Showing posts with label උමතුව. Show all posts
Showing posts with label උමතුව. Show all posts

Wednesday, June 15, 2011

ප්‍රේමයෙන් උමතු විය හැකිද?


කාලෙකට පස්සෙ සතිඅන්ත නිවාඩුවකට ගෙදර ගිහින් හිටිය මට ගේට්ටුවේ සද්දෙ ඇහිලා,ගිහින් බැලුවා,බලද්දි සාරියක් ඇදගත්ත කෙට්ටු, අවුරුදු 35ක 40ක විතර ගෑණු කෙනෙක් ගේට්ටුව ඉස්සරහ.හෑන්ඩ් බෑග් එකකුත් එල්ලගන.මම් අදුරන්නෙ නැති කෙනෙක් නිසා ටිකක් විමසිල්ලෙන් බලද්දි එයාම කතාකරා මට කලින්.

ඇය: මිස් ඉන්නවද?...
මම:  අම්ම ඉන්නව,එන්න.
ඇය: මේ ලොකු දුවද?
මම: නෑ. මම් පොඩි එක්කෙනා...
ඇය: ආ... 

මාත් එක්ක කතා කරේ එච්චරයි.එකවරම මට හිතුනේ අම්මගෙ ඉස්කෝලෙ මිස් කෙනෙක් වෙන්න ඕනෙ කියල.වාඩිවෙන්න කියල මම් අම්මට කතාකරා.මම් හිතුවත් වගේ ඒයා අම්ම හිටපු ඉස්කෝලෙ මිස් කෙනෙක්,කතාබහට එච්චරම ඇහුන්කම් දෙන්න වුනේනෑ.ආගන්තුක සත්කාර එහෙමත් කරන්න එපැයි ඉතින්.

පස්සෙ දැන ගත්ත විදියට,ඒ අම්මලත් එක්ක ඉස්කෝලෙ එකට හිටිය මිස් කෙනෙක්,ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්.එයාට හැමෝම කියන්නෙ ටිකක් "ඔලුව අවුල්" කියලලු.එයා තරුණ කාලෙ හරි ලස්සනයිලු.දැන් වුනත් ඒ ලස්සන මැකිල ගිහින් නෑ.කෙට්ටුයි,සුදුයි,ප්‍රියමනාපයි.දිගටි මූණ.මතුපිටින් බලපුවාම නම් ඔය කියන"ඔලුව අවුල්" ගතියක් පේන්න තිබ්බෙ නෑ.

ඒත් අම්ම කිව්ව විදියට එයා කලින් දොස්තර කෙනෙක් එක්ක යාලුවෙලා ඉදල,කොහොම හරි මොනයම් හේතුවක් නිසා හෝ,ඒ සම්බන්දෙ නතර වෙලා.

ඒ නිසාලු එයා ඔය විදියට ඉන්නෙ.ඉස්කෝලෙ වුනත් එන්නෙ යන්නෙ එයාට ඕනෙ වෙලාවටලු,උගන්නන්නෙත් නෑලු හරියට.ගොඩක් වෙලාවට ස්ටාෆ් රූම් එකට වෙලා ඔහේ ඉන්නවලු.එදත් කිලෝමීටරයක් විතර දුර කුඩයක්වත් නැතුව පයින් ඇවිල්ල තියෙන්නෙ, ගිනිමද්දහනේ.

අනිත් සහෝදර සහෝදරියො ඔක්කොම විවාහ වෙලා වෙන්වෙලා ගිහින්,ඉන්නෙ වයසක අම්මත් එක්ක.ඉස්කෝලෙත් වැඩිය කාත් එක්කවත් එච්චර කතා බහක් නෑලු,ඔහේ ඉන්නවලු.

ප්‍රේම සම්බන්දයක් බිදවැටීම සමහර අයටනම් ගානක් වත් නෑ.මතකයි දවසක් මම් අදුනන මල්ලි කෙනෙක් කිව්ව,අක්කා!... කෙල්ලො නම් මොනාද?..., හරියට 138 බස් වගේ.එකක් ගියගමන් තව එකක් එනව,ඒ නිසා මොකටද දුක් වෙන්නෙ,එකක් මත්තෙම නැහෙන්න ඕනෙද කියල.