Wednesday, September 28, 2011

මෝහිනී


මෝහිනී ගැන කවුරුත් අහල ඇති,සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.සමහර විට තවත් තේරුම් ඇති.

කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි,මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.

ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.වචනේ තේරුම හිතාගන්නකෝ ඔයාලම.

ඔය සමහරු වැඩ ඇරිලා,දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා...එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති!... අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.

හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන... සුදුසාරියක් ඇදගන... අත දරුවෙක් වඩාගන එන... ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු.අය්යා!... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද?,මගෙ මේ සාරිය හදාගන්න කියල.

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න,මම් සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.

ඔන්න ඔය විදියට  ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා... කෙට්ටු වෙලා... යනවලු.නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.

සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.

ඉස්සර කාලේ මිනිස්සු නම්  ඔහොම ලක්ශණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.ඒතකොට "ඔය ගතිය" එක සැරේටම සනීප වෙනවලු.

ඒත්...අලුත් පරම්පරාවේ අය කියන්නෙ මේ ලක්ශණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.

නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ  ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.

එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු.ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න. 

Friday, September 23, 2011

බී.. යූ.. ටී.. බට් ! සී.. යූ.. ටී.. කට්! පී.. යූ.. ටී.. ?


ඔන්න ඉස්සර කාලෙ භාශා කීපයක්ම දන්න කෙනෙක් හිටියලු.ඒ කාලේ ඉදලා තියනවනේ භාශා 6 ක් 7ක් දන්න හාමුදුරුවරු පවා.

මේ කියන කෙනත් ඔක්කොම භාශා ඉගන ගත්තෙ තනියමලු.ඒ තරම් හැකියාවක් තිබ්බලු.

ඔය අතරේ සිංහල, පාළි, සංස්කෘත, හින්දි, උර්දු, දෙමළ....ඔය වගේ භාශා වලට අමතරව එයාට ඕනේ උනාලු ඉංග්‍රීසි භාශාවත් ඉගන ගන්න.

ඒත් ඉතින් කාගෙන් උදව් ගන්නද?

ඉංග්‍රීසි දන්න කෙනෙක් හත්ගව්වක නෑලු.

කොහොමහරි පොතක් හොයාගන ස්ව‍යං අධ්‍යනය ( සෙල්ෆ් ස්ටඩි!! ) කරන්න හිතාගත්තලු. ඔන්න ඉතින් ඉංග්‍රීසි ව‍‍ය්‍යාකරණ පොතකුත් අරන් ඇවිත් කියවන්න ගත්තලු.

ඉංග්‍රීසි හෝඩිය එහෙමත් කියවලා...

අකුරු දෙක තුනේ පොඩි පොඩි වචන  කියවන්න ට්‍රයි කරාලු.

බී.. යූ.. ටී..  කියන්නෙ බට්

එතකොට සී.. යූ.. ටී..  කට්

පී.. යු.. ටි..
පුට් 

ඈහ් ...එහෙම වෙන්නෙ කොහොමද???

බී.. යූ.. ටී..  බට්      සී.. යූ.. ටී..  කට්  නම්
පී.. යු.. ටි..  පට් වෙන්න එපැයි!!!

මුන්ගෙ &*%*&^$&^$&^  අහවල් භාෂාව!!!

කියල ඒක ඉගනගන්න එක අතෑරල දැම්මලු.

පුල්ලෙයාර් කිරිබත්


නුවරකලාවිය පැත්තේ මිනිස්සු  ගොඩක් බාරහාර වෙන්නෙ අයියනායක දෙයියන්ට. අයියනායක දෙයියෝ වන්නිබංඩාර දෙය්යන්නාන්සේ කියලත් හදුන්වනව.

අය්යනායක දෙයියෝ තමයි වන්නි ප්‍රදේශයට අධිපති දෙවියන් විදියට සලකන්නෙ...

ඒ අතරේ තමන්ගේ ගොවිතැන්,ඇතිකරන ගවමහිෂාදී සත්තු ආදීය ආරක්ශා කරල දෙන්න කියලා නුවරකලාවියේ මිනිස්සු පුල්ලෙයාර් දෙවියන්ටත් බාරහාර වෙනව.

සමහරු පුල්ලෙයාර් දෙවියන්ට  "පුල්ලෙයාර් අත්තප්පා" කියලත් කියනව මම් අහල තියනව.

පුල්ලෙයාර් දෙවියන්ට බාරහාර වෙන්නෙ පොල්ගෙඩියක් වෙන්කීරීම මගින්.

බාරය ඔප්පු කිරීමට පුල්ලෙයාර් කිරිබතක් උයනව.පුල්ලෙයාර් කිරිබත් කිව්වම ගොඩක් දෙනෙක් අහල ඇති,අහල නැති අයත් ඒ අතර ඇති.

එහෙම වුන බාරේ අරින්නෙ කිරි උතුරුවල, කිරිබතක් එක්ක පළතුරු පුල්ලෙයාර් දෙවියන් උදෙසා පූජා කිරීමෙන්.

මේ විදියට බාර වීමට නිශ්චිත ස්ථානයක් නෑ...

ගොඩක් වෙලාවට  ගෙවත්තේ පිළියල කරපු ස්ථානයක්,එහෙම නැත්තම් වැවක් ආසන්නයේ,අස්වනු නෙලා ගත්තට පස්සෙ හේන,නැත්තම් කමත පිරිසිදු කරලා මේ කටයුත්ත සදහා යොදාගන්නව.

බාරය සදහා වෙන් කරපු පොල් ගෙඩියත්,ගොවිතැනින් ලබාගන්න මුල් පංගුවත්
පාවිච්චි කරලා හදාගන්න කිරිබත,පළතුරු,බුලත් පුවක් එක්ක දෙවියන්ට පූජා කරල ගොවිතැන් බත් ආරක්ශාකරල දෙන්න කියල පුල්ලෙයාර් අනුරුවක් ඉස්සරහ යාතිකා කරනව.

පුල්ලෙයාර් දෙවියන් අනිත් දෙවියන් වාගේ නෙමේ... ඉතා විනෝදකාමි දෙවි කෙනෙක් විදියට නුවරකලාවියේ මිනිස්සු අතර ප්‍රචලිතව පවතින්නේ...ඒ නිසාම බාරය ඔප්පු කිරීමේදි ගොඩක් විහිලු තහළුවෙන්ම කාලය ගතවෙනව.

විශේෂත්වයක් විදියට  පුල්ලෙයාර් දෙවියන් උදෙසා වන බාර වෙනුවෙන් කෑම පිසීම් සියල්ල කරන්නෙ පිරිමි අයවලුන් විසින්.

දෙවියන්ගේ කොටස වෙන්කරාට පස්සෙ පැමිණි සියලුදෙනාට කිරිබත් සංග්‍රහයක් භුක්තිවිදීමටත් ලැබෙනව.

ගොඩක් වෙලාවට  වටාපිටාවෙ ඉන්න පොඩි ලමයින් එක්කාසුකර ඔවුන්ට මේ දානය පිරිනමනව දකින්න පුලුවන්. 

කිරිබත් උයන්න පටන් ගත් වෙලේ ඉදන් පොඩි ලමයි පැදුරු එලාගන වාඩිවෙලා ඉන්නව,පුල්ලෙයාර් කිරිබත් කන්න.ඒ දවසේ ඇතිවෙනකම් සෙල්ලම් කරන්නත් පුලුවන් වටේ පිටේ පොඩි අය ඔක්කොම එකතු වෙන නිසා.

ගෑනු අයත් එකතුවෙලා ඉන්නව,හැබැයි ඒ අය බාරය වෙනුවෙන් උයන දේවල් වලට අතගැසීමක් සිද්දවෙන්නෙ නෑ. 

පොල් ගෑමේ ඉදලා සියලු කටයුතු සිද්ද වෙන්නෙ පිරිමි අයවලුන් විසින්.

පුල්ලෙයාර් කිරිබත පැණිරහ කිරිබතක්.ඒකට මුංඇට එකතු කරනව,සමහර වෙලාවට කඩලත් එකතු කරනව,සීනි, රටඉදි දානව.කජු,සුවදජාති එහෙමත් එකතු කරනව.

දෙවියන්ට බාරේ ඔප්පු කරලා ඉවරවෙලා තමයි සහභාගි වෙලා ඉන්න අනිත් අයට සංග්‍රහ කරන්නේ...

මුලින්ම පැදුරුවල වාඩිවෙලා ඉන්න අයට කෙහෙල් කොල බෙදාගන බෙදාගන යනව,තව කෙනෙක් දුම්දාන පුල්ලෙයාර් කිරිබතෙන් හැන්ද හැන්ද බෙදාගන යනව.

ඔය අතරේ  ඇතිපදමට අන්නාසි,කෙසෙල්ගෙඩි,උක්,ඇපල්... වගේ පළතුරුත් බෙදාගන යනව...

ඊට පස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ...