Friday, November 12, 2010

කුජ 7


පල දෙන විදියලු
පෙරකල
පව්
වෙනවාමලු විවාහයක්
ඒත්...
ලොකුම ලොකු 
නොගෑලපිමක් එක්කලු
කිව්වලු අම්මාට
බලන්න ගිහාම කේන්දරේ... 
මගෙ



30 comments:

  1. නොගැලපීම් ගැලපීම් වෙයි අලෝ.... අලුත් බ්ලොග් එකට මගෙන් සුබ පැතුම්.. දිගටම ලියන්න හොදේ................ අපි කියවන්න බලා...ගෙන ඉන්නවා...

    ReplyDelete
  2. හු හූ.... අලේ මගේ 14 ලු කුජ...........

    ReplyDelete
  3. හලේ.. මගේ කීයෙද දන්නේ නෑ.. අපේ අම්මට කියන්න ඕනි බලන් එන්න කියලා.........

    ReplyDelete
  4. ෙසනසුරැ සමගලු

    ReplyDelete
  5. @ළමයා - ඔයාගෙ සුබ පෑතුම්වලට ස්තුතී සහෝ.හා ඔයත් අම්මත් එක්ක ගිහින් කෙන්දරේ බලාගන්නකෝ කෝකටත් හොදයිනෙ ඒක.

    @ඔයයි - ඔයාගෙත් කලදසාව හරි ඔන්න,මනමාලියක් කෑන්දගන එන්න.කේන්දරේ බලාගන්න එකේ වරදක් නෑ.

    @තලගල - බොහොම ස්තූතියි සහෝ ඔයාටත්.

    ReplyDelete
  6. මගෙ සිකුරු 7 ලූ .....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔයා මේ බ්ලොග් එක පටන් ගත්තෙත් නැකතක් බලලද?
    කෙනෙකුට යමක් කරන්න තියෙන ඕනෙකම තමයි ලොකුම නැකත.

    උපදිනවත් මැරෙනවත් නැකත අපිට පාලනය කරන්න බැරිනම් ජීවිතේ වෙනත් දේවල් වලට මොනවට නැකත් බලනවද?

    ReplyDelete
  9. කුජ 7 උනාට ලග්නේ මොකක්ද..?

    ReplyDelete
  10. ස්ත්‍රි කේන්දරයක මකර ලග්නයෙ 7 වෑන්නාදිපති කුජ!ලේසි වෙන එකක් නෑ!

    ReplyDelete
  11. හ්ම්ම්..බොරු කියන්නේ මොකටද..ලේසි වෙන්නේ නැහැ තමයි..හත් වැන්නේ නීච කුජ..
    අනිත් ග්‍රහයිනුත් උදව් නොකලොත් කොහොමත් ලේසි නැහැ.

    ReplyDelete
  12. අනේ දෙය්යනේ, මම් ඔය නිසාම ජොතිශ පොත් ගොඩක් සල්ලි වලට අරන් කියෙව්ව.එවලින් තමයි ඔය ටිකක් දෑන ගත්තෙ.

    ReplyDelete
  13. ඔය මාරයා අයියා මෙයාගේ කේන්දරේ බලලා දෙන්නකෝ.... ඔයා ඉතින් දස්සයානේ..... කවුද දන්නේ බලපු පොර බොරු කියලාද කියලා??

    ReplyDelete
  14. හ්ම්..
    ඒ කියන්නේ ඔයා දැනටමත් දන්නවා ඇති මොකක්ද ඔකේ තේරුම කියලා..මං නොකිව්වට අනිත් ග්‍රහයෝ ගැනත් අවබෝධයක් ඇතිනේ..
    ආයේ මට දෙයක් ඉතුරු නැහැ.

    ළමයා...
    නැහැ ළමයෝ..එහෙමම බොරුත් නෙවී..ඒ කියපු දේත් ගත යුත්තක් තියෙනවා.

    ReplyDelete
  15. එහෙමට අවබෝදයක් නෑ.ආසාවට පොත් ගෙනල්ල එකතුකරා.වෙලාව තියන තියන විදියට කියවනවා.බොහොම ස්තූතියි මාරයා අය්ය ඔබතුමාගෙ කොමෙන්ටුවලට.

    ReplyDelete
  16. මංතුමාට තුමා කියන්නේ මං විතරයි..ඒ හින්දා ඔය ඔබතුමා කෑල්ල හලන්න...

    මට මීට කළකට ඉහතදී හම්බ උනා ජොතිෂ්‍යය ඉගෙන ගන්න ආපු කැම්පස් යන ගෑණු ළමයි හත් අට දෙනෙක්ම..ඒ හැමෝටම ඔන උනේ ජොතිෂ්‍යය ඉගෙන ගන්න නම් නෙවෙයි..තමුන්ගේ කේන්දරය තමුන්ටම බලාගන්න මට්ටමට අවබෝධයක් ලබා ගන්න..ඔයත් සමහර විට එහෙම වෙන්න ඇති.
    ඒත් ඒ විදියට හරි එකතු කර ගන්න දැනුම වටිනවා.

    ඔයාගේ තියෙන්නේ පෙර භවයක කරන ලද අකුසලයක්..ඒ කියන්නේ අනුන්ගේ පවුල් ජීවිත වලට කරන ලද යම් යම් හිරිහැරවල බල පෑම වෙන්න පුළුවන්..
    ඒ හින්දා නිතරම පින් දහම් කරන්න..විහිළුවකට ගන්න එපා..නිතරම විවාහා වෙන්න ඉන්න අයට උදව් කරන්න..
    ඒ විරසක වෙලා ඉන්න යුවළවල් එකතු කිරීම සඳහා කැප වෙන්න..
    ඔය අපලේ නිකංම අහෝසි වෙලා යයි.

    තව ඔනනං සංජීවන යන්ත්‍රය පළඳින්න...

    ReplyDelete
  17. මේක මට කොහොමටවත් විහිලුවට ගන්න ඕනෙ කාරනාවක් නෙමේ.කලක් ඉදලම මගෙ හිතට බලපෑව දෙයක් නිසයි මේ ගෑන හොයන්න හිතුනෙ මට.දෑන් සෑලකිය යුතු අවබෝදයක් තියනවා.උපදෙස් වලට බොහොම ස්තූතියි!

    ReplyDelete
  18. හරි..එහෙනං එච්චරයි...
    මම හිතන්නේ ඔයා මාව දන්නේ නැතුව ඇති..ඒ හින්දා බොහෝම සංතෝෂයි හදුන ගන්න ලැබීම ගැන...
    මට මෙ බ්ලොග් එක අද තමයි හරියට මීටර් උනේ..කියවන්න හිතෙන විවිධත්වයක් ඇති බ්ලොග් එකක්.
    ස්තූතියි

    ReplyDelete
  19. හ්ම්ම් ඕව ගැන අපෙ අම්ම කියනව මිසක් මම නම් දන්න දෙයක් නෑ. අහල තියෙන්නෙ "මෙයාගෙ පාප කේන්ද්‍රයක් නොවෙන නිසා කුජ, ශනි 7 ඒව හරියන්නෙ නෑ" ඔන්න ඔහොම කතාවක්. තව කන්ය ලග්නෙ චන්ද්‍රය 1 ඉන්න නිසා හොඳලු. ග්‍රහයො කීපදෙනෙක් ස්වශේත්‍ර වෙල නිසා එල කිරිලු. අය ස්තානෙ මල් ලු. හැබෙයි වැය ඉස්තානෙ චා මැක්ස් නිසා ඉතුරුවක් නැතිලු. අනේ මංදා මට නම් ඕව ගැන වැඩි තේරුමක් නෑ.

    ReplyDelete
  20. මම හිතුවා මාරයා මේක දැකලා කමෙන්ට් කරයි කියලා හැබැයි මෙච්චර ඉක්මනට හිතුවේ නැහැ.මොකද මිනිහ ලේසියෙන් බ්ලොග් එකකට කමෙන්ට් කරන්නැහැ.පෝස්ට් එක බලල සද්ද නැතිව යනවා.(ඒක මාරයාම කීප තැනක ලියලා තියෙනවා දැක්කා)අපිට උනත් බලන හැම බ්ලොග් එකටම කමෙන්ට් කරන්න ඇගේ අමාරුවක් නැහැ. මාරයා කියන කතාව හරි.හැබැයි ඔයා මට දීලා තිබුනු උත්තරේ නම් බුද්ධිගෝචර නැහැ.විවාහ පොරොන්දම් බැලීම හා නැකැත් බැලීම කියන්නේ දෙකක්.දරුවෙකුගේ උපතේ සිට විවාහය දක්වා චාරිත්‍රානුකුලව සිදු කෙරෙන කටයුතු(නම් තැබීම,කන් විදීම,බත් කැවීම,හිසකේ කැපීම,අකුරු කියවීම,විවාහය ...) නැකැතට සිදු කලේ චාරිත්‍රයක් ලෙසයි.උපදින එක හා මැරෙන එක නැකතට කරන්න බැහැ තමයි.(නැකතට උපද්දවන එකත් ලේසි නැහැ.)ඒ වුනාට විවාහය නැකැතකට සිදුකල යුතුමයි.එහි ප්‍රතිඵල අත්හදා බලන්න යන්න එපා.උපන් කේන්ද්‍රයේ ගුරු,සිකුරු,බුධ ග්‍රහයන් සිටින තැන් මොනවාද?

    ReplyDelete
  21. ගුරු - 11
    සිකුරු - 8
    බුධ - 9

    ReplyDelete
  22. හප්පා මම දැන්නේ දැක්කේ මම මෙච්චර දවසක් ඉදලා තියෙන්නේ වලිගෙ පාගගෙන.මට නදි ,කනී දෙක පැටලිලානේ..ප්‍රොපයිල් බැළුවාම තමයි දැක්කේ.මම හිතුවේ කනීගෙ කමෙන්ටුව ඔයා මට ලිව්ව එකක් කියලා.අපරාදේ මම මගේ පෝස්ට් එක මැකුවේ.අඟහරු(කුජ) 7 වුනාට 11 ඉන්න ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය හතට වැටෙනවනේ ඒකෙන් නීච කුජගේ පාපාංශක විෂ අඩු කරනවා.මොනා වුනත් ගැලපෙන කේන්ද්‍රයක් තෝර ගන්න එක හොදයි.

    ReplyDelete
  23. @JHOTHISHALANKA - මමත් දෑක්ක ඒ කොමෙන්ටුව අයින්කරගන තියනවා.ඒත් මම් බෑලුව මොකද කියලා.බොහොම ස්තූතියි ඔබටත් මාව දෑනුවත් කරාට.

    ReplyDelete
  24. @නදී කමෙන්ට් එක විතරක් නෙවෙයි මම කුජ 7 ඉන්න ගෑනු ළමයින්ටම කියවන්න පෝස්ට් එකකුත් දැම්මා.ඔයා ඒක දැක්කේ නැද්ද?පස්සෙ මැකුවේ ඒ පෝස්ට් එක තමයි.

    ReplyDelete
  25. @JHOTHISHALANKA - මම් ඒක දෑක්ක.සම්පූර්නයෙන්ම කියෙව්වා.ගොඩක් දේවල් ඒකෙන් ඉගන ගත්තා.බොහොම ස්තූතියි.එත් හිතාගන්න බෑරිව හිටියෙ ඈයි ඒක අයින් කරේ කියල.

    ReplyDelete
  26. බ්ලොග් කියවන්න මම ටිකක් කම්මලියි..නමුත් මගෙ යලුවෙක් මෙ ලින්ක් එක දුන්න නිසා කියවලා බැලුවා.මෙ "කුජ 7" පෝස්ට් එක දැක්කම මට හිතුනා ඔය ප්‍රශ්නේ තියෙන්නෙ මට විතරක්ම නෙමෙයි නේද කියලා..එ ගැන කවියකුත් මන් ලිව්වා..එත් කරුමෙට මගෙ හඳහන බලපු කෙනා නම් කියල තියෙන්නේ "බන්දල නොදෙන තරමටම හොඳයි" කියල..නමුත් එ ජොතිශ්‍යවෙදියා නම් කරල තියෙන්නෙ එච්චර හොඳ දෙයක් නෙමෙයි..මොකද ඇතමුන් කෙන්දර බලනවටත් වඩා කරන්නේ "මනසිකව වට්ටන" එකයි කියල මට හිතෙන්නේ..

    ReplyDelete
  27. දුක් වෙන්න එපා.ඔයා කවුද කියල මම දන්නෙ නෑ.එත් මම් හොයල බලපු විදියට ඔය තත්ත්වෙ ඉන්න ගොඩක් අය ගෑලපෙන අයව හොයාගන හොද පවුල් ජීවිත ගතකරනවා.ගෑටලු ඈතිකරගන්නවට වඩා කෝකටත් ඒදේවල් ගෑන දෑනුවත් වෙලා ඉන්න එක හොදයි කියල මම් හිතන්නෙ.මානසිකව වෑටෙන්න ඔනේ දෙයක් නෙමේ මේක.එහෙම වෙන්න උත්සහ කරන්නත් එපා, හිතල හිතලා මේ ගෑනම.මොකද කායිකව වගේ නෙමේ මානසිකව වෑටුනොත් ගොඩ එන්න අමාරුයි.හෑම වෙලේම පොසිටිව් හිතන්න කියල තමා මට කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  28. කේන්දර කියන්නේ මහා බොරුවක්. ඒවයින් වැඩක් නෑ අක්කා. තමන්ගේ අධිශ්ඨානය තියෙනවනම් ඕනම ග්‍රහ අපලයක් බොරු කර ගන්න පුලුවන්.

    ReplyDelete
  29. @මධුරංග- ඔව් බලමුකො නේද මල්ලි,ඉස්සරහට මොකද වෙන්නෙ කියල :)

    ReplyDelete