අපේ ගෙදර මට වැඩිමල් අක්කා ...එයා ඉපදිලා අවුරුදු 4කින් පස්සෙ තමා මම් ඉපදිලා
තියෙන්නෙ...
ඉතින් අපේ අම්ම අප්පච්චි දෙන්න වගේම හැමෝම හිතන් ඉදල තියෙන්නෙ
මේ සැරේ නම් කොල්ලෙක් උනොත් හොදයි කියලා...
විශේෂයෙන් අප්පච්චි ගොඩක්
කැමැත්තෙන් ඉදලා තියනව කොල්ලෙක්ට...
ඉතින් ඒ නිසා නමක් එහෙමත් සූදානම්
කරගන ඉදල තියනව...නම මිගාර :) ඒත් ඉතින් ඉපදිලා තියෙන්නෙ කෙල්ලෙක් කියල දැක්ක පාර අප්පච්චිගෙ මූණෙ ටිකක් දුක් මූඩ් එකක් තිබුනා කියල පස්සෙ කාලෙක මට කීවෙ අම්ම...
ඒ නිසාමද මන්දා පොඩිම කාලෙ අප්පච්චිගෙ සරම් වලින් චූටි සරමක් මටත් අන්දලා තියනව මතකයි මමත් එහෙම ඇදගන ඉන්න ආසයි.
කෙල්ලො වගෙ සාරි ඇදලා බෝනික්කො තුරුලු කරන් හිටියද කියල ඒ හැටි මතකයක් නැ ...
ඔන්න ඔහොමයි කොල්ලෙක් වෙන්න මුලින්ම ආසාවක් ඇති උනේ...
කොල්ලෙක් උනානම් කියලා ආයම හිතුනෙ ඉස්කොලෙ යන්න පටන් අරගනත් සැහෙන කාලෙකට පස්සෙ .මික්ස් ස්කූල් එකකට ගිය නිසා හොදම යාලුවො ගොඩක් හිටියෙත් කොල්ලො.... ගැනු පිරිමි බේදයක් පොඩිම කාලෙදි එච්චර දැනෙන්නෙ නැනේ ඉතින් ....
6 වසරෙන් විතර තමා ඒක තේරෙන්නෙ... :)
කොල්ලෙක් උනානම් කියල හිතෙන්නෙ ගෑණු ලමයින්ට වඩා පිරිමි ලමයින්ට ගෙවල් වලින් ලැබෙන නිදහස ගැන හිතද්දී...
ට්‍රිප් එකක් යන්න සෙට් උනත් කවුද යන්නෙ කොහෙද යන්නෙ කාත් එක්කද කොහොමද යන්නෙ කීයටද යන්නෙ එන්නෙ කීයටද වැඩිහිටියො කවුද යන්නෙ ඔය වගේ ප්‍රශ්ණ කෝටියක් අහල අන්තිමේට අහ් එහෙනම් එපා....
කොල්ලෙක් උනා නම් එහෙම නෑ නෙ... මීට වඩා නිදහස් ! :(