රිදී විහාරෙ තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කෙ රිදීගම කියන ගමේ.මේ විහාරෙත් අවුරුදු 2300ක විතර ඉතිහාසයක් තියන පුදබිමක්.
රුවන්වැලි මහසෑය හදන්න රිදී ලබාගන තියෙන්නෙ මේ ස්ථානයෙන්,ඒ නිසා ඒකට සැලකීමක් විදියට දුටුගැමුණු රජතුමා මෙතන විහාරයක් කරවලා "රිදී විහාරය හෙවත් රජත ලෙන" කියල නම් කරල තියනව.ඒ බව මහාවංශයෙත් සදහන් වෙනවලු.
පුරාණේ මේ ස්ථානයේ ඉදලා මලය රටට යන්න පාරක් තිබුනලු.දවසක් ඒ පාරෙන් යන්න ආව ගැල් කන්ඩායමක් මේ ස්ථානයට යාබදව ගිමන් හැරල තියනව.පස්සෙ ගැල කඩාගන ගිහින් තිබුන හරක් හොයන් යද්දි ගහක ඉදිලා තිබුන වරකා ගෙඩියක් කඩාගන තියනව.
කඩාගන කන්න කලින් ඒ ආසන්නෙ හිටිය භික්ශූන්වහන්සේ කෙනෙකුට පිරිනමලා තියනව,ඒ භික්ශූන්වහන්සේ ගෙන්ම පාර අහගන යද්දි ලෙනක් ඇතුලේ රිදී ගොබයක් හම්බ වෙලා තියනව,ඉතින් ඒ ගැන අනුරාධපුරේ හිටිය දුටුගැමුණු රජතුමාට දන්වලා තියනව.
ඒ කාලෙ වෙද්දි රුවන්වැලිසෑය හදන්න රිදී මදි වෙලා වැඩ නතරවෙලා තිබ්බ කාලයක්ලු.පස්සෙ ගැල් වලම ඒ රිදී පටවගන ගිහින් තියනව කියල තමයි ජනප්‍රවාදයෙ එන්නෙ.
පස්සෙ කාලෙක මේ විහාරය අවට භික්ශූන් වහන්සේලා සෑහෙන පිරිසක් වැඩවාසය කරල තියනව.කටාරම් කෙටුව ගල්ලෙන් තමා ඒකට තියෙන හොදම සාක්ශි.ඒ වගේ සාධක සහිත ප්‍රධාන ලෙන් 8ක් විතර හදුනාගන තියනවලු.
රිදී විහාරයේ මහා විහාරය පිහිටලා තියෙන්නෙ විශාල ගල් ලෙනක.මකර තොරණෙන් ඇතුලට යනකොට රන් පිළිමයක් හම්බවෙනව.ඒ රන් පිළිමේ ගැල් වලින් අරන් එන අතරමගදි ගැල් එරුන නිසා සත්යක් ක්‍රියාවක බලයෙන් රන් පිළිමය අහසෙන් වැඩම කරල තියනව කියල තමයි විශ්වාස කරන්නෙ, ඒ රන් පිළිමය දුටුගැමුණු රජතුමාගෙ ශරීර ප්‍රමාණයට කරවල තියනව කියලත් කියනව.
ඒ ආසන්නෙම තියන රියන් 18ක් දිග සැතපෙන බුදු පිළිමේ මල් ආසනේ පිගන් ගඩොල් අල්ලා තියනව, ඒවගේ තියන රූපවලින් නිරූපණය වෙන්නෙ ජේසු තුමාගේ ජීවිත කාලයෙ විවිධ අවස්ථාවන්. ඒක මේ විහාරේ තියන විශේෂත්වයක්.මහ විහාරයේ රන්පිළිමයට ඉදිරිපස බිත්තිය සම්පූර්ණයෙන්ම 1000ක් බුරුවරුන්ගේ රූප වලින් ආවරණය කරලත් තියනව.
මේ ලගදී මට රිදීවිහාරෙට යන්න පුලුවන් උනා.ඒ ගමනේදි ගත්ත පින්තූරත් එක්ක පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාන්න හිතුනා. මොකද රිදී විහාරෙට නොගිය අයත් ඇතිනේ ඒ අයට දැකබලාගන්නත් එක්ක.
රුවන්වැලි මහසෑය හදන්න රිදී ලබාගන තියෙන්නෙ මේ ස්ථානයෙන්,ඒ නිසා ඒකට සැලකීමක් විදියට දුටුගැමුණු රජතුමා මෙතන විහාරයක් කරවලා "රිදී විහාරය හෙවත් රජත ලෙන" කියල නම් කරල තියනව.ඒ බව මහාවංශයෙත් සදහන් වෙනවලු.
පුරාණේ මේ ස්ථානයේ ඉදලා මලය රටට යන්න පාරක් තිබුනලු.දවසක් ඒ පාරෙන් යන්න ආව ගැල් කන්ඩායමක් මේ ස්ථානයට යාබදව ගිමන් හැරල තියනව.පස්සෙ ගැල කඩාගන ගිහින් තිබුන හරක් හොයන් යද්දි ගහක ඉදිලා තිබුන වරකා ගෙඩියක් කඩාගන තියනව.
කඩාගන කන්න කලින් ඒ ආසන්නෙ හිටිය භික්ශූන්වහන්සේ කෙනෙකුට පිරිනමලා තියනව,ඒ භික්ශූන්වහන්සේ ගෙන්ම පාර අහගන යද්දි ලෙනක් ඇතුලේ රිදී ගොබයක් හම්බ වෙලා තියනව,ඉතින් ඒ ගැන අනුරාධපුරේ හිටිය දුටුගැමුණු රජතුමාට දන්වලා තියනව.
ඒ කාලෙ වෙද්දි රුවන්වැලිසෑය හදන්න රිදී මදි වෙලා වැඩ නතරවෙලා තිබ්බ කාලයක්ලු.පස්සෙ ගැල් වලම ඒ රිදී පටවගන ගිහින් තියනව කියල තමයි ජනප්‍රවාදයෙ එන්නෙ.
![]() | ||
| මේ තියෙන්නෙ විහාරේ ගැන දාල තිබ්බ විස්තර ටික |
![]() | ||
| මේ තියෙන්නෙ ඇතුල් වෙන තැන |
![]() |
| මෙතනින් තමා විහාරේ ඇතුලට යන්නෙ. |
![]() |
| භික්ශූන්වහන්සේ වරකා වළදලා තියනව කියල විශ්වාස කරන්නෙ මේ තැනදී |
![]() |
| මේ ඒ විහාරේ ඇතුලෙ තිබ්බ බුදුරුව. |
![]() |
| ගොඩක් අය මේක අල්ලලා ප්‍රාර්ථනා එහෙම කරා. |
![]() |
| මේකෙ චිත්‍ර ඇදලා තිබිලා තියනව ඒවා ගොඩක් මැකිලා ගිහින් |
![]() | |
| මේ විහාරෙට උඩින් |
![]() | |||||||
|
![]() |
| මේ අපෙ කට්ටිය වදින වෙලාවෙ. |