Friday, November 25, 2011

සිල් සුවද


"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත‍ය්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?"

"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ."

"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ.එය එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපධය්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටි කරන්නේ,දොසක්දුටු විට බැන වදින්නේ නෑ නොවැ?මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශයයි.ඔබ නොසංසුන්.සංසුන්වන්න ආනන්ද.සිත පැවිදි කරගන්න.පැවිද්ද බන්ධනයකැයි සිතනවා ඇති?ගිහි ජීවිතය සුන්දර යැයි මිහිරි යයි හැගෙනවා ඇති?ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති?එසේ නොවේද ආනන්ද?"

සිල් සුවද
ජයසේන ජයකොඩි
ISBN 955-551-229-9

"සිල් සුවද" කියන්නෙ ජයසේන ජයකොඩි මහාතා ලිව්ව "පිච්ච මල" නව කතා මාලාවේ 6 වැනි කොටස.ඔන්න මම නම් ඒ පොතත් කියවලා ඉවර කරා.කියවලා ඉවර කරලත් සතියක් විතර වෙනව.එකිනෙකට බැදිච්ච සිද්ධි සමුදායක් ඔස්සේ සිල් සුවදේ කතාව ගලාගන යනව.රාහුල තෙරණුවන්ගේ නිවුනු ගතිපැවතුම් ,මැදගත් බව ඒ සිද්ධි සමුදාය ඔස්සේ මනාව පෙන්නුම් කරනව. වෙලාවකට හිතෙනව ඒවගේ නිවිච්ච කෙනෙක් වෙන්න ඇත්තනම් කියල.මම නම් ගොඩක් ඒ චරිතේට ආසයි.කියවලා නැති අය කතාව කොහොමද කියලා කියවලාම බලන්නකො.


පින් කෙත



රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.


"නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර,සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටු වීමට පුලුවන් කමක් නෑ.දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂයයි.තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානකයි.මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතා කර කර හිටියේ ඒ ගැනයි."

 "ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතලොස්සක් දෙනා හැර සෙසු සියලු මනුස්සයෝ වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුර වුවෝ නොවැ.අනුකම්පා කටයුතුයි.එදා හොදය, අද නරකය කියා කම්පවිය යුතු නැහැ මහත්තයා.එයින් තැළෙන්නේ තම සිතයි.බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්තයි.අදුරට දොස් නොනගා එයට පහනක් වනු නම් අගේ නොවැ"

පින්කෙත 
ජයසේන ජයකොඩි
ISBN978-955-551-9

ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල" නව කතා මාලාවේ තවත් කොටසක් කියවලා ඉවර කරා."පින්කෙත" අනිත් කොටස් වලට වඩා ටිකක් විතර ප්‍රමාණයෙන් පොඩි පොතක් නිසා ඉක්මනට කියවලා ඉවර කරන්න පුලුවන් උනා.



පිච්ච මල

  
"මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා.ඒ අනුව ක්‍රියා කරන්න උත්සහ කරනවා.අන් අය කෙසේ සිතනවාද ක්‍රියා කරනවාදැයි කියා මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක්ය, තරුණයෙක්ය, සැලකිය යුතු ධනයක ඇති පන්සලක දෙවැන්නාය, පන්සලේ අධිපතියාවූ කල කරන්නේ මේවාය යනුවෙන් භික්ශුවකට අනුචිත අදහස් මම වැලද ගන්නේ නෑ.මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්යප වැනි ශ්‍රාවකයන් වහන්සේලා මා හා සදන කල, මා කොතරම් නිවට හිස් භික්ශුවක්ද කියායි.බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හදුනාගන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරාණන්වහන්සේ දැකගත හැකියි.ඊට පසු උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමටත්.ඒ අනුව පැවතීමටත් පහසුයි."
-රාහුල තෙරණුවෝ-
  
පිච්ච මල
.ජයසේන ජයකොඩි
 ISBN 955 -551-048-2

මේ විදියට සටහන් වෙන්නෙ ජයසේන ජයකොඩි මහතා ලියල තියන පිච්ච මල නව කතාවෙ පසුපිටේ.ඒ නව කතාවේ ප්‍රධානම චරිතයක් විදියට රාහුල තෙරණුවන් කැපී පේනව.ඒ වගේම මම ගොඩක් ආස කරන චරිතයක්.මට නම් පොත කියවන්න හම්බුනේ මේ ලගදී,කියවලා සති කීපයක් වෙනව."පිච්ච මල" නවකතා මාලාවේ මුල්ම  කොටස  තමයි මේ පොත.නවකතාවලට කැමති අය මේ පොතට ගොඩක් ආස වෙයි කියල හිතෙනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො.