Showing posts with label අතරමග. Show all posts
Showing posts with label අතරමග. Show all posts

Friday, March 30, 2012

හ්ම්ම්ම්... හ්ම්ම්ම්... අවුල්!

අම්මෝ කාලෙකට පස්සෙ ඉස්පාසුවක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ එන්න.බ්ලොග් කියවන්නත් සෑහෙන ගානක් එකතුවෙලා තියනව.හිමීට හිමීට ඒවත් කියවන්න ඔනේ.මේ ලගදී ජීවිතේ පොඩි වෙනසක් උනා,ඒ නිසා නිතරම බස් වල, පයින් එහෙ මෙහෙ යන්න සිද්දවෙනව.ඔන්න ඔය අතරෙදි තමයි මට මේ යාලුව හම්බුනේ.

වෙනදාවගේ පාන්දර බස් එකෙන් බැහැලා වැඩ කරන තැනට  පයින් එන ගමන් කට්ටියක් වට වෙලා ඉන්නව පාර අයිනේ ,මම්ත් ඉතින් හැම එකටම හොට දාන නිසා පොඩ්ඩක් එබිලා බැලුවා.මෙන්න බොලේ අමුතුම ජාතියේ කෙනෙක්.මම් මීට කලින් මේවගේ කෙනෙක් දැකලා තිබ්බෙ නෑ.එතන හිටිය ගොඩක් අය කීවෙත් එයාල මේ වගේ කෙනෙක් දැක්ක පළවෙනි වතාව කියල.

මේ බලන්නකො දැකලා තියනවද මේවගේ කෙනෙක්?

පේනව නේද බය වෙලා බලාගන ඉන්න හැටි

අපිට පෙනුන විදියට මෙයා කවුරු හරි අල්ලගන ඉදල තියනව, අර බෙල්ල හරියෙන් තියන කම්බි කෑල්ල පේනවද?.ඒක කඩාගන මෙයා පැනලා ආව වෙන්න ඕනේ...අපේ සද්දෙට එයා හොදට ඔලුව හරව හරවත් ඇහුම්කන් දුන්නා...වටේ පිටේ, මෙයාව බලන්න එක් රැස් වෙලා හිටපු අය වනජීවී එකට කතා කරල පණිවිඩේ දුන්න.

බෙල්ල හරියෙන් බැදලා තිබ්බ කම්බි කෑල්ල පේනව නේද?

මෙන්න මෙයාල ගැන විස්තරේකුත් තියනව මෙතන.එයාලට කියන්නෙ Barn Owl කියලලු.දුර්ලභ ගනයේ Owl කෙනෙක්ලු.හරියටම හාර්ට් එකක් වගේ මූණක් තියෙන්නෙ.ඇගේ පිහාටුවල අමුතුම තිත් රටාවකුත් තියනව.මෙන්න එයාල ගැන වීඩියෝ එකකුත් තියනව බලන්නකො කොච්චර ලස්සන සතෙක්ද කියල.