Tuesday, October 23, 2012

ඉසින්බැස්සගල ගියෙමි

ළගදි දෙවනි රස්සාවටත් ආයුබෝවන් කියල තුන්වෙනි රස්සාව පටන් ගත්ත.ඒ අතර ලැබුන විවේකෙකදි අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත මැදවච්චිය නගරයේ ආසන්නයේ තියෙන ඉසින්බැස්සගල පුරාණ රජ මහා විහාරය බලන්න යන්න පුලුවන් උනා.

ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චිය නගරයෙන් ටික දුරක් ඈතට වෙන්න. වවුනියාව පාරේ යද්දි  තමයි හම්බ වෙන්නෙ.

සෘශිවරයන් බැස්ස නිසා "ඉසින්බැස්සගල" නමින් මේ ස්ථානය හදුන්වනව කියල තමයි කියන්නෙ.මිහිදු හාමුදුරුවෝ සහ පිරිස මිහින්තලෙට වඩින්න කලින් මේ ස්ථානයට ඇවිත්  ටික වෙලාවක් ගත කරලා තියනව කියල තමයි කියවෙන්නෙ,මේ ස්ථානය ප්‍රතිසංස්කරණයේදී ඒ බව තරවුරු කරගනත් තියනවලු.

මේ තියෙන්නෙ එදා ගිහින් ගත්ත පින්තූර ටිකක්.ගිහිල්ල නැති අයට බලන්න එක්ක ඔන්න මම් බ්ලොග් එකකතු කරා.වැඩිදුර තොරතුරු මෙතනින් ගියොත් බලාගන්න පුලුවන්

Sunday, September 2, 2012

තිරුකෝණේශ්වරම්

කාලෙකට පස්සෙ  ට්‍රිප් එකක් යන්න හම්බුනා ඒ ත්‍රීකුණාමලය පැත්තෙ.තිරුකෝණේශ්වරම් නැත්තම් කෝණේශ්වරම් කියන කෝවිල ගැන අහලත් ඇති,ගොඩක් දෙනා බාරහාරවලට මේ කෝවිලට එනව.දෙමළ අය විතරක් නෙමේ සිංහල අයත් එනව.ඉතින් අපිත් ගියා ඒක බලන්න.මුහුද ලගමයි තියෙන්නෙ.ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් දානව එහෙනම්.

කෝවිලට යන තැනම තිබ්බ බෝඩ් එකක්
ලොකු පිළිමයකුත් තිබ්බා


මෙන්න මුහුද

වතුර වැඩි කාලෙට මෙතනින් වතුර ගහනව කියනවනේ.දෙන්නෙක් මේකට පැනල මැරුනත් එක්කලු.
බාර වෙනුවෙන් පඩුරු
දරුවො නැති අය වෙච්ච බාර...  පුංචි තොටිලි ගොඩාක් එල්ලලා තිබුනා.

චුම්බන කන්ද


සැප්තැම්බරය කියන්නෙ සාහිත්‍ය මාසය හින්දා ලගදි කියවපු පොත් ගැන සටහනක් තියන්න හිතුනා, මේ එයින් එකක්.'චුම්බන කන්ද' ලියල තියෙන්නෙ ජයතිලක කම්මැල්ලවීර මහත්තයා.මේ පොත රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනපු නව කතාවක්.ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නව කතාවක්.මම් කියවපු වෙනස්ම ආකාරේ පොතක්.එක හුස්මට කියවන් යන්න පුලුවන්.

පොත ලියන්න අදහස පහල වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.කර්තෲගෙ මිතුරෙක් මාර්ගයෙන් අහම්බෙන් මුණගැහිච්ච කෙනෙක්ගෙ ජීවිත කතාව තමයි පොත ලියන්න පාදක වෙලා තියෙන්නෙ.කර්තෲගෙ වචන වලින්ම කියනව නම් මෙන්න මේ විදියට.

"වසර කීපයකට කලින් අරනායක ප්‍රදේශයේ දුෂ්කර ඉසව්වක වණ අරණක තනියම ජීවත් වෙන කැපීපෙනෙන පෞරුෂයකින් යුතු පුද්ගලයෙක් මුණ ගැසෙන්නට මා කැදවාගන ගියේය.මාගෙ පරිකල්පන ලෝකය තුළ චුම්බන කන්ද පිළිබද සිතුවිලි ආරෝපනය වූයේ ඒ ගමනේදීය."

පොත් ගැන පොතේ පසු පිටේ සදහන් වෙන්නෙ මෙන්න මේ විදියට..
"චුම්බන කන්දට ඉහළින් එදා පෑයූ හද වෙනදා පායන හද නොවීය.එය මහලු වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන් ,ප්‍රේමයෙන්,රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටන හදකි. අහස තම පුළුල් වත මුලුමනින්ම හදට වෙන කරදී සිටියාය.සිනාසෙන හදින් විහිදුනේ ගස් ගල් පවා කිසිදු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නා වූ එළියකි."

පොත් කියවන්න කැමති ගොඩක් අය මේ වෙද්දි මේ නව කතාව කියවල ඇති.කියවල නැති අය කියවලා බලන්නකො.