Wednesday, June 15, 2011

අවුරුදු හතරක් තටමල තටමලා

කැම්පස් කවි ගැන අහල ඇතිනේ.අපිට තිබ්බ System Level Programming  Theory ලෙක්චර් එක පැය තුනක එකක්, උදෙ 9 ඉදන් 12 වෙනකම්.ලෙක්චර් එක බොරින් නම් නෑ එච්චරම :)) ,එත් අන්තිම වෙද්දි ටිකක් විතර එක විදියකට ඉන්න හිටින්න අමාරුයි.


ඔය නිසා අපෙ ගුරුතුමා අපුරු උපක්‍රමයක් පාවිච්චි කරා ප්‍රසන්ටේශන් ස්ලයිඩ්ස් අතරට කැම්පස් කවි, පොඩි විහිලු කෑලි වගේ පුංචි පුංචි කතා කෑලි දානවා.ඉතින් අර ලෙක්චර් එකේ බෝරින් ගතිය නිකම්ම නැතිවෙලා යනව.


ඒකේ එකදවසක් කැම්පස් කවි වගයක් පෙන්නුවා.ඒ අතරෙ තිබ්බ උපාධිය ගැන ලියපු කවියකුත්,මොකටද මන්ද ඒක මට හොදට මතක හිට්ය.මෙන්න මේකයි කවිය.

අවුරුදු හතරක්
තටමල තටමලා
දාපු *...ට 
කාට නැතත්
මට වටිනව 

මටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි තමයි ඉතින් :D

24 comments:

  1. දාපු බෙට්ටද? හික්ස්

    අවුරුදු හතරක් කොහෙද හලෝ.. ඔයා අවුරුදු 7ක් විතර තටමව්වානේ.. හික් හික්..

    ReplyDelete
  2. ඇත්ත.. තම්න්ට නැතුව වෙන කාටද වටින්නේ??

    ReplyDelete
  3. හික්.. ඇත්ත තමා ඉතිං.. :D

    ReplyDelete
  4. නියම කවියක් නේ දේශකවරයා උගන්වලා තියෙන්නේ. අපිත් අවුරුදු හතරකුත් ගියා. ඒත් තාම දාගන්න බැරි උනා. :)

    ඒකත් ඉතින් තමන්ට ඇරෙන්න කාටද වටින්නේ ?

    ප.ලි.- ඔය ඉන්නේ නදී අක්කා සුදුවට සුදුවේ ?)

    ReplyDelete
  5. මටනං දාගන්න බැරි උණා තාම....

    ReplyDelete
  6. මම අවුරුදු 5ක උපාධියක් ඉවර කලා ගිය සතියේ.. දැන් නම් මාර කම්මැලී ගෙදර ඉන්න ගියාම..

    ReplyDelete
  7. @priyantha- හිකිස් බිකිස්

    ReplyDelete
  8. @චතුවා (ළමයා)- පල පල බොරු නොකිය.හරියටම අවුරුදු4යි

    ReplyDelete
  9. @ඪිනෙශ්-ඒක ඇත්ත.

    ReplyDelete
  10. @Kanishka | කණියා- ඒකනේ

    ReplyDelete
  11. @මධුරංග- ටිකක් ඉවසල ඉන්න.ඔයාලත් දායි.මම? :O

    ReplyDelete
  12. @නරකයා....!!- අහ් එහෙමද?කවදහරි දායිනේ

    ReplyDelete
  13. @Naveen Madhawa- එහෙනම් ඒ උණුසුම යන්න කලින් තව එකක් පටන් ගමු.කම්මැලිත්නේ :)

    ReplyDelete
  14. මේ ඡායා රූපයේ පෙනීසිටින්නේ ඔබ තුමියද?

    ReplyDelete
  15. @ටී.බී. හේරත්- මා ද නොවේ! වෙනකෙකු ද නොවේ!

    ReplyDelete
  16. ඒ බව හැඟුනි, එය දැක්මෙන් නම් ඔබ සත් වසක් තටමා ඇති බවක් පෙනේ...

    ReplyDelete
  17. @ටී.බී. හේරත්- අනුන් හට අපහාස කිරීමේ චෝදනාව යටතේ තට ගුටි දෙමි.කෙසේ හෝ තටමා එය දැමීම ගැන මා සතුටු වෙමි.අනුනගේ අපහාස වලින් මට කමෙක් නැත.

    ReplyDelete
  18. උපහාසය මිස අපහාසය මාගේ තුන් හිතකවත් නොතිබිනැ. කිසියම් සිත් තැවුලක් උනි නම් සමාව භජනය කරැ සිටිමි. ගුටි ද සම සිතින් විඳැ ගනිමි...

    ReplyDelete
  19. @ටී.බී. හේරත්- අසව කුඩා සහෝදරය,හුදෙක් එය උපහාසයක්ම බව මා තේරුම් ගත්තෙමි.ඉතින් කෙසේද සිත් තැවුල් ඇතිවන්නේ!...

    ReplyDelete
  20. විශාල සහෝදරිය, එසේ නම් කම් නැත. :)

    ReplyDelete
  21. කාගේ උනත් ලස්සන අදහසක් ......
    හිනා වෙන්න වගේම, හොඳ තේරුමකුත් තියනවා ....

    ReplyDelete
  22. @පන්සල් හංදිය- ඔව් නේද? :)

    ReplyDelete
  23. මාත් ලඟදිම තටමන්න පටන් ගන්නවා! :P

    ReplyDelete