Saturday, December 28, 2013

කෘමීන් අතරත් දිවි නසා ගැනීම්?



කෘමීන් අතරත් දිවිනසා ගැනීම් තියනවා. මේ ගැන මට මුලින්ම දැනගන්න ලැබුනේ අපිට ලගදි සම්බන්ද වෙන්න ලැබුන දේශනයකදි. 

එතනදි මී මැස්සොන්ගෙ ජීවන චක්‍රය ගැන අහන්න ලැබුනා.දේශනයේ ටයිටල්  එක උනෙ "මී මැසි රාජධානියක මී මැස්සා සතු කාර්‍යභාරය" :).

 එතනදි දැනගත්ත දෙයක් තමා මී මැසි රාජධානියක ඉන්න පිරිමි මී මැස්සගෙ කාර්යභාරය මී මැසි රැජින එක්ක සoවාසයේ යෙදිලා ඊලග පරම්පරාව බිහි කිරීම කියන  එක.

ඒක තමා එයාගෙන් මී මැසි ජනපදයට කෙරෙන ලොකුම වගේම එකම සේවය.ඒ කියන්නෙ එයාල පැණි එහෙම එකතු කරන්න යන්නෙ නෑ ලු.

 මැසි ජනපදයෙ ඉන්න පිරිමි මී මැස්සන්ගෙන් රැජින සිලෙක්ට් කරගන්න කෙනෙක් එක්ක මෙහෙම සoවාසයෙ යෙදෙනවා. ඒ රාජකාරිය කෙරෙන්නෙ මී මැසි ජනපදයට ආසන්නව අවකාශයෙදි. 

රැජින ජනපදයෙන් එලියට ඇවිත් මේ විදියට සoවාසයෙ යෙදෙන්න පිරිමි මීමැස්සෙක් හොයාගන්න පියාඹනව. පිරිමි  මී මැස්සෝ ඒ චාන්ස් එක ලබාගන්න ලොකු තරගයක යෙදෙනව... එයාගෙ වටේට පියඹ පියඹා...

අවසානයෙදි ශක්තිමත් ඒ වගේම නිර්භීත පිරිමි මී මැස්සෙක් ඒ සටන ජය ගන්නවා... රැජින එක්ක එකතු වෙන්න. 

එහෙම එකතු වෙලා අවසානයෙදී පිරිමි මී මැස්සා බිමට වැටිල මැරෙනවා!... එහෙම මැරෙන්නෙ රැජින ගේ ප්‍රජනක කලාපයෙ පිරිමි මීමැස්සා විසින් බීජ තැන්පත් කරල ඉවර වෙලා.

එහෙම මැරෙන්න හේතුව තමයි රැජිනගේ ප්‍රජනක කලාපයෙ ශුක්‍රාණු තැන්පත් කරන කොට ඇති වෙන බලය නිසා ශුක්‍රාණු තැන්පත් කරන නලයේ අග කැඩී වෙන්වී යාම.එහෙම කැඩිලා වෙන් වෙන කොටස රැජිනගෙ ප්‍රජනක කලාපයෙ  ඉතිරි වෙනවලු.

 පස්සෙ රැජින තවත් පිරිමි මී මැස්සො කීපදෙනෙක් එක්ක මේ විදියටම එකතු වෙනවා.එහෙම එකතු කරගන්න බීජ රැජිනගෙ ජීවිත කාලෙම ගබඩා කරල තියාගන්නවා කියල තමයි දැනගන්න ලැබුනේ.

20 comments:

  1. මී මැස්සො ගැන මේ විස්තර දැනං හිටියෙ නෑ කලින්

    ReplyDelete
  2. පිරිමි මී මැස්සෝ ගැන දුකකුත් හිතෙනවා අප්පා...
    රමණය මරණය වෙනවයි කියලා මී මැස්සා දන්නවා නං කවදාවත් රැජිණ ඉන්න අහලකටවත් එන්නේ නෑ..
    හොඳ වෙලාවට මිනිස්සු අතර මෙහෙම දේවල් නැත්තේ... :)

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මැරෙන්නෙ නැති උනාට මැරි මැරී උපදිනවලු..

      Delete
    2. හරී හරියටම හරී :)

      Delete
    3. කියලා වැඩක් නෑ ඒකවර මැෙරන ඒක සැපයි

      Delete
  3. අගනා ලිපියක් සහෝ

    ReplyDelete
  4. ජාති ජාතිත් මී මැස්සෙක් නම් නො වේවා! :-D

    ReplyDelete
  5. මැකුවොත් හිරේ ..

    ReplyDelete
    Replies
    1. හික්ස් :)
      මට හිනා වෙලා පනත් නෑ... :)

      Delete
  6. this process called "F and D " !!

    ReplyDelete
  7. කෙටි කාලයක සතුටක් වෙනුවෙන් ජිවිතේ විනාශ කරගන්නවා. හරියට බැලුවොත් වැඩි වෙනසක් නෑ අපේ ජිවිතත් එක්කත්

    ReplyDelete
    Replies
    1. හම් අැත්ත තමා ඒකත්

      Delete
  8. අගනා ලිපියක්.
    කලින් දැනන් හිටියෙ නෑ මී මැස්සො ගැන මේ තරම් විස්තරයක්..

    රමණයට පසු මරණය..

    ReplyDelete
    Replies
    1. සත්ව ෙලා්ෙක හැටි ෙන්ද

      Delete