වෙසක් එකත් ලග ලගම එනව,මේ වෙසක් දවසෙ ලොකු විශේෂත්වයකුත් තියනවනෙ,ඒ හරියටම අපේ බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 2600ක් පිරීම.ඒ වෙනුවෙන් ගොඩක් දෙනා ලකලෑස්ති වෙනව.
වෙන සැරවල් වල වගේම ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් "පිළිවෙතින් පෙළගැසෙමු" කියල තේමාවකුත් එක්ක වෙසක් දිනය සමරන්නයි ගොඩක් දෙනාගෙ බලාපොරොත්තුව.
වෙසක් එකට වෙසක් කාඩ් යැවීම ඇරුනම විශේෂයෙන් පොඩි අය කැමතිම දෙයක් වගේම නැතුවම බැරිදෙයක් තමා වෙසක් කූඩු කියන්නෙ.ඕනෙම ගෙදරක එක වෙසක් කූඩුවක් හරි හැදෙනව.අඩුමගානෙ බකට් කීපයක්,පහනක් හරි පත්තු කරනව.කොඩිකීපයක්,බල්බ් වැලක් හරි දානවා.
දැන් නම් ගොඩක් වෙසක් කූඩු එහෙමත් කඩෙන් ගන්න තියනව ඕනෙ තරම් කිසිම මහන්සියක් වෙන්න ඕනෙ නෑ, සැකිල්ල විතරක් නම් එහෙම ,නැත්තම් සම්පූරණ කූඩුවම හදල කොල අලවලා, ආවරණය කරලත් දෙනව පොලිතින් වලින්.
එක අතකින් එහෙම දෙන එකේ හොදකුත් තියනව,,කැමතිඅයට සල්ලි දීල අරන් යන්නත් පුලුවන්. කූඩුවක් හදන්න කාලය, උණබට ආදී දේවල් හොයාගන්න අපහසුනම්.
ඒත් ඉතින් තමන් අතින් හදන එක තරම් සතුටත් නෑ කියල මටනම් හිතෙන්නෙ.අපි පොඩිම කාලෙ අපේ ගෙදර වෙසක් කූඩු හැදුවෙ අප්පච්චි,කොහෙන්හරි හොයන් ඇවිත් උණබට කපල සුද්ද කරල වේලෙන්න දාන්නත් ඕන,නැත්තම් කූඩුව හැදුවහම ඇද ගහනව.
කූඩුව හදල දුන්නම කොළ අලවන්න, රෑලි කපන්න, පාප්ප ගාන්න අපි සැදී පැහැදී ඉන්නව.හැමදාම අපේ ගෙදර හදන්නෙ අටපට්ටම්,ලොකු කූඩුවයි පැටව් ටිකයි.
ඒකත් සැහෙන විනෝදයක්,පාප්ප එහෙම හදාගන සමහර වෙලාවට ඇගේත් ගාගන්නව.කූඩුව අලවන්න ගේන්නෙ සුදුපාට සව් කොල,සුදු පාටේ අමුතුම නිවිච්ච, ශාන්ත ගතියක් තියනව,රෑට ලයිට් දාල ඇතට ගිහින් බලාගන ඉද්දි අමුතුම පහන් හැගීමක් හිතට දැනෙනව.රෑලිත් දිගට දැම්මම ගොඩක් ලස්සනයි.
කූඩු හදන්නෙ වෙසක් දවසට දවස් 2කට විතර කලින්,සමහර දාට වෙසක් දවසෙ උදේ වෙනකන් ඒ වෙනුවෙන් වැඩ,අල්ලපු ගෙදර නංගිටයි මල්ලිටයි පෙන්නන්නෙ වෙසක් දා කූඩු එල්ලන්න ගියාම,එයාලත් එහෙමයි.
දවසක් එලියෙ අඹගහේ එල්ලපු වෙසක් කූඩුවක් උදේ වෙද්දි අලුවෙලා ගිහින් තිබ්බ එදානම් ගොඩක් දුක හිතුන,කොච්චර මහන්සිවෙලාද මේක හැදුවෙ කියල.තවත් දවසක් රෑලි දිගට දාල තිබ්බ කූඩුවෙ රෑලි ඔක්කොම ගෙදර හිටිය බලු පැටිය උඩ පැන පැන කඩනව,අමාරුවෙන් තමයි ඒක බේරගත්තෙ,අන්තිමට ඉතුරු උනේ රැලි කීපයක් විතරයි.