්න පංතියට තමයි දාලා තියෙන්නෙ මෙයාව.සෙල්ලම් කණ්ඩායමට(play group).

    ReplyDelete
  11. ඔයා ඌව වෙල්ලස්ස කැම්පස් එකේද

    ReplyDelete
  12. ඔයාගෙ බ්ලොග් එක කියවගෙන එද්දි තමයි මට හිතුනේ. ඔයාගෙ යාලුවෙක්ගෙ මරණයක් ගැන දාල තිබුනේ. එයා මගෙ ගම් පලාතෙ. මම ඔයාගෙ කැම්පස් එකේ නෙමෙයි. එත් අර හෝඩුවාවෙන් තමා ඔයා කොහෙද කියලා හොයා ගත්තෙ. :) භාග්‍යාවත් මම අදුරනවා.

    ReplyDelete
  13. අහ්... ඔව් දිලා,හොද යාලුවෙක්,මෑනේජ්මන්ට් කරත් මාත් එක්ක පලවෙනි අවුරුද්දෙ හොස්ටල් එකේ එකට හිටියෙ,අල්ලපු කාමරේ.ගොඩක් දුකයි අකල් මරණයක්.

    ඔයා කියන්නෙ ඒ පෑත්තෙම ඉදලා ආව "භාග්‍යා" ගෑන වෙන්න ඕනෙ.එයා අපේ ඩිපාර්ට්මන්ට් එකේ.මට ජූනියර්. :)

    ReplyDelete
  14. බබාන්ම් පොඩි වැඩියි තමයි මොන්ටිසෝරි යවන්න. :(

    ReplyDelete
  15. අනේ මේ පැට්ටා චූටි වැඩි නැත්ද play group යන්න ?

    මම නම් මොන්ටිසෝරි වර්ජනය කලා . පැත්ත පලාතෙ ගියේ නෑ. මෙන්න සාක්කි http://ahasgawwa-tmg.blogspot.com/2009/09/blog-post_20.html

    අකුරු ඉලක්කන් හරියට ඉගෙන ගත්තේ තුන වසරෙදි විතර .hi hii :)

    I wonder how i miss your blog . Keep up good writing .

    TG

    ReplyDelete
  16. @කොට ජීවිතේ- මොන්ටිසෝරි නෙමේ එයා යන්නෙ.ප්ලේ ගෲප්.ගිහින් ටිකක් සෙල්ලම් කරල එන්න යන්නෙ.එයා ආසාවෙන් යන නිසා තමයි යවන්නෙ.අනික ගෙදර ලගනේ.දැන් සින්දු එහෙමත් ගොඩක් දන්නව

    ReplyDelete
  17. @TG- ඇගෙන් පොඩි උනාට දැන් එයා අවුරුදු 2ත් පහුකරල ඉන්නෙ.එච්චර උස මහත නෑ :))ඉස්කෝලෙ ආසාවෙන් යනව,ගේ ලගනේ තියෙන්නෙ,ඒ නිසා යවනව,සින්දු එහෙමත් ගොඩක් දන්නව දැන්.ගෙදරම ඉදල එපා වෙනව ඇති.යාලුවොත් එක්ක ඉන්න ආසයි එයා.

    මම් නම් ඔය මොන "ගෲප් එකකට" වත් ගියේ නෑ.අම්ම එක්ක අවුරුදු 4 ඉදන් ඉස්කෝලෙ ගියා:)

    මම් බලන්නම්කො ඔයාගෙ පෝස්ට් එකත්.

    ReplyDelete