Saturday, June 28, 2014

තක්කාලි | Tomato


තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව.

 මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්‍රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය.

හැමදාම උදේ නැගිට්ට ගමන් මිදුලට ගිහින් පැල ටික දිහා බැලුවම හරිම සතුටක් දැනෙනවා. වතුර බිල වැඩී කියල අම්ම කෑගහන එක තමා ඉවසන්න බැරි . :(  ඒත් අම්මටත් ආස හිතිලද කොහෙද දැන් පැල  වලට සාත්තු කරන්න පටන් අරන්.



15 comments:

  1. මටත් ආසා හිතෙනවා ඇත්තටම පැලයක් ලොකු වෙලා එනකොට ඒකට සාත්තු කරන්න. නැත්නං ඇහැක් ඇරල ගහක් කොලක් දිහා බලන එකෙක්යැ මං..

    ReplyDelete
    Replies
    1. හෙහෙ මොකද වෙන්නෙ පැලයක් දෙකක් හැදුවනම් එහෙම

      Delete
  2. හිහි..
    එහෙනම් ඉක්මණටම තක්කාලි කන්න ලැබේවා...
    යාළුවො දෙන්න මක්කැයි කීවෙ

    ReplyDelete
    Replies
    1. තව ගෙඩි පොඩී. එයාලට සන්තෝසයි .

      Delete
  3. මෙහේ තියෙනවා Cherry Tomatoes .ගෙඩි ආපුවාම හරි ලස්සනයි. ඇට පැකට්ස් ටිකක් එවන්න විදිහක් දන්නවානම් එවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අරූ නදී මේ හිටවලා තියෙන්නේ චෙරි ටුමටෝස් තමයි. එයා ගාව තක්කලි වර්ග කීපයක්ම තියෙනවා. මම මේ දවස් වල ලංකාවට සීඩ් යව යව ඉන්නේ වශ විස නොකන්න මිනිස්සු හුරු කරන්න. ඒ අතින් නදී බොහොම ඉස්සරහින් ඉන්නේ.

      Delete
    2. මම් ලග තක්කලි වර්ග 4ක් තියනව.තියන ඒවලින් බෝ කරන්න පුලුවන් .බොහොම ස්තූතියි

      Delete
  4. වවන්කන එක ආර්ථිකයට වගේම ශරීරයටත් හොඳයිනේ.දැන් පුළුවන් නදීට එහෙනම් තක්කාලි ගෙඩි ආවම අර මිරිස් එක්ක දාගෙන තක්කාලි සම්බෝලයක් හදා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තක්කලි සම්බෝල හදනව වස විසත් නෑ නේ

      Delete
  5. ඉස්තරම් නදී හරිම සතුටුයි..

    ReplyDelete
  6. වගා කරන්න ආසා උනත් මේ කොන්ක්‍රීට් වනන්තරේ කෝ ඉඩක්? ඇත්තෙන්ම සතුටුයි නදී.

    ReplyDelete
    Replies
    1. ඉඩ තමා ප්‍රශ්නේ අප්ප මටත්.

      Delete
  7. දැක්කම ආස හිතෙනවා ඇත්තටම

    ReplyDelete