Sunday, May 25, 2014

බීල නිදිද?

 

එදා සෙනසුරාද දිනයක් .සුපුරුදු පරිදි පොලට ගිහින් ඉරිදා පත්තරේයි කෙහෙල් ගෙඩියි අගුණ කොලයි ගන්ඩ  ඔනී නිසා යාලුවත් එක්ක ටවුමට ගියා.

ගිහින් එයාට ඔනේ අඩුම කුඩුම අරගන්නකම් පස්සෙන් ගිහින් බස් එකට  දාල පත්තර අරගන්න කියල පොල පත්තට හැරුන විතරයි ව0ගුවෙම මෙන්න සෙනගක් එකතුවෙලා ඉන්නව, හොම්බ දාල බැලින්නම් ගෑණු කෙනෙක් හෝටලයක් ඉස්සරහ පේව්මන්ට් එකේ වැතිරිලා.

බැලූබැල්මටම මට නම් හිතුනෙ මැරිලාවත්ද කියල. තව ටිකක් කර පොවල බලද්දි තමා අවුරුදු 2කට අඩු ඇති කියල හිතුන පොඩි එකෙකුත් ජාරා වෙච්ච් කලිසන් කොටයකුත් ඇදන් ඉන්නව දැක්කෙ.

ලමයගෙ අතේ කවුරුහරි දීපු පොඩි බිස්කට් පැකට් එකක්. විඩෙන් විඩේ ලමය අම්ම කියල හිතන්න පුලුවන් අර ගෑනු කෙනා ගාවට ගිහින් අතින් අදිනව, ඒ ගෑණුකෙනාට ගානක් වත් නෑ අඩුගානෙ හෙල්ලෙන්නෙ වත් නෑ. මම් නම් හිතුවෙම මැරිලා තමා කියල.

ඔය අතරෙ ස්ටෑන්ඩ් එකේ ඉන්න පොලිස් රාලහාමිල දෙන්නෙකුත් ආවා, එතකොට තමා ඒ හෝටලේ කොත්තු හදන බාස් කෙනෙක් කීවෙ, ඔය "ගෑණි හැමදාම ඔහොමයි හවසට බීල මෙතන බුදියනව, මේ ලමය කානුවෙ වැටිල ඉදල මේ දැන් ගොඩගත්තෙ" කියල. 

…ප්‍රධාන පාර දෙපැත්තෙ තියන කානුව ආවරණය කරල තිබ්බත් ඔය කියපු තැන පොඩි ඉඩක් තිබිල අර ලමය එතන්ට වැටෙන්ඩ ඇති.සෑහෙන ගැඹුරකුත් තියනව. වෙලාවට කවුරුහරි දැකල තියනව රෑක වැටුන නම්!... 

පොලීස් රාළහාමි වතුර ෙබා්තලයක් අරන් ඇවිත් අර ගෑනු කෙනාගෙ කටට වක් කරා. කොහෙද මැරිල වගේම තමා හෙල්ලෙන්නෙවත් නෑ නිදි.  වටේ පිටේ හිටපු අය ගෑනු කෙනාට බැන බැන යනව... ලමයා අම්මගෙ අතින් අදිනව ඇහැරවන්න හිතන් වෙන්න ඕනි. 

හැමදාම රස්සාවට යද්දි ඔය හෝටලය අහුකරන් ගියත් මේ වෙනකම් ඒ ගෑණු කෙනා අාය දකින්ඩ හම්බුනේ නෑ.

5 comments:

  1. ළමය කුලියට ගත්ත කෙනෙක් වෙන්නත් බැරි නෑ..
    අදයි ගොඩ වැදුනේ ඔන්න ෆලෝ කළා. එන්නං දැන් දිගටම.
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ. පේන්නෙ නැද්ද හිඟාකන ගෑණු අය ගාව ඒ අයගෙ කියලා කියන්නවත් බැරි ලස්සන ළමයි ඉන්න හැටි..

      Delete
  2. ගොඩක් වෙලාවට හිඟන ගෑනු අය ළමයි කුලියට ගන්නවා. එහෙම කෙනෙක්ද දන්නේ නෑ !

    ReplyDelete
    Replies
    1. වෙන්නට්ත් පුලුවන් තමා

      Delete
  3. අපූරු පොලිසිය.. අර ගෑණිව අතඩංගුවට අරන් දරුවාව පරිවාස භාරයට යවන්න තිබුණා..වීදි දරුවෝ ගැන විධිමත් වැඩ පිළිවෙලක් අපට නෑ.
    නදී ආපහු ලියන එක ගැන සතු‍ටුයි.. මගෙ බ්ලොග් එකට ඉස්සෙල්ලම ආ කෙනෙක් ඔයා.

    ReplyDelete