තන්තිරිමලේ පුදබිම පිහිටලා තියෙන්නෙ අනුරාධපුරේට බටහිරින්.තන්තිරිමලේ ප්‍රදේශය මීට අවුරුදු 2500කට විතර කලින් "තිවක්ක බමුණුගම" කියලත් හදුන්වලා තියනව.
පුරාවිද්‍යාත්මක වගේම ආගමික වටිනාකමකින් යුක්තවන ප්‍රදේශයක් වෙන තන්තිරිමලේ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔය, බටහිරෙන් විල්පත්තු වනෝද්‍යානයටත් දකුණෙන් මහවිලච්චිය මාර්ගයෙනුත් වෙන් වෙනව.
මේ ප්‍රදේශය ලංකාවේ පැරණිම ජනාවාස වලින් එකක් විදියටයි සැලකෙන්නෙ.තන්තිරිමලේ කියන නම් හැදුන හැටි ගැන විවිද පුරාවෘත වගේම ජනප්‍රවාදත් තියනව.
කවුරුත් අහල ඇතිනේ දුටු ගැමුණු රජතුමාගෙ පුත් කුමාරයා සාලිය කුමාරයා ගැන.ඒ කුමාරයා සැඩොල් කුලේ කෙනෙක්ව විවාහ කරගත්තා කියලත් අහල ඇති.
ඒ විවාහය රජ ගෙදර තත්වයට නොගැලපෙන නිසා රජ ගෙදර තහංචි කරල තියනව සාලිය කුමාරයාට.ඉතින් සාලිය අශෝකමාලා දෙන්න එයාලගෙ විවාහයෙන් පස්සෙ මේ ප්‍රදේශයේ වාසය කරල තියනවලු.
ඔය කාලෙ දුටු ගැමුණු රජතුමාට රෝගයක් ඇතිවෙලා තියනව, ඒ රෝගෙට ඕනෙ කරන බෙහෙත් වර්ග මේ ප්‍රදේශයෙන් හොයාගන අශෝකමාලා ගිහින් දීල තියනවලු දුටුගැමුණු රජතුමාට.
ඒ කාරණේ නිසා මාමාලා ලේලිලා අතර තිබ්බ තරහ මරහ අඩුවෙලා ගිහින් හිතවත් කමක් ඇතිවෙලා.ඒ කරපු උදව්වට උපහාරය වශයෙන් දුටු ගැමුණු රජතුමා අශෝකමාලා කුමරියට මාලයක් තෑගි කරල තියනව.
ඒ කාලේ සාලිය අශෝකමාල දෙන්න ජීවත් වුන ප්‍රදේශයේ හිටියලු "තන්තිරි" කියල පොඩි සමනල්ලු විශේෂයක්.අදටත් ඒ සමනල් විශේෂය දකින්න පුලුවන්ලු.
ඒ සමනල්ලුන්ගෙ හැඩයට තමයි අශෝකමාලා කුමරියට තෑගි දුන්න රත්තටං මාලෙ කරවලා තියෙන්න.
ඒ මාලේ අදටත් තන්තිරිමලේ කියන ප්‍රදේශයේ නිධන් කරල තියනව කියලත් සැලකෙනව.
ඒ තෑගි දුන්න "තන්තිරි මාලේ" නිසාලු ඔය නමන් ඒ ප්‍රදේශය හදුන්වන්නේ... ඒ තන්තිරි මාලේ පසුකාලීනව තන්තිරිමලේ වෙන්න ඇති.