Sunday, May 25, 2014

එළබටු |


ගොඩක් දෙනෙක් මේ කාලෙ  කාබනික ගොවිතැන ගැන කතා වෙනව පුලු පුලුවන් විදියට ගෙදර හදාගන වවාගන කන්ඩ කියනව. 

වහ කාල ලෙඩ වෙනවට වඩා ඇත්තටම එහෙම පුලුවන් නම් ගොඩක් හොදයි. ඉඩ කඩක් තියනව නම් පැල කීපයක් හරි හදාගන්න, මානසික තෘප්තියකුත් ලැබෙනව,පැලයක් ඉන්දල ඒක ලොකු වෙලා දල්ලක් මලක් කරලක් එද්දි මාර සතුටක් දැනෙන්නෙ.

ඒත් සමහරු නම් කියනව ,"අනේ අපිට ඔවට කාලෙ නෑ... අනික වතුර දාන්ඩයි... (වතුර බිලුත්  දැන් ගනන් නිසා ) මඩ අනන්ඩයි... එපා වෙනව! ලෙඩත් හැදෙනව පොහොර නොදා කොහොමද ඕව කරන්නෙ? ඊට වඩා හොදයි කීයක් හරි දීල පොලෙන් / කඩෙන් ගේන එක" කියල. 

සමහර වෙලාවට හිතෙනව ඒකෙත් ඇත්තක් තියනව  කියල ඒ උනාට පොඩි හරි ට්‍රයි එකක් දීල ගහක් දෙකක් හදල බලන්ඩකෝ ඒකෙත් අමුතු ගතියක් තියනව :) . 

දවසක් එක එළබටු ගහක් හැදුව.වතුර එහෙම දාල ගස් වලින් වැටෙන් කොල එහෙම ලන් කරල පොඩි සාත්තුවක් දුන්න, ඔය උඩ තියෙන්නෙ ඒ ගහේ පලදාව. මේ වෙද්දි ගොඩක් වතාවක් ගෙඩි කඩල තියනව අහල පහල අයටත් දීල තියනව. ඉතින් සතුටුයි! 


18 comments:

  1. මටත් ඔය ආසාව තියෙනවා නදී. උත්සාහත් කරනවා. නමුත් මහන්සියේ තරමට් ප්‍රතිඵලයක් නෑ.

    අපි කාලෙකින් නේද හමුවුනේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මහන්සි වෙලා හැදුවම ලෙඩ එද්දි එපා වෙනව තමා .කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ හ්ම්ම්ම්

      Delete
  2. ගෙදර වවා කනකොට සතුටයි රසයයි දෙකම වැඩියි.

    ReplyDelete
  3. කොහෙද යකෝ ගිහිං හිටියෙ..
    එළබටු අපි නං කවදාවත් හිටවල නෑ මොකද මෙහෙ ඒව නිකංම හැදෙන හිංද...
    ඒත් ඒ ගස්වලි කතාගෙන උයල කාග නං තියේ
    හැක්

    ReplyDelete
    Replies
    1. කොහෙවත් ගිහින් හිටියෙ නෑ යකඩො
      …නිකම්ම හැදෙන ඒවට ලෙඩත් අඩුයි .හ්ම්ම රහයි නේ උයලා

      Delete
  4. අර ඉන්නේ එලබටු වගාවේ අයිතිකාරි වෙන්ටෑ...
    කාලෙකින් හම්බ උනේ !

    ReplyDelete
    Replies
    1. අයිති කාරි එයා නෙමේ මම්

      Delete
    2. එහෙනම් ඒ කව්ද...?
      මේ පොටෝව දැක්කා නම් බැසිල් ලොක්කා අනිවාර්යෙන් ගන්නවා දිවි නැගුමේ කැලන්ඩර් එකට...:D

      Delete
  5. නදී දන්නවද මන්දා එළබ‍ටු දළු කැඳ මාර රසයි ඒ වගේම ගුණයි.. බ‍ටුනම් ඉතින් මං එච්චර කැමති දෙයක් නෙවෙයි විශෙෂයෙන්ම අර තද සිවිය නිසා.

    ReplyDelete
  6. ඉල්ලන් කනවාට වඩා වවාගෙන කන්න ආසයි නදී අපිත්.එත් ඉතින් ඉඩ පහසුකම් තමයි ගැටලුවකට තියෙන්නේ...:(

    ReplyDelete
  7. වවන්නෝ දිනන්නෝය....ඔය ෆොටෝ එකේ ඉන්න පුංචි එළබටු ගෙඩිය නදීගේද. සීදේවී දරුවෙක්.
    අපිට මහ පොලවක් නැති උනාට පෝච්චිවල තක්කාලි,බීට්,කැරට් හදනවා රස්නේ කාලෙට.

    ReplyDelete
  8. ප්‍රයෝජනවත් ලිපියක් නිසා කියවල බැලුවා. අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක දාන්න. පහත ලින්ක් එකට එන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  9. එළබටු ආසම කැමක්.
    පිටි මකුණා ආක්‍රමණය කරන්නේ බටුගස් මයි තෝරලා වගේ.අදත් කපාදාන්න සිද්දවුණා.
    නමුත්..දැක්කම සතුටුයි.

    ReplyDelete