Showing posts with label අවුකන පිළිමය. Show all posts
Showing posts with label අවුකන පිළිමය. Show all posts

Tuesday, May 31, 2011

පින් බලාපොරොත්තුව

අවුකන පිළිමේ අනුරුව
අද ටිකක් විතර විශ්වාස කරන්න අමාරු කතාවක් මගෙ මිත්‍රයෙක් කිව්වා මූණුපොතේ චැට් එකේදී,මම කලින් මේවගේ දේවල් අහල,කියවල තිබ්බට,අදුරන කෙනෙක් මේවගේ දෙයක් කිව්ව පළමුවෙනි වතාව. 

එයාල ඉන්නෙ කදුකර පළාතක,2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් එයාලගෙ තාත්තා බරපැන දරල අවුකන පිලිමේ අනුරුවක් හදනවා ඒ පැත්තෙ පංසලක කියල  මට කලින් කියල තිබ්බා.

පස්සෙ දවසක,හරියටම වෙසක් දවසේ ඒ හදල නිම කරපු පිළිමේ නිරාවරණය කරලා.මූණුපොතේ ඒ පිළිමේ පින්තූර එහෙමත් දාල තිබුනා.අපිටත් දකිද්දි පවා හරි සන්තෝසයි,අවුකන පිළිමේ වගේමයි,හරිම ශාන්ත පෙනුමයි.

අවුකන පිළිමේ අනුරුව
දා ඒ පිලිමෙ නිරාවරණය කරල පස්සෙ දවසක අටවිසි බුද්ධ පූජාවකුත් තියලා.හවස 5ට 5.30ට විතර බුද්ධ පූජාවට පන්සලට ගිහින්, ඒ ටිකේම නොයෙක් පින්කම් එහෙම තිබුන නිසා හාමුදුරුවොන්ට ගොඩක් මහන්සි ඇති කියල හිතලා, නිතර පන්සලට ඇවිල්ල, පංසලේ කටයුතු වලට උදව් වෙන, විශ්‍රාමික විදුහල්පතිවරයෙක්ට කීව්වලු, බෝධිපූජාවට ටිකක් උදව් වෙන්න කියලා.

ගාථා එහෙම කියාගන යද්දි අර කෙනා( විශ්‍රාමික විදුහල්පතිවරයා) ආවේශ වෙලා වගේ මොනවද කියන්න අරගෙන.එක පාරටම 
පොඩි පුතේ!...පොඩි පුතේ!... 
කියල මෙයාලගෙ තාත්තාට ඉස්සරහට එන්න කීවලු,මෙයාලගෙ තාත්තත් ගිහින්,ගියාට පස්සෙ ඔලුව අතගාලා,
පුතා!...මම් බලාපොරොත්තු වුනදේ මම උඹට හීනෙනුත් කිව්වා...උඹ මගේ බලාපොරොත්තුව ඉශ්ථ කරලා...
මට අද හරිම සන්තෝශයි!...කියල.
පස්සෙ මගෙ යාලුවගෙ තාත්ත අහල තියනවා,
දැන් තාත්ත කොහෙද ඉන්නෙ?...කියල.
එතකොට කීවලු,මම ඉන්නෙ ශ්‍රී මහබෝධියෙ උඩමලුවේ... කියල.

මේ තියෙන්නෙ එයාලා හදපු අවුකන පිළිමේ අනුරුව

පලි: මගෙ යාලුවගෙ සීයා වෙනුවෙන් තමයි මෙහෙම පින් කටයුත්තක් කරල තියෙන්නෙ,යාලුවගෙ තාත්තට, සීයා කතා කරන්නෙත් පොඩි පුතා කියලලු.දැන් එයාලා ගොඩක් ආසාවෙන් ඉන්නව අනුරාධපුරේ ඇවිත් (උඩමලුව) ශ්‍රීමහබෝධිය වන්දනා කරන්න.ඔය දාල තියෙන්නෙ එයාල හදපු අවුකන පිළිමේ අනුරුව.