අපේ ගෙවත්ත එච්චරම ඉඩකඩ තියන තැනක් නෙමේ.අනික තියන ඉඩත් ඇහිරිලා තියෙන්නෙ ලොකුවට හැදෙන අඹ,කොස්,පොල් ගස් ටිකක් හදලා තියන හින්දා.ඒ නිසා තවත් ලොකුවට හැදෙන ගස් හිටවන්න කොහෙත්ම ඉඩක් නෑ අපේ ගෙවත්තේ.ඔය අතරේ තමා මල් පැල හිටව හිටව ඉදලා එළවළු වාගේ දේවල් හදන්න ඕනේ කියල හිතුනේ.
මම් කලින් පෝස්ට් එකක දැම්මනේ කොහොමද තක්කාලි හැදුනේ කියල.මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක තමයි.
ඉඩත් ගොඩක් නැති නිසා පැල ගන්න මල්අය්යට කියල කුරු ඇඹරැල්ලා පැලයක් අරන් ඇවිත් හැදුවා.අව්වත් හොදට වැටෙන තැනක.
| මේ ඒ පැලේ පුංචි කාලේ. |
මේක හිටවලා නම් දැන් මාස කීපයක් වෙනව.පායන කාලේ වතුර දම දමා කොහොම හරි පැලේ ලොකු කරගත්තා.පස්සෙ අතු කීපයකම මල් ඇවිත් පුංචි පුංචි ගෙඩි හැදුනා.ගොඩක් ආස හිතුනා,මොකද තමන් හිටවපු ගහක මල් හැදිලා ගෙඩි එද්දි ඒකේ අමුතුම සතුටක් දැනෙනවා.
වෙලාවකට එළවලු පැල වලට, පෝච්චි වලට, පොහොර වලට, ඇයි පැල වලට වතුර දාන කොට සමහරු ඇවිත් කියනව ඔවට යන වියදමට පොළෙන් සෑහෙන ප්‍රමාණයක් එළවළු ගන්න පුලුවන් කියල.ඒත් අපි සැලෙයි ඕවට,මොකෝ බිල් ගෙවන්නෙ මමයැ අම්මනේ,අනික හිටවපු ගහක මල් පිපිලා එක ගෙඩියක් හරි හැදුනම දැනෙන සතුට,ඒක තේරෙන්නෙ නෑ නේ එයාලට. :)
| මෙයාගෙන් බේරගන්න තමා ටිකක් අමාරු උනේ. :D |
මේ කාලේ ඇඹරැල්ලා සුලබයි.පොළේ උනත් ගොඩක් ඇඹරැල්ලා ගන්න තියනව.සමහරුන්ට මේ දවස් වල ඇඹරැල්ලා එක එක විදියට හදලා කාලත් එපා වෙලා ඇති.මම් හදපු ගහෙත් ඉස්සර වෙලාම ගෙඩි හැදිලා.ගෙඩිනම් පොඩීයි,කොහොමත් ඒ කුරු ඇඹරැල්ලා ගස් වල ගෙඩි පොඩියට නේ හැදෙන්නෙ.මේ ගස් වල ගෙඩි ඇඹුල වැඩිය නැති නිසා එච්චරම රහ නෑ කියල කියනව.
| මේ තියෙන්නෙ ගෙඩි හැදිලා. |
අපිත් තාම ඇඹරැල්ලා කෑවේ නෑ මේ ගහේ ගෙඩි වලින්.කොහොමත් එච්චර ගෙඩි ලොකුත් නැති නිසා වෙළදපොලේ වටිනාකම නම් අඩුයි මේ ගෙඩි වලට.ඒත් ඉතින් ගෙවත්තක, ඉඩපාඩු අඩු තැනක ලස්සනට හිටවගන්න පුලුවන්.එළදාවත් හොදයි.සෑහෙන ගෙඩි ගොඩක් හැදෙනව.