Tuesday, August 16, 2011

හොට් වෝටර් | Hot Water


අපි කැම්පස් ගිය මුල්ම කාලේ වගේ අපේ අක්කලත් නුවරඑළියේ ට්‍රිප් එකක් ආවා, ඒ නිසා මටත් කිව්ව පුලුවන් නම් මල්ලිත් එක්ක නුවරඑළිය ටවුන් එකට එන්න,එයාල එන්නෙ වෙන පාරකින් නිසා එක්ක යන්න එන්න බැරිවෙනවා කියල.(මල්ලි කිව්වෙ අපේ ගෙදර ලගම හිටපු මාත් එක්කම අපේ යුනි එකට ආව කෙනෙක්.අපේම මල්ලියෙක් වගේ තමා එයාත්.)

පැය තුනක ගමනක් නිසා අපි දෙන්නත්  ලක ලෑස්ති වෙලා බඩුත් පටවගන ගියා බස් එකේ,නොමිලේ ලැබෙන චාන්ස් එකට පයින් ගහන්නෙ මොකටද කියල.

කියන්න ඕනේ නෑනේ ඉතින් බදුල්ලේ ඉදන් නුවරඑළියට යනව කියන්නෙ වංගු වංගු යන්න එපැයි,අනික මට වංගු ඇලජික් කීප සැරයක් කැරකුනාම ඇති බුවැ..ක් ගාන්න.

ඔන්න ඉතින් යනව,යනව ඉවරයක් නෑ,ඒ අස්සෙ මල්ලි හොදටම බය වෙලා අක්කා!...දාන්න නම් එපා!... තව ටිකයි තව ටික...යි කිය කිය යනව. 

දැන් නම් මටත් ඉවසලා ඉන්නම බෑ වගේ බුවෑ...ක් ගාන්න ඔන්න මෙන්න.අනික සෙනගත් වැඩී එතකොට තවත් අමාරුයි.

මල්ලිට ටිකක් ඒක තේරිලාද මන්ද අක්ක සින්දුවක් වත් අහන්නකෝ!...අමාරුම නම්, කියල අයිපොඩ් එක මගෙ කනේ ගැහුව,යාන්තම් නුවරඑළියේ ස්ටෑන්ඩ් එකට එනකම් අමාරුවෙන් ශේප් කරගත්තා. බැස්ස ගමන් බුවෑ...ක්!....

මොනා කරන්නද?... හිතලා කරනවැයි?... බස් වල ගද ඉවසන්නම බැරුව මෙහෙම වෙනවට මම මොනා කරන්නද? :(.

ඒ අස්සෙ අපි අරන් ගිය ගමන්මලු ඔක්කොම මල්ලි එල්ලගන.මට පව් කියලත් හිතුනා...මොනා කරරන්නද.හිහ්.අරන් ගිය වතුර බෝතලයකින් මම් මූණකටත් හෝදගත්තා.

ඉන්නකො මම් අක්කලාට අරන් බලන්නම් තාම සද්දයක් නෑනේ??? මෙලහට දැන් එනව ඇති!....

මල්ලි රින්ග් කරා අක්කලාට. කොහෙද සිග්නල් නෑ...එක ෆෝන් එකක් වත් වැඩ නෑ...

ඔලුවෙත් කැක්කුමයි එකතැනකට වෙලා හිටන් ඉන්නත් බෑ.බස්වල යද්දි කොහොමත් කෑම බීම ගන්නෙ නෑනේ වෙන සන්ගදිය දන්න නිසාම,හොදටම බඩත්ගිනී.

මොකද කරන්නෙ අක්කා...මග ඇති තාම!... ඒකයි සිග්නල් නැත්තේ...අපි මොනා හරි කාල ඉමු කියල පේස්ට්‍රි ශොප් එකකට ගිහින් අපි දෙන්න ශෝට් ඊට් කාල කූල් එකක් බිව්ව,අම්මෝ...එතකොට තමා ඇගට ටිකක් පන ආවේ...

 කෑවට පස්සෙ එතන වාත වෙවී ඉන්නත් බැරි  නිසා අපි දෙන්න එළියට ආව,යන්න පාරක් දන්නෙත් නෑ....

අපි ටිකක් ඉස්සරහට ඇවිදගන යන්... එතකොට ඔය අමාරුගතිය ඇරිලා යයි...මල්ලි එහෙම කිව්ව.

පන්ඩිතයා වගේ ආයම තඩි බෑග් එකත් එල්ල ගත්තා,පව්නේ මල්ලි ඔක්කොම උස්සගන යන්නෙ කොහොමද?...

අපි දෙන්නටම තිබ්බෙ එකම ජාතියෙ ට්‍රැවලින් බෑග්ස් දෙකක්.මාරුවෙලාද කියල බලලම බෑග් එකක් මම් එල්ලගත්තා,එල්ලගන දෙන්නම පාර මාරු උනා...

 රින්ග් කරා රින්ග් කරා අක්කලාගේ ෆෝන් වැඩ නෑ... සිග්නල් නෑ...

ටිකක් බයකුත් දැනුනා...කියපු විදියට මුන් දෙන්න අපිට කලින් එන්න එපැයි...හවස් වෙන්නත් ලගයි.

බදුල්ලෙන් ආවෙත් 12 -1ට විතරනේ.ඒ එද්දිත් මෙයාල එන්න පිටත් වෙලානේ...

මොකද කරන්නේ!....හ්ම්...

අපි ටිකක් ඉස්සරහට ඇවිදගන යන්...ආවොත් කෝල් කරයිනේ....

ඒක හරි!... කියල එකම තැනට වෙලා බකන්නිලාගන ඉන්නත් බැරි එකේ අපි දෙන්න පාර දිගේ ඉස්සරහට ගියා,පාර්ක් එකකුත් පහුකරන්..

අමුතු සීතලක් තියෙන්නේ දැන් නම් අර බුවෑ...ක් වෙච්ච අමාරුවත් අඩුවෙලා යනව වගේ...

මෙන්න එක පාරම පාර්ක් එක හරියෙදී ගහකට මුවා වෙලාවගේ හිටපු මැදිවීයේ පිරිමි කෙනෙක්, මහත්තයා රූම්ස් තියනව... හොට් වෝටර් තියනව,...කිය කිය පස්සෙන් එනව...

මගේ පපුව ඩික් ඩික් ගානව.මල්ලිත් බායවෙලා වගේ ටිකක්.මල්ලි කීවට ඒකා මට වඩා අවුරුද්දකට බාල.

නෑ නෑ ඕනේ නෑ...කියල මල්ලි ටිකක් තදින් කීව.

ඒත් මට හොදට දැනුන එයත් ටිකක් බයවෙලා විත්තිය.අක්කා ඔයා මේ පැත්තට එන්නකෝ...කියල මම් පාරෙන් අනිත් පැත්තට මාරු කරගත්තා...

දැන් දෙන්නම ආයෙත් පාරේ ඉස්සරහට යනව.හතරමං හංදියකුත් පහුකරගන ඉස්සරහටම.

ඒ අස්සෙ මම් අක්කලට කෝල්ස් ගන්නව ශික්!...සිග්නල් නෑ..

පොඩි පිට්ටනියකුත් පහු උනා.මේක හරියන්නෙ නෑ,....මල්ලි අපි ආපහු යන් මල්ලී!... කියලා දෙන්නම ආයෙත් එන්න ආව.

ආය අර මිනිහ පස්සෙන් එනව...මහත්තයා රූම්ස් තියනව...අඩුගානට කරලා දෙන්න පුලුවන්...හොට් වෝටර් තියනව...

මල්ලිට හොදටම තරහ ගිහින් ඇයි එක පාරකුත් පස්සෙන් ආවනේ.එයා හැරි හැරී අර මිනිහට ඔරවනව.

මම් අත කොනිත්තලා ඉක්මනට අඩිය ඉක්මන් කරල යමු කියල,හයියෙන් හයියෙන් එන්න ආව.අම්මෝ බය වෙච්ච තරමක්.

ආයෙත් ස්ටෑන්ඩ් එක ලග.ආව විතරයි මෙන්න අක්කලා කෝල් කරනව.

අපි ආව!... ඔයාල කොහෙද?...කියල.දැක්ක ගමන් ඇහුවේ අවුලක් උනේ නෑ නේද මල්ලි!...කියල.

මල්ලි කතාව කියල චොර කරන්න කලින් මම් මුල ඉදන්ම විස්තරේ කීව.නෑ නෑ මම් එද්දිම ශොපින් බෑග්ස් අරන් රෙඩි වෙලාම ආව කියල.

හොට් වෝටර් කතාවට අය්යටත් හොදටම හිනා. හෙහෙ...හොට් වෝටර්...








Saturday, August 13, 2011

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

Monday, August 8, 2011

කන්නෙ නැත්තම් බලෙන් ගිල්ලවන්නද? | My baby doesn't want to eat


පොඩි දරුවො ඉන්න ගොඩක් අම්මලා කියන කතාවක් තමයි අනේ!... අපේ බබා කන්නෙ නෑ... කියන එක.

කවන්න කරන යුද්දෙ දන්නෙ ඉතින්,බබාවත් වඩාගන පිගානත් අනිත් අතින් අරන්,පැයක් විතර ගෙදර වටේ ඇවිදින අම්මල විතරයි.

ඒත් ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කටක් දෙකක් උනත් කවාගන්නෙ.සමහර බබාල නම් එහෙම වදයක් දෙන්නෙ නෑ.හොදට කනවා.

මේ ලගදි උන සිද්දියක් නිසා තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ, අපේ බබා,නැචුරලුත් ඔය කෑම නොකන ගොඩක අයිති වෙන කෙනෙක්.

දැන් එයාට අවුරුදු 2.5ක් විතර වෙනවා,දකින දකින අය කියනව,

අනේ!...බබා ගොඩක් කෙට්ටුයි නේද?...බබා බත් කනව හොරයිද?...

කතා ගොඩයි.ගෙදර අයගේ හිතටත් හරි නෑ.

බැරිමතැන ළමාරෝග විශේෂඥ වෙද්‍යවරයෙකුට පවා පෙන්නුව.

දොස්තර කිව්වෙ ලමය කෙට්ටු උනාට කමක් නෑ නිරෝගීනම්, මෙයාට වෙන ලෙඩක් නෑ කියල.

ඒත් ගොඩක් අම්මල කැමතියිනේ බබා ලස්සනට බෝලයක් වගේ ඉන්නවට.

මෙයාට වෙන කිසිම  ලෙඩක් තිබ්බෙ නෑ,හොදට කතා බහ එහෙමත් කරනව.දුවනව පනිනව දාන්න ඕනේ සෙල්ලම් ඔක්කොම දානව.හොදට ක්‍රියාකාරකම් කරනවා.

නොකන ප්‍රශ්නෙ නිසාම වෙද්‍යවරයා කීව විදියට අපි  තුන්වේලට අමතරව වෙන අනම් මනම් කන්න දෙනඑක ටිකක් අඩුකරා,එතකොට තුන්වේලවත් හොදට කයිනේ කියලා.


මොන...මේකා ඒ කන්නෙත් නෑ...අන්තිමට තුන්වේලත් හරියකට නෑ...අමතර කෑමත් නෑ...

වෙනදා නැචුරල්
දේ 5ට විතර නැගිටිනව.

මෙන්න දවසක් ටිකක් දවල් වෙනකම් හොදටම නිදි.

බැරිම තැන බලෙන් ඇහරව්වා.නිදිමත වගේ ඇස් පියවෙනව.කෙලින් කරාම ඔළුවත් කඩන් වැටෙනව.

අක්ක හොදටම බය වෙලා. 

නැචුරල්ව මට වඩාගන්න කියල දනි පනි ගාල ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති උනා.

නින්ද යන්න දෙන්නෙ නැතුව තියාගන්න කියල, මම් බබාව ටිකක් හොල්ලල නැචුරල්... නැචුරල්...කිව්වා.

හ්.. ම්...ම්...හ්...ම්...ම්...ගානව.කතා කරන්නේ නෑ.

මටත් ඇඩෙන්න වගේ...  නැචුරල්ට දාඩියත් දාල හොදටම.ඒත් එක්කම බෝ...බෝ... කිව්ව.

මම් පට් ගාල එයාගෙ වතුර බොතලේ දුන්න.මෙන්න වතුර බෝතලේ අත් දෙකෙන්ම අල්ලගන නිදි, ඔලුවත් කඩාගන වැටෙනව වගේ ආයම.

මම් අක්කට කෑගෑහුවා!...මොකද කරන්නෙ? ඉක්මනට එනවා!...කියල.

ඉස්පිරිතාලෙ ලග නිසා විනාඩි 5ක් වත් ගියෙ නෑ, නැචුරල්ව අරන් ගියා.දොස්තරල ඇවිත් බබාව බැලුවා.අම්මටයි බබාටයි නැවතෙන්න කිව්වා.

ටික වෙලාවකින් අම්මයි මමයි ගෙදර ආව. නැචුරල්ට අවශ්‍ය කළමනා,දවල්ට කෑම අරන් යන්න ලෑස්ති කරන්නත් එපැයි...



නැචුරල්ට කලන්තේ ඇවිත් තියෙන්නෙ ලේ වල සීනි හොදටම අඩුවෙලා නිසාලු.

ඉස්පිරිතාලෙ දවසක් විතර ඉදලා තමා ගෙදර ආවේ.

කෑම කන්න පුලුවන් වෙන්න කියල,විටමින් එකකුත් දුන්න ඒත් අර විදියමයි බර මනින්න ගියාම කැපීපේන බර වැඩිවීමක් නෑ.

හැබැයි මෙයා අඩුබර නෙමේ.අවධානම් කලාපයේ ඉන්නෙ :).

අන්තිමට තීරණේ කරා,එයා කැමති ඕනේම දෙයක් කන්න දෙන්න.


බලෙන් කවන්නෙ නැතුව,බලෙන් කවන්න ගියාමනේ කිසිදෙයක් නොකා ඉන්නෙ.කෑම ටික කටට දානව විතරයි අනිත් පැත්තට බු..වැ...ක්!...ගාලා දානව.

අක්කට වෙලාවකට තරහත් යනව,එක එක්කෙනා උපදෙස් දෙනව,ළමයට කවන්න වෙන මහන්සිය දන්නෙ මම් විතරයි කියල.

අක්කා එක එක විදියට කෑම ජාති හදනව,බබා වෙනුවෙන්ම.

තරහ ගියාම වෙලාවකට බනිනවත් එක්ක,මේකට තිබිලත් කන්න පින නෑ!... කියල.

පොඩි අයට කවන එක නම් යුද්දයක්!

කවනකොට කන්නෙත් නෑ,කවන්න ඇවිදලා ඇවිදලා ඉවරවෙද්දි ආය මුලක ඉදන් ගේ අසකරගන යන්නත් ඕනේ,එයාල අදින සෙල්ලම් බඩු අරව මේවා අස් කරන්න.

ඇයි හැමතැනම දාන කෑම අයින් කරන්න.අතුගාන්න.