Showing posts with label සමාධි බුදු පිළිමය. Show all posts
Showing posts with label සමාධි බුදු පිළිමය. Show all posts

Sunday, July 22, 2012

සමාධි බුදු පිළිමය


අනුරාධපුරේ අභයගිරියට ආසන්නගේ වැඩවසන සමාධි බුද්ධ පුතිමා වහන්සේගෙන් නිරූපණය කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටින ආකාරයයි.



බුදුහාමුදුරුවන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ පිළිමය තුලින් ඉස්මතුවෙනව කියලත් කියනව.මේ පිළිමය කළාත්මක අතින් ඉතා ඉහලයි.අනිත් බුදු පිළිම එක්ක සසදන කොට වඩා ශාන්ත බවකුත් දකින්ඩ ලැබෙනව.


හිඳි පිලිමයක් වන සමාධි බුදු පිළිමය වම් පාදයට උඩින් දකුණු පාදය තබා ගෙන සිටින ආකරය පෙන්නුම් කරනව.එය   "වීරාසනය" ලෙසත් වම් අත මත දකුණු අත තබා සිටින ආකාරය "ධ්‍යාන" මුද්‍රාව ලෙසත් හඳුන්වනව.



ප්‍රථිමාවට පිටුපාල පින්තූර අරගන්න එපා කියල බෝඩ් එකකුත් තිබුන






අභයගිරියට පෙනෙන මානයේ තමයි අද වෙනකොට මේ පිළිමය තියෙන්නෙ.පිළිමයේ උස අඩි හතකටත් වඩා වැඩියි කියලයි කියන්නෙ.අඩි හතයි අගල් තුනක් විතර වෙනවලු.පපුව ,උදරය මත තියන තුවාල නිධන් හොරුන් විනාශ කරන ලද ඒවා බව සදහන්.
 

මේ පිළිමයේ නහය කැඩී විනාශ වෙලා ගිහින් තමයි තිබිල තියෙන්නෙ.මේ පිළිමය හම්බ වෙනකොට බිමට පතිත වෙච්ච පිළිමයක් විදියටලු තිබුනේ.ඒ නිසා පිළිමයේ නහය විනාශවෙලා වෙන්න පුලුවන්.අලුතින් හදපු නහය පිළිමයට ගැලපෙන්නෙ නෑ කියල තමයි ගොඩක් දෙනා කියන්නෙ.







මෙන්න අභය ගිරිය සමාධිපිළිමය ලගට පේන හැටි